ඇමැති සංඛ්‍යාව පනහේ සිට තිහට අඩු විය යුතුයි

  👤  4499 readers have read this article !
2018-02-20

ආණ්ඩුව සමඟ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු ඉවත්වූ බවට සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා කළ නිවේදනයක් ඉංගී්‍රසි පුවත්පතක පළවී ඇති බවත්, ඒ අනුව දැන් ජාතික ආණ්ඩුවක් නැති බැවින් ඇමැති සංඛ්‍යාව පනහේ සිට තිහට අඩුවිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල - කතානායක තුමාට පත්තරේ තිබෙන දේකට පිළිතුරු දෙන්න බැහැ. යහපාලන ආණ්ඩුවට දෙපැත්තක් තිබෙනවා. අපි තවමත් මේ යහපාලන ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. පත්තරේක තියෙන ලිපියක් අල්ලගෙන මෙතැන ප්‍රශ්න කරන්න බැහැ. එකඟතාවකට පාර්ශ්ව දෙකක් ඉන්නවා. එක් පාර්ශ්වයකට පමණක් තනි තීරණයක් ගන්න බැහැ.

කතානායක - මම ඒක සොයලා බලන්නම්.
පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන - එහෙම තීරණයක් අරගෙන තියෙනව නම්, වෙනම ගිහින් දිවුරුම් දෙන්න කියන්න. මේ ගැන කතානායකතුමාට දැනුම්දී ඇති බව ඒ ලිපියෙහි සඳහන් වෙනවා. මේ අනුව ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට තනතුරු දැරීමට අයිතියක් නෑ.
කතානායක - මට කිසිම දැනුම්දීමක් කරල නෑ. මම මේ ගැන සොයා බලන්නම්.
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර - මේ රටේ එක්තරා දේශපාලන අර්බුදයක් පවතින බව දැන් මේ මුළු ලෝකයම දන්නවා. මේක මේ ආණ්ඩුව ඇතුළේ අර්බුදයක්. ආණ්ඩුව තවම තියෙනවා කියල කියනව නම් ශ්‍රීලනි පක්ෂයේ හෝ සන්ධානය වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රධානියෙක් නැඟිටල කියන්න ඕන තවම ආණ්ඩුවේ ඉන්නවා කියලා.

පාර්ශ්ව දෙකක් එකතු වෙලා හදාගත්ත ආණ්ඩුවක එක පාර්ශ්වයකට වෙන්වෙන්න බැහැ කියන නීතිය රටේ ලෝකේ නීතියක් නොවේ. ඒක කැලේ නීතියක්. එක පාර්ශ්වයකට වෙන්වෙන්න පුළුවන් කියන්නේ, ඒක ස්වභාවධර්මයේ නීතියක්.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන - දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා මේ ප්‍රශ්නය ගැන සභාවේ දෙවරක්ම මතු කළා. අපි මේ විවාද කරන්නේ නැති ආණ්ඩුවක් සමඟ. අනෙක් පාර්ශ්වය කවුරුහරි මේ ගැන කියන්න ඕන. මේක විහිළුවක්. කැබිනට් මණ්ඩලයක් නැතිනම්, අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි?
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ - මේ පක්ෂ දෙක එකතුවෙලා 19 වැනි සංශෝධනය යටතේ විශාල කැබිනට්ටුවක් හදාගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවේ තවදුරටත් නැතැයි එජනිස ලේකම් මහින්ද අමරවීර මහතා නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා. අගමැතිට අගමැති පුටුවේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. විපක්ෂ නායකට ඔය අසුනේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. විපක්ෂ නායක ධුරය කරුණාකරල මහින්ද රාජපක්ෂ මහත්තයට දෙන්න. ජාතික ආණ්ඩුව කියල දෙයක් දැන් නැහැ.

දැන් මේ ආණ්ඩුව මළකුණක් වෙලා ඉවරයි. පව් නොදී ඇඳිවතත් රැකගෙන ගෙදර යන්න. එහෙම නොගියොත් කුදළා දමන්නයි වෙන්නේ.
මැතිවරණ කොමිසමත් තමන්ගේ කලිසම ගලවාගෙන ඉවරයි. මැතිවරණ ප්‍රතිඵල ගැන පුරාජේරුව ඉවරයි. වැඩ බැරි ආණ්ඩුව වගේම දැන් වැඩ බැරි මැතිවරණ කොමිසමක්ද තියෙනවා.
මිනිස්සු ගමේ පාලම, බෝක්කුව දිහා නොව පසුගිය අවුරුදු තුනේ රට ඇදගෙන ගිය විනාශකාරී පාර දිහා බලා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමටයි ජනතාව ඡන්දය දුන්නේ.

මේ රටේ ජාතික මතය හඳුනන්නේ නැති පාලනයක් පසුගිය කාලේ ගෙනගියේ. තමුන්නාන්සේලාගේ අගමැතිවරයා ජාතික මතය හඳුනන්නේ නැහැ. වෙස්ට් මිනිස්ටර් ක්‍රමය ගැන ඉංග්‍රීසියෙන් කතා කළාට වැඩක් නැහැ. ඒ ක්‍රමයේ යහපත් ලක්ෂණ අනුගමනය කරන්නේ නැත්නම්.
දැන් මේ ආණ්ඩුව මළකුණක් වෙලා ඉවරයි. ඕජස් ගලන, ගඳගහන සැරව ගලන පිළිකුල් කරන මළකුණක් හැටියටයි තව අවුරුද්දක් විතර යන කොට මේක ඉවර කරන්න වෙන්නේ.

"අගමැතිවරයාත් පාර්ලිමේන්තුවත් නව ස්ථාවර නියෝග යටතේ ශක්තිමත් කර ඒ තුළත් ජනතාවද ශක්තියක් ලබාදී තිබෙනවා.
ආංශික අධීක්ෂණ කාරක සභා මඟින් පසුපෙළ මන්ත්‍රිවරුන්ට ලොකු සවියක් ඇති කරදී තිබෙනවා.

ආංශික අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක කිරීමට අමතරව නැවතත් උපදේශක කාරක සභා හඳුන්වාදීමටත් තීරණය කර තිබෙනවා. ඒ ස¼දහා වන සංශෝධන ලබා දෙනවා"
තවත් අලුතින් කාරක සභා කිහිපයක් එකතු කර තිබෙනවා. ආචාර ධර්ම පිළිබඳ කාරක සභාවක් ඇතිකර තිබෙනවා. අද මන්ත්‍රිවරු හැටියට සමාජයේ දෝෂදර්ශනයට ලක්වී තිබෙනවා. සමාජයේ පිළිකුලට පත්වී තිබෙනවා. මහජන ඡන්දයෙන් තේරීපත්ව එන මන්ත්‍රිවරයාගේ හැසිරීම, ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් තිබෙනවා. මන්ත්‍රිවරු සඳහා වන ආචාරධර්ම පද්ධතියෙන් රටේ පුරවැසියන්ට මන්ත්‍රිවරුන් ගැන දැන ගැනීමට අවස්ථාව සැලසෙනවා.
පාර්ලිමේන්තුවේ කටයුතු මුළු රටටම දැන ගැනීමට අවස්ථාව සලසාදී තිබෙනවා. එය ඉතාමත් වැදගත්.

"අප තනතුරු භාර නොගෙන කොන්දේසි විරහිතව සහාය දෙනවා. ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හදන්නැයි කීවා. එ.ජා.ප. නායකයා මාරු කිරීම හෝ කතානායක අගමැති කිරීම හෝ ශ්‍රී ලනිප නායකයාගේ කාර්යය නොවේ"

ජැක් ගහලා, මුක්කු ගහලා ආණ්ඩුවලට හේත්තු වෙන්න අපිට අවශ්‍ය නැහැ. අප ඒක මුලින්ම කිව්වා. මීට පෙර ආණ්ඩුවට විරුද්ධව සියයට 80ක් ඡන්දය පාවිච්චි කර නැහැ. එජාප නායකයා මාරු කර ගන්න අපිට ඒකට කමක් නැහැ. ජනමතය ඔබට දැනුණා නම් මේක පක්ෂයක් ඇතුළත බල අරගලයක් බවට පත්කර ගන්නේ ඇයි?
ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හදන්න කොන්දේසි විරහිතව සහාය දෙන බව අප කීවා. එ.ජා.ප. නායකයා මාරු කිරීම, කතානායක අගමැති කිරීම ශ්‍රී .ල.නි.ප නායකයාගෙ කාර්යයක් නොවේ. පොහොට්ටුව ජාතිවාදය ඇවිස්සුවේ නැහැ. යාපනයේදී ජාතිවාදය ඇවිස්සුවෙ දෙමළ සන්ධානයයි.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුල හිරේ දාන්න බැරි වූ නිසා පරාජය වුණා කියා හිතනවා නම් ඒක වැරදීමක්. ජනමතය තේරුම් ගන්න. ජනමතය බලන්න මැතිවරණයක් පවත්වන්න.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon