දූෂණයට වගකිව යුත්තේ දේශපාලනඥයන්් පමණක්ම නොවේ

  👤  4796 readers have read this article !
2018-02-18

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් වසර ගණනාවක සිට හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටවල් ලෙසය. ඒවා බටහිර බොහෝ රටවල් මෙන් 'සංවර්ධිත රටවල්' බවට පත් නොවන්නේ ඇයි? මෙහිදී අපට එක්වරම සිහිවන්නේ දූෂිත දේශපාලනඥයන් නිසා එසේ සිදුවන බවයි. එහෙත් දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දික් කිරීම යුක්ති සහගතද? රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහයෝගය නොලැබෙනවා නම් ඔවුනට මෙය දිගින් දිගටම කරගෙන යෑමට හැකිවෙයිද? රාජ්‍යයකට ලැබෙන ආදායම් නිසි පරිදි කළමනාකරණය නොවීමට, ඒවා හසුරුවන මෙම දූෂිත රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතු නොවේද? මෙම රටවල රාජ්‍ය තන්ත්‍රය දෙස විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ ඉහළ සිට පහළටම අස්සක් මුල්ලක් නෑර රාජ්‍ය නිලධාරී තන්ත්‍රය තුළද අල්ලස සහ දූෂණය පැතිරී පවත්නා බවයි.

මේ කතාව එම තත්ත්වයට අභියෝග කළ කාන්තාවක් පිළිබඳවයි. ඇය ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ අමාත්‍යාංශයක විධායක රාජ්‍ය නිලධාරිනියක වන රජ්නි සේක්රි සිබාල්ය. වසර 2000දී පවත්වනු ලැබූ ප්‍රාථමික ගුරුවරුන් බඳවා ගන්නා පරීක්‍ෂණයකට පෙනී සිටි 3200ක පමණ පුහුණු ගුරුවරියන්ගේ ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා එම ප්‍රාන්ත දේශපාලනඥයෝ විසින් ඇයට අල්ලසක් දීමට සැරසුණි. ඔවුන් බලවත් සේ ඇයව පීඩාවට පත් කළද, එයට ඍජුවම තම විරෝධය දැක්වූ ඇය අනුගමනය කළේ වෙනත් ක්‍රියාමාර්ගයක්ය. යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා ඇයට සිදුවූයේ දඬුවම ලෙස ස්ථාන මාරුවකට මුහුණදීමටය. ඇය එම ස්ථාන මාරුව සඳහා ආයතනයෙන් පිට වීමට පළමු එක්තරා ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවාය. එය ඉතා කුඩා ක්‍රියාවක් වුවත් එහි ප්‍රතිඵල විශාල විය. ඇය කළේ කිසිවකු විසින් මීට පෙර නොකරන ලද දෙයකි. ඒ පිළිබඳ 2003 දෙසැම්බර් 4 දින 'ඒද භදඵභදඨ ඩ්ඥපධඪදඥ' යන සිරස්තලය යටතේ හම නඩුවේදී රජ්නි විසින් දුන් සාක්‍ෂිය ඊපඪඡභදඥ පුවත්පතේ මෙසේ සඳහන් විය.
'හරියානා ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැතිගේ සම්බන්ධීකරණ නිලධාරි විසින් මට එම ප්‍රතිඵල සටහන වෙනස් කරන ලෙස පැවැසූ විට මා ඉතා කලබලයට පත්වුණා. මගේ දෑස කඳුළින් තෙත් වුණා. අපේ රටේ විරැකියාව ප්‍රබල ප්‍රශ්නයක්. දුප්පත් සිසුන් සිසුවියන් මෙම විභාගවලට පෙනී සිටින්නේ යම් සාධාරණයක් ඉටු කර ගැනීමටයි. ඔවුන්ගේ දක්‍ෂතාව අනුව එම පත්වීම් ලබාදීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ. ඔවුන් බඳවා ගන්නට බලාපොරොත්තු වූයේ ප්‍රාථමික ගුරුවරුන් ලෙසයි. ඔවුන්ගේ එම සාධාරණ විභාග ප්‍රතිඵල මා වෙනස් කරන්නේ කෙසේද? එය කොතරම් අයුක්ති සහගත ක්‍රියාවක්ද? මා දැඩි තීරණයක් ගත්තා. මම රෙදි සහ කපු බැන්ඩේජ් රැගෙන විත් මෙම ප්‍රතිඵල සහිත ජ්ඪතඥ එක තිබූ වානේ අල්මාරිය සම්පූර්ණයෙන්ම ඔතා දමනු ලැබුවා.

එය කළේ මගේ කාර්යාලයේ නිලධාරීන් පස්දෙනකු ඉදිරිපිට. එම බැන්ඩේජ් මත විවිධ ස්ථානවල ඔවුන්ගේ අස්සන් සටහනක් දමා තැබුවා. අල්මාරියේ යතුරු පවා සීල් කරන ලද ලියුම් කවරයක දමා තැබුවා.
එසේ කර ඇය තම අලුත් සේවා ස්ථානයට පිටත්ව ගියෙන් ඒ පුරප්පාඩුව සඳහා දේශපාලන පත්වීම් ලබා පැමිණි සංජය කුමාරට එම ප්‍රතිඵල සටහන වෙනස් කිරීමට කිසිසේත් හැකියාවක් නොලැබිණි.

බ්ඕඊ අඥජපභඪබථඥදබ ඉජචථ යන නමින් ප්‍රසිද්ධවූ මෙම නඩුවේ ප්‍රතිඵලයක් වශයෙන් හරියානා ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති ඕම් පුකාශ් චව්තලා සහ ඔහුගේ පුත් අජේ චව්තලා ඇතුළු තවත් පනස් එක් දෙනකුට සිදුවූයේ බන්ධනාගාර ගත වීමටය. මුළු රාජ්‍ය නිලධාරි තන්ත්‍රයටම ආදර්ශයක් දුන් ඇය වීරවරියක ලෙස ජනතාවගේ බුහුමනට පාත්‍ර වූවාය.

ජීවිතය පහසු නැහැ. ඒත් වඩා වැදගත් වන්නේ බලයට සහ මුදලට කෑදර නොවී තම රාජකාරි වගකීම නිසි ලෙස ඉටු කිරීමයි. රටක් ඉදිරියට යෑමේ යාන්ත්‍රණය එයයි. ඒ නිර්භීතව තම හෘදය සාක්‍ෂියට ඇහුම්කන් දුන් රජ්නි සිබාල්ගේ අදහසයි.

රජ්නි සේක්රි සිබාල් ආර්ථික විද්‍යා සහ මනෝ විද්‍යා උපාධිධාරිනියක වන අතර ඇය ප්‍රංශ විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමාධාරිනියක්ද වේ. ඇය 2017 සිට ඡ්ථනතධරථඥදබ } ඊපචඪදඪදඨ ජාතික ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස සේවය කරන්නීය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්