රට හදන තැන

  👤  3627 readers have read this article !
2018-03-22

පාර්ලිමේන්තු නිදහස පාවිච්චි කරමින් ස්වාධීන අධිකරණයට පහර එල්ල කිරීම වරදකැයි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පෙන්වා දුන්නේය.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පෙරේදා (20දා) පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය දක්වමින් කතානායක කරු ජයසූරියට කරුණු දැක්වූ අවස්ථාවේ ඊට එක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙසේ කීවේය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන
රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ඊයේ මේ සභාවේදී ශේ‍ර්ෂ්ඨාධිකරණයට, විනිසුරුවන්ට අපහාස කළා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ්

සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල
මේක පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්... ඒක තවම දන්නේ නැහැ.
කුරුණෑගල දිසා මන්ත්‍රි මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ එක් අවස්ථාවක කරන ලද ප්‍රකාශයකට රුපියල් පනස් දහසක් දඩ ගැහුවා. පාර්ලිමේන්තු නිදහස පාවිච්චි කරලා ස්වාධීන අධිකරණයට මෙහෙම පහරදෙන එක වැරදියි. ඒ කෙරෙහි අපේ අවධානය යොමු කරන්න ඕනෑ.
එදා මූලාසනය ඒ අවස්ථාවේ එය නතර කළ යුතුව තිබුණා. ඒ නිසා අද වනවිට මොකද වෙලා තියෙන්නෙ. එහෙම නම් විශේෂ යෝජනාවක් ගෙනත් ශේ‍ර්ෂ්ඨාධිකරණයට විනිසුරුවරුන්ට එරෙහිව වෙනම විවාද කළ යුතුයි. පාර්ලිමේන්තුව මීට වඩා උසස් විදියට වැඩකටයුතු කළ යුතුයි.

සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේට දඩ ගැහුවේ නෑ. මම එදා මේ සභාවේ හිටියානේ. පිනට දෙන්න කිව්වා. මෙයාලා තමයි අගවිනිසුරුවරිය එළෙව්වෙ. ඔබතුමා අගවිනිසුරුවරිය එළෙව්වා
කොළඹ දිසා මන්ත්‍රි විමල් වීරවංශ

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා විනිසුරුවරුන්ගේ නම් කිය කියා චරිත ඝාතනය කළා. කාගෙවත් චරිත ඝාතනය කරන්න නොවේ පාර්ලිමේන්තුව තියෙන්නෙ.
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක ප්‍රියන්ත
රටේ මූලික අයිතීන් පාවිච්චි කරලා පාස්පෝට් දෙකක් ගත්තා.

කොළඹ දිසා මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන
ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති නොකළ යුතුයි.

යෝජිත විදේශ විනිමය පනත මඟින් සිදුකෙරෙන නීතිමය ලිහිල් වීම මත මූල්‍ය ජාවාරම්කරුවන්ට කළු සල්ලි සුදු කිරීමට හැකියාව උදාවන බැවින් රටේ ප්‍රතිරූපය කෙලෙසීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.

නිදහසින් පසු විනිමය පරතරය වැඩි නිසා රුපියල අවප්‍රමාණ වෙනවා. විදේශ විනිමය ගලා යෑම වැඩිවෙලා. 2005දී ඩොලරයකට ගෙව්වේ රුපියල් 101යි. ලෝක ඉතිහාසයේ වැඩිම ඛණිජ තෙල් මිල වාර්තා වුණා. ඒ කාලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් විතර රටින් පිටට ගියා. ඒ වගේම ලෝක ආහාර අර්බුදයක් ඇති වුණා. 2007 සිට ලෝක අර්බුදයක් හටගත්තා. තිස් අවුරුදු යුද්ධයට විදේශ විනිමය වැය කරන්න වුණා. එවන් අභියෝගාත්මක තත්ත්වයක් තුළ රටින් පිටට විදේශ විනිමය ගලා යද්දීත් කෙසේ හෝ ඩොලරයට ගෙවන මුදල 131ක් වුණා. ඩොලරයකට අපි ගෙවන මුදල රුපියල් 30කින් වැඩි වුණා වසර දහයකදී.
රටේ ජීවන වියදම ප්‍රශ්නය විසඳන්න නම් විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමට රුපියල ස්ථාවර කළ යුතුයි. සියලු දේ ආනයනය කරලා බැහැ. එහෙම ප්‍රතිපත්තියක් ඇමෙරිකාවෙවත් නැහැ.

මේ පනතට විරුද්ධව අපි ශේ‍ර්ෂ්ඨාධිකරණයට කිව්වේ ප්‍රාග්ධන ගිණුම විවෘත වුණාම සෝරෝස්ලා වගේ කටයුතු කරන්න ඉඩ තිබෙනවා කියලා. හිටපු මහ බැංකු අධිපති අබිරහස් ආයෝජන තියෙනවා නම් එන්න කියලා. විදේශ විනිමය රටට එනවට විරුද්ධ නෑ. රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් තියෙනවා අවනත නොවන. රජය බලයට පත්වූ පසු මාධ්‍යට කියනවා අපි චීන ආයෝජන ගැන බලාපොරොත්තු තියාගත්තේ නැතිව ඩයස්පෝරාවේ ආයෝජන හැකියා තිබෙන අය ගැන බලන්න ඕනේ කියලා. කළු සල්ලි සුදු කරන විවිධ ව්‍යාපෘති නිර්මාණය කරල තිබෙනවා. මේ ඇති කරන ලිහිල් කිරීම තුළ එවැනි ජාවාරම්කරුවන්ට රටේ ප්‍රතිරූපය කෙලෙසන්න ඉඩ නොතැබිය යුතුයි. රටින් පිටට විදේශ විනිමය ගලාගෙන යෑම වැළැක්වීමටයි අප කටයුතු කළ යුත්තේ.

ඒකාබද්ධ විපක්ෂය හා මා අතර ඇත්තේ ප්‍රතිපත්තිමය සම්බන්ධයක්. ඒකාබද්ධය ග්ලයිෆොසේට් තහනමට මා සමඟ එකතු වෙනවා නම් මා ඒ පෙරහරේ යනවා'
වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන (එජාප) අතුරලියේ රතන හිමියන්ගේ නම සඳහන් කරමින් ග්ලයිෆොසේට් තහනම පිළිබඳව පැවැසීය.

ඒකාබද්ධයේ මන්ත්‍රි කණ්ඩායම ඇතුළු බොහෝ දෙනා පොහොර පිළිබඳව විවිධ විවේචන එල්ල කරනවා.
අතුරලියේ රතන හාමුදුරුවෝ අද සවස තුනටත් සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ග්ලයිෆොසේට් තහනම ඒ විධියටම අරගෙන යන්න. නැවතත් මේවා ක්‍රියාත්මක වෙනවා නම් මේ ආණ්ඩුව පෙරළන්න උන්වහන්සේ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා කියලා. ඒක එක මතයක්. මේවා ලබා නොදුන් නිසා මේ ආණ්ඩුව පෙරළන්න අවශ්‍ය පසුබිම සකස් වෙලායි තවත් මතයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශයක් හැටියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රතන හිමියන් ප්‍රමුඛ මතයද අනෙක් මතයද කියා ප්‍රශ්නයක් පැනනඟිනවා.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න
ග්ලයිෆොසේට් පොහොර හා වකුගඩු රෝගය අතර තිබෙන සබඳතාව ගැන නොයෙක් අදහස් තිබෙනවා. සමහර අදහස්වලට විද්‍යාත්මක පදනමක් නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මේ දෙක අතර සබඳකමක් නැති බව ළඟදී කියා තිබුණා. වෙන අදහස්ද තිබෙනවා. පාර්ලිමේන්තුවේ අප විශේෂඥයන් නොවේ. රජය පෙරළනවා කියන එක නම් වෙනම කතාවක් ඒක නම් කවදාවත් කරන්න හම්බ වෙන්නෙ නැහැ.

අතුරලියේ රතන හිමි
මගේ නම සඳහන් කළ නිසා පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. නීත්‍යනුකූලව අවුරුදු පහකට වරක් රජයක් පත්වෙන එක ඇත්ත. නමුත් රජය පෙරළනවාද, නැත්ද කියන එක තීරණය කරන්නෙ නීත්‍යනුකූලව පත්වුණ රජය නොවේ ජනතාවයි.

වකුගඩු රෝගීන් ලක්ෂ තුනක් ඉන්නවා. බුද්ධි මාරඹේ විතරද මේ රටේ විද්‍යාඥයකුට ඉන්නෙ. රවි සේනානායක මහතා, ප්‍රියානි පරණගම මහත්මිය විද්‍යාඥයොත් කියලා තියෙනවා මේක තහනම් කිරීමට ප්‍රථම මෙරට සියලු විශ්වවිද්‍යාලවල ඉන්න මේ ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයෝ සියයකට වඩා කමිටුවක් හදලා ජනාධිපතිතුමාට උපදෙස් දුන්නා.
අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාලෙ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවකදි මේ සම්බන්ධ තීරණයක් ගත්තා. ඊට පසු ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කීවා මා පැමිණි පසු මේක තහනම් කරනවා කියලා. නවීන් දිසානායක ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊට පසු සුසිල් ප්‍රේමජයන්ත හා රාජිත සේනාරත්න ඇමැතිවරුන්ගෙන් අතුරු කමිටුවක් පත් කළා.

කොහේදෝ රැස්වුණු ආර්ථික කමිටුවක් රැස්වෙලා. එම කමිටුව කවුරු පත්කළාද කියලා දන්නෙ නැහැ. ඇමෙරිකාවේ ඉඳලා කවුදෝ මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා. ඔහුට පුළුවන්ද ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න? කෝ කැබිනට් එක පත්කරපු කමිටුව? යහපාලනය කියන්නෙ මේකද? කමිටු වාර්තාව කෝ?

කතානායක කරු ජයසූරිය
මා ඒ ගැන සොයා බලන්නම්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon