අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සඳහා වූ පනත සම්මත කර ඇත්තේ ස්ථාවර නියෝග කඩ කරමින්

  👤  4328 readers have read this article !
2018-03-09

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත, ස්ථාවර නියෝග කඩකරමින් සම්මත කර ඇති බැවින් එම පනත නැවත විවාදකර සම්මත කරන්න.

මේ පනතට සංශෝධනයක් ඉදිරිපත් කරන බව කීවට එම සංශෝධනය අපේ අතට ලැබුණේ නැහැ. මන්ත්‍රිවරුන්ගේ මේස මත තබා තිබුණේ නැහැ. පනත සම්බන්ධයෙන් කතා කිරීමට මන්ත්‍රිවරුන්ට කාලය ප්‍රමාණවත් නැති බැවින් ඒ සඳහා කාලය ලබා දෙන ලෙස අපි ඉල්ලුවා. කාලය ලබා නොදී සම්මත කළා. එය ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක්.
කතානායක - මම කිව්වේ අවශ්‍ය වුණොත් කාලය ලබා දෙන්නම් කියලා හැන්සාඩ් වාර්තාවේ තියෙනවා.

දිනේෂ් ගුණවර්ධන - කතානායකතුමා ඔබතුමා ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළේ නැහැනේ. මීට කලින් දවසක දෙමළ පරිවර්තනය ලබා නොදුන් බව සුමන්තිරන් මන්ත්‍රිතුමා සඳහන් කළ අවස්ථාවේ ඔබතුමා විවාදය කල් තැබුවා. දැන් ඊයෙත් දෙමළ පිටපත ලබාදී නොමැති බව කිව්වා. ඔබතුමා විවාදය කල් තැබුවේ නැහැ. පවත්වාගෙන ගියා. එතැනදී ඔබතුමා එකම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දෙවිදියකට කටයුතු කර තිබෙනවා.

කතානායක - අපි පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරමු.
දිනේෂ් ගුණවර්ධන - මේ පනතට අදාළ සංශෝධන අපට ලැබුණේ නැහැ. ඇමැතිතුමා අපට ඒ සංශෝධන ලබා දුන්නේ නෑ. ගජධීර මන්ත්‍රිතුමා කතා කරන්න ඉල්ලුවා. එතුමාට කාලය ලැබුණේ නැහැ. තවත් මන්ත්‍රිවරුන්ට අදහස් පළ කිරීමට කාලය ලැබුණේ නැහැ. කාලය ප්‍රමාණවත් නැති නිසා අපි වෙනත් දවසකට කල් තබන ලෙස ඉල්ලුවා.
අගමැතිතුමා ඇවිල්ලා සංශෝධනය ඉල්ලා අස්කර ගන්නවා කියලා කිව්වා. ඔබතුමා අපේ ඉල්ලීම ගැන සැලකුවේ නැහැ. ඡන්දයක් පැවැත්වුවා. ස්ථාවර නියෝග මෙතන කඩවෙලා. මේ පනත නැවත විවාදයට ගෙන සම්මත කරන්න.

කතානායක - දවල්ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගෙන දන්වන්න.

'ජාත්‍යන්තර කාන්තා දිනය' දා හැම ජාතියකටම අයත් 'අම්මා' කෙනකුටම මරණ බයෙන් ජීවත්වීමට සිදුවීම කනගාටුදායකයි

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. කාන්තාව සිංහල, දෙමළ හෝ මුස්ලිම් මවක් වෙන්න පුළුවන්. ඒ හැම අම්මා කෙනකුටම මරණ බියෙන් මේ වනවිට ජීවත්වෙන්න සිදුවී තිබෙනවා. එය කනගාටුදායක තත්ත්වයක්.

අපේ රට ජූලි කලබල නිසාත් තිස් අවුරුද්දක යුද්ධයක් නිසාත් ලෝකයේ පසුපසට ගියා. පසුගිය කාලේ දර්ගානගරයේ ඇති වූ ගිනිදැල් මහනුවරට හෝ ගාල්ලට හෝ දියයුතු නැහැ. මේ ජාතිවාදී ගිනිදැල් කවරකු හෝ දිගින් දිගටම ගෙනයනවා නම් රජයක් විදියට නිහඬව ඉන්න බැහැ. අපි ආණ්ඩුවෙන් ක්ෂණික පිළිතුරක් බලාපොරොත්තු වුණත් ඒක ලැබුණේ නැහැ. ජාති දෙකටම අයිති ජීවිත ආරක්ෂා කළ යුතුයි. අද රටේ නායකයා කවුද කියා හොයා ගන්න බැරි තත්ත්වයක් උදාවී තිබෙනවා.

අද මේ ගිනි තියන්නේ ශ්‍රී ලංකා මාතාවගේ උරුමයටයි. අප මෙතැනදි පක්ෂ පැත්තකට දමා පෙළ ගැසිය යුතුයි. හැම දේකටම දේශපාලනය ඇද ගන්න එපා. දේශපාලකයන් ලෙස අප කැපවෙමු. අප බෙදී නැහැ. ඔබලාත් බෙදෙන්න එපා යැයි ගමින් ගමට ගොස් හැම ජාතියකම නායකයන්ට කියමු. මේ ආණ්ඩුවට අද එල්ලෙන්න වැල් නැහැ. ආණ්ඩුව ඇතුළෙ විප්ලව. ආණ්ඩුව ඇතුළෙ පක්ෂ දෙක නයයි මුගටියයි වගෙයි.

කුලියාපිටිය ප්‍රදේශයේ කඩ ගිනිතබා නොමැති බවත් මන්ත්‍රිවරයකු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පැවැසීය. කොත්තු කඩයක වීදුරුවක් බිඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඇමැතිවරයා කීවේය.
විමල් වීරවංශ මන්ත්‍රිවරයා කුලියාපිටියේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙර දින කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් යැයිද පැවැසීය.
"පෞද්ගලික ආරවුල් මුල්කරගෙන ජාතිවාදය ඇවිළවීමට කටයුතු කරන්න එපා. පුංචි ඡන්දයක් දිනා මෙහෙම ක්‍රියාකරනවා නම් ලොකු ඡන්දයක් දිනුවා නම් කොහොම වෙයිද?"

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon