ශ්‍රී ලනිපය විපක්ෂයේ වාඩිවෙයිද?

  👤  4657 readers have read this article !
2018-03-18

උදේනි සමන් කුමාර

ජපානයට වසන්තය ඇවිදින් එකම සකුරා මලක් පිපිලා

ජනාධිපති මෛත්‍රි ජපානයට එන විට වසන්තය ඇවිදින් මඟ බලා සිටියේය. එහෙත් සුන්දර සකුරා මල් පිපී තිබුණේ නැත. එය ජපානයට මේ දිනවල පැමිණෙන සංචාරකයන්ගේ ‍ෙදාම්නසට හේතු වී තිබිණි. එහෙත් මෛත්‍රිට පමණක් සකුරා මල් පිපී තිබෙන දුලබ අවස්ථාව දකින්නට හැකි විය. ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යායාගේ උද්‍යානයේ මල් පඳුරක සුන්දර රතු සකුරා මල් කිනිත්තක් පිපී තිබිණි. අධිරාජ්‍යයාත් මිචිකෝ රැජනත් මෛත්‍රි යුවළ කැටුව උද්‍යානයට ගොස් රතු සකුරා මල් ගොන්න පෙන්වූහ. ඒවා ජපානයේ නොව තායිලන්තයේ සකුරා යැයි අධිරාජ්‍යයා විස්තර කළේය.

මෛත්‍රි 'ඔෂින්' හමුවෙයි

ටෝකියෝ නුවරදී මෛත්‍රිට තවත් සොඳුරු අත්දැකීමක් විඳින්නට අවස්ථාව ලැබිණි. ඒ ජපන් අගමැති ෂින්සෝඅබේගේ නිල හමුවේදීය. මෛත්‍රි සමඟ සුහද පිළිසඳරේ යෙදී සිටි අගමැතිවරයා,

'මම දන්නව ලංකාවේ ජපන් ටෙලි නාට්‍ය බොහෝ ජනප්‍රියයි කියා. ඒ නිසාම මම ඔයාලට මුණගස්වන්න අමුත්තියක් කැඳවන් ආවා. මේ ඉන්නේ ඇය 'ඔෂින්.' ඇය මෛත්‍රි අසලින් අසුන් ගැන්වූ අගමැතිවරයා පැවැසීය.

දූත පිරිස සමඟ රාත්‍රි භෝජනයටද 'ඔෂින්' එක් වූවාය. ඇය එම උත්සව අවස්ථාවේ කැපී පෙනුණු තැනැත්තිය වූ අතර දූත පිරිසේ මැති ඇමැතිවරුද 'ඔෂින්' සමඟ 'සෙල්ෆි' ගහන්නට පොරකෑහ.

ටෝකියෝ ස්කයි ටී්‍ර

ලොව උසම කුලුන ලෙස සැලකෙන ටෝකියෝ නගරයේ සකයි ටී්‍ර (ඉඬර ඊපඥඥ) නැරැඹීමටද ශ්‍රී ලංකා දූත පිරිස ගියහ. උසින් මීටර් 634ක් වූ කුලුන මත වූ නැරැඹුම් මැදිරියේ සිට ටෝකියෝ නගරය දැක ගැනීම අපූරු අත්දැකීමකි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉවහල් වන බොහෝ අවස්ථා දිනාගත් මෛත්‍රි අද 18දා ඉරිදා ලංකාවට පැමිණෙනු ඇත.

අගමැතිගේ වැඩ වැඩි වෙයි

ජනපති විදෙස් සංචාරයක නිරත හෙයින් අගමැතිවරයා වෙනදාටත් වඩා කාර්යබහුල විය. බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් ඔහු අරලියගහ මැඳුරට ආවේය.

මහනුවර ජාතිවාදී ගින්දර දැන් නිවිලා. මේක සංවිධානාත්මකව රට පුරා පතුරවන්නයි කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වෙලා තිබුණේ. ආණ්ඩුව ගත් පියවර හා ආරක්ෂක අංශවල කැපවීම කවුරුත් අගය කළ යුතුයි. අගමැතිවරයා කීවේ මැඳුරට පැමිණ සිටි මැති ඇමැතිවරුන්ටයි.

නුවර ගැටුම්වලදී පොලිසිය පමා වුණේ ඉහළ නිලධාරීන්ගේ මතභේද නිසා
ජනතාවට රැකවරණය දුන්නේ පොලිසිය හා හමුදාවයි. ඒත් පොලිසියේ ඉහළ නිලධාරීන් අතර තිබූ මතභේද නිසා නුවර සිද්ධියට පොලිසියේ මැදිහත්වීම ටිකක් පරක්කු වුණා කියලත් පත්තරවල ගියා. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එය ජනතාව ඔහුට කී පුවතක් බව අඟවමිනි.

පොලිසියේ එහෙම කඹ ඇදිල්ලක් තිබුණා නම් මට ආරංචි වෙනවා. අන්තිමට කාගෙත් විවේචනයට වගේම කාගෙත් රැකවරණයට හිටියේ පොලිසියයි. අගමැතිවරයා කී විට සියලු දෙනා එය අනුමත කළහ.

අගමැතිතුමාගේ මහනුවර සංචාරය ගැන මිනිස්සු සතුටින් කතා කරනවා. ටිකක් පරක්කු වුණේ ඇයි කියලත් සමහරු මගෙන් ඇහුවා. ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

ගිය සෙනසුරාදායි මම නුවර එන්න හිටියේ. අස්ගිරි නා හිමි එදා නැති බව දන්වපු නිසයි දින 2-3ක් ගමන ප්‍රමාද කළේ. ඒත් සාමය රැකීමට අවශ්‍ය නියෝග දීම පරක්කු කළේ නෑ. අගමැති කීවේය.

භයානක කුමන්ත්‍රණයකින් රටත් ජනතාවත් ගැලවුණා

තෙල්දෙණිය, දිගන, මැණික්හින්න, කුණ්ඩසාලේ, ආණමඩුව, බේරුවල වගේ හැම තැනම ගිනි තියන්න හිටියා කියලයි ආරංචි. කුණ්ඩසාලෙදි පෙට්රල් බෝම්බ වගේම අත් පත්‍රිකා දහස් ගණනකුත් අහුවුණා කියලා පොලිසිය රටට එළි කළා. භයානක කුමන්ත්‍රණයකින් රටත් ජනතාවත් ගැලවුණේ. නවීන් දිසානායක කීදේ අගමැති ඇතුළු සියලුදෙනා අනුමත කළහ.

හිරේ යන්න කලින් ආණ්ඩුවට ගේම දෙන්නයි හැදුවේ

සිවුරුධාරීන් හා පොහොට්ටුකාරයෝ තමන්ට එරෙහිව තියෙන දූෂණ වංචා නඩු අහල හිරේ යන්න කලින් ආණ්ඩුවට ගේම් එක දෙන්නයි බැලුවේ.

අන්තිමට ඒ පහත්ම කුමන්ත්‍රණයත් හබක්. වජිර අබේවර්ධන කීවේ සිනා මැදය.

ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්, ඉමෝ වගේ දේවල් තහනම ගැන මිනිස්සු මුලින් හොඳ කිව්වා. ඒත් ඒක දිගටම ගෙනියන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්. දයා ගමගේ කී දේද සියලු දෙනා අනුමත කළහ.

වයිබර්, වට්ස්ඇප් ෆේස්බුක් තහනම සිකුරාදා ඉවත් කළා. මේවා තහනමට මමත් කැමැති නෑ. ඒත් ගිනි ඇවිළෙන එක මේ තාවකාලික තහනම නිසා වැළකුණා. දිගටම මේවා තහනම් කරන්න බෑ. ලෝකයම ගෝලීයකරණය වෙලා නිසා අර මොකද්ද අතීසාරෙට අමුඩ ගහලා හරියන්නේ නෑ. අගමැතිවරයා කීය.

අගමැති

'මීඩියා ප්රූෆ්'

ඒත් සමාජ ජාලාවලට නියාමනයක් අවශ්‍යයි. විදෙස් රටවල ඒකට ඕන තරම් නිදසුන් තියෙනවා. චීනයේ මේ ජාත්‍යන්තර සමාජ ජාලා කිසිදේකට ඉඩක් දීලා නෑ. දැඩි පාලනයක් යටතේ චීන ආණ්ඩුවේ නියාමනය තුළයි එක් සමාජ ජාලයක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ. අපි එතනට යන්න ඕනේ නෑ. ඒත් පාලනයක් අවශ්‍යයි. නමුත් සමාජ ජාලා අවහිර කරනවාට මමත් විරුද්ධයි. නවීන් දිසානායකගේ පැහැදිලි කිරීම සියලු දෙනා අනුමත කළහ.

චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු ආණ්ඩුවේ සියලු දෙනාත් මේ තහනමට විරුද්ධව මත පළ කළා. ජනාධිපතිතුමාට මේ ජාල හරහා එල්ල වෙන චෝදනාවලින් වැළකෙන්න මේ තහනමට සමහරු එතුමාව පෙලඹෙව්වා කියලත් කතා යනවා. එහෙමනම් අගමැතිතුමාට ෆේස්බුක්වලින් කොච්චර ගහනවද? අගමැතිතුමා නම් ඉතින් මීඩියා ප්රූෆ් නේ. බදුලු දිස්ත්‍රික් එජාප මන්ත්‍රි චමින්ද විජේසිරි කීවේ කාගෙත් සිනා මැදය.

හදිසි නීතිය ඉක්මනින්

ඉවත් කරන්න

හදිසි නීතිය දැමීමෙන් ජාතිවාදී කෝලාහල පාලනය වුණා. ඒක ඉවත් කරන්නේ කවදාද? සමාජ ජාලා තහනම වගේම හදිසි නීතියක් ඉක්මනින් ඉවත් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක කීදේද සියලු දෙනා අනුමත කළහ.

මේ සිද්ධිවල පරීක්ෂණ දැන් යනවා. ඒවා ඉවර වෙනතුරු හදිසි නීතිය ඉවත් කරන්න එපා කියලා ආරක්ෂක අංශ කියන දේත් ආණ්ඩුවට අහන්න වෙනවා. හදිසි නීතියත් ඉක්මනින් ඉවත් කළ යුතුයි. ඒක ඇත්ත. අගමැතිවරයා කීය.

නව එජාප ඇමැතිවරු පත් කළාට ගැසට් එක තාම නෑ. ඒ පරක්කු වීම ලොකු අවුලක් බවයි නිලධාරීන් කියන්නේ. දයා ගමගේ කීය.
ජනාධිපතිතුමා රට ඉඳලා ආව ගමන් නව විෂයයන් ගැසට් කරාවි. අගමැති කීය.

ශ්‍රී ලනිප අය දිගටම ඇමැතිකම් බදාගෙන

එතකොට ශ්‍රී ලනිප ඇමැති සංශෝධන කෝ. ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට ගහලා ඡන්දත් පරාද කරවලා ශ්‍රී ලනිප අය ඒ ඇමැතිකම්ම බදාගෙන ඉන්න හැඩයි. ශ්‍රී ලනිප ඇමැති සංශෝධන නොකළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි. මන්ත්‍රි චමින්ද විජේසිරි කීය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය හා ජපන් සංචාර ගැනද එහිදී විදේශ අමාත්‍යාංශ නිලධාරීන් කරුණු කීය.

කොත්මලේ ප්‍රාදේශීය මන්ත්‍රිවරු නවීන්ට

හොරෙන් පත්කරලා

පළාත් පාලන මැතිවරණය අවසන් වුවත් මැතිවරණ ප්‍රතිඵලවල උණුසුම යළිත් පසුගිය සතියේදී මතුවිය. ඒ පළාත් පාලන ආයතන සඳහා ලැයිස්තුවෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව සකස් කිරීමත් සමඟය. එක්සත් ජාතික පක්ෂයෙන් ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රිවරුන්ගේ නම් තෝරා ගැනීමත් සමඟ අසාධාරණයට ලක්වූ මන්ත්‍රිවරු පසුගිය සතියේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ පක්ෂ නායකත්වයට තමන්ට සිදුවූ අසාධාරණය ගැන දැනුවත් කර තිබිණි.

මේ අතර නුවරඑළියේ කොත්මලේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක ඇමැතිවරයාය. කොත්මලේ ආසන සංවිධායක අශෝක හේරත් ඇමැතිවරයා යටතේ සිටිමින් පළාත් පාලන මැතිවරණයට සහාය දැක්වීය. ඡන්ද 4000කින් කොත්මලේ ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමෙන් පසුව ලැයිස්තුවෙන් තේරී පත් විය යුතු මන්ත්‍රිවරුන්ගේ ලේඛනයක් නවීන් සකස් කළේය. හිටපු මන්ත්‍රිවරුන්ට සහ ජේ‍යෂ්ඨයන්ට අවස්ථාව ලැබෙන අයුරින් ඔහු ලැයිස්තුවක් සකස් කර පක්ෂ මහ ලේකම්වරයා වෙත යොමු කර තිබිණි. මේ අතර ආසන සංවිධායකවරයා තවත් ලැයිස්තුවක් පක්ෂයට යොමු කර තිබුණේය. එහෙත් එවැනි ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන බවක් නවීන් දැන සිටියේ නැත.

පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම එක්ව ආසන සංවිධායකවරයා ලබාදුන් ලැයිස්තුවේ සිටි අපේක්ෂකයන් මන්ත්‍රි ධුර සඳහා පත් කිරීමට තීරණය කළේය. එහෙත් තමන්ට නොදන්වා කළ පත් කිරීම් සම්බන්ධයෙන් නවීන් සිටියේ තරමක සිත් අමනාපයෙන් යුතුවය. ඒ නිසා නවීන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

මට කොත්මලේ ආසනයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය නිල වශයෙන් ලබාදීලා තිබුණා. මගෙන් විමසන්නේවත් නැතිව ලැයිස්තුවේ මන්ත්‍රිවරු කබීර් හෂීම් පත් කරලා තිබෙනවා. නවීන් සිය විරෝධය දැක්වූවේය.

පොඩ්ඩක් ඉවසන්න. හැම පැත්තකින්ම මේ ප්‍රශ්නය එනවා. අපි විසඳුමක් දෙන්නම්. රනිල් නවීන්ට සහතිකයක් දුන්නේය.
දෙවැනි පෙළට
බලතල දෙනවා
එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළ නායකයන් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ පසුගිය බදාදාය.
දෙවැනි පෙළට මම ඉදිරියේදී බලතල ලබා දෙනවා. පක්ෂයේ වෙනසක් ඇති කරනවා. ඒ වගේම ඉතාමත් ඉක්මනට ජනතාව ඡන්දයෙන් ලබාදුන් පණිවුඩය ගැන අවධානය යොමු කරලා අවශ්‍ය පියවර ගන්නවා. මේ ඡන්දයේදී පොහොර ප්‍රශ්නය, රැකියා ප්‍රශ්නය සහ බඩු මිල ප්‍රශ්නය තමයි වැඩියෙන්ම බලපෑ ප්‍රශ්න වුණේ. අලුත් අවුරුද්දට පස්සේ ජනතාවට ආර්ථික වශයෙන් සහනයක් ලබා දෙනවා. රනිල් කීවේය.

අපිට සිංහල බෞද්ධ ඡන්ද පදනම ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. දෙවැනි පෙළ නායකත්වයෙන් අදහස් මතුවිය.

ඒ ගැනත් අපි අවධානය යොමු කරලා සිංහල බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමටත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. රනිල් කීවේය.

පළාත් ආයතන බලය පිහිටුවීම බාලගිරි
දෝෂයට අහුවෙලා

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංගගේ කොළඹ නිවෙසේ පසුගිය සඳුදා (12දා) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවය. ගම්පහ නියෝජනය කරන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මෙන්ම පළාත් සභා මන්ත්‍රිවරුද ඊට එක්ව සිටියහ. ගම්පහ පොහොට්ටුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිළිබඳවද මෙහිදී කතාබහ කෙරිණි. අපි මොනවා කළත් වැඩක් නෑ. පළාත් පාලන ඡන්දය තියලා මාසයකටත් වැඩී. තාම බැරි වුණා එක සභාවක්වත් පිහිටුවා ගන්න. කොමසාරිස් එකක් කියනවා. ඇමැති තව එකක් කියනවා. ඩුලිප් විජේසේකර කීවේය. ඒක නම් ඇත්ත. සභා පිහිටුවීම හරියට බාලගිරි දෝෂය වගේ අද නෙවෙයි හෙට ලන්සා කීවේය.

ආණ්ඩුව මැතිවරණය පුළුවන් තරම් කල් දැම්මා. ඒකට ෆයිට් කරලා ෆයිට් කරලා තමයි අන්තිමට ඡන්දේ ගත්තේ. දැන් අපිට වෙලා තියෙන්නේ සභා පිහිටවපියව් කියලා ආයෙත් පාරට බහින්නයි. ප්‍රසන්න කීවේය.

ආණ්ඩුව හැමදේම අනා ගත්තා. අලුතෙන්ම අනා ගත්තේ ජ්චජඥ ඕධධඬ තහනමින්. රණවීර කීවේය.

වැඩේ කියන්නේ 2015 ජනාධිපතිවරණය වෙලාවේ ජ්චජඥ ඕධධඬ එකෙන් මහින්ද මහත්තයට ගහද්දී අද ඉන්න අයට මාර ජොලි. අද එයාලට ගහද්දී නරකයි. ඕකට තමයි කියන්නේ කලකදී රහලු කලකදී වහ වෙනවාලු කියලා. ඩුලිප් කීවේය.

මහනුවර සිද්ධිය ආණ්ඩුව නොහිතපු වෙලාවක ඇදුණු ලොතරැයියක් වගේ

තමන්ට එරෙහිව පක්ෂයෙන් ආපු විරෝධතාව යට ගහගන්න අගමැතිට ඒ ලොතරැයිය උදවු වුණා. ඒ වගේම ජනාධිපතිට තමන්ගේ පක්ෂයේ ඇමැතිවරුන්ගේ විරෝධය ය ට ගහගන්නත් ඒකෙන් හයියක් ලැබුණා. ඔක්කොටම වඩා ආණ්ඩුවට විරුද්ධව ජ්චජඥ ඕධධඬ මර්දනය කරන්න ආණ්ඩුවට චාන්ස් එකක් ආවා. ප්‍රසන්න කීවේය.

කෝ මේ ආණ්ඩුවට විරුද්ධ ශ්‍රී ලංකා කට්ටිය. දැන් මොකද එයාලට වෙලා තියෙන්නේ. ඉන්දික ඇසුවේය.

රට මෙහෙම විනාශ වෙනකොට රනිල්ට උදවු කරන්න පුළුවන් නිවටයන්ට විතරයි. ඒ නිවට රැළේ ලගිනවද නැත්නම් හරි පැත්තේ හිට ගන්නවද කියන එක තීරණය කරන්න ඕන ඒ ගොල්ලෝ. හරි පැත්තේ හිටගත්තේ නැත්නම් ඒ අය බේරාගන්න සක්‍රයාගේ පුතා වයිමා ආවත් බෑ. ප්‍රසන්න කීවේය.

නියම මහසෝනා හොයන්න මෙහෙයුමක්

ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ රැස්වීමක් විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වුණේ පසුගිය බදාදා (14දා) සවසය. දිනේෂ් ඇතුළු ඒකාබද්ධය නියෝජනය කරන පක්ෂ නායකයෝ ඒ අවස්ථාවට සහභාගි වූහ. මේ රැස්වීමට වාසු පැමිණෙනු දුටු රෝහිත, ආ වාසුදේව මන්ත්‍රිතුමා මහසෝනා හම්බ වුණා දැයි ඇසුවේය.

මොකද්ද ඒ මහසෝනා කතාව. මහින්ද ඇසුවේය.

ඇයි සර් දන්නේ නැද්ද. මහසෝනා හොයන්න වාසුදේව මන්ත්‍රිතුමා මේ දවස්වල මෙහෙයුමක් ආරම්භ කරලනේ. රෝහිත කීවේය. මහින්ද තමන් දෙස බලනු දුටු වාසු සිද්ධිය පැහැදිලි කළේය. නෑ ඒක මෙහෙමයි. ආණ්ඩුව කියලා තිබුණා මහනුවර සිද්ධිය පස්සේ ඉන්නේ මහසෝන් බළකාය කියලා. අපි දන්නවනේ ඔය බළකායට නායකත්වය දෙන්නේ කැබිනට් ඇමැති කෙනෙක් කියලා. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේදී කිව්වා මහසෝන් බළකායට පණ දුන්නු නියම මහසෝනා හොයා ගන්න මම ගවේෂණාත්මක මෙහෙයුමක් පටන් ගත්තා කියලා. වාසු කීවේය.

ඔය මහසෝනා හොයාගන්න එච්චර අමාරු නෑ. විමල් මන්ත්‍රිතුමා නම් කිව්වේ උස හීන්දෑරි ජාතික ඇඳුම අඳින හාදයෙක් කියලයි. බත්තරමුල්ල පැත්තේ ගියොත්අල්ලගන්න පුළුවන් රෝහිත කිවේය.

අගමැතිට එරෙහි විශ්වාසභංගය යට ගහන්න

දෙන්න බෑ

ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමේදී මුලින්ම අවධානය යොමු වූයේ විශ්වාසභංග යෝජනාව ගැනය.

අගමැතිට විරුද්ධ විශ්වාසභංග යෝජනාව අපි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ආණ්ඩුව හදන්නේ මේක යටගහන්න. ඒකට ඉඩදෙන්න බෑ. විමල් කීවේය.
මේ විශ්වාසභංගයට සහාය දෙන්න ශ්‍රී ලනිප වගේම එජාප පිරිසකුත් අපිට කැමැත්ත පළ කරලා තියෙන්නේ. මේ වෙනකොට විශ්වාසභංගය හදලා ඉවරයි. දැන් තියෙන්නේ අස්සන් කරන්න. ගම්මන්පිල කීවේය.

එහෙම නම් අපි අස්සන් කරන වැඩේ පටන් ගමු. අනිත් පක්ෂ සම්බන්ධ කර ගන්න එක දිනේෂුයි ඩලසුයි බලන්න. මහින්ද උපදෙස් දුන්නේය.මහනුවර සිද්ධිය දඩමීමා කරගෙන ඇත්ත ප්‍රශ්නය යටගහන්න තමයි ආණ්ඩුව හදන්නේ. මහ බැංකුවේ මහ කොල්ලය යට ගියා. අගමැති මේකට වග කියන්න ඒනෑ. පළමුවැනි විත්තිකරු පැනලා ගිහින් කියන එක අමතක වෙලා. බඩු මිල වැඩිවෙන එක අමතක කරවලා, රටේ තිබුණු ප්‍රශ්න අමතක කරවලා. මහින්ද කීවේය. ආණ්ඩුව මේ ගන්නේ තාවකාලික වින්දනයක් බන්දුල කීවේය.

ඉන් අනතුරුව සාකච්ඡා කෙරුණේ මැයි දිනය පිළිබඳව. මැයි දින රැස්වීම ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී හෝ ගෝල්ෆේස් පිටියේදී පැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැම්මේ මේ මාසේ 31දා වෙනකන් විතරයි. හැබැයි මේ අය පළාත් පාලන ඡන්දය වගේම පළාත් සභා ඡන්දෙත් කල් දාන්නයි හදන්නේ. දිනේෂ් කීවේය.

ඔව් ආණ්ඩුව පත්වෙලා පළාත් පාලන ඡන්දය තියන්න අවුරුදු 3ක් ගියා. ඒක දුන්නෙත් නොදී බැරිකමට. දැන් පත්වුණු සභා ටික පිහිටුවන්න බැරුව ආණ්ඩුව තෙපර බානවා. ඩලස් කීවේය.

ආණ්ඩුව දැන් ඉන්නේ හතරගාතේ දාලා. මෙයාලගේ මොනදේ ගන්නත් ලොකු සටනක් දෙන්න වෙයි.

සජිත්ගේ බස් තෑග්ග

හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන බස් රථයක් පිරිනැමීම පසුගියදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් සිදුවිය. දරු දැරියන් 605 දෙනකු ඉගෙනුම ලබන සහිරා ජාතික පාසල හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වෙන එකම පාසලයි. වසර 107ක් පැරැණි මෙම පාසල ආරම්භ කර ඇත්තේ එදා බි්‍රතාන්‍ය පාලන සමයේ හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් විසින් වීමත් විශේෂත්වයකි. බස් රථය හම්බන්තොට නගරයේ සිට විදුහල වෙත පදවාගෙන ආවේ සජිත් විසින්මය. එය කෙමෙන් විදුහල වෙත ළං වන අයුරු ළමයින්ද ගුරු දෙගුරුන්ද බලා සිටියේ නොඉවසිල්ලෙනි. බස් රථය විදුහල් ගේට්ටුවෙන් ඇතුළු කිරීම නම් පහසු කාර්යයක් නොවන බව සියල්ලන්ටම වැටහුණේ එය ආසන්නයටම රැගෙන ඒමෙන් පසුවය. සර් ඕක රියැදුරු මහත්තයට දෙමු ඇතුළට ගන්න කියලා. කවුදෝ කියද්දී සජිත් කීවේ යමක් භාගෙට කරන්නේ නැතිව සම්පූර්ණයෙන්ම කරන්න කියලයි මගේ තාත්තා මට උගන්නලා තියෙන්නේ. සජිත් පටු ගේට්ටුවෙන් බස් රථය සීරුවෙන් ඇතුළට ගත්තේය. උත්සව සභාවේදී සජිත් දෙපසින් අසුන් ගත්තේ විදුහලේ ආදි සිසුවකු වූ විදුහල්පතිවරයා සහ ආදි සිසුවියක මෙන්ම එහි ප්‍රථම උපාධිධාරි ගුරුවරිය වූ නියෝජ්‍ය විදුහල්පතිනියයි.

බොහොම ස්තුතියි ඇමැතිතුමා, අපේ දරුවන්ට දීපු මේ වටිනා තෑග්ග අපට ලොකු හයියක්. විදුහල්පතිවරයා කීවේය.

ශ්‍රී ලනිප ප්‍රබලයන්ගෙන් මෛත්‍රිට කොන්දේසි

ජනපති ජපන් සංචාරය නිමවා පැමිණීමෙන් පසු සිදු කිරීමට නියමිත ශ්‍රී ලනිප ඇමැති මණ්ඩල සංශෝධනයට පෙර අනිවාර්යයෙන්ම අගමැති තනතුරෙන් රනිල් ඉවත් වියයුතු බව දයාසිරි, සුසිල් ඇතුළු ශ්‍රී ලනිප ප්‍රබලයෝ කියති. එම පිරිස කොන්දේසි තුනක් සහිත ලිපියක් ජනපති මෛත්‍රිට භාරදීමටද සූදානම් කර තිබෙන බව දැනගන්නට ඇත.
වාර්තාවන අන්දමට එම පිරිස ඉදිරිපත් කරන කොන්දේසි වන්නේ අගමැති තනතුරින් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම, වෙනත් සුදුස්සකු පත් කිරීම, එය එසේ නොවන්නේ නම් ශ්‍රී ලනිප කණ්ඩායමට ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමේ අනුමැතිය ලබාදීම යන කරුණුය.

රනිල් ඉවත් නොවන්නේ නම් එජාප නායකත්ව අර්බුදය පුපුරායන ලකුණු

යටපත්ව තිබූ එජාප නායකත්ව අර්බුදයද යළිත් කරළියට පැමිණ තිබේ. එය අළුයට ගිනි මෙන් තිබුණද වෙනසක් සඳහා පියවර ගැනීම තවදුරටත් මඟහැර සිටීමට නායක රනිල් සිතනවා නම් ඉතා ළඟදීම එජාපයේ දැවැන්ත පිපිරීම් සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. එජාපයේ දෙවැනි පෙළ නියෝජනය කරන සජිත්, නවීන් ඇතුළු පිරිස නායකත්ව වෙනස අපේක්ෂාවෙන් ක්‍රියා කරන බව පෙනේ.

රොෂාන්, එස්.එම්, ප්‍රසන්න, මහීපාල, පවිත්‍රා, ගීතා ඒකාබද්ධයෙන් මහ ඇමැතිකමට

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපපොළක් පළාත් මහ ඇමැතිවරුන් ලෙස තරගයට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය අදහස් කරන බව දැනගන්නට ඇත. ඒ අතර උතුරුමැදට රොෂාන්, සබරගමුවට පවිත්‍රා, බස්නාහිරට ප්‍රසන්න, දකුණට ගීතා ඉදිරිපත් කරන්නට ඉඩ තිබේ.

තෙල්දෙණිය ගැටුමින් මියගිය කුමාරසිංහගේ දරුවන්ට ජවිපෙන් ශිෂ්‍යත්වයක්

පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය නිසා හානියට පත්වූ ප්‍රදේශවල ජනතාව හමුවීමට ජවිපෙ නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ මහනුවර සංවිධායක ගයාන් ජානක, නීතිඥ උපුල් කුමරප්පෙරුම යන අය පසුගිය සෙනසුරාදා අකුරණ, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවලට ගියහ. ඒ අතර මුල් සිදුවීමේ මරණයට පත්වූ කුමාරසිංහගේ සහ මුස්ලිම් තරුණයාගේ නිවෙස්වලටද හානියට පත්වූ පූජනීය ස්ථානවලටද ගොස් කරුණු සොයා බලන්නට ජවිපෙ නායකයෝ කටයුතු කළහ. "මහත්තයෝ කුමාරසිංහ මැරුණු එක තමයි ප්‍රශ්නයට මුල වුණේ. අපේ ගමට අල්ලපු ගම් දෙක මුස්ලිම් ගමයි, සිංහල ගමයි. නමුත් මෙහෙ කවුරුත් ගහ මරාගන්න ගියේ නෑ. මේ මිනිස්සු මොකටද මේ විදියට මරාගන්නේ. අපිට තේරෙන්නේ නෑ" කුමාරසිංහගේ පවුලේ ඥාතීහු ජවිපෙ නායකයන්ට කියා සිටියෝය. "දැන් ගහමරා ගත්තා කියලා අපිට වෙන සෙතක් නෑ. කුමාරසිංහගේ පවුලේ දරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ආබාධිතයි. ඒ අය ගැන තමයි දැන් අපිට ගැටලුව තියෙන්නේ" තවත් ඥාතියෙක් කියා සිටියේය. "අපි ශිෂ්‍යත්වයක් දෙන්න කටයුතු සූදානම් කරන්නම්. විදෙස්ගත අපේ සහෝදරයෝ ඒ වගේ උදවු කරනවා. එහෙම අය සම්බන්ධ කරලා දෙන්න අපි කටයුතු කරන්නම්." සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරැදිවලට හැමෝම
වගකිවයුතු නෑ

ගැටුමින් මියගිය මුස්ලිම් තරුණයාගේ ඥාතීන්ද මුණගැසුණු ජවිපෙ නායකයෝ විනාශයට පත්වූ ව්‍යාපාරික ස්ථාන හා පූජනීය ස්ථානවලට ගොස් තත්ත්වය සොයා බැලූහ.

"එක සිද්ධියක් අල්ලගෙන මේ තරම් විනාශයක් කළා. එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරැදිවලට අපි හැමෝම වන්දි ගෙවන්න ඕනද..? අපි බොහොම අමාරුවෙන් තමයි මේ ව්‍යාපාර දියුණු කරගත්තේ. ඒත් දැන් හැමදේම විනාශයි." මුස්ලිම් ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. "අපි මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගෙන් කඩයක් කුලියට අරගෙන බිස්නස් කළේ. අපේ කඩයත් ගිනි තිබ්බා. ඇයි මේ මිනිස්සු මේ විදියට හැසිරෙන්නේ" සිංහල ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. "මේ ජාතිවාදී ගැටුම් ඇතිකරන්නේ දේශපාලන වුවමනාවක් අනුවයි. ඇතැම් අයට ජාතිවාදය තමයි එකම තුරුම්පුව. ඒ නිසා බිම් මට්ටමින් ජනතාව සමඟි වෙන්න ඕනෑ. බිම් මට්ටමින් ජාතික සමඟිය වෙනුවෙන් දේශපාලනය කරන්න ඕනෑ. වෙන උත්තරයක් අපිට නැහැ" අනුර දිසානායක කියා සිටියේය.

ජාතිවාදී පෙට්රල්වලින් රටම තෙත් වෙලා

මේ අතර හානියට පත්වූ පල්ලි කිහිපයකටද ගිය ජවිපෙ නායකයෝ තත්ත්වය සොයා බැලූහ. "අපිට තේරෙන්නේ නෑ මිනිස්සු මේ විදියට ගහමරාගන්නේ කියලා. අපෙන් වෙලා තියෙන වැරැද්ද මොකක්ද? අපි ඇයි හදාගන්න ඕනෑ දේවල් මොනවාද..? ඔබතුමාලා තමයි කියන්න තියෙන දේවල් කෙළින් කියන්නේ. ඔබතුමාලා අපිට කියලා දෙන්න මොකද කරන්න ඕනෑ කියලා" අකුරණ පල්ලියේ පූජකතුමන්ලා විමසා සිටියෝය. "ඇත්තටම අපේ සංස්කෘතිය නිර්මාණය වෙන්න ඕනෑ ජාතික සමඟිය ඇතිවන පැත්තට. එහෙම නැතිව ජාතීන් අෑත් කරන දිසාවට නෙවෙයි. ඔබතුමාලා තමයි කළ යුතු දේවල් තීරණය කරන්න ඕනෑ. අපිත් පාර්ශ්වකරුවෙක් විදියට සම්බන්ධ වෙන්නම්. නමුත් දැන් වෙලාව නෙවෙයි හැමදේම වෙනස් කරන්න. නමුත් ඒ ගැන සාකච්ඡාවක් ඉදිරියට කරන්න පුළුවන්. මේ වෙනකොට ජාතිවාදී පෙට්රල්වලින් රටම තෙත් වෙලා. කොයිවෙලේ ගිනිගනීද කියන්න බැහැ. ඒ නිසා පරෙස්සමෙන් අපි කටයුතු කරන්න ඕනෑ කාලයක්. අපි පක්ෂයක් විදියට ජාතික සමඟිය ඇති කිරීම වෙනුවෙන් ගන්න ඕනෑ ක්‍රියාමාර්ග ගන්නවා." අනුර දිසානායක කියා සිටියේය.

විශ්වාසභංගයට සහය දීමට
ජවිපෙ සූදානම්

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගිය 13 වැනිදා පස්වරුවේ කොළඹදී වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් සඳහා රැස්වූහ. මෙහිදී මහනුවර තත්ත්වය පිළිබඳවත් ඉදිරියේදී ජාතිවාදී ගැටුම් වළක්වා ජාතික සමඟිය ඇතිකිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. එමෙන්ම ඉදිරියේදී අගමැතිවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැනද සාකච්ඡා විය. "විශ්වාසභංගය ගේනවා කියපු දවසේ ගෙනාවේ නැහැ. මහනුවර සිද්ධියෙන් ගොඩක් ඒවා යට ගියා" සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. "කවුරුත් අවධානයෙන් ඉන්නේ අපි මේ ගැන මොකද කරන්නේ කියලා." බිමල් රත්නායක කීවේය.

"කොහොමත් අපිට විශ්වාසභංග යෝජනාව ගේනතෙක් ඒ ගැන මොකුත් කියන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂය අවධානය යොමුකරලා තියෙන්නේ මහ බැංකු ගනුදෙනුව ගැන පමණයි" ලාල්කාන්ත කියා සිටියේය. "රනිල්ට එරෙහිව ගේන විශ්වාසභංග යෝජනාවට ඇතුළු විය යුතු කරුණු ගණනාවක් තියෙනවා. හොරු අල්ලපු නැති එක, හොරුත් එක්ක ඩීල් දාපු එක, ආර්ථිකය බිඳවට්ටපු එක, ආණ්ඩුව දුර්වල කරපු එක, ගැන මේ හැම දෙයක්ම ඇතුළත් විය යුතුයි. එහෙම සම්පූර්ණ විශ්වාසභංගයක් එනව නම් සහාය දෙන එක අපිට ගැටලුවක් නෙවෙයි." විජිත හේරත් කීවේය.

"ඒ වගේම අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. මොකද දැන් මෛත්‍රිපාල සිරිසේන හදන්නේ නැවත ජනාධිපති ධුරයේ ඉන්න දේශපාලනය හසුරුවන තැනක. ජනතා වරමට පයින් ගහලා වැඩ කරන්නේ. නැවත අපේ රටේ ජනාධිපතිවරණයක් පවත්වන්න බැහැ" ටිල්වින් සිල්වා කියා සිටියේය. අපි මේ ගැන ජනතා මතයක් හදන්න ඕනෑ. සම්බන්ධ කරගන්න පුළුවන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එකතු කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සටනක් අරඹන්න ඕනෑ" අනුර දිසානායක යෝජනා කළේය.

යුද හමුදා බළකා තිබෙනවා

වෙන බළකා අවශ්‍ය නෑ

ජාතික සමඟිය සඳහා පදනම සකස් කළ සුවිශේෂ පියවරක් පසුගිය සති අන්තයේ ක්‍රියාත්මක කළේ කතානායක කරු ජයසූරිය මහතා සහ ඔහු සමඟ මහනුවර බලා ගිය පාර්ලිමේන්තුවේ සර්ව පාර්ශ්වික නියෝජිතයන් විසිනි.

මුලින්ම කතානායකවරයා ප්‍රමුඛ දූත පිරිස මල්වතු මහ නාහිමි හා අස්ගිරි අනු නාහිමියන් බැහැදැක උද්ගත වූ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. මෙහිදී කතානායකවරයා නාහිමියන් හමුවේ කියා සිටියේ "පාර්ලිමේන්තුවේ කවර මතවාද තිබුණද මහනුවරින් මතු වූ ජාතිවාදී ගිනි පුපුරු නිවා දැමීම මෙන්ම යළි කිසිදා එවැනි දේ සිදුනොවීම සඳහා පියවර ගැනීමට සියලු පක්ෂ නියෝජිතයන් එක සිතින් එක් වූ බවය. මල්වතු නාහිමියන් මෙහිදී වැදගත් ප්‍රකාශයක් කළේය. උන්වහන්සේ පැවැසුයේ "රටේ හමුදාවක් තිබෙනවා ඒකේ විවිධ බළකායන් තියෙනවා රටට වෙන වෙන බළකායවල් අවශ්‍ය නැහැ. හාමුදුරුවෝ තමන්ගේ දායක ගම් කිහිපය හදා ගන්නවා නම් රට නිකම්ම හැදෙනවා" යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ සී.බී. රත්නායක මහතා පැවැසුවේ, නායක ස්වාමීන්වහන්ස, අපිට විවිධ මතවාද තිබෙනවා. නමුත් මොන මතය ක්‍රියාත්මක කරන්නත් ඉස්සෙල්ලාම රටක් ඕනෑ. තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනෑ. ඒ නිසයි ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් විදියට අපි කතානායකතුමා සමඟ මේ වැඩේට එකතු වුණේ කියාය. මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ආගමික නායකයන් හා ප්‍රජා නායකයන් සමඟ පැවැති හමුව පැය 02කට ආසන්න කාලයක් පුරා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවෙසේදී පැවැති අතර ඊට මවුලවිතුමන්ලා මෙන්ම මුස්ලිම් දේශපාලන සහ ප්‍රජා නායකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

ඩඩ්ලි රාජපක්ෂගේ බිරිය යතින්ද්‍රාගේ අභාවය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරකු වන ඇමෙරිකාවේ හුස්ටන්හි පදිංචි ඩඩ්ලි රාජපක්ෂ මහතාගේ බිරිය වූ යතින්ද්‍රා රාජපක්ෂ මහත්මිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූවාය. කෙටි කලක් අසනීපයෙන් පසුවූ යතින්ද්‍රා රාජපක්ෂ මහත්මිය එක් දියණියකගේ මවකි. කොළඹ විශාඛා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වූ ඇය අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ ඉහළම ප්‍රතිඵල වාර්තා කර පසුව ඉන්ජිනේරුවරියක බවට පත්වූවාය. යතින්ද්‍රා රාජපක්ෂ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරි දිනයක හුස්ටන්හිදී සිදුකිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්