මෛත්‍රි-රනිල් ඊළඟ පිම්ම

  👤  5977 readers have read this article !
2018-02-16

2018 පළාත් පාලන මැතිවරණයෙන් ගමේ බලය හිටපු ජනාධිපතිට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක්ම හොඳින් වාර්තා කර තිබුණේය. ඇතැම් පුවත්පත් ශීර්ෂ පාඨයෙන්ම මහින්ද තවමත් "යුද්ධය නිමා කරදුන් දේශපාලන නායකයා" වීම නිසා ජනතාව ඔහුට කළගුණ සැලකූ බවක් කියා තිබිණි. ඒ කිසිදු විදේශ මාධ්‍යයක් "මහින්ද රාජපක්ෂ ජයගත්තේ ඇයි?" ද යන්න විග්‍රහ කර තිබුණේ නැත. ඉන් ඇතැම් පුවත්පත් කිහිපයක මෙසේද තිබිණි.

"පෙබරවාරි 10දා ශ්‍රී ලංකාවේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්තේ එහි පිටුපස දැවැන්ත බලවේගයක්ව නැඟී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිසාවෙනි."

ඊඩඥ ඩ්ඪදඤභ
"ඉරිදා දිනයේ නිකුත් වූ ප්‍රතිඵලය විස්මයජනක විය. එය පාලක සභාග රජයේ ක්‍රියාකලාපයන් පරීක්ෂාවට භාජන කෙරෙන්නක් හා සමාන ප්‍රතිඵලයක් බව පෙනෙන්නට ඇත."

ඊඩඥ ට්භචපඤඪචද
"ශ්‍රී ලනිප - එජාප සන්ධාන රජය මුහුණ දුන් පළමු මැතිවරණයම ජනමතය පරීක්ෂා කිරීමක් යැයි කිව හැකිය. එය රජයේ පාර්ශ්වයන් බලාපොරොත්තු වූ ආකාරයට වඩා වෙනස් වූ ප්‍රතිඵලයක් විය.

ඊඩඥ ධ්දඤඪචද ඡ්යනපඥඵඵ
විදෙස් මාධ්‍ය මැතිවරණ ප්‍රතිඵලය ගැන එසේ සඳහන් කළ පරිදි එය විස්මයජනක වූද "ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළා"ය යන්න නොකියාම බැරිය.
මහින්දගේ පක්ෂය අලුත්ය. එයට වැඩි ඉතිහාසයක්ද නැත. කල්යල් බලා ආරම්භයේදීම නොනිල වශයෙන්, අදෘශ්‍යමානව තබා, හිටි ගමන් ගොඩනඟා ගත්තේ විය.
එහෙත් මෛත්‍රි ජනවාරි 8 ලද ජයග්‍රහණයෙන් පසු ගතවූ ඊළඟ දිනයේ පටන් ඔහුට එරෙහි සටන මහින්ද හා පිරිස මැදමුලනෙන් පටන් ගත් හැටි කාටත් අමතකය. මෛත්‍රි හා රනිල්ද මුළුමනින්ම එම ක්‍රියාවලිය අමතක කොට තම තමන්ගේ ස්ථාවරයන්හි එල්බගෙන අධි තක්සේරුවෙන් සිටියහ. එහි ප්‍රතිඵලය ඔවුන්ට දැන් ලැබී ඇති බව පැහැදිලිය.
"ගමේ ඡන්ද දායකයා මහින්දට තවමත් ආදරෙයි. ඒ නිසා ජනවාරි 8 වැනිදා කරගත්ත වැරැද්ද හදා ගත්තා. ආයෙත් මහින්ද ඕනෑ කියා තීන්දු කළා. හොරකම් කළා කීවත් ඒවා විශ්වාස කළේ නෑ. මිනීමැරුවා කියා කීවත් ඒ චෝදනා මේ ඡන්ද ප්‍රතිඵලවලින් ජනතාව ප්‍රතික්ෂේප කරලා"

මේ... මහින්දට හද බැඳ ගත්තවුන් කියන කතාය. නඟන තර්කය. එහෙත් එය නොපිළිගන්නා පිරිස්ද සිටිති. ඔවුන් කියන්නේ...
"නෑ... ඒ කතා වැරැදියි. මහින්දට දකුණේ සිංහල බෞද්ධ පදනමේ ජන්ද තිබුණා තමයි. ඒ ඡන්ද වැටුණා තමයි. මහින්දගේ කල්ලිය පුළුවන් තරම් එදා පැරැදුණු දා ඉඳලා තමන්ගේ ඡන්ද පදනම සතුටට පත් කරන, අවුස්සන, ජාතිවාදී කතා කිව්වා. ඒ අතර ආණ්ඩුව ගත්ත ඇතැම් තකතීරු වැඩ නිසා ඒවා අහිතකර විදියට මහින්ද යොදා ගත්තා. ආණ්ඩුව කරපු දෙයක් නෑ කියලා කිව්වා. ජනතාවට ඒක දැනෙන්න ගත්තා. ඒ නිසා ජනතාව හොඳම විරෝධය පාලා ආණ්ඩුවට රිද්දන්න හිතුවා. එහෙම කළාම ජනවාරි 8 පටන් මෛත්‍රිව ගේන්න උදවු කළ සියලු දෙනාම හොල්මන් වුණා. මෛත්‍රිව අතඇරලා එකම ප්‍රතිවාදියා වූ මහින්දට ඡන්දෙ දුන්නා. "පොඩි මට්ටුවක් ආණ්ඩුවට දුන්නා" කියලාය. ඊටත් වඩා එහා ගිය අය කියන්නේ...

"මහින්දත්, එයාගෙ කල්ලියත් කියන්නේ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නයි කියලායි. ඒක ජනතාව මැතිවරණ ප්‍රතිඵලවලින් කියාපු දෙයක්ය කියලයි කියන්නෙ. ඒ නිසා මහ මැතිවරණයක් තියන්න අවශ්‍ය සංශෝධන ගෙනල්ලා, ඒකට උදවු කරනවාය කියලා මහින්ද කියනවා. ඒකද මේ ප්‍රතිඵලයෙන් කියන්නේ? නෑ! ඊට එහා ගිය දෙයක් ඒකේ තියෙනවා. ආණ්ඩුව ගත්ත දා ඉඳලා මෛත්‍රි වෙනම ගේමක් ගැහුවා. රනිල් ඊට නොදෙවැනි වෙනමම ගේමක් ගැහුවා. පිල්දෙකයි. තීන්දු තීරණ දෙකයි. රනිල්ලා සල්ලි හොයාගන්න බද්දක් ගැහුවාමත් මෛත්‍රි ඒක හොඳ නෑ කියල වෙනස් කළා. ඒ වගේ එක පිලකට ගන්න බැරි ලකුණු මුල ඉඳලම දෙන්නගෙම තිබුණා.
රාජ්‍ය පාලනය මෙහෙය වන, ක්‍රියාකාරි නිලධාරි පෙළැන්තිය ඇතුළෙ හිටපු මහින්දගේ සහචරයෝ ආණ්ඩුව හඳුනා ගත්තෙ නෑ. වංචා දූෂණ චෝදනා ගැන වග විභාග කළ හැටි හරි නැති වුණා. ඒවා මහින්දගෙන් පළිගන්න කරපු ඒවා හැටියටයි මහින්දගේ කල්ලිය උලුප්පලා දැක්වූවේ. සමහරු කිව්වා චෝදනා නැතිවත් හිරේට දාලා මහින්දලා මෙල්ල කරන්නේ පළිගන්න කියලයි. ජනතාවට මහින්දගේ අය ඒක හොඳට කාවැද්දුවා. ඒ තමයි ආණ්ඩුව කරගත්ත තකතීරුම වැඩේ. දැන් ප්‍රතිඵලය ඇවිත්." කියලායි.
තවත් පිරිසක් කියන්නේ මහින්දට ඔය කියන තරම් දිනුමක්, විශිෂ්ට ජයග්‍රහණයක් ඔහුට ලැබී නැති වගය. ඒ බව තහවුරු කරන්න ඕනෑ තරම් සාක්ෂි ඇති බවය. මේ එම ජන මතයය.

"මේ ඡන්දය විග්‍රහ වෙන විදිය වැරැදියි. මහින්දගේ පිල සත්‍ය වසංගලා කියන්නේ," දැන් ඉතින් ආණ්ඩුව අකුළාගෙන යන්න ඕනෑය, තමන්ට බලය දෙන්න ජනතාව ලෑස්තිය කියලාය. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දට මුළු රටෙන්ම ලැබුණු ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතය 47.6%ක්. මෛත්‍රිට 51%ක් ලැබුණා. එතැනදි මහින්ද පරාදයි. මෙදා සැරේ මහින්දගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු සමස්ත ඡන්ද ප්‍රතිශතය 44.65%යි. මහින්ද විරෝධී පිලේ එනම් රනිල් - මෛත්‍රි - දෙමළ සන්ධානය, ජ.වි.පෙ. ඇතුළු සියලුම බලවේගවල එකතුව ගත්තොත් මහින්ද විරෝධී ඡන්දවල ප්‍රතිශතය 55.3%ක්. එහෙම නම් මොන ප්‍රශ්න තිබුණත් මහින්ද විරෝධී බලවේගය එහෙමමයි. මහින්ද එපා කියන අති බහුතරය වෙනස් වෙලා නෑ. එහෙම තියෙද්දීත් මහින්ද දිනුවාය කීම අමුම පිස්සුවක්"
එම තර්කය ශක්තිමත් කරන්නට ඕනෑ කරන සාධක ද ඇත. ආසන මට්ටමෙන් ගණනය කළත් මහින්ද විරෝධීව ලද මුළු ආසන ගණන 3,417කි. එය ප්‍රතිශතයක් වශයෙන් 46.01%කි. ඊට එජාප - ශ්‍රී ලනිපයද ඇතුළත්ය. මහින්දට ලැබුණු ආසන ගණන 3,369කි. එයිනුත් ඉදිරියෙන් සිටින්නේ මහින්ද නොව මහින්ද විරෝධී පිලේ ආසන බලයයි.

"එහෙම කොහොමද කියන්නේ. ශ්‍රී ලංකා ඡන්ද කියන්නෙත් පොහොට්ටු ඡන්ද වගේමනෙ. එකම ඡන්ද දායකයොනේ දෙපැත්තට බෙදුනෙ."ය කියලා තර්ක කරන අයද සිටිති. ඊට උත්තර බඳින අය කියන්නෙ...
"මහින්දගෙ පිල ගෙනිච්ච මැතිවරණ ව්‍යාපාරයේදී තරම නිසා මෛත්‍රිට කියලා ලැබුණේ එයට කැමැති උපරිම ඡන්දයි. උතුරු පළාතෙ මෛත්‍රිට ලැබුණු ආසන බලයත් ඒකට නිදසුනක්. ඒ නිසා ඒ තර්කය වැරැදියි" කියලාය.

මේ පදනම මත මහින්දට එරෙහිව මිලියන හයකටත් වඩා ජනතාව පෙළගැසී සිටින තත්ත්වයකදී ආණ්ඩු වෙනසක් සිදු කරලීමට ජාත්‍යන්තර ප්‍රජාවගේද අනුමතය හා සහාය ලැබෙනවාදැයි සිතීම උගහටය යන මතයේ සිටින්නෝද බොහෝය.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව පිහිටු වූ පසු මෛත්‍රිගේ හැසිරීම පිළිබඳ ජනතාවගෙන් බහුතරයක් කලකිරී සිටින බවට දක්වන තර්කද ඇත. ඒ අනුව මෛත්‍රිට එරෙහිව යූ.එන්.පී. ඡන්දත්, ජ.වි.පෙ. ඡන්දත්, මහින්දගේ ඡන්දත් එක ගොඩකට ගත්තේ වී නම් එය ප්‍රතිශතයක් වශයෙන් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 83.55%ක් බව සිහිකටයුතුය.
(එජාප - 32.63%, පොදුජන පෙරමුණ - 44.65%, ජ.වි.පෙ. - 6.27%කි.)

ඒ අනුව අවශ්‍ය මොහොතේ පවා එජාපයට වැටෙන්න ගැසූ මෛත්‍රි පිළිබඳ එජාප පාක්ෂිකයන් තුළද ඇත්තේ කලකිරිමකි. බලවත් කෝපයකි. මහින්දගේ පාර්ශ්වයේ පිරිසද මෛත්‍රිට එරෙහි වෙති.

කෙසේ වෙතත් එජාපයේ නායකයාටද තමන්ගේ පක්ෂයට වක්‍රාකාරයෙන් හෝ ආණ්ඩු බලයක් ලබාදී කුමන්ත්‍රණයකින් හෝ බලය ගන්නට හැකියාව සලසා දෙන්නට හැකි වී තිබුණද එම බලය පවත්වාගෙන යන්නට අසමත් වීමේ බරපතළ චෝදනාවෙන් ගැලවෙන්නටද බැරිය. ඔහුට ඇති චෝදනා ගැන එජාපයේම ඡන්ද දායකයන් කියන කතා මෙසේය.

"මහ මැතිවරණවලදී වියදම් කරන්න සල්ලි ඕනෑ වුණාම එදා හිටපු යූ.එන්.පී. නායකයෝ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ගෙන්, විදෙස්ගත පක්ෂයේ බලවත් ප්‍රජාවගෙන් මුදල් හොයා ගත්තේ කාටත් නොතේරෙන්න. පක්ෂයට ආදරය කරන, උදවු කරන බලවේග එදා තිබුණා. එහෙම කරන්නෙ නැතිව මහ බැංකුව බිඳලා ඒකේ සල්ලිවලින් පක්ෂය ඡන්දෙ කළා කියලා අහගන්න තරම් බාල වුණා. පහතට වැටුණා. මලික්, සාගල, රවි, කිරිඇල්ල වගේ මිනිසුන්ගෙන් පක්ෂයට විශාල විනාශයක් වුණා. එක එක චෝදනා ආවා. හැබැයි ඒ අය යහතින් හිටියා. රෝයල් කොලේජ් එකේ අය විතරක් වටකරගෙන ආණ්ඩුව කරන්න ගිය නිසා මේ විනාශය වුණා"

මෛත්‍රිගේ පැත්තද ඊට නොදවෙනිය. මෛත්‍රිගේ කණ්ඩායමේම දූෂිතයො තියාගෙන මෛත්‍රි නටපු නාඩගම ගැන ශ්‍රී ලංකා කාරයෝම කියන්නේ අපූරු කතාය.
"පක්ෂ ලේකම් දුමින්දලා කෝටි ගණන් විනාශ කරලා කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැඟිල්ලක් අරන් කරපු නාඩගම මෛත්‍රි නොදැක්කා වගේ හිටිය. එයා වගකීම් පැවැරුව සුසිල්ලා, අනුර ප්‍රියදර්ශනලා දෙපැත්තෙ කකුල තියාගෙන හිටියා කියලා තේරෙද්දිත් ඒ අයටම පක්ෂයේ බරපතළ වගකීම් පැවැරුවා. වෙලාවට පොහොර ටික දී ගන්න බැරි කෘෂිකර්ම ඇමැති, වෙලාවට සාධාරණව සමෘද්ධි දීමනාව දෙන්න බැරි ඇමැතිලා හිටියේ මෛත්‍රි පිලේ. ඩිලාන්ලගේ කතා, උෟව මහ ඇමැති චාමර සම්පත්ගෙ හැසිරීම, ගුරුවරිය දණගස්සපු ජනතා නියෝජිතයො වගේ අය ඉස්සරහට ගත්තෙ මෛත්‍රි. ඒක මෙදා සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් කරන දෙයක් වුණා. මධ්‍යස්ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු මේ නිසා කලකිරුණා."

සියලු පාර්ශ්වයන් පිළිබඳ එසේ තිබියදී මහින්දට ගම් මට්ටමේදී ඔහු සිතුවාටත් වඩා බලයක් ලැබීම පුදුම වන්නට දෙයක්ද නැති බව කීම පුදුමයක් නොවේ.
තවමත් මෛත්‍රි ප්‍රහාරක ස්ථාවරයේ සිට රනිල්ගෙ පිලට කඩුවෙන් කොටන්නටත් ඉන් තව තවත් ගැටලු ඇති කරගන්නටත් සූදානම් දැයි කියන්නට බැරිය. රනිල් ද තත්ත්වය සිහිනුවණින් වටහාගෙන තමන්ගේ රෝයල් කල්ලිය සමඟ "රෝයල් කොලේජ් තීන්දු" ගන්නට සූදානම් වී විනාශයක් සිදු කරගන්නට ලැහැස්ති වනවාදැයි කියන්නට බැරිය.
එහෙත් මහින්ද සූදානම් වන්නේ මෛත්‍රි හා රනිල් ඕනෑකමින්ම සිදුකර ගනු ලැබූ අත්වැරැදි නිසා උදාකරගත් ප්‍රතිඵලයේ වාසිය සියතට ගනිමින් ඊළඟ ප්‍රතිඵලය ගන්නටය. ඒ නිසා මෛත්‍රි හා රනිල් මේ ව්‍යසනයෙන් ගොඩ ආයුතු වන්නේ සිහිබුද්ධියෙන් කටයුතු කිරීමෙනි. බල තරගයට යෑම කළ යුතුද නැත්ද යන්න කල්පනා කළ යුතුය.
එනිසා මේ සටහන නිම කරන්නට පෙර විදෙස් පුවත්පතක් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පළ කළ දෙයක් මෙහි දැක්වීම වටින්නේය.

"මෙම ඡන්ද ප්‍රතිඵලය පවතින රජයේ ක්‍රියා පරිපාටියට එරෙහිව ජනතාව ලබාදුන් ජනමත විචාරණයක් හා සමානය. ඉන් අනතුරු ඇඟවීමක් කර තිබේ."
ඊඩඥ ඊඪථඥඵ ධට ධ්දඤඪච
එනිසා නායක දෙපළ මෙය සිහිනුවණින් වටහා නොගතහොත් මහා විපත අත ළඟය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon