සියල්ල නැති භංග වූ ව්‍යාපාරිකයාට කාලි මෑණියන් පිහිට වූ හැටි

  👤  3480 readers have read this article !
2018-02-11

කාලි මෑණියන් කෙරෙහි අසීමිතව විශ්වාසය තබන අයට ඇයගේ ආශීර්වාදය, කරුණාව, පිහිට ලැබෙන බව මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසයි. එලෙස පිහිට පතා භාරහාර වන බැතිමතුන් තම අපේක්ෂා හරිගිය විට තමන් බාර වූ දෙයටත් වඩා වැඩියෙන් මෑණියන්ට පුද පඬුරු ලබාදෙන අවස්ථා එමට බව මහේන්ද්‍රසාමි කියයි.

තමන් නිර්දෝෂ වී අවංකව පිරිසුදු චේතනාවෙන් මෑණියන්ගෙන් පිහිට යදින බැතිමතුන්ට කඩිනමින්ම පිහිට ලැබෙන බවට විශ්වාසයක් පවතී. එලෙස පිහිට ලැබූවන් බොහොමයක් සිටින බව මහේන්ද්‍රසාමි පූජකතුමාද පවසයි.

"මම මේ කියන පුද්ගලයා කෑගල්ල පැත්තේ ගොඩනැඟිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවෙක්. එයාගේ වැඩ හොඳ නිසා මහා පරිමාණ ඉදිකිරීම්වලට පවා එයාට කොන්ත්‍රාත් වැඩ ලැබෙනවා. ඇණවුම් වැඩි නිසා විවේකයක් නැතිවම දිවා රෑ නොබලා වැඩ කරන්න වෙලා තියෙනවා. කොච්චර වැඩ වැඩි වුණත් තමන්ට පැවැරෙන රාජකාරිය එයා හරියටම ඉෂ්ට කළා. එයාගෙන් වැඩ ගන්න සමහරුන් මාස ගණන් පොරොත්තු ලේඛනයේ සිටියේ මේ මනුස්සයාගේ වැඩ ඒ තරම්ම හොඳ නිසා.
ඒත් මේ මෑතකදී එයාට එන වැඩ ටිකෙන් ටික අඩුවුණා. තමන්ගේ ඉදිකිරීම්වල ප්‍රමිතියේ අඩුවක්ද කියලා එයා සොයාබැලුවා. ඒත් එහෙම එකක් එයාට දැනගන්න ලැබුණේ නෑ. මේ තත්ත්වය එන්න එන්නම වැඩි වුණා. මේ නිසා ආර්ථික අපහසුකම්ද වැඩි වුණා. එයා ළඟ වැඩ කරපු සේවකයන්ට පඩි ගෙවන්න සමහර ඉඩකඩම් විකුණන්නත් සිද්ධ වුණා. ව්‍යාපාරය වැටෙද්දි සේවකයන්ද අස්වී වෙනත් තැන්වලට රැකියාවලට ගියා.

ආදායම් අඩු නිසා පවුලේ වියදම්ද දැඩි ලෙස සීමා කිරීමට සිදු වුණා. සල්ලි ගොඩේ පිහිනපු මේ මනුස්සයට වෙච්ච දේ අදහගන්නවත් බැරි වුණා. ඒ නිසා එයා හිටියේ දැඩි චිත්ත වේදනාවෙන්. එයාට හිතවත් සේවකයෙක් "ඉරිදා මව්බිම" පත්තරය නොකඩවාම කියවන කෙනෙක්. පත්තරය ගත්තු ගමන්ම එයා කියවන්නේ කාලි මෑණියන්ගේ අනුහස් ගැන කියැවෙන ලිපිය. ඉතින් මේ සේවකයා කාලි මෑණියන්ගේ අනුහස් ගැන මේ ව්‍යාපාරිකයාව දැනුවත් කළා. කරකියා ගන්න දෙයක් නැතිව හොඳටම වැටිලා හිටිය මේ ව්‍යාපාරිකයා තමන්ගේ හිතවත් සේවකයගේ ඉල්ලීමට අවනත වෙලා ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ආවා.

කෝවිලට ආපු මේ ව්‍යාපාරිකයා බොහෝම දුක්බරව තමන්ට සිද්ධ වෙලා තියෙන දේ මට කිව්වා. මම කාලි මෑණියන්ට එයාගෙ දුක කියල භාරයක් වෙන්න කියලා කිව්වා. එයා මෑණියන් ඉදිරියේ වැඳ වැටිලා බාරයක් වුණා.

ඊට මාස හයකට පස්සේ මේ මනුස්සයා කාලි කෝවිලට ආවා. ඇවිත් මට මෙහෙම කිව්වා.
"මහේන්ද්‍රසාමි දැනට මාස හයකට ඉස්සෙල්ලා මම බාරවුණා මතකද..? එදායින් පස්සේ ටිකෙන් ටික මගේ ව්‍යාපාර ආයේ දියුණු වෙන්න ගත්තා. දැන් කලින් වගේම මට වැඩ ලැබෙනවා. ණයතුරුස් ටිකත් බේරලා දැම්මා. මට දැන් කිසි අඩුවක් නෑ" කියලා.
එයා පොරොන්දු වෙච්ච හැටියට බාරය හොඳටම ඔප්පු කළා. මෑණියන් ළඟ වැඳ වැටී එයා ගොඩක් වෙලා යාතිකා කිව්වා. ඊට පස්සේ මගේ ළඟට ඇවිත් මගේ දෙපා අල්ලලා වැඳලා මෙහෙම කිව්වා.

"සාමි, මෑණියන්ගේ කරුණාව නිසයි මම නැවත ගොඩ ආවේ. මම මේ කෝවිලට තව අලුත් ගොඩනැඟිල්ලක් මගේ වියදමෙන්ම හදා දෙන බවට පොරොන්දු වෙනවා කියලා" මහේන්ද්‍රසාමි කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon