ලෙව්කේ දිසාවගේ බිරියට බලහත්කාරකම් කිරීමට ඉඩ දෙන්න එපා

  👤  5241 readers have read this article !
2018-02-18

1815 අප්‍රේල් 9 දා

මොල්ලිගොඩ අදිකාරම උදෙන්ම දේව පෙරහර මුණගැසෙනු පිණිස ඉදිරියට ගියේය. අණදෙන නිලධාරි සහිත වාදක කණ්ඩායමට වෙල්ලවත්තේදී ඔවුන් හමුවනු ඇත. පෙරහර හපුගහ කඩවතට පැමිණි බව අදිකාරමගේ පණිවුඩකරුවෝ දැනුම් දුන්නේය. ඔවුහු මගේ පැමිණීම බලාපොරොත්තු වෙති. මම ඊට එක්වීමට යන්නෙමි, ඇහැලේපොළටද දැනුම් දුන්නෙමි. පෙරහර නියමිත වෙලාවට පිටත් විය.

පිළිවෙළින් කොඩි ගත් මිනිස්සු, දිසාවලින් පැමිණි හේවිසිකාරයින්, දිසාපතිවරු, ලේකම්වරු, ඉංගී්‍රසි බෑන්ඩ් කණ්ඩායම, සරසන ලද අලි ඇත්තු ගමන් කරති. නාථ රූපය ගත් ඇතා දෙපසද ඇතුන් දෙදෙනෙකි. එකිනෙකා පිට රන්සිවි ගෙයකි. විශාල හස්තියා පිට විෂ්ණු රූපයද අනතුරුව කතරගම දේව රූපයද, සිවුවැනිව පත්තිනි දේව රූපයද ගමන් ගත්තේය. බස්නායක නිලමේද සේවකයෝද ආයුධ සහිත රන්සිවි ගෙවල්වලටද පසුව මාත් අදිකාරමත් රටේ මහත්වරුත් ගමන් ගත්තෙමු.

පෙරහර සන්හිඳ සහ මහ මළුවටද, නාථ දෙවොලටද ගමන් කළේය. උඩරට දේවාල ප්‍රධානීහු දේවාලය අසල සිටියෝය. පෙරහර ගෙවැදුණු පසු වෙඩි 9ක් පවත්වා ගෞරව දැක්වීය.

දළදා වහන්සේ සොයා ගැනීමට බැරි වූ බව කපුවත්ත දිසාවේගේ පණිවුඩකරුවකු මැද මහනුවර කුණ්ඩසාලේ සිට පැමිණ පවසයි. භික්ෂුන් වහන්සේ දින 6කට පෙර පහිගොඩටද පල්ලේවෙලටද ගෙන ගොස් ඇත. එම ප්‍රවෘත්තිය කිතුල්පෙට දැන්වූයෙමි. ඇහැළේපොළ අදිකාරම පෙරහරට සම්බන්ධ නොවීය. පෙරහර ගමන් කරද්දී ඔහු අසකු පිට නැඟී පසුපසින් පැමිණියේය. මම නැවතී ඔහු සමඟ කතා කළෙමි. මට අර තලය සමඟ යෑමට බැරි යැයි ඔහු කීවේය. අප ඉදිරියට යනවාට ඔහු සතුටු විය. ඔහුට මඳක් අසනීප නිසා ගෙදර යන්නදැයි ඇහැළේපොළ අසා එවීය. අසනීප නම් ගෙදර ගියාට වරදක් නැතැයි මම පැවැසූවෙමි.

ඇහැළේපොළ පෙරහර පසුපස අසු පිට යෑම ගැන උඩරැටියෝ නොයෙක් කතා කියති. පාදයේ ආබාධයක් ඇති නිසා එසේ ගමන් කරන ලද බව මම පැහැදිලි කළෙමි. සවස 5.ට මඟුල් මඩුවේදී මොල්ලිගොඩ පැවැසුවේ කැප්පෙටිපොළ රජුගේ තත්ත්වය ගෙන හැසිරෙන බවය.

දළදා වහන්සේ නුවරට ගෙන ඒමේදී ඇතිවන ප්‍රමාදය ගැන පරීක්ෂා කළෙමි. එය දැනට පල්ලේවෙල ඇත. එය ආරක්ෂා සහිතව තබා ඇති ස්ථානය නායක හිමියන් නොදැන සිටීම ප්‍රශ්නයකි. දියවඩන නිලමේ ඒ පිළිබඳ නොදැන සිටීමට හැකිදැයි මොල්ලිගොඩ තදින් ප්‍රශ්න කළේය. කපුවත්ත ඊට රළු ලෙස පිළිතුරු දුන්නේය. සුළු කලහකාරී තත්ත්වයක් ඇතිවී ඉක්මනින් සංසිඳිණි. නමුත් රත්වත්තේ ඔහුට ‍ෙදාස් කියන්නට පටන් ගත් විට යළිත් කලහය ඇවිළිණි. මම මිල්ලව සමඟ එය සංසිඳුවා ප්‍රභූන් නින්දා සහගත ලෙස හැසිරීම සුදුසු නොවනා බව පෙන්වා දුනිමි. අද මගේ ගබඩාව පරීක්ෂා කිරීමේදී ඉංගිරිසි මුරකාරයා විසින් සොරා ගත් කඩකාසි මල්ලක් හමු විය. යහපත් දිනයක හවස් භාගයේ නිරිත දෙසින් වලාකුළු නැඟී පාවී ගියා.

අප්‍රේල් 12

අලුත් අවුරුද්ද එළැඹෙන වෙලාවේ උඩරැටියෝ ආහාර ගනිති. මෙදිනත්, හෙටත් අනිද්දාත් නිවාඩු දිනය. මේ දිනවල උඩරට මිනිස්සු කිසිම ගමනක හෝ වැඩක නොයෙදෙති. මෙදින රාත්‍රි පණිවුඩයක් ලැබුණි. මරා දමන ලද ලෙව්කේ දිසාවේගේ වැන්දඹු භාර්යාව සහ දූවරු දෙදෙනා ආරක්ෂාව පතා මොල්ලිගොඩ වලව්වට පැන ආ බව එහි සඳහන් විය. ඔවුන් නුවරට කැඳවාගෙන ඒමට ඇහැළේපොළ මිනිසුන් යවා ඇත. දිසාව ඔවුන් ආරක්ෂා කිරීමට ක්‍රියා කරනු ඇත. ඔවුන්ට පහර දීමක් සිදුවුවහොත් ඔවුන් ආරක්ෂා කිරීමට ගනේතැන්නෙන් සෙබළුන් දෙදෙනකු දුන්නෙමි. ලෙව්කේ දිසාවගේ කිසිම ඥාතිවරියකට බලහත්කාරකම් කිරීමට බි්‍රතාන්‍ය ආණ්ඩුව ඉඩ නොදෙනු ඇත.

අප්‍රේල් 14

භික්ෂුන් වහන්සේ කල් ඇතිව මාලිගාවට කැඳවූයෙන් මට දානය පිළියෙල කරන්නටද සිදුවිය. පත්තිරිප්පුවේදී උඩරට චාරිත්‍රානුකූලව දානය දෙන ලදී. බත් වර්ග 4ක්ද, වෑංජන වර්ග 31ක්ද, කේක් වර්ග 12ක්ද විය. අසනීප නිසා නොපැමිණි කොබ්බෑකඩුව නායක හිමිට දානය යැව්වෙමි.

අප්‍රේල් 15

ඇහැළේපොළ නිලමේගේ උපායයන් ගැන සැක කොට ආණ්ඩුකාරතුමා රහස් ලිපියක් මා වෙත එවා තිබිණි. එයට පණිවුඩකරු අතේම පිළිතුරු යැව්වෙමි. තඹ කාසි ගොනුන් පිට පටවා රුවන්වැල්ලට යැව්වෙමි. 'කොම්පෝරිස්ට්' කාර්යාලයේදී තඹ කිරුවෙමි. එකාට රිකිස් ඩොලර් 3 බැගින් ගෙව්වෙමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්