විප්ලවීය ඡායාරූප ශිල්පියා

  👤  3530 readers have read this article !
2018-02-11

"අප විවිධ ජාති, ආගම්, කුල ගෝත්‍ර, දේශපාලන පක්ෂ ආදී පටු සීමාවලින් බෙදී, වෛරී අදහස් පතුරවමින්, කා කොටා ගැනීම දැන්වත් නවත්වමු. අප දුගී බවේ පතුලට ඇද දමා තිබෙන, කිසි කලෙකත් සිතා ගත නොහැකි ම්ලේච්ඡත්වයෙන් අප මර්දනය කරන, අපේ රටේ සම්පත් විදේශිකයන්ට සූරා කන්නට අවස්ථාව ලබාදී ඒ මුදලින් සුර සැප විඳින, අපේ 'පොදු සතුරා' වන මේ ධනවාදී පාලකයන්ගේ නින්දිත වැඩපිළිවෙළ හඳුනා ගනිමු. ඊට එරෙහිව පෙළ ගැසෙමු. මා ඒ සඳහා ආරාධනා කරන්නේ තරුණ ඔබටයි. ඔබේ ලෝකය දිනාගත යුත්තේ ඔබයි."

එසේ තම අදහස් පළ කරන්නේ නව පරම්පරාවේ ඉතාම ධෛර්ය සම්පන්න කෙන්යා ජාතිකයකු වන බොනිෆස් මුවාංගිය. ඔහු උපත ලැබුවේ 1983 ජූලි දහය දින කෙන්යාවේ, ටැන්සානියා දේශසීමාව ආසන්නයේ පිහිටි ගමකය. ඔහුගේ මව වීදි පොත් වෙළෙ¼දාමේ යෙදී සිටි කාන්තාවකි. ඉගෙනීමට සූරයකු වුවද මුවාංගිට පාසල් යෑම නවතා, ඇය හා ජීවන සටනට එක් වීමට සිදුවිය. 2000දී මව මිය ගියෙන් ඒ වනවිට දාහත් හැවිරිදි වියේ පසු වන මුවාංගිට ජීවත් වීමේ අභියෝගයට තනිව මුහුණ දීමට සිදුවිය. බස් නැවතුම්පොළේ කම්කරුවකු වශයෙන්ද, ගෘහ සේවකයකු ලෙසද දුගී ජීවිතයක් ගත කිරීමට සිදු වූයේ එදා වේල සොයා ගැනීමටය. එහෙත් ඔහුට තිබුණේ මානව දයාවෙන් පිරුණු ශක්ති සම්පන්න හදවතකි. ජීවිතය වෙනස් කර ගැනීමට තීරණය කළ ඔහු සෙමනේරියකට ඇතුළුව, බයිබල් ඩිප්ලෝමාවක් ලබා ගත්තේය. මොහොමඩ් අමින් නම් කෙන්යා ඡායාරූප ශිල්පියාගේ ආභාසය ලත් ඔහු ඡායාරූපකරණය හැදෑරීය. මාධ්‍යවේදී පාසලකට ඇතුළුව ඉගෙන ගැනීම ඔහුගේ ඊළඟ අරමුණ විය. වීදියේ පොත් වෙළෙ¼දාමෙන් පාසල් ගාස්තු සොයා ගෙන ඒ අරමුණ සපුරා ගන්නා ඔහු, තම නිසග කුසලතාවයෙන් අතිදක්ෂ මාධ්‍ය ඡායාරූප ශිල්පියකු බවට පත්විය. 2005 දී ඊඩඥ ඉබචදඤචපඤ නම් ජාතික පුවත්පතට ඉදිරිපත් කරන ඡායාරූපය සඳහා 'වසරේ හොඳම ඡායාරූපය'ට හිමි සම්මානය දිනා ගැනීමෙන් ඔහුට තම රටේ නමක් දිනා ගැනීමට අවස්ථාව ලැබිණි. එතැන් සිට ඉදිරි වසර තුන ඇතුළත අප්‍රිකාවේ වඩාත්ම බලාපොරොත්තු තබා ගත හැකි ඡායාරූප ශිල්පියා බවට පත් වන්නේ ඔහුය. මුවාංගි 2008 සහ 2010 වසරේ හොඳම ඛ්ව්ව් අන්තර්ජාතික මාධ්‍ය ඡායාරූප ශිල්පියා බවට සම්මාන ලැබීමෙන් ජාත්‍යන්තර තලයටද පිවිසුණේය. 2014 හා 2016 වර්ෂවල වඩාත් බලපෑම ඇති කළ අප්‍රිකානු ජාතිකයන් සියය අතරට ඒමටද ඔහුට හැකි විය.

පුවත්පත් වෙනුවෙන් කටයුතු කරන සමයේ, 2007 පැවැති පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉසිලිය නොහැකි ම්ලේච්ඡත්වය ඔහු විසින් සියැසින්ම දැක ගන්නා ලදී. ඔහු වඩාත් අසහනයට පත් වූයේ මෙම බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ පාලන තන්ත්‍රයට කිසිම දඬුවමක් නොලබා සුව සේ හිඳින්නට හැකි වීමය.
"අවි ගත් රජය නිරායුධ මිනිසුන්, කාන්තාවන්, ළමයින් වධ හිංසනයට පමුණුවනු මම සියැසින්ම දැක්කා. මේ අසාධාරණ කෘෘරත්වය දැක දැකත් තවදුරටත් ඡායාරූපකරණයේ යෙදෙමින් නිසංසලේ ජීවත් වීමට මගේ හදවත ඉඩ දුන්නේ නෑ. මම තීරණයක් ගත්තා මෙම දුෂ්ට පාලන තන්ත්‍රයට එරෙහිව සටන් කිරීමට. එහෙත් මට තිබූ ආයුධය කුමක්ද? මගේ ඡායාරූපකරණයේ හැකියාව පමණයි. මම එය උපයෝගී කරගෙන මේ බිහිසුණු ක්‍රියාවන් මුළු ලෝකයටම වාර්තා කරන්න පෙරමුණ ගත්තා. ඒ නිසා මම නිරන්තර මරණ තර්ජනයට මුහුණ දී සිටිනවා."

මෙසේ තම ප්‍රදර්ශනය ගැන බොනිෆේස් මුවාංගි පවසන්නේ කිසිදා ඔහුගේ මුව අත් නොහැර යන සුහදශීලී සිනාවෙන් යුතුවය.
ර්ථීඪජඩච ර්බචචදඪ නමින් හැඳින්වූ එම වීදි ඡායාරූප ප්‍රදර්ශනය මඟින් පැවැති රජය විසින් සිදුකරන ලද බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා මහජනතාවට නිරාවරණය කරන ලදී. රට වටා රැගෙන යමින් පවත්වන ලද එම ප්‍රදර්ශනය මිලියන දෙකකටත් වඩා ජනතාව විසින් නරඹන ලදී. 'ජාතිය සුවපත් කරමු' යනුවෙන් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශනයක්ද ඊට සමගාමීව පෙන්වන ලදී. දක්ෂ දේශකයකුද වූ මුවාංගිගේ පැහැදිලි කිරීම්, ජනතාව අතර අවංක සංවාදයක් ගොඩනඟා ගැනීමට, ජනතාවට යථාර්ථය වටහා දීමට, අසාධාරණයෙන් පීඩිත ජනතාව සුවපත් කිරීමට මහත් රුකුලක් විය. මෙම වැඩසටහන අප්‍රිකාවේ රටවල් ‍ෙදාළහක ජාතීන් දැනුවත් කිරීම සඳහා යොදා ගන්නා ලදී.
එතැන් සිට තම සමාජ ක්‍රියාකාරිත්වය තවත් ඉදිරියටම ගෙන ගිය මුවාංගි ඊඥචථ ඛ්ධභපචඨඥ නම් සංවිධානයෙන් එරට තරුණ කැල එකමුතු කොට ඇත. ඔහු විසින් 2012දී පිහිටු වූ සංවිධානය ර්ථීචඹච 254 නමින් හඳුන්වයි. එහිදී කලාවත් දේශපාලනයත් එක් තැන් කරමින්, යහපත් දේශපාලන සංස්කෘතියක් කරා 'වෙනසක් ඇති කිරීම' වෙනුවෙන් කලාකරුවන්ගේ දායකත්වය ලබා ගන්නා ලදී. දේශපාලන බලයෙන් තොරව රට ගොඩනැඟීමට අපහසු බව වටහා ගන්නා ඔහු 2017දී කෙන්යාවේ උඬඹඥතඪ ර්ථීචපබර නම් දේශපාලන පක්ෂයෙන් කෙන්යාවේ මහ මැතිවරණයට තරග කරන ලදී. හෙලන් මුවංගි වන ඔහුගේ බිරියද මේ සමාජ ක්‍රියාකාරිත්වයේදී ඔහු හා ඉදිරියෙන්ම සිටියාය. ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටී. ඔහුගේ ජීවිත කතාව උදඡධභදඤඥඤ නමින් පළ කොට ඇත.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon