මුස්ලිම්වරුන් මෙරට මහ ජාතිය වන බව කීම පල් බොරුවක්

  👤  4122 readers have read this article !
2018-03-21

වසර 2040 වනවිට මේ රටේ ජනගහනයෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන් වනු ඇති බවට ප්‍රබල මතයක් සමාජගත වී ඇත. සිංහලයන් සැලකිය යුතු පිරිසක් මේ මතය කිසිදු වග විභාගයකින් තොරව පිළිගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. විචාර බුද්ධියක්, තර්ක ඥානයක් ඔවුන් තුළ නැතිවීම ඊට හේතුව විය හැකිය.

මේ මතය සමාජගත කළ ගිහි - පැවිදි පිරිසගේ තර්කය වන්නේ සිංහල ජාතික පවුල්වල දරුවන් එක්කෙනකුට, දෙන්නෙකුට සීමා වෙද්දී මුස්ලිම් ජාතික පවුල් වැඩි වැඩියෙන් දරුවන් හැදීම මේ තත්ත්වයට හේතු වන බවය. මුස්ලිම් ජාතිකයන් සිංහලයන් මෙන් 6 ගුණයක් දරුවන් බිහිකරන බව මේ බිය ගැන්වීම හා කුපිත කිරීම තීව්‍ර කරනු පිණිස ඔවුහු පවසති. අන්තවාදී මුස්ලිම් කොටස්, සිංහල ජාතිකයන් වඳභාවයට පත්කිරීම සඳහා කුමන්ත්‍රණකාරීව කටයුතු කරන බවද මේ පිරිසේ ප්‍රබල චෝදනාවකි. 'වඳ පෙති' මාතෘකාවක් බවට පත්වී ඇත්තේ මේ චෝදනාවේ ප්‍රතිඵලයක් විදියටය.

ඉකුත් දිනෙක මාගේ යතුරුපැදිය 'සර්විස්' කරගැනීමට ගිය අවස්ථාවේ එම සේවා ස්ථානයේ හිමිකරු මාගේ රැකියාව පිළිබඳව කළ විමසීමේදී මා දුන් පිළිතුර සමඟ ක්ෂණයෙන් ඔහු ඇසූ ප්‍රශ්නය වූයේ 'ලංකාවේ සිංහල ජාතිකයන් කොපමණ සිටිනවාද? මුස්ලිම් ජාතිකයන් කොපමණ සිටිනවාද?'' යන්නයි. සිංහල ජනගහනය 75%කට ආසන්න බව හා මුස්ලිම් ජනගහනය 10%කට අඩු බවට මා දුන් පිළිතුරෙන් ඔහු විමතියට පත්වූ බව පෙනිණි. ''එහෙනම් සමහරු කියන්නේ මුස්ලිම් ජනගහනය හොඳටම වැඩි වෙලා කියලා'' හෙතෙම පෙරළා පැවැසීය.

මේ නොදැනුවත්භාවය හා සැකය පොදු සමාජ මනෝභාවයකි. පොදු මිථ්‍යාවකි. මෙය ඔහු වැනි බොහෝ දෙනකු තුළ කැකෑරෙන ප්‍රශ්නයකි. එහෙත් මේ සරල දැනුම ලබාගෙන තමන් ගිලී සිටින අඳුරු ගුහාවෙන් නිදහස් වන්නට අපේ ජනතාව උත්සාහ දරන්නේ නැත. එලෙසම අදාළ ආයතන මේ කරුණු පැහැදිලි කොට සමාජ මනස නිරවුල් කරන්නට ඉදිරිපත් වන්නේද නැත. කට කතා විචාරයකින් තොරව වැලඳ ගන්නා මෙවැනි අය අන්තර්ජාලයෙහි සුලබව පවතින නිවැරැදි තොරතුරු සොයා ගැනීමේ ව්‍යායාමයේ නියැළෙන්නේද නැත. ඒ නිසා 'කුමන්ත්‍රණ' මානසිකත්වයෙන් පෙළෙන අපේ පොදු ජන සමාජය වෙත නිවැරැදි තොරතුරු සන්නිවේදන කිරීම මාධ්‍ය සතු යුතුකමකි.

(ඪ. වගුවට අනුව මුස්ලිම් ජාතිකයන් මෙන් 6 ගුණයක් සිංහල ජාතිකයා විසින් දරුවන් බිහි කරයි) මෙවැනි කරුණක් පිළිබඳව සැබෑ දත්ත ඉදිරිපත් කරන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසිනි. එම දෙපාර්තමේන්තුවද මේ සඳහා පාදක කර ගන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උපත් ලියාපදිංචි කිරීමේ තොරතුරුය. එහෙත් ඉහත කී ප්‍රබන්ධය කෙතරම් මුසාවක්ද යන වග නිරාවරණය කරන්නාවූ දත්ත පහත වගුවෙන් පෙන්වා දෙයි.
ඪ.

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ

ඹඹඹ.ඵබචබඪඵබඪජඵ.ඨධම.තඬ වෙබ්අඩවියේ ඹ්ධ්ඍඡ් ඕධ්අඊඩ්ඉ අඡ්ට්ධ්ඉඊඅඒඊධ්ර්ණීව් ඡර ඡ්ඊඩ්ව්ධ්ඛ් ට්අර්ණීඋර්ථී.
ඊට අමතරව, පසුගිය ජන සංගණනයන්හි සංඛ්‍යා ලේඛන ප්‍රතිඵල අනුව එක් එක් ජනවර්ගයන්ට අදාළ ජනගහන ප්‍රතිශතයන් පහත දක්වා

ඇත. 1991 වසරේ රටේ පැවැති වාතාවරණය තුළ, දස වසරකට වරක් පැවැත්වෙන මේ සංගණනය නොපැවැත්වුණු අතර ඉන් අනතුරුව 2001 පැවැති ජන සංගණනයේදී උතුරු - නැඟෙනහිර දිස්ත්‍රික්ක 7ක තොරතුරු ආවරණය කිරීමට නොහැකි වූ බව සැලකිල්ලට ගත යුතුය.

ඪඪ.

ඇත්තෙන්ම මීට වසර 60කට පමණ පෙර සිංහල ජාතියේ (ජනවර්ගයේ) ජන ප්‍රතිශතය 65%ක් පමණ විය. එහෙත් අද එය 75%කට ආසන්න වී ඇත. ඒ නිසා පසුගිය අඩසියවස සලකා බැලූ විටද සිංහල ජාතිය සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතාත්මකව ද වැඩිවී ඇත. දෙමළ හා බර්ගර් ජාතිකයන් රටින් එපිටට සංක්‍රමණය වීම නිසා මෙලෙස ප්‍රතිශතාත්මකව සිංහල ජන සංයුතිය වැඩිවී ඇත. නූතන ප්‍රවණතාව වන්නේ ලෝකයේ රටවල් මෙන්ම විශේෂයෙන් දියුණු ප්‍රධාන නගර විවිධ ජනවර්ගවල සම්මිශ්‍රණයක් බවට පත්වීමයි. ඒ අනුව, පොදු වශයෙන් සලකා බලන කල විවිධ සංක්‍රමණ හේතුවෙන් රටක පොල්මක්කාර ජනවර්ගයක් ලෙස එක් ජනවර්ගයක් (ප්‍රධාන ජනවර්ගය) ප්‍රතිශතාත්මකව වැඩි නොවේ. ලංකාවේ පුරවැසි හිමිකම ලබා ගැනීම ඉතාම අසීරු නිසා රට තුළට සංක්‍රමණය සිදුනොවීම අපේ රටේ මේ විශේෂ තත්ත්වයට හේතුවයි.
'ලෝකයේම සම්භාවනාවට පාත්‍රවූ විශිෂ්ට බුද්ධිමතකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාර්ක් මහතාට පවා ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි නොවුණේ ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඇති නීතිමය අවහිරතාව නිසාය.'

බුද්ධිමත් සමාජයේ නිර්දේශය වන්නේ හැකි තරම් ජනගහනය වර්ධනය කර ගැනීම නොවේ. එමෙන්ම, ලෝකයේ ධාරිතාවට හා අනාගතයේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඔරොත්තු දෙන මට්ටම පිළිබඳව සලකා බලා ජනගහන වර්ධනය ඉදිරියටත් අවශ්‍ය වෙයි නම් ඒ අනුව අපි වැඩි කරගත යුත්තේ සිංහල ඔළුගෙඩි සංඛ්‍යාව නොව කුමන ජාතියක වුව යහපත් මිනිස්සු සංඛ්‍යාවයි. ජනගහන සංයුතිය දෙස අප උනන්දු විය යුත්තේ ජාතිය (ජනවර්ගය) මිනුම් දණ්ඩ ලෙස ගෙන නොව 'ගුණාත්මක මිනිසා' යන මිනුම් දණ්ඩ පදනම් කරගෙනයි.

කෙසේ වුවත් සිංහල සමාජය තුළ තම ජනවර්ගය ප්‍රමාණාත්මකව 'අවදානමකට' මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිත වෙයි. එහෙත් තම ජනවර්ගය ගුණාත්මකව 'අවදානමකට' මුහුණපා ඇතැයි යන යථාර්ථය නම් තේරුම් ගෙන නැත. නිර්භීත හා ඥානාන්විත අයකු යම් අවදානමක් අරබයා බියවිය යුත්තේ ප්‍රමාණාත්මක මිනුමක් මත නොව අභියෝගයේ ඇති ගුණාත්මක අවදානම පදනම් කොට ගෙනයි.

එවකට ඇමෙරිකාව සෝවියට් දේශය අභියෝගයක් ලෙස සැලකුවේ එහි භූමි ප්‍රමාණයේ විශාලත්වය නිසා නොවෙයි. එදා සෝවියට් දේශය සතුව තිබුණු දේශපාලන, යුද හා අභ්‍යවකාශ තාක්‍ෂණය හේතුවෙනි. එනම් ගුණාත්මක ශක්‍යතාව හේතුවෙනි. අද ඇමෙරිකාව චීනය අභියෝගයක් ලෙස සලකන්නේ එහි ජනගහනයේ විශාලත්වය නිසා නොවෙයි. චීනය සතුව ඇති ආර්ථික, මිලිටරි හා තාක්‍ෂණික හැකියාවන් නිසාය. එනම් චීනය අත්පත් කරගෙන ඇති ගුණාත්මක ශක්‍යතාව හේතුවෙනි. ප්‍රමාණය හා ගුණය අතර වෙනස දියුණු ලෝකය වටහාගෙන ඇත. ඔවුන් තම උපායමාර්ග හා සැලසුම් සකස් කරනුයේ ප්‍රමාණය මත නොව ගුණාත්මක බව පදනම් කරගෙනයි.

අතීතයේ විවාහ කටයුත්තකදී (කුලය හැරුණු විට) සහකරු හෝ සහකාරිය උරුමකම් කියන ඉඩකඩම් දේපොළ 'ප්‍රමාණය' එකම වැදගත් කාරණය විය. නමුත් අද වඩා වැදගත් කොට සලකන්නේ ඔහු හෝ ඇය සතු දැනුම, වෘත්තික තත්ත්වය වැනි ගුණාත්මක කාරණාය. ප්‍රමාණය හා ගුණය අතර වෙනස අපේ ආසන්න ජීවිත කරුණුවලට අදාළ කරගන්නේ එලෙසයි. එහෙත් සමාජ කාරණාවලදී එතරම් විචාරශීලීභාවයක් අපෙන් නිරූපණය නොවේ.

(සංවාදයට විවෘතයි.)

ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංවිධානයේ ලේකම්
තාරක වරාපිටිය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon