අප අවට වාතයේ විස රසායනිකයන් මනින සුපිරි ස්මාර්ට් දුරකතනය

  👤  4137 readers have read this article !
2018-03-11

අප අවට වාතයේ අඩංගු විස සහිත රසායනිකයන් මැන බලන ලෝකයේ ප්‍රථම ස්මාට් දුරකතනය පසු ගියදා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. ඉ 61 යනුවෙන් හඳුන්වනු ලබන මෙම දුරකතනය "වාෂ්පශීලී ඓන්ද්‍රීය සංයෝග" (ඍර්ණීඛ්ඉ) හඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්තයි. මෙම සංයෝගයන් බොහෝ විට තීන්ත ද්‍රාවක, බුමුතුරුණු, ගෘහ භාණ්ඩ සහ පවිත්‍රකාරක ආදියෙහි අඩංගු වන අතර විවිධ සෞඛ්‍ය ගැටලුවලට හේතු වෙනවා.

මෙම නවතම ස්මාට් දුරකතනයේ අඩංගු වන ස්විස් සමාගමක් වන සෙන් සිරියන් විසින් නිෂ්පාදිත සංවේදකයට අවට වාතයේ ඇති අහිතකර ද්‍රව්‍යයන් වඩාත් නිවැරැදි ලෙස හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

පසුගිය පෙබරවාරි 26 සිට මාර්තු 1 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ පැවැති ජංගම දුරකතන ජගත් සමුළුවේදී "කැට්" සමාගම විසින් මෙම ඉ 61 දුරකතනය හඳුන්වා දෙනු ලැබුවා. එය මිල කොට තිබුණේ ඩොලර් 999 (රුපියල් 1,56,000ක් පමණ)

කැට් සමාගම මෙම නව සංවේදකය සහිත ස්මාට් දුරකතනය හඳුන්වාදීමට පෙලඹී ඇත්තේ කාර්මික රසායනික ද්‍රව්‍යයන්ට නිරාවරණය වන ඉදිකිරීම් සේවකයන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙසයි. මේ මඟින් එය භාවිත කරන්නන්ට අවට වාතයේ ඇති වායු දූෂක මට්ටම පිළිබඳ දැනුම් දෙමින් ඊට පිළියමක් ලෙස හොඳ වාතාශ්‍රයක් ලබා ගැනීම සඳහා ජනෙල් ‍ෙදාරවල් විවර කිරීම සඳහා ඔවුන්ව යොමු කරවනු ලබනවා. මෙම සංවේදකයට වාතයේ පවතින ආර්ද්‍රතාව හා උෂ්ණත්වය පිළිබඳ දැනුම්දීමේ හැකියාවද පවතිනවා.
මෙම ඉ 61 ස්මාට් දුරකතනය ලේසර් භාවිතයෙන් ක්‍රියාත්මක වන දුර මැනීමේ පහසුකමකින්ද යුක්තයි. ඒ වගේම මීටර් 2ක් පමණ ඉහළ සිට ඝන මතුපිටක් මත වැටීමෙන් පවා ඊට හානියක් සිදුනොවන අතර අධික ශීත හා උණුසුම් තත්ත්වවලදී පවා එහි ක්‍රියාකාරිත්වයට කිසිදු බාධාවක් සිදුවන්නේ නැහැ.

මෙහි අඩංගු තවත් විශේෂාංගයක් වන්නේ එහි අන්තර්ගත කොට ඇති තාප ප්‍රතිරූපණ (ඊඩඥපථචත ධ්ථචඨඪදඨ) කැමරාවයි. විදුලි කාර්මික ශිල්පීන්ට මෙම කැමරාව ආධාරයෙන් ෆියුස් පෙට්ටිය සහ විදුලි රැහැන් පද්ධති ආදිය නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේම මෙහි පවතින දුර මැනීමේ පහසුකම ආධාරයෙන් රැහැන් ඇදීමක් සඳහා අවශ්‍ය විදුලි රැහැන් ප්‍රමාණය ඉතා නිවැරැදිව සොයා ගැනීමේ හැකියාවද ඔවුන්ට ලැබෙනවා. එපමණක් නොව මෙම දන්ත ගබඩා කොට ඒවා තවත් පුද්ගලයකු වෙත යවා අවශ්‍ය උපදෙස්ද ලබාගත හැකියි.

ඛ්චබ ඉ 61 දුරකතනයේ අඟල් 5.2ක් වන තිරය "ගොරිල්ලා ෆ්ලාස් 5" ආවරණයකින් සුරක්ෂිත කොට ඇති අතර අඩි 10ක් ගැඹුරු ජලයේ පැයක පමණ කාලයක් දුරකතනය භාවිත කිරීමේ හැකියාවද පවතිනවා.

ලෝක ප්‍රකට ඛ්චබ සාමාගම මඟින් මෙම ඛ්චබ ඉ 61 දුරකතනය හඳුන්වාදීමට පෙලඹී ඇත්තේ විශේෂයෙන්ම ඉදිකිරීම් ක්‍ෂේත්‍රයන්හි නියැළෙන වෘත්තිකයන්ට වාෂ්පශීලී ඓන්ද්‍රීය සංයෝග (ඍධතචබඪතඥ ර්ණීපඨචදඪජ ඛ්ධථනධභදඤඵ) වලින් සිදුවන හානිය අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙසයි. වාෂ්පශීලී ඓන්ද්‍රීය සංයෝග ගන හා ද්‍රවවලින් නිකුත්වන අතර ඒවා කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් මිනිසාට අහිතකර ලෙස බලපානු ලබන්වා. තීන්ත, වාර්නිෂ්, වැක්ස්, පවිත්‍රකාරක ආදී බොහෝ දෑවල මේවා අඩංගුයි. මෙම අහිතකර සංයෝග මඟින් දෑස්, ශ්වසන පද්ධතිය, අක්මාව, වකුගඩු මෙන්ම මධ්‍යම ස්නායු පද්ධතියටද හානි සිදුවිය හැකියි. ඇතැම් රසායනික සත්ත්වයන්ට පිළිකා හට ගැනීම කෙරෙහි බලපා ඇති අතර ඉන් මිනිසාටද හානි සිදුවිය හැකි බවට සැක කෙරෙනවා.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්