හුළු අතු පත්තු කරන් කොයිබද ගියේ ගමන් මනමාලියේ සවන් යොමුකර බලන් නුවන්

  👤  3495 readers have read this article !
2018-02-11

පුංචි බණ්ඩාරාල යනු එක්තරා ගම්බද ප්‍රදේශයක වෙල් විදානේ කෙනෙකි. ඔහු ඉතාමත් ගුණගරුක, නිහතමානී නීතියට අනුව කටයුතු කළ තැනැත්තෙකි. 1930 ගණන්වල උපත ලද අයෙකි. මෙකල විවාහය සිදුවූයේ ගමේම අය සමඟයි. නමුත් පුංචි බණ්ඩාරාළ උඩරට පළාතේ කාන්තාවක් සරණපාවාගෙන ගමට පැමිණියේය. එම ක්‍රියාව පැවැති සම්ප්‍රදාය කඩ කළ වූවක් වුවද ඔහුගේ යහපත්කම නිසාවෙන් හා ඇය කුලවත් කාන්තාවක් වූ බැවින් එයට කිසිවෙක් හෝ විරුද්ධ නොවූහ.

එවැනි වෙනත් විවාහයක් කරගතහොත් පැවැති නීතියට අනුව කිසිදු නිවෙසකින් එම නිවෙසට ගින්දර ලබා දෙන්නේ නැත. මෙකල මෙන් එදා ගිනි පෙට්ටි බහුල නොවීය. ගින්දර සොයා ගැනීමට බොහෝ දුර යෑමට සිදුවිය. නමුත් පුංචි බණ්ඩා එම නීතිය තමාටම පනවා ගැනීමට තීරණය කළේය.

ගින්දර සෙවීමට ගම් තුනක් පසු කිරීමට සිදුවේ. එබැවින් පුංචිරාල තම නිවෙසේ වැඩට සිටි ටිකිරා නම් කොලුවා සහ ඔහුගේ මිත්‍රයකු සමඟ සවස 7ට පමණ යෑමට පිටත් වූයේ දහවල් කාලයේ අධික උෂ්ණය නිසා ඇතිවන වෙහෙසකාරී බවින් මිදීමටත් ගමේ අනෙකුත් අය තම ගමන දැන ගැනීම වැළැක්වීමත් අරමුණ කර ගෙනය.
ගමනට සූදානම් වූ පුංචිබණ්ඩාරාල "යමුද කොලුවො" යැයි විමසන විට ඔහු තම සඟයාගේ මුහුණ දෙස ක්ෂණිකව බැලීය. අනතුරුව මිත්‍රයා ඊට පිළිතුරු වශයෙන් "හුළු අත්තක් නම් ගේනවා.....ඒත්....යැයි" පවසන්නට සැරසෙත්ම "ඒත්....මේත්.....ගාන්නේ මොකද? ඉක්මනට ඔය හුළු අත්ත පත්තු කරගනින්....." යැයි ටිකිරා තම මිත්‍රයාට පැවැසීය.

අලුත ගෙනා මනාලිය පුංචිරාල දෙස බලා අමුතු සිනහවක් පෑවාය. පුංචිරාලට තරමක අපහසුවක් දැනුණද ඔහුද ඇයට අවංක සිනහවක් පෑවේය.

එම්. ඩී. සී. සාවිත්‍රි විජේවර්ධන
කැලණිය විශ්වවිද්‍යාලය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්