සේවක අර්ථසාධක අරමුදලට අත නොතබනු!

  👤  2836 readers have read this article !
2018-02-11

සේවක අර්ථසාධක අරමුදල (ඡ්ර්ථීජ්) පිහිටුවා මේ පෙබරවාරි 13 වැනි දිනට වසර 60ක් සම්පූර්ණ වේ. වර්තමානයේ අග්නිදිග ආසියාවේ රටක පවතින සශ්‍රීකම බැංකු ගිණුම ලෙස සැලකෙන්නේ ලංකාවේ අර්ථසාධක අරමුදලය. එහි බැර වත්කම ටි්‍රලියන 3 ඉක්මවයි. අර්ථසාධක අරමුදලේ සැබෑ හිමිකරුවන් වන්නේ මෙරට වැඩ කරන ජනතාවය. අර්ථසාධක අරමුදලේ උප්පත්ති කතාව පිළිබඳ ලිපියක් අද 'ඉරිදා මව්බිම' ට ඇතුළත්ය. ලාංකේය කම්කරු පන්තිය දීර්ඝ කාලයක් කඳුළු ගෑස්, පොලිස් බැටන් ප්‍රහාරවලට ලක්වෙමින් කරන ලද අනවරත කම්කරු සටන් හා වැඩ වර්ජන තුළින් අර්ථසාධක අරමුදල දිනා ගැනීම සුවිශේෂී කම්කරු ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක්විය යුතුය. එහෙත් එය එසේ සටහන් නොවීම කනගාටුවට කරුණකි.

සේවක අර්ථසාධක අරමුදල වූ කලී 1956 ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව විසින් රිදී බන්දේසියක තබා ලාංකේය කම්කරු පන්තියට තිළිණ කළ දායාදයක්ය යන දැනට ගොඩනැඟී ඇති මතය සාකල්‍යයෙන්ම වැරැදිය. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත 1958 පෙබරවාරි 13 වැනිදා අගමැති බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ නිවාස කම්කරු හා සමාජ සේවා ඇමැති ටී.බී. ඉලංගරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව දීර්ඝ විවාදයකින් පසුව සම්මත වූ බව සැබෑය.

සේවක අර්ථසාථක අරමුදල ගැන බොහෝ දෙනා නොදන්නා කාරණයක් තිබේ. අර්ථසාධක අරමුදලක් පිහිටුවිය යුතුය යන යෝජනාව ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලද්දේ බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුව 1944 වර්ෂයේ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්ගේ සභාපතිත්වයෙන් පත් කළ සමාජ සේවා කොමිෂන් සභාව විසිනි. ඒ වනවිටත් බි්‍රතාන්‍ය ආණ්ඩුව එරට පෞද්ගලික අංශයේ කම්කරුවන් සඳහා ඡ්ර්ර්ථීඹ්ර්ණීකඡ්ඡ්ඉ ර්ථීඅර්ණීඍධ්ච්ඡ්ව්ඊ ජ්උව්ච් ස්ථාපිත කර තිබිණි. එය වූ කලී බි්‍රතාන්‍ය කම්කරුවන් ලෙයින්, කඳුළින් සහ දහදියෙන් දිනා ගන්නා ලද්දකි.

සර්, අයිවර් ජෙනිංග්ස් විසින් 1947 දී අර්ථසාධක අරමුදල යෝජනා කරන විට මෙරට කම්කරුවෝ ලිප්ටන්, බෘෘක් බොන්ඩ්, බෝකර්, හන්ටර්, කාර්ගිල්ස්, මිලර්ස් ආදී ඉංග්‍රීසින්ගේ සමාගම්වල ලක්ෂ ගණනින් සේවය කළෝය. ඔවුන්ට අවම වශයෙන් පැය අටේ වැඩ දිනයවත් හිමිව තිබුණේ නැත. 1948දී ලේ නොසොල්වා ලබාගත් බව කියන නිදහසද ලැබිණි. දේශීය නායකයන්ට පාලන බලය හිමිවිය.

එහෙත් අර්ථසාධක අරමුදල් පනත සම්මත කෙරුණේ නැත. එජාප ආණ්ඩුවට (1948 - 56) අරමුදල පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථා දෙකකදීම එය ප්‍රතික්ෂේප විය. එම්.සී. කලීල් සහ ඇම්.ඩී. බණ්ඩා යන ඇමැතිවරු එම අවස්ථා දෙකේදී යෝජනා ඉදිරිපත් කර තිබිණි. 1956 අවුරුද්දේ දෙසැම්බරයේ බෘෘක් බොන්ඩ් සමාගමේ කම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලක් ඇති කරන ලෙස ඉල්ලා ඇම්.ජී. මැන්දිස්ගේ නායකත්වයෙන් යුතු ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මෙහෙයවීමෙන් දීර්ඝ වැඩ වර්ජනයක් ආරම්භ කළෝය. තේ නැව්ගත කිරීම ඇනහිටියේය. ලංකාවේ තේ ආදායම කෝටි 7කින් අඩුවිය. අගමැති බණ්ඩාරනායකගේ ආණ්ඩුව උසාවි නියෝගයක් ගෙන කම්කරුවන් 400ක් අත්අඩංගුවට ගත්තේය. නමුත් කම්කරුවෝ වර්ජනය අත් නොහළෝය. අවසානයේ බෘෘක් බොන්ඩ් සමාගමේ සභාපති එම්. බෘෘම් අර්ථසාධක ගෙවන්නට එකඟ වීමෙන් වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් විය. 1957 ජනවාරියේ සිට අර්ථසාධක ගෙවීම ආරම්භ විය.

සමස්ත කම්කරු පන්තිය අර්ථසාධක අරමුදලට දායක කිරීම නීතියක් ලෙස සම්මත වූයේ සුදු ආණ්ඩුව එය යෝජනා කිරීමෙන්ද වසර 10කට පසුවය. වර්තමානයේ ටි්‍රලියන ගණනක් වූ සේවක අර්ථසාධක අරමුදලට සිටින භයානක සතුරන් වන්නේ බලයේ සිටින පාලක පන්තිය බව සඳහන් කිරීම සාවද්‍ය නොවේ. පසුගිය අපකීර්තිමත් බැඳුම්කර කොල්ලයේදී ද අර්ථසාධක අරමුදලේ කෝටි ගණනක මුදල් කොල්ලකෑ බව රටම දනී.

අරමුදල පාලනය විය යුත්තේ වෘත්තීය සමිති නියෝජිතයන්, හාම්පුතුන්ගේ සම්මේලනය සහ ආණ්ඩුව යන ත්‍රිත්ව මඟින් බවට නීති ගෙනා යුතු බව වෘත්තීය සමිති දීර්ඝ කාලයක් තිස්සේ කරන යෝජනාව තවමත් හමස් පෙට්ටියේය. සොරකම් කිරීමේ කූට අභිප්‍රාය නිසා බලයේ සිටින දේශපාලකයෝ ඊට එකඟ නොවෙති.
අර්ථසාධක අරමුදල පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේය. එය එතැනින් ගලවා මහා භාණ්ඩාගාරයට අෑ¼දා ගන්නට අගමැති රනිල් වික්‍රමසිංහ කීප අවස්ථාවකම යෝජනා කළ බව අමතක නොකළ යුතුය. සේවක අර්ථසාධක අරමුදලේ ආරක්ෂාව ගැන වැඩ කරන ජනතාව අවදියෙන් සිටිය යුතුය. ඊට අත තබන්නට කිසිවකුට ඉඩ නොදිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්