අලුත් ආණ්ඩුවක් ගේන්න ගහපු තුරුම්පු මෙන්න

  👤  4984 readers have read this article !
2018-02-25

සද්දේ තරමට වැඩ නෑ
ඉකුත් සති අන්තයේ අලුත් ආණ්ඩුවක් සම්බන්ධයෙන් පැවැති කතාබහ සඳුදා (19දා) පාර්ලිමේන්තුව ආරම්භ වන විට මල්පල ගැන්වෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවත් එවැන්නක් සිදු වූයේ නැත. එදිනද වාර්තා වූයේ තැන් තැන්හි පැවැත්වෙන සාකච්ඡා පමණි. අඟහරුවාදා (20දා) වනවිට ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ඉල්ලා සිටින්නට විය. යහපාලන ආණ්ඩුව තවත් මාසයක් ඉදිරියට යන බවත් ශ්‍රී ලනිපය තවදුරටත් ආණ්ඩුව තුළ සිටිමින් කටයුතු කරන බවත් නිල වශයෙන් වාර්තා විය.

වෙනම ශ්‍රී ලනිප ආණ්ඩුවක් සඳහා කටයුතු ඉදිරියට ගෙන යෑමට පත් කළ සුසිල් දිනේෂ් කමිටුව තවදුටත් ක්‍රියාත්මක දැයි දැනගන්නට නොලැබිණි. මේ අතර වාර්තා වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට නීතිමය වශයෙන් ඉඩක් නැති බවට ජනපතිගේ විමසීමට නීතිපති පිළිතුරු ලබාදී ඇති බවය. ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් අගමැති ධුරයට හා කැබිනට් මණ්ඩලයට සිදුවන දේ ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනපති අවධානය යොමුව ඇති බවද ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග හෙළිකර තිබිණි.

යම් හෙයකින් ජනාධිපතිවරයා අගමැති රනිල් තනතුරෙන් ඉවත් කළා නම් එම තීරණයට එරෙහිව අධිකරණයට යෑමට එජාපය තීරණය කර තිබිණි. එපමණක් නොව ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු ධුරයෙන් ඉවත් කිරීමටද එජාපයේ අවධානය යොමුව තිබූ බවටද තොරතුරු ලැබිණි.

තව දවස් දෙකකින් අලුත් ආණ්ඩුවක්
මේ අතර 19 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව පකාශ කළේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව ඉදිරියට යන බවය. ඉදිරි දින කීපයේ ශ්‍රී ලනිප ඇමැතිවරු කීපදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වනු ඇතැයි ඔහු කීවේය.

අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට සුසිල් ප්‍රේමජයන්ත් හා දයාසිරි ජයසේකර ඇමැතිවරු සහභාගි නොවීමද දේශපාලන අංශවල දැඩි කතාබහට හේතු විය.
මේ අතර මහගම සේකර මාවතෙත් අරලියගහ මැඳුරෙත්, විජේරාම මාවතේත්, රෑ මැදියම වනතුරු පැවැත්වෙන සාකච්ඡා නම් නොකඩවාම පැවැත්විණි. සාකච්ඡා නිමා වී සුපිරි වාහන එළියට එනතෙක් බලා සිටීම නම් මාධ්‍යවේදීන්ට මහත් පීඩාකාරී අත්දැකීමක් විය. කළු වීදුරු සහිත වාහනවල නැඟී පලා යන්නන්ද මාධ්‍යයට කැමැත්තෙන් වොයිස් කට් දෙන නායකයෝද වශයෙන් දෙකොටසක් සිටියෝය.

ආර්ථික සභාව
ආර්ථික සභාව පැවැත්වෙන්නේ ජනපතිගේ ප්‍රධානත්වයෙනි. දේශපාලන අර්බුදයේදී ප්‍රධාන චරිත නිරූපණය කළ ජනපති, අගමැති හා නිමල් සිරිපාල තිදෙනා එකට හමුවීම 20 වැනිදා ලේකම් කාර්යාලයේදී සිදුවිය. ඔවුන් හැසිරුණේ කිසිදු ගැටලුවක් පැනනොනැඟි අයුරෙනි. මංගල, රවුෆ්, සජිත්, ජෝන්, මලික් ඇමැතිවරුද ඊට එක්ව සිටියහ.

ජාතික ආණ්ඩුව වලංගු නෑ
අවුරුදු දෙකක කාලසීමාව අවසන් වීමෙන් ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත්ව ඇති බවත් ආණ්ඩුව නීති විරෝධී බැවින් ඇමැතිවරුන් ගන්නා තීරණ වලංගු නොවන බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා කරන්නට විය. මේ සම්බන්ධව තමන් තීරණයක් ලබාදෙන බව කතානායක කරු ජයසූරිය 20 වැනිදා පැවැසීය. 21දා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නැයි කතානායක කරු ජයසූරිය අගමැතිවරයාගෙන් සහ එජනිස මහ ලේකම්ගෙන් ඉල්ලීමක් කළේය.

අගමැති
ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සභාව සම්මත කළ යෝජනාවක් අනුවයි. එම යෝජනාව අවලංගු වෙලාත් නැහැ අවලංගු කරලාත් නැහැ. අවලංගු කරන්න හේතුවකුත් මතු වෙලත් නෑ.
මහින්ද අමරවීර
අපි දෙගොල්ලෝ ගිවිසුමකට අස්සන් කළා. ඒ ගිවිසුමේ දිගටම රැඳී සිටිනවා.

අනුර දිසානායක
අපි කිව්වේ
මහින්ද අමරවීර
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය
අනුර දිසානායක
ජාතික ආණ්ඩුව 2015 සැප්තැම්බර් 2දා ඇති කරද්දී කීවේ මේ ගිවිසුම අවුරුදු දෙකකට පමණක් බවයි. එය 2017 සැප්තැම්බර් 2න් අවසන්. මාස 4කට අධික කාලයක් ජාතික ආණ්ඩුවක් නැතුවයි ඇවිත් තියෙන්නේ. මේ නිසා ඇමැතිවරු 40ක් සිටීම නීති විරෝධීයි.

අගමැති රනිල්
හොඳම දේ තමයි ව්‍යවස්ථාවේ 46(4) යටතේ අපි අස්සන් කළ යෝජනාව කියවන්න.
මහලේකම්
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවත් අමාත්‍ය මණ්ඩලය 48ක් නොඉක්මවිය යුතු බවත් නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 45 නොඉක්මවන බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි.

ව්‍යවස්ථාව එක්ක විහිළු කරන්න එපා
ෆයිසර් මුස්තාපා
සම්මත කරගත් යෝජනාව අනුව තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන්න පක්ෂ දෙකම එකඟ වෙලා තියෙනවා.
දිනේෂ් ගුණවර්ධන
ඕන කසාදයක් පවත්වාගෙන යන්න. නැතිනම් දික්කසාද වෙන්න අපි කියන්නේ. ව්‍යවස්ථාව සමඟ විහිළු කරන්න එපා. ඔබතුමාට බහුතරයක් තියෙනවා නම් ආණ්ඩුව පිහිටුවන්න. නමුත් පාර්ලිමේන්තුවට ලියවිලි ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව අවුරුදු දෙකක් සඳහා බවට අගමැතිගේ පර්ශ්වය කෙසේ වෙතත් අනෙක් පාර්ශ්වය අයින් වෙන බව මුලින් කිව්වා.

ලක්ෂ්මන් කිරිඇල්ල
දැන් අගමැතිතුමා කිව්වා ජාතික ආණ්ඩුව තියෙනවා කියා. එජනිස ලේකමුත් කිව්වා තවත් මොනවද මේ කියන්නේ.
අනුර දිසානායක
ජනවාරි 1 වැනිදා පාර්ලිමේන්තුව අමතා ජනාධිපති කරපු ප්‍රකාශය මම කියවන්නම්.

'මම පාර්ලිමේන්තුව දෙවසරක් සඳහා සන්ධාන ආණ්ඩුවක් ගොඩනඟන්නේ ජාතික අවශ්‍යතා ඉටුකිරීමටයි'
අගමැතිතුමා මොකද කියා තිබෙන්නේ.
'අපේ පළමු උත්සාහය මේ ක්‍රමය සාර්ථක වනවාද නැද්ද බලන්න අවුරුදු දෙකකට සීමා කරන්නයි.'
එහෙනම් අනිවාර්යයෙන්ම නෛසර්ගිකව මේ ගිවිසුම අවලංගු වෙනවා. දැන් මොකද කියන්නේ රික්තකයක් තියෙනවා.
අගමැති රනිල්
ගිවිසුම පෙන්නන්න අවශ්‍ය නෑ. 1916 එංගලන්තයේ ඇති කරපු ජාතික ආණ්ඩුව ගැන කිසිම ලියැවිල්ලක් නෑ. 1940 වින්සන්ට් චර්චිල් ජතික ආණ්ඩුවකට ගියා. ඒකෙත් ලියැවිල්ලක් නෑ.

කතානායක
අදාළ පාර්ශ්ව එවැනි ගිවිසුමක් තිබෙන බව ප්‍රකාශ කළා. ජාතික ආණ්ඩුව පවතිනවා.
ඇමති මණ්ඩල සංශෝධනයට බාලගිරි දෝෂය
ආණ්ඩු පෙරළිය, අගමැති මාරුව, කැබිනට් සංශෝධනය, මේ මාතෘකා වනාහි පසුගිය සති දෙකක් පුර මෙරට මාධ්‍ය ලුහුබැඳ ගිය මාතෘකා වූයේය. එහෙත් මේ කියන එකක්වත් සිදුවූයේ නැත. බදාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිතගෙන් මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කළහ.

මාධ්‍ය
සති දෙකක් තිස්සේ අපි වාර්තා කරනවා කැබිනට් සංශෝධනයක් එනවා කියා. කවද්ද මේක වෙන්නෙ.
රාජිත
තමුන්නාන්සේල කලබල වෙලා කියනව අරව වෙනව මේව වෙනව කියල. අපිට එහෙම කලබලයක් නෑ.

මාධ්‍ය
ගිය බ්‍රහස්පතින්දා ඔබ කීවා.
අගමැති සහ වෙන්න ඉන්න අගමැති
මාධ්‍ය
ශ්‍රී ලනිප නම් හැමදාම කියනවා අගමැති රනිල් ඉවත් කරන සටන දිගටම ගෙනියනවා කියලා

රාජිත
මම නම් එහෙම එකක් දන්නෙ නැහැ. ඊයෙ කැබිනට් එකේ ඔය ඔක්කොම අගමැති එක්ක බොහොම හොඳට කතා කර කර හිටියා. ඒ විතරක් නොවේ අගමැතිවරු දෙන්නත් කතාව දාගෙන හිටියා.

මාධ්‍ය
කව්ද දෙන්නා? වෙන්න ඉන්න අගමැති නිමල් සිරිපාල ද සිල්වාද?
රාජිත
ඕකත් ඉතින් මගෙන් අහන්න දෙයක්ද?
මේ සතියේ කැබිනට් සංශෝධනයක් වෙනවා කියලා ඔබ කීවා.

රාජිත
නැහැ. මම එහෙම කීවේ නැහැ. බලන්න මම එදා මොනවද කීවෙ. මම දින වකවානු කීවේ නැහැ.

මාධ්‍ය
නැහැ ඔබ කීවා
රාජිත
මේ සතියෙ ඔන්න මට කියන්න පුළුවන් කැබිනට් සංශෝධනයක් වෙනවා කියා.
මාධ්‍ය
එතකොට දැන් අගමැති මාරුවට මොකද වෙන්නෙ.

රාජිත
ඒව ඉවරයි.
ලොකුගේ මහින්දට අගමැතිකම ඉල්ලයි
ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රි සමඟ ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවලදී ඔවුන්ගේ ස්ථාවරය වූයේ ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා තම කණ්ඩායමේ සම්පූර්ණ සහාය කොන්දේසි විරහිතව ලබාදෙන බවය. ජනාධිපති මෛත්‍රි එහිදී ප්‍රකාශ කර තිබුණේ කණ්ඩායම් දෙක අතර විශ්වාසය තහවුරු වීම සඳහා ඇමැති ධුර කිහිපයක් ඒකාබද්ධ විපක්ෂය ගත යුතු බවය. එහෙත් සාකච්ඡාවලට සම්බන්ධ වූ ඒකාබද්ධයේ නියෝජිතයෝ තනතුරු ගැනීම තදින්ම ප්‍රතික්ෂේප කළහ. අවසානයේ ජනපති ඉල්ලා තිබුණේ අවම වශයෙන් කතානායක තනතුර හෝ ලබාගන්නා ලෙසය. අපි තනතුරු ගන්නෙත් නෑ. කොන්දේසි දාන්නෙත් නැහැ. ශ්‍රී ලනිප ආණ්ඩුවකට සහයෝගය දෙනවා. අපට විපක්ෂ නායකකම හිමිවිය යුතුයි. ඔවුන් පවසා තිබිණි.

මේ අතර ශ්‍රී ලනිපය පිහිටුවන අලුත් ආණ්ඩුවේ අගමැති තනතුරට නිමල් සිරිපාල සුදුසු බවද ඒකාබද්ධ විපක්ෂය මුලින් කියා තිබිණි. බදාදා 21දා පැවැති මාධ්‍ය හමුවේදී ගාමිණී ලොකුගේ ගෙන් මාධ්‍ය ප්‍රශ්න කළ විට ඔහු ප්‍රකාශ කළේ අගමැති තනතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබිය යුතු බවය.

මාධ්‍ය
තවදුරටත් ශ්‍රී ලනිප අගමැතිවරයෙක් සඳහා ගෙන යන සටන ඉදිරියට ගෙනයනවාද?
ගාමිණී ලොකුගේ
මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති තනතුර භාරගන්න ජනාධිපතිතුමා ආරාධනය කරනවානම් අපි 114 පෙන්නලා ආණ්ඩුව පිහිටු වන්න සූදානම්.

දයාසිරි - සුසිල් කැබිනට් රැස්වීම මඟහරී
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව යහපාලන ආණ්ඩුව මෙන්ම අගමැති රනිල්ද ඉවත් කොට එජනිස ආණ්ඩුවක් තැනීමටත් එම අණ්ඩුවේ අගමැති ලෙස නිමල් සිරිපාල පත් කළ යුතු බවටත් සුසිල් ප්‍රේම්ජයන්ත්, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා ප්‍රමුඛ පිරිසක් මෙහෙයුමක් දියත් කළහ. තනතුරු භාර නොගෙන ඊට සහාය දෙන බව මහින්ද රාජපක්ෂ හා ඒකාබද්ධ පොහොට්ටු කණ්ඩායමද ප්‍රතිඥා දුන්හ. එහෙත් අලුත් ආණ්ඩුවක් හැදීම හා අගමැති මාරුව දැන් සම්පූර්ණයෙන් අසාර්ථක හා විහිළුකාරී උත්සාහයක් බවට පත්වීමෙන් පසුගිය කැබිනට් රැස්වීමට පවා සුසිල් හා දයාසිරි පැමිණ සිටියේ නැත. දයාසිරි සති 02කින් කැබිනට් මාධ්‍ය සාකච්ඡාව පවා මඟහැර සිටි අතර මාධ්‍යකරුවන්ට මුහුණදීමට ඇති නොහැකියාව ඊට හේතුව බවද ඇතමෙක් කීහ.

'මහින්ද රාජපක්ෂ හැම තැනදීම කළේ ඩබල් ගේම්. ආණ්ඩුව පෙරළා රනිල් ගෙදර යවපල්ලායි ශ්‍රී ලනිප කීපදෙනකුට ලණු දුන් ඔහු රනිල්ට කතාකොට කියා ඇත්තේ ඔයා පළාත් පාලන පසුබෑම නිසා අගමැතිකමෙන් යන්නෙ මොකටද කියායි. මේ දෙබිඩි පිළිවෙත දඟලන කිහිපදෙනා තේරුම්ගත යුතුයි.' කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත කැබිනට් රැස්වීමේදී කියා තිබිණි. ආණ්ඩු පෙරළා අගමැති ගෙදර යැවීමේ එජනිස මෙහෙයුමට සූක්ෂ්ම ලෙස මුහුණ දුන් අගමැති රනිල් සියලු අභ්‍යන්තර අභියෝග මේ වන විට ජයගෙන ඇති බව පෙනේ.

ඇමතිකම් ගන්න සීතල යුද්ධයක්
ආණ්ඩුව යම් ඇඟට දැනෙන වෙනසක් මත මෙතැන් සිට ඉදිරියට යායුතුය යන පදනම මත ජනපති හා අගමැතිගේ එකඟතා මත කැබිනට් මණ්ඩලය දැඩි වෙනසකට බඳුන් කිරීම ඊළඟ ඉලක්කය විය. එම වෙනස්කම් කිරීම ඇරැඹීමත් සමඟම ප්‍රබල අමාත්‍යාංශ දරන ඇමැතිවරු ඒවා රැකගැනීමටත් දුබල ඇමැතිකම් ඇති අය ප්‍රබල තනතුරු ලබාගැනීමටත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කැබිනට් මණ්ඩලයට රිංගා ගැනීමටත් මන්ත්‍රිවරු නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිකම් ලබා ගැනීමටත් සීතල අරගල හා මෙහෙයුම් දියත් කළහ. ඊට රටේ ප්‍රධාන හිමිවරු, පූජකවරු, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සමීප මාධ්‍යවේදීන් හා හිතවතුන් උපයෝගී කර ගැනීමද කැපී පෙනිණි. බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට පැමිණි අතර පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟද සුපුරුදු ලෙස කතාබහ කළේය.
'අමාරු ප්‍රශ්න දැන් ඉවරයි. කැබිනට් ප්‍රශ්නත් ඉක්මනින් ඉවර කරගනිමු. මේවා ඕනවට වඩා ඇදෙන්න දෙන්න නරකයි' ලක්ෂ්මන් කිරිඇල්ලගේ මතය සියලු දෙනා අනුමත කළහ.

'ඉක්මනින් ඉවර කරනවා. කැබිනට් මාරුවකදී ඉල්ලීම් වැඩියි. ජේ‍යෂ්ඨ අය රකින්නත් ඕනෑ. කැබිනට් තනතුරු නැති දිස්ත්‍රික් ගැනත් බලන්න වෙනවා. ඉහළට දාන්න ඉඩ ඇත්තේ 2-3ක් විතරයි. ශ්‍රී ලනිප හා අපේ අවසන් ලැයිස්තු හදල දෙපාර්ශ්වය කතා කරලා අන්තිම තීන්දුව ගන්න වෙනවා' අගමැති කීය.
අලුත් ආණ්ඩු හදන්න ගේම් ගහපු අය රෙදි ඇඳගෙන කැබිනට් එන්නේ කොහොමද?
'ශ්‍රී ලනිප පැත්තේ සංඛ්‍යාව සුළු නිසා ලොකුවට මාරු කරන්න දෙයක් නෑ. එජාපයට වැඩි සංඛ්‍යාවක් තියෙන නිසා වෙනස්කම් කරන්න වෙන්නේ අපට විතරයි. ශ්‍රී ලනිපයට වෙනස්කම් කරන්න අලුත් මුහුණු ඇත්තෙත් නෑ' දයා ගමගේ මෙන්ම වජිර අබේවර්ධන කීවේය.

'එජනිස ආණඩුවක් හදන්නයි අගමැති මාරු කරන්නයි ගේම් ගහපු ශ්‍රී ලනිප කීපදෙනාට ඇමතිකම් දීම ගැන එජාපය හරිනම් විරුද්ධ වෙන්න ඕනෑ. එහෙම අය මීට පස්සේ එකම කැබිනට් එකේ රෙදි ඇඳගෙන ඉන්නෙ කොහොමද. අනික එජාප ප්‍රමුඛ පිරිස් හදපු ආණ්ඩුවක ඉඳගෙන අගමැති හා මේ ආණ්ඩුව වෙනස් කරන්න කතා කිරීමම සදාචාර හා විනය විරෝධී වැඩක්' 'එජාප බදුලු දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි කියද්දී අගමැති සිනාසී ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.
'අගමැති වෙනස් කළ හැකි දැයි විමසලා ශ්‍රී ලනිපයේ සමහරු ශේ‍ර්ෂ්ඨාධිකරණ මතය විමසන්න සූදානම් වුවත් දැන් ඒක යට ගිහින් වගෙයි.' ගයන්ත කරුණාතිලක කීය.
ජනාධිපතිතුමා වසර 5-6ද කියල අහල ඒ තීන්දුව අවුල් වූ නිසා 19 සංශෝධනය අනුව අගමැති ඉවත් කළ නොහැකි බව පේන නිසා ශේ‍ර්ෂ්ඨාධිකරණ මතය විමසීම අතහැරල කියලත් ආරංචියි' එජාප නීති අංශ ප්‍රධානියෙක් කීය.

'ටැබ් පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට දීම නවත්වලා කියලා ප්‍රවෘත්ති පළවුණාම දරුවෝ අවුල් වෙලා කියල හුඟ දෙනෙක් මට කතා කරල කිව්වා.' නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලුදෙනා පිළිගත්හ.
'ටැබ් ලබාදීම අවලංගු කළේ නෑ. කල් දැම්මා විතරයි. දරුවන්ට බලාපොරොත්තු දීල ඒක කඩන එක හරි නැති බව අපේ වගේම ජනාධිපතිතුමාත් පිළිගන්නවා' අගමැතිවරයා කීය.

රවිට ඇමතිකමක් දෙන්න ගියොත් ලෙඩක්
'රවි කරුණානායක මන්ත්‍රිතුමාට මේ කැබිනට් සංශෝධනයෙන් ඇමැතිකමක් යළිත් ලැබේවි කියල ආරංචි පැතිරෙනවා. 2015 වෙනස කරන්න ඔහු විශාල කැපවීමක් කළ අයෙක්' පී. හැරිසන් කීය.
'රවි ගැන අගමැතිතුමා ඇතුළෙ කතා කළා. ඔහුගෙ නම යෝජනා කරල යවල ජනාධිපතිතුමාගේ පැත්තෙන් එකඟ නොවුණොත් අවුලක් නිසා නම යැවීම ගැන ගැටලු ආවා. ඒත් බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැන නීතිපතිගෙ මතය හා නිර්දේශ සුබවාදීව ආවොත් රවි ගැන අනිවාර්යෙන් බලන බව අගමැතිතුමාගේ ස්ථාවරයයි' එජාප නීති අංශ ප්‍රධානියා කී දේ සියලු දෙනා අනුමත කළහ.

'පළාත් පාලන ඡන්දයෙන් ලොකු පණිවුඩයක් ජනතාව අපට දුන්නා. ඉදිරි වසර 2 තුළ රට හදන අතරේ ජනතාවට සැලකීම, ජීවන බර අඩු කිරීම, තරුණයන්ට රැකියා දීම වේගවත් කිරීම අවශ්‍යයි. අනික කෘෂි ක්ෂේත්‍රය හා සමෘද්ධිවල ප්‍රශ්න වහාම නිවැරැදි කරන්න ඕනෑ. ගෙවුණු වසර 03ට එක එජාප කෙනකුට සමෘද්ධි දෙන්න ඉඩ ලැබුණේ නෑ' ලක්ෂ්මන් කිරිඇල්ල කී දේට සියලු දෙනා එකඟත්වය පළ කළහ. 'ආණ්ඩුවේ කටයුතු රටට ගෙනියන මාධ්‍ය මෙහෙයුම ඉතා දුබලයි. ආණ්ඩු විරෝධී දේවල් විතරයි අද මාධ්‍යවල යන්නේ. ඒ තත්ත්වයත් වහාම නිවැරැදි කළ යුතුයි.' නවීන් දිසානායක මෙන්ම ගයන්ත කරුණාතිලක ද කීය.

රෙද්දක් ඇඳගෙන චේම්බර් එකට යන්නේ කොහොමද?
පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ හටගත් අර්බුදකාරී වාතාවරණය තුළ පසුගිය සඳුදා පැවැති පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක රැස්වීමක් විය. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයද පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්වීම සඳහා තියුණු තරගයක නියැළෙමින් සිටියහ. තීරණාත්මක සඳුදා මහින්දද පාර්ලිමේන්තුවට ආවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ සභාවට නොගොස් පාර්ලිමේන්තු ලොබිය වැනි තැන්වල රැඳී සිටිනු දුටු මහින්ද නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගෙන් ඒ බව ඇසුවේය.

"මොකද කට්ටිය චෙම්බර් එකට නොගිහින් මඟ තැන් තැන්වල ඉන්නේ?"
"රෙද්දක් ඇඳගෙන කොහොමද සර් චේම්බර් එකට යන්නේ? මේ අය හදන්නේ අපිව ආයෙමත් එක්සත් ජාතික පක්ෂය එක්ක ගැටගහලා ජාතික ආණ්ඩුවකට පටලවන්නනේ. එහෙම ලැජ්ජා විඳිනවාට වඩා එළියේ ඉන්න එක සැපයි" එම ප්‍රබලයා මහින්දට පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටි පියල් නිශාන්තට එක්සත් ජාතික පක්ෂයේ මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා මුණගැසුණේය. ඊට මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී කතා කළ රාජිත කියා තිබුණේ පොහොට්ටුව බේරුවල දිනා තිබුණේ එක ඡන්දයකින් බවය.
"මොකද්ද මන්ත්‍රිතුමා අර රාජිත ඇමැතිතුමා කියන්නේ" මුජිබර් ඇසුවේය.

"මං දන්නේ නැහැ. මොකද්ද කිව්වේ?" පියල් ඇසුවේය.
"රාජිත කිව්වනේ ඔබතුමාලා බේරුවල දින්නේ එක ඡන්දෙකින් කියලා" මුජිබර් කීවේය.
"රාජිත දන්න ඉටිගෙඩියක් නැහැ. එන ඡන්දෙදි රාජිතට ඇඩ්ඩ්‍රසුත් නැති වෙන්නම පරදිනවා" පියල් පැවැසීය.
"ඔබතුමන්ලා දිනුවේ අපේ හිටපු නගරාධිපති කෙනෙක්ව දාලානේ. ඔයාලා දිනුවා කියලා කිව්වට හරියට බැලුවොත් අපි තමයි දිනලා තියෙන්නේ" මුජිබර් කීවේය.
"මේ මන්ත්‍රිතුමා නොදන්නා කෙහෙල්මල් කතා කරන්න එපා. හැමෝම දන්නවා බේරුවලට ස්වාධීන කණ්ඩායමින් තරග කළේ මහින්ද මහත්තයාගේ කට්ටියක් කියලා. රාජිතලට තියෙන්නේ පරාජය පිළිගන්න බැරි අමාරුවක්. එයා දැන් රාජිත නෙමේ පරාජිත" අසුහාරදාහටම තද වූ පියල් මුජිබර්ට කට උත්තර නැති වෙන්නම කියා දුන්නේය.
ආණ්ඩුවට කලින් බෝතල් ඉවර වුණා

ක්‍රීඩා ඇමැති දයාසිරි සඳුදා පාර්ලිමේන්තු නොගිය අතර අඟහරුවාදා කැබිනට් රැස්වීමටද සහභාගි නොවීය. දයාසිරි සහ සුසිල් තනි ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ සටනේ දිගටම නිරතව සිටින බව දේශපාලන අංශවල කතා බහක් ඇතිව තිබිණි. බදාදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ අවස්ථාවේ දයාසිරි මෙසේ පවසා තිබිණි.
"ඇමැතිතුමා මොකද වෙන්නේ"
"මොනවද වෙන්නේ අපි ආණ්ඩුව හදනවා"

"කවද්ද ඉතින් ඕක වෙන්නේ"
"වැඩිම වුණොත් සුමාන දෙකක් යයි. වැඩේ වෙනවා"
"කෝ ඉතින් සාකච්ඡා විතරනේ වැඩ නෑ"
"සාකච්ඡා නම් තව තියෙනවා. අදත් තියෙනවා. කොටින්ම මේ දවස්වල අපේ ගෙවල් වල විස්කි කඳුලක් නෑ. බෝතල් ඔක්කොම ඉවරයි. අනුර ප්‍රියදර්ශනලාගේ ගෙදරත් එහෙමයි. බෝතල් ඉවරයි. ඇයි ඉතින් හැමදාම රෑ එක දෙක වෙනකන් අපේ සාකච්ඡා යනවනේ. ඉතින් කොහොමද බෝතල් ඉතුරු වෙන්නේ"
"අලුත් ආණ්ඩුවක් ආවත් ක්‍රීඩා ඇමැතිකම ෂේප්නේ"
"නැහැ. ලොකු වෙනසක් වෙනවා. රට හොල්ලන වෙනසක් මම මේ අමාත්‍යාංශෙ නොවෙන්න ඉඩ තියනවා. බලමු මොකද වෙන්නේ කියලා"
කතානායක ඇන්දවීම
සඳුදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්ලා කතානායකගෙන් විමසා සිටියේ ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතිද යන්නය. එසේ දැනුම් දී නැති බව පැවැසූ කතානායකවරයා මන්ත්‍රිවරුන්ට වැඩිදුර කතා කරන්නට ඉඩ දුන්නේ නැත.
ඒ බව දුටු සනත් නිශාන්ත කීවේ "මේක හරියට හිට්ලර්ගේ පාර්ලිමේන්තුව වගේනේ. මෙයාගෙන් දෙයක් අහන්නම බැහැනේ" කියාය. සනත් යාන්තමට කිව් දෙය කතානායකට ඇසුණේය. "මොකද්ද මන්ත්‍රිතුමා කිව්වේ" කතානායකවරයා ඇසුවේ එය තහවුරු කර ගැනීමටය.
"නෑ මං කිව්වෙ ඔබතුමා අගමැති වෙන්න යනවා නේද කියලයි" සනත් ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය. "නෑ නෑ එහෙම දෙයක් නැහැ. ඔය වගේ කතා කියලා මාව අමාරුවේ දාන්න හදන්න එපා" කී කතානායක කතාව වෙනතකට යොමු කළේය. පාර්ලිමේන්තුව නිමා වී එළියට එන අතරතුර ප්‍රසන්න සනත් අසලට ආවේය.
"උඹ කොහොම හරි කතානායකවත් ඇන්දුවා නේද?" ප්‍රසන්න ඇසුවේය.

"නෑ ඉතින් මං අමුතුවෙන් අන්දන්න දෙයක් නැහැ. එතුමා කොහොමත් ඇඳගෙනනේ ඉන්නේ" සනත් පැවැසීය.

මෛත්‍රි - රනිල් හවුල දිගටම යනවා
ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව අගමැතිවරයා සහ සන්ධානයේ මහ ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් මහින්දගේ නිල නිවෙසේ සාකච්ඡාවක නියැළෙමින් සිටියහ. කෙහෙළිය, ප්‍රසන්න, සනත් පවිත්‍රා ඇතුළු පිරිසක් එහි වූහ.
"මම දැනගෙන හිටියා ඔය ආණ්ඩු කතා හරියන්නේ නැහැ කියලා. ඒකයි මම හැම රැස්වීමකදීම කිව්වේ ඡන්දේ වෙලාවට බොරුවට තරහා පෙන්නුවත් මෛත්‍රි - රනිල් හවුල් ආණ්ඩුව ඡන්දෙන් පස්සෙත් දිගටම යනවා කියලා. මම නම් මුල ඉඳලම හිටියේ එයාලට ආණ්ඩු හදන්න අපි උදවු කරන්න ඕනේ නැහැ කියන මතයෙයි" ප්‍රසන්න පැවැසීය.
"මමත් දැනගෙන හිටියා ඕක වෙනවා කියලා. ඒ වුණත් මෛත්‍රි වේදිකාවේදී ප්‍රසිද්ධියේ කිව්වනේ නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් එනවා නම් ආණ්ඩුවක් හදනවා කියලා. ඒ නිසා අපිට අකමැත්තෙන් හරි ආණ්ඩුවක් හදන්න නිදහස් පක්ෂයට සහයෝගය දෙන්න සිද්ධ වුණා" මහින්ද පැහැදිලි කළේය.

අපි නොදන්න මෛත්‍රි
"මෛත්‍රිපාල ජනාධිපතිවරයා වේදිකාවේදී කියපු කාරණා ඉෂ්ට වෙයි කියලා අපේ සමහරු හිතුවා. ඒත් මෛත්‍රිට වේදිකාවේදී කියන දේවල් ඉටු කරන්න වුවමනාවක් නැහැ. බලන්න දැන් අර ප්‍රියංක ප්‍රනාන්දුගේ සිද්ධිය. ඡන්ද වෙලාවේ ලකුණු දාගන්න ප්‍රියංකව අයින් කරන එක නතර කළා. දැන් ඡන්දෙ ඉවර වුණා විතරයි ප්‍රියංකව ආපහු කැඳවලා" කෙහෙළිය පෙන්වා දුන්නේය.
"මෛත්‍රි ගැන මම නොදන්නවායැ. එයා හැමදාම ඔය වගේ තමයි. එකපාරටම වෙනස් වෙනවා. ඒ මෛත්‍රිගේ හැටි" මහින්ද පැවැසීය.
"මේකෙන් වුණේ පක්ෂයේ ඉතුරු වෙලා හිටපු පාක්ෂිකයෝ ටිකත් ආපහු පාරක් රැවටිච්ච එක විතරයි. නිදහස් පක්ෂයට ඡන්දය දීපු ලක්ෂ 13 මෛත්‍රි ජනාධිපතිවරයා ආයෙත් වතාවක් රැවට්ටුවා" ප්‍රසන්න පැවැසීය.

"මේ ආණ්ඩුව අවුරුදු තුනක් තිස්සේ ජනතාව වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැ. නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙලා රට විනාශ කරලා දැම්මා. ආර්ථිකයත් විනාශයි රටත් විනාශයි" පවිත්‍රා කීවාය.

මහින්ද ෆෝන් එකට ගත්තාට මෛත්‍රිගෙන් බැනුම්
"ඡන්දෙ ප්‍රතිඵල එන්නත් ඉස්සර මට මෛත්‍රි ළඟ ඉන්න ප්‍රබලයෙක් කතා කරලා සුබ පැතුවා. එයා පහුවදා මෛත්‍රි හම්බ වෙන්න ගිහින් මට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා සර් ජනාධිපතිතුමා කතා කරනවා කියලා. එහෙම කියලා එයා ෆෝන් එක මෛත්‍රිට දුන්නා. මට දැන් ඇහෙනවා මෛත්‍රි කියනවා එපා එපා මං පස්සේ කතා කරන්නම් කියලා. ඒ පාර ඒ කෝල් එක ගත්ත කෙනා මට කිව්වා සර් පස්සේ කතා කරන්නම් කියලා. මාත් ෆෝන් එක තිබ්බා.
පස්සේ මිනිහා මට හම්බ වුණා පාර්ලිමේන්තුවේදී. මම ඇහුවා මොකද වුණේ කියලා. මිනිහා මට කියනවා මට ජනාධිපතිතුමා අම්බානක බැන්නනේ සර් කියලා. මං මොකුත් කියන්න ගියේ නැහැ. මිනිහත් තේරුම් ගන්න එපැයි මෛත්‍රි ඒ වෙනකොට හිටියේ පරාජය අදහා ගන්න බැරුව කියන එක" මහින්ද මන්ත්‍රිවරුන්ට රහසක් හෙළි කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පසුගිය අඟහරුවාදා මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදී පැවැත්විණි. එහිදී තීරණය කෙරුණේ මහ මැතිවරණයක් ඉල්ලා පාරට බැසීමටය. ඒ අනුව මහ මැතිවරණයක් ඉල්ලන ජනරැලි මාලාවක් රට පුරා පැවැත්වීමට තීන්දු කෙරිණි.
මේ අතර ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මහින්දට නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගෙන් ලැබෙන දුරකතන ඇමැතුම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. බොහෝ දෙනා මහින්දට කියා ඇත්තේ රෙදි ඇඳගෙන ජාතික ආණ්ඩුවේ සිටීමට පුළුවන්කමක් නැති බවත් අවස්ථාව උදාවූ විගස විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවත්ය.

පසුගිය සතියේ දිනක මෛත්‍රිපාල ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී මෛත්‍රි හමුව ආරම්භ කරමින් ඇමැතිවරුන්ටම අදහස් දැක්වීමට ආරාධනා කළේය.

ජනපති මුරුංගා අත්තේ
නග්ගන්න එපා
"අපි මේ ඡන්දය පරාදයි. දැන් අපිට තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්කමක් නැහැ. අපි පත්වෙලා තියෙන තත්ත්වය නිසා ගම්වලට යන්නත් බැහැ. ඒ හින්දා ජනාධිපතිතුමා මට විපක්ෂයේ අසුන් ගන්න ඉඩ දෙන්න" සුසන්ත පුංචිනිලමේ ඉල්ලා සිටියේය.

"බණ්ඩාරනායක මහත්තයා මේ පක්ෂය ආරම්භ කළාට පස්සේ කිසිම සභාපති කෙනෙක් යටතේ පක්ෂය මේ තරම් දරුණු පරාජයක් ලබලා නැහැ. අපි ඒක පිළිගන්න ඕනේ. ඒ නිසා අපිට මෙහෙම ඉදිරියට යන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි" සුසිල් කීවේය.
"තරහා වෙන්න එපා ජනාධිපතිතුමා. අපේ පාක්ෂිකයන්ට දැන් පක්ෂ නායකත්වය ගැන විශ්වාසයක් නැහැ. මේ හැමදේටම මුල වෙලා තියෙන්නේ ඒකයි" මුතුහෙට්ටිගම පැවැසීය. ඊට සහාය පළ කළ අනුර යාපා, තිලංග සුමතිපාලද අදහස් දැක්වූයේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව කියමිනි.

"මම නම් මේ වගේ ජනාධිපති කෙනෙක් දැකලම නැහැ. එතුමා තමයි මේ රටේ බිහිවෙච්ච අවංකම ජනාධිපතිවරයා. එතුමා මං ඉස්සරහමයි අගමැතිට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වේ. කවුරු මොනවා කිව්වත් මම නම් කියන්නේ ජනාධිපතිතුමා සමඟ මේ ගමන ඉදිරියටම යන්න ඕනේ කියලයි" මහින්ද සමරසිංහ පැවැසීය.
"ඔබතුමා කෑගහන්නේ නැතුව වාඩිවෙන්න. තවදුරටත් බොරු කියලා ජනාධිපතිතුමා මුරුංගා අත්තේ නග්ගන්න හදන්න එපා. අපි මේක විස¼දා ගන්න ඕනේ ඇත්ත කතා කරලා මිසක් ඔය වගේ චාටු කතාවලින් නෙමේ." පුංචි නිලමේ පැවැසීය.
"එහෙම කතා කරන්න එපා. මේ ප්‍රතිඵල හරියට විශ්ලේෂණය කළොත් පේනවා අපි පැරදිලා නැහැ කියලා" දුමින්ද කීවේය.
"දුමින්ද ඇමැතිතුමාත් මේ පරාජයට වගකිව යුතුයි. අපිත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ දේශපාලනයේ නිරත වෙනවා. ඒ හින්දා මේ පරාජය ගැන බොරු විශ්ලේෂණ කරන්න එපා" තිලංග පැවැසීය.

ලූෂන් පුෂ්පරාජ්ට සජිත්ගෙන් නිවෙසක්
ඉකුත් අඟහරුවාදා ශ්‍රී ලංකා කායවර්ධන ශූර 'ආසියාවේ කළු සිංහයා' (ඕතචජඬ ඹ්ඪධද ධට ඒඵඪච) යන විරුදාවලි ලත් 35 හැවිරිදි ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත නිවෙසක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිදා පැවැත්විණ. මොරටුව, අඟුලානේ 'සයුරුපුර' සංකීර්ණයේ රුපියල් ලක්ෂ 42ක් වටිනා නව නිවෙස කායවර්ධන ශූරයා වෙත භාරදීමට ඇමැති සජිත් ප්‍රේමදාස නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හරහා කටයුතු සූදානම් කර තිබුණේය. බදාදා උදෑසන 10.30 වන විට ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් පැමිණියේ සිය බිරිය වන ප්‍රියන්ති කොඩිතුවක්කු සමඟය. එහිදී සජිත් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පුෂ්පරාජ් තමන්ට හඳුන්වා දෙනු ලැබුවේ මුදල් ඇමැති මංගල සමරවීර බවයි. මංගල ඇමැතිවරයාට මේ කුසලතා පූර්ණ තරුණයා පිළිබඳ දැනගැනීමට ලැබී ඇත්තේ ප්‍රසන්න හළඹ - ඇමෙරිකාවේ ටෙක්සාස් හි ශ්‍රී ලංකා

කොන්සල්වරයාගෙනි. 2017 දෙසැම්බර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පවත්වනු ලැබූ ලොව වඩාත් ප්‍රචලිත කායවර්ධන ශූරතා තරගාවලිය වන 'ර්ප } ර්ඵ ඒබතචඵ චදඤ ජ්ඪබදඥඵඵ ඡ්යනධ - 2017' සඳහා ලූෂන් පුෂ්පාරාජ් සහභාගි කරවීමට අනුග්‍රාහක දායකත්වය ලබාදුන් ටේක්සාස් හි 'රියෝකොකෝ වරල්වයිඩ් ලංකා පෞද්ගලික සමාගමේ' සභාපතිවරයා වන්නේද ප්‍රසන්න හළඹය. නිවෙසේ යතුරු භාරදීමෙන් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පුෂ්පරාජ් කීවේ, "මම මේ ජාත්‍යන්තර මට්ටමේ තරගවලට ඉදිරිපත් වුණේ පෞද්ගලික ලාභාපේක්ෂාවලින් තොරවයි. මං ජයග්‍රහණය කරලා ආපහු මේ රටට එනකෙට මට මල්මාලා දාලා පින්තූර ගත්තා පමණයි. මම ඉතා අපහසුකම් මැද්දේ රටට හිමිකර දුන් කීර්තියට කෘතවේදීත්වය පළ කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මා වෙත නිවෙසක් පිරිනැමීම මා මෙතෙක් ලැබූ ඉහළම ඇගයීමයි" කියාය.

සිහිනය බොඳවෙයි. පාසල් සිසුන්ට ලැප්ටොප් නෑ
පාසල් සිසුන්ට ලැප්ටොප් ලබා දීම යහපාලන ආණ්ඩුවේ ඉටු නොවූ පොරොන්දුවලින් එකකි. ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කළ බව 2016/17 වර්ෂ දෙකේම අය-වැය ලේඛනවලට ඇතුළත් විය. වැඩේ කොච්චර නැඟලා ගියාද කියනවා නම් අගමැති වික්‍රමසිංහත් අධ්‍යාපන ඇමැති අකිලත් පළාත් මැතිවරණ වේදිකාවේත් ලැප්ටොප් කතාව ඔසවා තැබුවේය.

ඒ මදිවට නිදහස් උත්සව සමරු පෙළපාළියේ සන්දර්ශන අංගයක් ලෙස ලැප්ටොප් නැටුමක්ද සූදානම් කළේය. එහෙත් ලැප්ටොප් නැටුම සන්දර්ශනයට එක්වූයේ පෙරහුරුවේදී පමණි. නිදහස් උළෙලදා රාජකීය අමුත්තන් ඉදිරියේ නැටුම තිබුණත් බාලිකාවන් අත ලැප්ටොප් නොතිබිණි. බලධාරීන් ලැප්ටොප් පරිගණක ඉවත් කර තිබිණි. අඟහරුවාදා කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා අකිල විරාජ් ලැප්ටොප් පත්‍රිකාව ඉදිරිපත් කළේය. එය දුටු පමණින් ජනපති මෛත්‍රිගේ මුහුණ කළු විය. වැඩේ හබක් වන බව අකිලටද වැටහිණි. ලැප්ටොප් සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 500කි.
"මේ වගේ ලොකු මුදලක් එකවර වියදම් කිරීම වැරැදියි. මුලින් පයිලට් ප්‍රජෙක්ට් එකක් ඇතිකර ප්‍රතිඵල මැන බලන්න ඕන" ලැප්ටොප් පත්‍රිකාව ඉවතට ගියේය.
හකීම් _ රිෂාඩ් කැබිනට් එකේදී ඇවිළෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධව රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් ඇමැතිවරු ඉකුත් කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුමවාරුවකට මැදිවූහ.
රිෂාඩ්

අපි තේරුම් ගන්න ඕනෑ ඡන්ද ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ දේශපාලන පක්‍ෂවල ශක්තිය පෙන්වන්න නෙවෙයි. ජනතා පරමාධිපත්‍යය නියෝජනය කිරීමටයි. 70%ක් වශයෙන් තිබූ කොට්ඨාස ක්‍රමය 60%ක් දක්වා අඩු කළේ හකීම් ඇමැතිතුමාගේ මැදිහත් වීම නිසයි.
හකීම්
දේශපාලන පක්‍ෂවලට වැඩි නියෝජනයක් ලබා ගැනීම තමයි සියලුම පක්‍ෂවල අභිප්‍රාය වුණේ. ඒකට මට චෝදනා කිරීම වැරැදියි.

රිෂාඩ්
මම නියෝජනය කළේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි. මම මේ ක්‍රමයට විරුද්ධයි. විරුද්ධ වෙන්නේ ස්ථාවර පළාත් ආයතන ගොඩනැඟෙන්නේ නැති නිසා. අපේ කොංග්‍රසයට සිටි මන්ත්‍රිවරු ප්‍රමාණය 42 සිට 166 දක්වා වැඩි වුණා. නමුත් ස්ථාවර සභාවක් ගොඩනැඟුණේ නැහැ.

දුමින්දගේ බෙල්ල කැපීම
එම සාකච්ඡාවෙන් පසු නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනකු තවත් වැඩකට අත ගැසූහ. එය නම් දුමින්ද දිසානායක නිදහස් පක්ෂයේ ලේකම් තනතුරෙන් ඉවත් කිරීමය. නිදහස් පක්ෂය ලැබූ පරාජයට මූලිකම වගකිව යුත්තකු ලෙස දුමින්ද නම් කළ ඔවුහු සැරසෙන්නේ දුමින්ද ලේකම් තනතුරෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටය. මේ සම්බන්ධ සාකච්ඡා කිහිපයක් පසුගිය සතියේ කොළඹදී පැවැත්වුණු බව දැනගන්නට ඇත.

මහින්ද ෆෝන් එකට ගත්තාට මෛත්‍රිගෙන් බැනුම්

"ඡන්දෙ ප්‍රතිඵල එන්නත් ඉස්සර මට මෛත්‍රි ළඟ ඉන්න ප්‍රබලයෙක් කතා කරලා සුබ පැතුවා. එයා පහුවදා මෛත්‍රි හම්බ වෙන්න ගිහින් මට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා සර් ජනාධිපතිතුමා කතා කරනවා කියලා. එහෙම කියලා එයා ෆෝන් එක මෛත්‍රිට දුන්නා. මට දැන් ඇහෙනවා මෛත්‍රි කියනවා එපා එපා මං පස්සේ කතා කරන්නම් කියලා. ඒ පාර ඒ කෝල් එක ගත්ත කෙනා මට කිව්වා සර් පස්සේ කතා කරන්නම් කියලා. මාත් ෆෝන් එක තිබ්බා.

පස්සේ මිනිහා මට හම්බ වුණා පාර්ලිමේන්තුවේදී. මම ඇහුවා මොකද වුණේ කියලා. මිනිහා මට කියනවා මට ජනාධිපතිතුමා අම්බානක බැන්නනේ සර් කියලා. මං මොකුත් කියන්න ගියේ නැහැ. මිනිහත් තේරුම් ගන්න එපැයි මෛත්‍රි ඒ වෙනකොට හිටියේ පරාජය අදහා ගන්න බැරුව කියන එක" මහින්ද මන්ත්‍රිවරුන්ට රහසක් හෙළි කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පසුගිය අඟහරුවාදා මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදී පැවැත්විණි. එහිදී තීරණය කෙරුණේ මහ මැතිවරණයක් ඉල්ලා පාරට බැසීමටය. ඒ අනුව මහ මැතිවරණයක් ඉල්ලන ජනරැලි මාලාවක් රට පුරා පැවැත්වීමට තීන්දු කෙරිණි.

මේ අතර ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මහින්දට නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගෙන් ලැබෙන දුරකතන ඇමැතුම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. බොහෝ දෙනා මහින්දට කියා ඇත්තේ රෙදි ඇඳගෙන ජාතික ආණ්ඩුවේ සිටීමට පුළුවන්කමක් නැති බවත් අවස්ථාව උදාවූ විගස විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවත්ය.
පසුගිය සතියේ දිනක මෛත්‍රිපාල ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී මෛත්‍රි හමුව ආරම්භ කරමින් ඇමැතිවරුන්ටම අදහස් දැක්වීමට ආරාධනා කළේය.

ජනපති මුරුංගා අත්තේ
නග්ගන්න එපා
"අපි මේ ඡන්දය පරාදයි. දැන් අපිට තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්කමක් නැහැ. අපි පත්වෙලා තියෙන තත්ත්වය නිසා ගම්වලට යන්නත් බැහැ. ඒ හින්දා ජනාධිපතිතුමා මට විපක්ෂයේ අසුන් ගන්න ඉඩ දෙන්න" සුසන්ත පුංචිනිලමේ ඉල්ලා සිටියේය.

"බණ්ඩාරනායක මහත්තයා මේ පක්ෂය ආරම්භ කළාට පස්සේ කිසිම සභාපති කෙනෙක් යටතේ පක්ෂය මේ තරම් දරුණු පරාජයක් ලබලා නැහැ. අපි ඒක පිළිගන්න ඕනේ. ඒ නිසා අපිට මෙහෙම ඉදිරියට යන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි" සුසිල් කීවේය.
"තරහා වෙන්න එපා ජනාධිපතිතුමා. අපේ පාක්ෂිකයන්ට දැන් පක්ෂ නායකත්වය ගැන විශ්වාසයක් නැහැ. මේ හැමදේටම මුල වෙලා තියෙන්නේ ඒකයි" මුතුහෙට්ටිගම පැවැසීය. ඊට සහාය පළ කළ අනුර යාපා, තිලංග සුමතිපාලද අදහස් දැක්වූයේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව කියමිනි.

"මම නම් මේ වගේ ජනාධිපති කෙනෙක් දැකලම නැහැ. එතුමා තමයි මේ රටේ බිහිවෙච්ච අවංකම ජනාධිපතිවරයා. එතුමා මං ඉස්සරහමයි අගමැතිට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වේ. කවුරු මොනවා කිව්වත් මම නම් කියන්නේ ජනාධිපතිතුමා සමඟ මේ ගමන ඉදිරියටම යන්න ඕනේ කියලයි" මහින්ද සමරසිංහ පැවැසීය. "ඔබතුමා කෑගහන්නේ නැතුව වාඩිවෙන්න. තවදුරටත් බොරු කියලා ජනාධිපතිතුමා මුරුංගා අත්තේ නග්ගන්න හදන්න එපා. අපි මේක විස¼දා ගන්න ඕනේ ඇත්ත කතා කරලා මිසක් ඔය වගේ චාටු කතාවලින් නෙමේ." පුංචි නිලමේ පැවැසීය. "එහෙම කතා කරන්න එපා. මේ ප්‍රතිඵල හරියට විශ්ලේෂණය කළොත් පේනවා අපි පැරදිලා නැහැ කියලා" දුමින්ද කීවේය.

"දුමින්ද ඇමැතිතුමාත් මේ පරාජයට වගකිව යුතුයි. අපිත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ දේශපාලනයේ නිරත වෙනවා. ඒ හින්දා මේ පරාජය ගැන බොරු විශ්ලේෂණ කරන්න එපා" තිලංග පැවැසීය.

ලූෂන් පුෂ්පරාජ්ට සජිත්ගෙන් නිවෙසක්
ඉකුත් අඟහරුවාදා ශ්‍රී ලංකා කායවර්ධන ශූර 'ආසියාවේ කළු සිංහයා' (ඕතචජඬ ඹ්ඪධද ධට ඒඵඪච) යන විරුදාවලි ලත් 35 හැවිරිදි ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත නිවෙසක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිදා පැවැත්විණ. මොරටුව, අඟුලානේ 'සයුරුපුර' සංකීර්ණයේ රුපියල් ලක්ෂ 42ක් වටිනා නව නිවෙස කායවර්ධන ශූරයා වෙත භාරදීමට ඇමැති සජිත් ප්‍රේමදාස නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හරහා කටයුතු සූදානම් කර තිබුණේය. බදාදා උදෑසන 10.30 වන විට ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් පැමිණියේ සිය බිරිය වන ප්‍රියන්ති කොඩිතුවක්කු සමඟය. එහිදී සජිත් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පුෂ්පරාජ් තමන්ට හඳුන්වා දෙනු ලැබුවේ මුදල් ඇමැති මංගල සමරවීර බවයි. මංගල ඇමැතිවරයාට මේ කුසලතා පූර්ණ තරුණයා පිළිබඳ දැනගැනීමට ලැබී ඇත්තේ ප්‍රසන්න හළඹ - ඇමෙරිකාවේ ටෙක්සාස් හි ශ්‍රී ලංකා

කොන්සල්වරයාගෙනි. 2017 දෙසැම්බර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පවත්වනු ලැබූ ලොව වඩාත් ප්‍රචලිත කායවර්ධන ශූරතා තරගාවලිය වන 'ර්ප } ර්ඵ ඒබතචඵ චදඤ ජ්ඪබදඥඵඵ ඡ්යනධ - 2017' සඳහා ලූෂන් පුෂ්පාරාජ් සහභාගි කරවීමට අනුග්‍රාහක දායකත්වය ලබාදුන් ටේක්සාස් හි 'රියෝකොකෝ වරල්වයිඩ් ලංකා පෞද්ගලික සමාගමේ' සභාපතිවරයා වන්නේද ප්‍රසන්න හළඹය. නිවෙසේ යතුරු භාරදීමෙන් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පුෂ්පරාජ් කීවේ, "මම මේ ජාත්‍යන්තර මට්ටමේ තරගවලට ඉදිරිපත් වුණේ පෞද්ගලික ලාභාපේක්ෂාවලින් තොරවයි. මං ජයග්‍රහණය කරලා ආපහු මේ රටට එනකෙට මට මල්මාලා දාලා පින්තූර ගත්තා පමණයි. මම ඉතා අපහසුකම් මැද්දේ රටට හිමිකර දුන් කීර්තියට කෘතවේදීත්වය පළ කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මා වෙත නිවෙසක් පිරිනැමීම මා මෙතෙක් ලැබූ ඉහළම ඇගයීමයි" කියාය.

කොන්දෙ අමාරුවට යෝගා
පියල්ට එදින දහවල් මහින්ද මුණගැසුණේය. ඒ වන විටත් කොන්දේ අමාරුවකින් පෙළෙමින් සිටි පියල් දුටු මහින්ද ඇසුවේ "මොකෝ පියල් අමාරුවෙන් වගේ කියාය"
"නෑ සර් මේ කොන්දේ කැක්කුමක්. කොච්චර බේත් කළත් හරි ගියේ නැහැනේ" පියල් කීවේය.
"මං ගාව හොඳ බේතක් තියෙනවා. හෙට දහයාමාරට විතර එන්නකෝ අපේ ගෙවල් පැත්තට" මහින්ද පැවැසීය.

ඒ අනුව පියල් නිශාන්ත අඟහරුවාදා උදෑසන මහින්දගේ නිල නිවෙස වෙත ගියේය. ඒ වන විට එහි පැමිණ සිටි ගෝඨාභයත් පියලුත් කැඳවා ගත් මහින්ද ගියේ නුගේගොඩටය. ඒ මහින්දගේ යෝගා ගුරුවරයා වන නන්ද සිරිවර්ධනගේ හමුවීමටය. අනෙක් අයට යෝගා කරවන අතරතුර නන්ද පියල්ටද යෝගා අභ්‍යාස කිහිපයක් කියා දුන්නේය. "දැන් හොඳයි සර්. කොන්දේ කැක්කුම කොහෙන් ගියාද නැහැ" පියල් උත්තර දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon