පෞද්ගලික රෝහල් මගින් අයකරනු ලබන ගාස්තු ළඟදීම නියාමනය කරනවා

  👤  3518 readers have read this article !
2018-03-23

මහාචාර්ය සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ගේන්න අවුරුදු 45ක් ගත වුණා. වෙළෙඳ නාම 402 කින්, අත්‍යවශ්‍ය ඔෟෂධ 48ක මිල නියාමනය කළා. මිල සීමා වරින් වර සංශෝධනය සිදුවෙනවා. ඉන්දියාවේ මේ ආකාරයට මිල නියාමනයක් සිදුකර තිබෙනවා. අප එය ගුරුකොට ගත්තා.

ඔෟෂධ වර්ග 48ක මිල අඩුකර රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා කලාපීය වාර්තාවේ දැක්වෙනවා. අපි ඔෟෂධ පමණක් නොව, අක්ෂි කාච මිල, එමෙන්ම හෘද රෝග සඳහා යොදා ගන්නා ස්ටෙන්ස් මිල අඩු කළා.

අද හෘදරෝද ඒකකයේ ස්ටෙන්ස් භාවිත කිරීම වැඩිව තිබෙනවා. එදා ලක්ෂ ගණනක් වැය කිරීමට සිදුවූ ස්ටෙන්ස් අද නොමිලේ දෙන බැවින් ඒ භාවිතය 450 දක්වා වැඩිවී තිබෙනවා. ඒවගේම හෘදයාබාධයකදී ක්ෂණිකව ලබාදෙන එන්නත සෑම රෝහලකටම ලබාදී තිබෙනවා.
අක්ෂි කාච සැත්කම් සංඛ්‍යාවද වැඩිවී තිබෙනවා. සවස හතරෙන් පසු එය කිරීමට කැමැති නම් ඒ සඳහා අක්ෂිකාච මෙන්ම වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ඒ වෙනුවෙන් ගෙවන්න සූදානම්. සාමාන්‍යයෙන් මෙරට මිලියන 1.2ක් අන්ධභාවයට පත්වීම වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි.

වාර්ෂිකව ඔෟෂධ මිලියන 350ක් කල් ඉකුත් වුණා. එහෙත් දැන් ඒ සංඛ්‍යාව මිලියන 70 දක්වා අඩුකරගෙන තිබෙනවා. රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ ලාභය ඉතා වැඩිවුණා. ඒ නිසා එය සියලු සේවකයන්ගේ වැටුප් වැඩි කළා. මා ඔෟෂධ මිල අඩුකළ විට පුවත්පත් එය මුල් පිටුවේ වාර්තා කළේ නැහැ.
නමුත් ඔෟෂධ මිල සියයට 5කින් වැඩි වූ විට ඒක පුවත්පත් හෙඩ් ලයින් වාර්තා කළා.

ඇළේ හෝදන රෙදි වෙනුවට සම්පූර්ණයෙන් ජීවානුහරණය කර සෝදන ලද රෙදි රෝහල්වලට ලබාදෙන්න කටයුතු කරනවා. කොළඹ ජාතික රෝහලේ හැර අනෙක් රෝහල්වල රෙදි සෝදන්නෙ බේරේ වැවේ. බේරේ වැවේ තත්ත්වය ගැන දන්නවා නේද? ජීවානුහරණය කොපමණ වැදගත්ද කියා වෛද්‍ය විද්‍යාව දන්නා අය දන්නවා.
අපි මිනිසුන්ට දාන්නෙ ඇමෙරිකානු ස්ටෙන්ස්, ඇමෙරිකානු අක්ෂිකාච. රජයේ රෝහල්වල බාල බඩු දාන්නෙ කියලා මිනිස්සු හිතනවා. නැහැ. හොඳම බඩු දෙනවා. පෞද්ගලික අංශයෙත් එහෙම නැහැ. වෛද්‍ය විද්‍යාවේ නවීන තාක්ෂණය අපි ජනතාවට දෙන්න ඕනෑ. සෞඛ්‍යයට බිලියන 235 යි කීවට ගිය වසරේ බිලියන හාරසියයකට වඩා වියදම් කර තිබෙනවා.

ඔෟෂධ නිෂ්පාදනය රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් සඳහා ගිවිසුම් 46ක් අස්සන් කර තිබෙනවා. මහාචාර්ය සේනක බිබිලේ වෙතින් ඔෟෂධවේදය ඉගෙනගත් අයකු විදියට ඔහුගේ ප්‍රතිපත්තියේ හැම දෙයක්ම ආර්ථිකයට උචිත විදියට ක්‍රියාත්මක කරනවා. ඔෟෂධ මාෆියාව අපි කැඩුවා. තරගය නිසා ඔෟෂධ මිල අඩු වී තිබෙනවා.
අදත් රජයේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු වෙළෙඳ නාමයෙන් ඔෟෂධ පිටින් ගන්න කියල හොරෙන් ලියනවා. මා දන්නවා මොකද ඒ කියලා. මෙඩිකල් රෙෆ්ලා ඇවිත් ඒගොල්ලො ලොකු වෛද්‍යවරුන්ට හා පොඩි අයට සල්ලි දුන් හැටි අපට කියනවා. ශ්‍රී ලංකාවට ඔෟෂධ තත්ත්ව රසායනාගාරය ලැබුණ පසු ඔෟෂධ නාමයෙන් බෙහෙත් ලියන්න පුළුවන් වෙනවා.

කේ. පී. එම්. ජී. සමාගම යොදාගෙන පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කරනවා. සෞඛ්‍ය කියන්නෙ ව්‍යාපාරයක් නොවේ. සේවාවක්. ඒ ගැන හැමෝම හිත හදාගන්න ඕනෑ. අප ඉතාම විද්‍යාත්මකව ඔෟෂධ මිල අඩු කළා. රෝග වර්ග පනහක් තෝරා ගෙන ඒවාට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහල්වල අයකරන මිල අඩු කරනවා. වෛද්‍යවරුන්ටත් ඔවුන් අයකරන ගාස්තු අඩුකරන ලෙස ඉල්ලනවා.

මිනුම්කරණය හා සිතියම්කරණය ඇමෙරිකානු සමාගමකට පැවැරීමෙන් මේ භූමියේ සම්පත් ස්වභාවය පිළිබඳ දත්ත විදේශ සමාගමක් අතට පත්වෙනවා. මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?
ශ්‍රී ලංකාවේ හිමිකම් ඔප්පු නවීකරණය කිරීමේ ක්‍රියාවලිය ඇමෙරිකානු සමාගමකට පවරාදීම සම්බන්ධයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සහ පොදුවේ මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුවී තිබෙනවා.
ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තු අතරින් එකක් වන මිනින්දෝරු දෙපාර්තමේන්තු සියවස් ගණනාවක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව අනුව මිනින්දෝරු සේවා සැපයුවා.
ඩොලර් මිලියන 154ක් හෙවත් රුපියල් මිලියන 23,840කට කම්කරු සේවා සපයාගැනීම් වෙනුවෙන් කාලානුරූපව මේ ආයතනය මානව භෞතික හා තාක්ෂණික අතින් නවීකරණය කිරීමේ අවශ්‍යතා පැනනඟිනවා. ඒ වෙනුවෙන් සිදුකළ යුතු රාජ්‍ය ආයෝජන වැය බරක් නොව සංවර්ධනාත්මක වාසිදායක දෙයක්. ආණ්ඩුව ඒ පිළිබඳ කළහැකි කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෘත්තිකයන්ගේ මිනුම්කරණ යෝජනාවලිය ඉවත දමා තිබෙනවා. රුපියල් මිලියන 4500කින් ඒ යෝජනාවලියත් සම්මත කළ හැකිව තිබුණා. ඒ සියල්ල අත්හැර ආණ්ඩුව ඇමෙරිකානු සමාගමක් කැමැත්තෙන් ඉදිරිපත් කර ඇති මිනුම්කරණ හා සිතියම් ගත කිරීමේ යෝජනාවලිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

එම සමාගමට ව්‍යාපෘතිය වසර හතරක කාලයකට ඩොලර් මිලියන 154ක් හෙවත් රුපියල් මිලියන 23,840කට පැවැරීමට යනවා. මේ රහසිගත පැවැරීමෙන් මතුකරන අමතර ගැටලු තිබෙනවා. මේ සමාගම යොදා ගන්නා මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කිරීම වෙනුවෙන් ඉදිරියේදී විනිමය අනුපාත අනුව වාර්ෂිකව ගෙවීමට සිදුවන මුදල අදටද ගණනය කළ නොහැකියි.

ව්‍යාපෘතියට අදාළ මානව සම්පත් සැපයීම, කාර්යාලීය ඉඩකඩ, වාහන පහසුකම් ආදිය මිනින්දෝරු දෙපාර්තමේන්තවෙන් පැවැරීමට නියමිතයි. මිනුම්කරණ හා සිතියම්කරණය මඟින් ලබාගන්නා දත්ත විදේශීය සමාගමක් අතට පත්වීමට නියමිතයි. මේ භූමියේ සම්පත් ස්වභාවය පිළිබඳ දත්ත විදේශීය සමාගමක් අතට පත්වීමත් සිදුවෙනවා. මේ සමාගම කෘෂිකර්මය, විදුලි සන්දේශ වැනි ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කරන එකක් බවද සැලකිල්ලට ගත යුතුයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon