මලල්ගොඩ රහස් පොලිසියේ 4 වැනි තට්ටුවේ

  👤  3258 readers have read this article !
2018-02-11

මේ කලබලවලින් දින කිහිපයකට පසු පොත සම්බන්ධ කරුණු වග විභාග කිරීම සඳහා රහස් පොලිසිය මා පොලිස් සුපිරින්ටැන්ඩන්ට් ආර්.ඊ. ක්‍රිටෝ හමුවට ගෙන ගියේය. රහස් පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණයේ තොරතුරු අන්තර්ගතව ප්‍රවෘත්තිවලට පිටුපසින් ඕඡ්ඩ්ධ්ව්ච් ඊඩ්ඡ් ව්ඡ්එඉ යන සිරස්තලයෙන් 1958 මැයි 18 දා ඉරිදා ටයිම්ස් පත්‍රය මෙසේ අනාවරණය කළේය.

දිවයිනෙන් පිටව සිටින කැබිනට් ඇමැතිවරියක සම්බන්ධව නිග්‍රහජනක තොරතුරු සමහරක් ඇතුළත්ව ශීඝ්‍රයෙන් විකිණී යන සිංහල පොත මේ දිනවල රාත්‍රි කෑමෙන් පසු කරන සාකච්ඡාවල ප්‍රධාන ස්ථානයක් ගත්තේය. ශත පනහක් මිල මේ පොත දැන් රුපියල් 5ට අලෙවි වේ. මේ සතියේ මේ පොතේ ඉංගී්‍රසි පිටපතද නිකුත් වන බව දැනගන්නට ඇත. දැනට ඉතා ආශාවෙන් කියවන මේ පොතේ ප්‍රකාශනය හා විකිණීම පිළිබඳ රහස් පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණ සාර්ථක වී තිබෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි.

තෝරාගත් බලවත් රහස් පරීක්‍ෂකයකුට මේ කටයුත්ත භාර දී ඇත. කැඳවීමට අනුව රහස් පරීක්‍ෂක හමුවෙහි පෙනී සිටියේ බලසම්පන්න පෙනීමක් ඇති නිහඬ මාදිලියේ පුද්ගලයෙකි. ඔහු රහස් පරීක්‍ෂකයන් ඉදිරියේ ආතර් මිලර් කෙනකු මෙන් හැසිරුණේය.
පොතේ විස්තරයේ ඇති සිද්ධීන් ගැන කියන්නට ඇත්තේ කුමක් දැයි ඔහුගෙන් වැරෙන් ප්‍රශ්න කෙරිණි.
මට කියන්නට ඇති සියල්ල පොතේ ඇත. යනුවෙන් කර්තෘ දුන් පිළිතුරෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම නිෂ්ඵල බව පෙනී ගියේය. මෙහිදී පරීක්‍ෂක තැන වඩාත් කෙළින් අරමුණ කරා ළං වීමට තැත් කරමින් ඇමැතිවරියට විරුද්ධව කවර චෝදනා ඔප්පු කළ හැකි දැයි ඔහුගෙන් වැරෙන් ප්‍රශ්න කළේය.
සෑම එකක්ම යැයි කර්තෘ ජයග්‍රාහී ලෙස කීවේය.

"කොහොමද?"
ලේඛන සාක්‍ෂිවලින් යැයි ආර්ය සිංහල ඇඳුම්කාරයා හීන් හ¾ඩින් කීවේය.
මෙහිදී ඔහු වෙත කඩා පැන කෘෘර ලෙස ඔහුගේ සාක්කු පිරික්සීමේ ආශාව රහස් පරීක්‍ෂක තැන ආයාසයෙන් මැඬ පවත්වාගෙන තිබේ.
"අපට අත් පිටපත් බැලිය හැකිද?

සුදුසු ස්ථානයට ඒවා පත් කරනු ඇතැයි ඔහු පවසා තිබේ. ඒ අනුව පරීක්‍ෂණය අසාර්ථක ලෙස අවසන් වී තිබේ.
අගමැති ඝාතනයෙන් පසුවද පී මලල්ගොඩගේ "අගමැති ඝාතනයේ අබිරහස" පොත පාර්ලිමේන්තුවේදී එළියට ආවේය. මැද කොළඹ තුන්වන මන්ත්‍රි ඇම්.ඇස්.තේමිස් පොත සභාවට පෙන්වමින් වේගවත් කතාවක් කළේය. ඒ අවස්ථාවේ නව අගමැති විජයානන්ද දහනායකද සභාවේ සිටියේය.
ඇතැම්විට මේ පොත අගමැතිතුමා අද වන තෙක් සමහරවිට කියවා නැතුවා වෙන්න පුළුවන්. අවශ්‍ය නම් මට දෙන්නත් පුළුවන්. මා ඉල්ලා සිටින්නේ මෙය විකුණන්න අවසර දෙන්න කියලා.

මේ පොතේ අඩංගු සියල්ලටම මා වගකීම භාර ගන්නවා යැයි කීමෙන් මලල්ගොඩ ආණ්ඩුවට ලොකු අභියෝගයක් කර තිබෙනවා. ආණ්ඩුවේ දූෂණ වැඩ ගැන ප්‍රසිද්ධියේ පොතක් නිකුත් කර තිබෙන විට ඒ ගැන පරීක්‍ෂණ නොකරන්නේ ඇයි?
බණ්ඩාරනායක මහතාගේ ජීවිතයේදී එතුමාට ඉතා භයානක සිද්ධීන් දෙකකට මුහුණ දෙන්නට සිදුවුණා. එතුමා මරණීය වෙඩිල්ලට මුහුණ දුන් අවස්ථාව එකක්. අනෙක මේ කවි කොළ සිද්ධියයි.
මේ ගැන කතා කළ විට එතුමාගේ ඇස් දෙකෙන් කඳුළු ආවා. මේ පිළිබඳ දැනගත් පසු බණ්ඩාරනායක මහතා කැබිනට් එකට ඇවිත් පැය දෙකහමාරක් දෙහි කැපුවා. මේක කළ එකාට හෙණ ගහන්න ඕනෑ. මේක කළ කෙනා කවුදැයි මා දන්නවා නම් මා කරන එක දන්නවා යැයි කියමින් කැබිනට් එකේ ඉතා වේගයෙන් කතා කළා. කවුද මේක කළේ? විමලා විජයවර්ධන මේ කවි ලියද්දී තමා ළඟ සිටි බව මලල්ගොඩ මෙහි කියා තිබෙනවා. ඉතින් ඇයි මේ ගැන ක්‍රියා නොකළේ. මේ ගැන එදා පරීක්‍ෂා කළා නම් අද බණ්ඩාරනායක මහතා ජීවතුන් අතර සිටිනවා පමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ සිටින සමහරු වැලිකඩ හිරගෙදර සිටිනවාට කිසිම සැකයක් නැහැ.
ගරු කතානායකතුමනි,
මේ පොතේ 19 වැනි පිටුවේ මෙසේ සඳහන් වෙනවා.
විමලා විජයවර්ධන කියන්නේ මහජන සෞඛ්‍ය අමාත්‍ය තානාන්තර ලැබීමෙන් පසු සකල ලෝකය ඒකච්ඡත්‍රකොට සියල් සිරින් විරාජමාන වන්නා වූ ද කැලණි රජ මහා විහාරයේ කප්පිය කාරක වුවද බෞද්ධ මහෝපාසිකාවය.

විමලා විජයවර්ධන කොයි දේ කළත් ඒක ආයේ මදිය නොකියන්නට කළා. ඇයට නිකුත් කරන්නට තිබුණේ කැලෑ පත්තර දෙකක්. නමුත් කැලෑ පත්තර ඉතිහාසයේ අමුතුම පරිච්ජේදයක් උදාවන තැනට ඒ වැඩේ කිරීමට අෑ වග බලා ගත්තා. මෙලෝ සම්මජ්ජාතියේ කිසිම මිනිසෙකු එබඳු අසභ්‍ය පත්‍රිකා නිකුත් කළේවත් නිකුත් කරන්නට ලැබෙන්නේවත් නැතැයි සිතන තරමට ඇගේ කෘතහස්තභාවය එයින් පළවී තිබුණා.
විමලා වටා හතර පස් දෙනකුට සීමා වූ ඉතා සුළු පිරිසක් සිටියා. මේ ප්‍රේම සාගරය සිංහාසනාරූඪ වුවහොත් අපට රණකෙළි නොවේදැයි එම පිරිස කල්පනා කළා. බණ්ඩාට පුළුවන්නම් මට බැරි මොකදැයි ඇයද කල්පනා කළාය.

මේ වියරුවෙන් විමලා විජයවර්ධන කොයිතරම් ඉදිරියට ගියේද යතහොත් බණ්ඩාට මේ වැඩේ කරන්න කොන්ද පණ නෑ. සුමාන දෙකක් අගමැතිකම කරන හැටි පෙන්වන්න යැයි ඇය මීරිගම ඡන්ද දායකයන්ට පවසා තිබෙනවා.

මා මතක් කරන්නට කැමැතියි අගමැතිතුමා මැරීමේ කුමන්ත්‍රණයත් කැලෑ පත්තර පැතිරීමත් දෙකම එකක් බව. ඒ දෙකම සම්බන්ධ කර පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටිනවා.
උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්