බි්‍රතාන්‍ය වැසියන් පුදුමයට පත් කළ වසර සිය ගණනකට පෙර විසූ ප්‍රභූ මිත්තණියකගේ අබිරහස් එළියට

  👤  4643 readers have read this article !
2018-03-11

වසර දෙසීයකටද වැඩි කාලයකට පෙර විසූ ධනවත් ස්විට්සර්ලන්ත කාන්තාවක් තමාගේ අතිදුරස්ථ මිත්තණියක බව විද්‍යාඥයන් විසින් අනාවරණය කිරීමෙන් පසු එය තමාගේ ඉමහත් විස්මයට මෙන්ම ආඩම්බරයටද හේතු වී යැයි එක්සත් රාජධානියේ විදේශ ලේකම් බොරිස් හෙන්සන් ප්‍රකාශ කර ඇත. කිතුනු පූජකවරයකු සමඟ විවාහ වී සිටි එම ඇනා කැතරිනා බිස්කොෆ් නමැති එම ස්විට්සර්ලන්ත කාන්තාව උපදංශ රෝගය වැලඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටියදී ඇයටද රෝගය වැලඳීමෙන් වර්ෂ 1787දී මියගොස් ඇති බව ඇගේ මමීකෘත දේහය පිළිබඳ ගවේෂණයක යෙදුණු විද්‍යාඥයෝ අනාවරණය කළහ.

බැසල් නගරයේ බරූසර් දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු සඳහා 1975දී කරන ලද කැණීමකදී ඇනා කැතරිනාගේ දේහය හමුවී ඇත. එහෙත් ඇගේ නම සටහන් වූ සොහොන් කොතක් වැන්නක් නොතිබුණු හෙයින් දේහය පිළිබඳ අනන්‍යතාව බොහෝ කාලයක් තිස්සේ රහසක්ව පැවැතියේය. එහෙත් ඉන් වසර හතළිහකට පසු මමීකෘත දේහයේ පාදයේ මහපටැඟිල්ලෙන් ජනකාණු (ජනක+අණු) ලබාගත් ජනකාණු බන්ධන විශේෂඥයෝ එම කාන්තා දේහය ඇනා කැතරින් බිස්කොෆ් නමැත්තියගේම බව තහවුරු කරගත්හ. ඒ සඳහා එම විශේෂඥයෝ දේහයෙන් ලබාගත් ජනක අණු, තවමත් ජීවතුන් අතර සිටින බිස්කොෆ් පරපුරේ අයගේ ජනක අණු සමඟ සන්සන්දනය කළහ. එම ගවේෂණ ක්‍රියාවලිය අවසානයේදී ඇනා කැතරිනා බිස්කොෆ්ගේ දේහය මහා බි්‍රතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් හේන්සන්ගේ ඉතා දුරස්ථ මිත්තණියක් බවද තහවුරු විය.

දශක හතරකට කලින් සොයා ගන්නා ලද මමිය අයත් කාන්තාව තමාගේ දුරාතීත මිත්තණියක බව පමණක් නොව ඇය ඇගේ කාලයේදී ලිංගික සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කර ඇති තැනැත්තියක් බවද දැනගන්නට ලැබීම ගැන තමා බෙහෙවින් ආඩම්බර වන බි්‍රතාන්‍ය විදේශ ලේකම් බොරිස් හෙන්සන් ප්‍රකාශ කළේය.
කැතරිනාගේ අතීත ජීවන තොරතුරු

කැතරිනා ඇගේ ජීවිත කාලයෙන් වැඩිතම කොටස ප්‍රංශයේ ස්ට්‍රැස්බර්ග්හි ගත කළ අතර එහිදී ඇය ලිංගාශි්‍රත රෝගවලින් පෙළෙන රෝගීන් රැක බලා ගැනීමේ කටයුතුවල නිරත වූවාය. ඒ නිසාම ඇයටද උපදංශ රෝගය වැලඳුණු හෙයින් එකල එම රෝගය මර්දනය සඳහා යෙදුණු ඉතා දැඩි පිළියමක් වූ රසදිය ප්‍රතිකාරය සඳහා කැතරිනා බැසල් නගරයට පෙරළා පැමිණියාය. ප්‍රතිකාර සාර්ථක නොවූයෙන් ඇය 1787දී කලුරිය කළාය. ඒ වන ඇය 68 වැනි වියට එළැඹ සිටියාය.

ඇනා කැතරිනා කාගේ කවුද යන වතගොත සෙවීමේ මුල් පියවර 2017දී තැබීමට විද්‍යාඥයන්ට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ ඇගේ දේහය මීට කලින් වරක් 1843දී ගොඩ ගන්නා ලද බව ස්විට්සර්ලන්ත ජාතික ලේඛනාරක්ෂක අංශයේ ලේඛනයකින් අනාවරණය වීමය. නගරයේ ධනවත්ම වැසියන්ගේ සිරුරු බරූසර් වැනි දේවස්ථානවල මිහිදන් කරනු ලැබ තිබුණු හෙයින් ඇනා කැතරිනාද ධනවත් පවුලකින් පැවැතෙන්නියකැයි විශේෂඥයෝ නිගමනය කළහ. ඒ නිගමනයට පදනම් වූයේ කැතරිනාගේ දේහය සහිත මිනීපෙට්ටිය එහි නම් සටහන් නොවුණද, දේවස්ථානයේ අල්තාරය ඉදිරිපිට මිහිදන් කරනු ලැබ තිබීමයි. එය ඊට දැක්වුණු ගෞරවයේ සාධකයක් වීමය. ඊටද අමතරව ඇනා කැතරිනා බිකොෆ් පරපුරයට අයත් තැනැත්තියක් බව ඒත්තු ගන්වන වඩාත් ප්‍රබල කරුණු ලේඛනවලින් එළිදැක්විණි.

කැතරිනාගේ මමියෙන් ගන්නා ලද ජනක අණු සන්සන්දනයේ ප්‍රතිඵලවලින් අනාවරණය වූයේ එය එම පරපුරෙන් තවමත් ජීවතුන් අතර සිටින්නන්ට එම පරපුරෙන් සියයට 99.8 කින්ම ගැළපුණ බවය. කැතරිනාගේ අනන්‍යතාව අනාවරණය වීමෙන් කැතරිනාට දරුවන් හත්දෙනකු සිටි නමුත් ළමා විය පසු කළේ ඉන් දෙදෙනකු පමණකි. ඉන් එක් දියණියක ඇනා යනුවෙන්ම නම් කෙරුණු අතර ඇය ක්‍රිස්ටියන් හර්බර්ට් බැරන් ෆෙෆල් වොන් ක්‍රීගල්ස්ටන් නමැත්තා සමඟ විවාහ වූවාය.

ෆෙෆල් වොන් ක්‍රීගල්ස්ටන්ගේ පරම්පරා පහක තොරතුරු සොයා ගිය ඉතිහාසඥයෝ මේරි ලුවීවොත් ෆෙෆල් විවාහ වී ඇත්තේ ස්ටැන්ලි ෆ්‍රෙඩ් විලියම්ස් නමැත්තකු සමඟ බව අනාවරණය කර ගත්හ. එම යුවළගේ දියණිය ඔස්මන් විල්ෆ්‍රඩ් ජොන්සන් කෙමල් නමැත්තකු සමඟ විවාහ වී ඇත. ඔවුන්ගේ පුත් ස්ටැන්ලි ජොන්සන් "අයැම් අ සෙලිබි්‍රට්... ගෙට් මී අවුට් හියර්" චිත්‍රපටයෙහි මෑතදී පෙනී සිටි නළුවෙකි. 53 හැවිරිදි විදේශ ලේකම්ගේද පියාය. 72 හැවිරිදි ජොන්සන් "මේල් ඔන් සන්ඩේ" පුවත්පතේ තීරු ලේඛක රැචල් ජොන්සන්ගේද පියාය. ඔහු මෑතකදී "කීර්තිමත් ලොකු අයියාගේ නිවෙසින්" (ඛ්ඥතඥඡපඪබර ඕඪඨ ඕපධබඩඥප ඩ්ධභඵඥ) ඉවත් කැරිණි.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්