ජනපතිගේ කැබිනට් ඇමතීම

  👤  4722 readers have read this article !
2018-01-21

ඉකුත් සතියේ සෑම පැත්තකින්ම රටේ දේශපාලන උණුසුම වැඩිවන තැනට කරුණු යෙදී තිබිණි. පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සෑම දේශපාලන පක්‍ෂයක්ම රට පුරා මහජන රැලි පවත්වන අතර ප්‍රබල පක්‍ෂ හැම එකක්ම පාහේ ජනමතය දිනා ගැනීම සඳහා ප්‍රතිවාදීන්ට පහර එල්ල කරමින් සිටියේය. බැඳුම්කර කොමිසම් වාර්තාව එජාපය බිය ගන්වන්නක් බවට පත්ව තිබූ අතර එය කොයි අතට පෙරළුනත් තමන්ට බරපතළ අවාසියක් වන බව එජාප නායකයෝ දැන සිටියහ. ඒ නිසාම පෙබරවාරි 10ට පෙර කොමිෂන් වාර්තාව එළියට ඒම වළක්වා ගන්නට එජාපය හැකි සෑම අයුරකින්ම උත්සාහයක යෙදී සිටින අන්දම දැකගත හැකිවිය.
එජාප පසුපෙළ මන්ත්‍රිවරු

ජනපතිට පහර දෙති
එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරු අදහස් කළේ ජනාධිපති කොමිසම දැමීමම එජාපය අතුගා දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත්ව කළ කුමන්ත්‍රණයක් බවය. ඒ නිසාම එජාප වේදිකාවේ ප්‍රසිද්ධියේ ජනපතිට පහරදෙන තැනට සමහර මන්ත්‍රිවරු වැටී සිටියහ. එස්. එම්. මරික්කාර් මන්ත්‍රිවරයා කොළොන්නාවේදී ප්‍රකාශ කර තිබුණේ එජාපයට හොරුන් යැයි චෝදනා කරන ජනාධිපති එජාප ඡන්ද පික් පොකැට් ගැසූ
පික් පොකට්කාරයකු බවය.

ඇමැති හරීන් ප්‍රනාන්දු පවසා තිබුණේ ජනාධිපති බලයට පත්කරන්නට බර ඇද්දේ එජාපය. නමුත් අද ජනපති එජාපයට පහරදෙන බවය. ඩිජිටල් ඇමැතිකම දී ඔහු අතරමං කළ බවත් එයින් බදුල්ලේ ජනතාවට කළ හැකි දෙයක් නැතැයිද හෙතෙම පවසා තිබිණි.

ආණ්ඩුව හැදුවේ එජාපය බවත් එළැඹෙන 10 වැනිදායින් පස්සේ තනි එජාප ආණ්ඩුවක් හදන බවත් දිලිප් වෙදආරච්චි මන්ත්‍රිවරයා පවසා තිබිණි.
ජනාධිපතිගේ කොන්දෙ නට් තදකරලා කොන්දට පණ දුන්නේ අපි. බුරුල් වෙච්ච නට් තදකර කඩුව අතට ගන්න පාර හැදුවේ අපි. ඒකේ නම්බුව
තියෙන්නේ අපට යැයි එජාප මන්ත්‍රිනි රෝහිණි කවිරත්න නාඋල
අහමුණයායේදී පවසා තිබිණි. හෙජින් ගිවිසුමෙන් බිලියන 7,500ක් පාඩු වෙද්දී මෛත්‍රි හිටියේ කොහේදැයි ඇය ප්‍රශ්න කර ඇත.

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහද ජනපතිට දැඩි විවේචනයක් එල්ල කොට තිබිණි. 'සිරිකොත, පක්‍ෂ නායක රැස්වීමක සුජීව කළ ප්‍රකාශයක්ද මාධ්‍යයේ පළ විය.
"මම ඇත්තටම ජනාධිපතිතුමා ගැන විශාල කලකිරීමක ඉන්නේ. රාජපක්‍ෂලත් විනාශ කරලා එජාපයත් විනාශ කළොත් 2020 එතුමාට විශාල බලයක් එන බව ආයතනයක් කියා තිබෙනවා. කොමිසම දික්කර කර අපට මඩ ගැහුවා. පොදු අපේක්‍ෂකයා විදියට 22ක් අරන් එනවා කියලා 4 දෙනයි අරන් ආවේ. කට්ටිය දෙන්න එපා කියද්දී අපියි කිව්වේ කීයක් එක්ක ආවත් සටන පටන්ගමු කියලා" යැයි රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ එහිදී පවසා තිබිණි.
දිගින් දිගට ජනපතිට පහර එල්ලවීම තීව්‍ර වෙත්ම ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරු හෙල්ලුම් කා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළි කළේය.
ශ්‍රී ලනිපයෙන් ප්‍රති ප්‍රහාර

එක්සත් ජාතික පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රිවරු ජනපතිට පහර එල්ල කරද්දී ශ්‍රී ලනිපය පැත්තෙන්ද ඊට නොදෙවැනි ප්‍රහාරයක් අගමැති රනිල් වික්‍රමසිංහට එල්ල විය. රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා, තරුණ සම්මේලනයේ සභාපති ශාන්ත බණ්ඩාර, ඇමැති විජිත් විජයමුනි සොයිසා එහිදී වැඩි ලකුණු
රැස්කළෝය. ජනවාරි 10 අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති එජනිස රැලියේදී ඇමැති සුසිල් ප්‍රේම්ජයන්තද වෙනදා බොරුවට ගල් විදිමින් සිටි කැටපෝලය පසෙක දමා යූඇන්පීයට ගල්කටස් තුවක්කුවකින් වෙඩි තබන්නට විය.

අවුරුදු පහේ කතන්දරෙන්
එජාපය රත් වෙයි
කොරේ පිටට මරේ කීවාක් මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ධුර කාලය වසර 5කට සීමා විය යුතු බව ශේ‍ර්ෂ්ඨාධිකරණය 15දා ප්‍රකාශයට පත්කළේය. එයින් ජනාධිපතිටත් වඩා නොසන්සුන් වූයේ ශ්‍රී ලනිප ඇමැතිවරුය. එහෙත් "හුටා" යැයි ඔළුවේ අතගසා ගන්නවා හැරෙන්නට ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය. එජාපයටද වූයේ පාර මැද හුළං බැස්සා වැනි අකරතැබ්බයකි.

"මොකක්ද මේ කළේ අපි මේ ටික කලින් කිව්වා" ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල කෑගසා තිබිණි.
ජනවාරි තුන්වැනි සතියේ කැබිනට් රැස්වීම යෙදී තිබුණේ 16 වැනිදා අඟහරුවාදාය. යූඇන්පියේ ඇමැතිවරු දත කට මැදගෙන රැස්වීමට ආවේ ජනපති ධුර කාලය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන ජනපතිට දෙහි
කපන්නටය.

"අපි පත්කරගත් ජනාධිපති තනි තීරණයට වැඩ කරනවා නම් හවුල්
ආණ්ඩුවක ඉඳීමේ තේරුමක් නැතැයි" සමහරු කියා තිබිණි.
"අධිකරණයෙන් අහන්න කලින් කැබිනට් එකට දන්වන්න තිබුණා. ඒක කළේ නැහැ. අගමැති දන්නෙත් නෑ ඇමැතිවරු දන්නෙත් නැහැ දැන් වැඩ ඔක්කොම බකල් වෙනවා" එජාප ඇමැතිවරු කියා තිබිණි.

"අපි අඟහරුවාදා ජනාධිපතිතුමා සමඟ මේ ගැන කතා කරමු. මින් ඉදිරියට එහෙම නොවෙන්න සාකච්ඡා කරල වැඩපිළිවෙළක් සකස් කරමු. අගමැති රනිල් ඔවුන් අස්වැසුවේය.
මේ සියලු කරුණු නිසා අඟහරුවාදා කැබිනට් රැස්වීම තීරණාත්මක එකක් විය.

චන්ද්‍රිකා ජනාධිපතිනි කාලේ
කැබිනට් එකට හෑන්ඩ් බෑග් එක ගේනවට රවි විරුද්ධ වුණා
ජනාධිපති කැබිනට් එකට ආවේ කැසට් රෙකෝඩරයක්ද රැගෙනය. මේ කැසට් රෙකෝඩර් කතාවටද ඉතිහාසයක් තිබේ. 2002 යූඇන්පී ආණ්ඩුවේ කැබිනට් රැස්වීමට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කැමරාවක් සහ කැසට් රෙකෝඩරයක් ගෙන එනවා යැයි එජාප ඇමැතිවරු චෝදනා කළේය. කැබිනට් රැස්වීමේ දේවල් පිටට දෙන්නේ වෙනින් කවුරුවත් නොවේ. ජනාධිපතිනියම යැයි රවි කරුණානායක ඇමැති චෝදනා කළේය.

"මේක යකාගෙ කතාවක් මට මගේ හෑන්ඩ් බෑග් එක ගේන්නත් අවසර ගන්නද කියන්නේ" චන්ද්‍රිකා උදහස්ව කෑ ගැසුවාය. ලංකාවේ කැබිනට් රහස් දේව රහස් මෙන් කවදත් සැලකුවේය. එහෙත් කැබිනට් රැස්වීම්වල අලගිය මුලගිය තැන් පසුදින පත්තරවල පළවීම හැමදාමත් සිදුවිය. පොදු පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් රහස් පිට කිරීමේ චෝදනාව එල්ල වූයේ වෙනින් කාටවත් නොව ධීවර ඇමැති මහින්ද රාජපක්‍ෂටය. පත්තරකාරයන් මහින්දගේ නාඩි අල්ලන්නට දැන සිටියාට වඩා හොඳින් මහින්ද පත්තරකාරයන්ගේ නාඩි අල්ලන්නට දැන සිටියේය. ඔහු පත්තර අල්ලාගෙන තමාද සිටින කැබිනට්ටුවේ ගේම ඉල්ලන ඇමැතිවරුන්ට නොදැනෙන්නට බැට දුන්නේය.
ජනාධිපති සිරිසේන අසීරු ගංගා පහසුවෙන් තරණය කිරීමේ සමතෙකි. ඔහු කැබිනට් රැස්වීමට ආවේ පූර්ව සූදානම ඇතිවය. එවන ඕනෑම යෝකර්, බවුන්සර් පන්දුවකට පහර දෙන්නට ඔහු සූදානම්ව සිටියේය.

ජනපති කැබිනට් එක අමතයි
ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම පැවැත්වෙන කාමරයට පැමිණෙන විටත් ඇමැතිවරු වැඩි පිරිසක් පැමිණ අසුන්ගෙන සිටියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විටත් ලිපි ගොනුවක් පෙරළමින් සිටි බැවින් ඔහුගේ අවධානය ඊට යොමුවී තිබිණි. ජනාධිපතිවරයා කැබිනට් කාමරය වෙත පැමිණෙන විට ඔහු පසුපස පැමිණි ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු ක්‍රමයෙන් ඉවත්ව තම තමන්ට අදාළ අංශවලට යන අයුරු දක්නට ලැබිණි. කැබිනට් රැස්වීම කොහොමත් සෑහෙන වේලාවක් පැවැත්වෙන බැවින් තමන්ට තවදුරටත් එහි රැඳී සිටින්නට හේතුවක් නැති බැවින් ඔවුන් පිටව යන්නට ඇත.
ජනාධිපති සිරිසේන මහතාගේ මුහුණේ වෙනදා තිබූ පහන් හැඟීම හා සිනහව තිබුණේ නැත. ඔහු නියමිත අසුනෙහි අසුන් ගන්නා අතරම "කෝ හරීන් පැමිණියේ නැද්දැ"යි ඇසුවේය.

"හරීන් ඇමැතිතුමා තවම ඇවිත් නැතැ"යි කිසිවකු පවසනු ඇසිණි. ජනාධිපතිවරයා නොසන්සුන් මුහුණින් යුතුවම කතාව ආරම්භ කළේය. මම මේ කරන කතාව අහන්න සමහරු අකැමැති වෙයි. සමහරු කැමැති වෙයි. නමුත් මම මේ කතාව කරනවා. මෙතැන නැති කෙනකුට අවශ්‍ය නම් මේ කතාව පස්සෙ අහන්නත් පුළුවන් මම කතාව ටේප් කරනවා.
ජනාධිපතිවරයා ලිපි ගොනුවත් සමඟම රැගෙන පැමිණි හඬ පටිගත කරන කුඩා යන්ත්‍රය මේසය මත තබා ක්‍රියාත්මක කළේය.
ඔබ දන්නවා මම 2014 නොවැම්බර් මාසේ පසුගිය ආණ්ඩුවෙන් එළියට බැස්සේ පළමු කොටම හොරකමට හා දූෂණයට විරුද්ධවයි. මට මෙතැන අහන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නය අලුත් ආණ්ඩුවක් හැදුවේ හොරකම දූෂණය නැවත කරන්නද කියලයි.

බැංකු හොරකමට ඉඩ දෙන්නද කියන්නේ
එක්සත් ජාතික පාක්‍ෂිකයන් මට ඡන්දය දුන්නු බව ඇත්ත. මම ඔවුන්ට ගරු කරනවා. මම හොඳට කළගුණ දත් කෙනෙක්. නමුත් මට අහන්න අවශ්‍යයි මම දූෂණයට විරුද්ධ වීම වරදක්ද? බැඳුම්කර විමර්ශන කොමිසම පත්කළ එක වැරැද්දක්ද? එජාපයේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර්, නලීන් බණ්ඩාර, සුජීව සේනසිංහ ඇයි මට විරුද්ධව වාග් ප්‍රහාර එල්ල කරන්නේ. මට කියන්නේ දූෂිතයන්ට දඬුවම් කරන්න එපා කියලද? එහෙම නැත්නම් මාව බය කරන්නද හදන්නේ. මාව එළවන්නද හදන්නේ මේව ඒ අයගේ වුවමනාවෙන් කරනවද? ඕනෑකමින් කරනවාද එහෙම නැත්නම් වෙනත් කාගේ හරි වුවමනාවට කරනවාද? මට ඒක දැනගන්න ඕනෑ. කවුරුවත් හිතන්න එපා මට විවේචනවලට බයයි කියා. මම විවේචන හොඳට පුරුදුයි.

මම පසුගිය ආණ්ඩුවෙන් එළියට ආවේ ජීවිත අවදානම නොතකා. මම කැප වුණේ දූෂණයෙන් තොර රටක් හදන්න. මම ඒක කරනවා. සමහර එජාප මන්ත්‍රිවරු කිය කියා යනවා බැඳුම්කර කොමිසම පත් කළේ එජාපයට ගහන්න කියලා. මම පැහැදිලිව කියනවා මට කා එක්කවත් පෞද්ගලික ප්‍රශ්න නැහැ. බැඳුම්කර විමර්ශන ගැන හොයන්න කොමිෂන් සභාවක් පත්කළ එක වරදක්ද? මට කියන්නේ දඬුවම් කරන්න එපා කියලද?

මහේන්ද්‍රන් ගන්න එපා කිව්වා ඇහුවද?
රවිට මුදල් ඇමැතිකම දෙන්න එපා කිව්වා ඇහුවද?
මේ හැම දේම සිදු වුණේ මම කියපු දේ ඇහුවේ නැති නිසයි. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න එපා කිව්වා. ඇහුවද? රවි මුදල් ඇමැති ලෙස පත්කරන්න එපා කිව්ව ඇහුවද? කවුරුවත් ඇහුවේ නැහැ.

ජනාධිපතිවරයාගේ ස්වරය ස්ථිරසාර දැඩි එකක් වූවේය. එය එන්න එන්නම වේගවත් විය. කැබිනට් ඇමැතිවරු සිදුවෙමින් තිබෙන්නෙ කුමක්දැයි සිතාගත නොහැකිව තුෂ්ණිම්භූතව බලා සිටියෝය. අගමැති රනිල් වික්‍රමසිංහ වරෙක මේසයට බර වෙමින්ද තවත් වරෙක පුටුවේ පසුපසට ඇළ වෙමින්ද, ජනපතිගේ දේශනයට සවන් දෙමින් සිටියෝය. ජනාධිපතිගේ උදහසට තමනුත් ලක්වේ දැයි නොදැන සමහරු චකිතයෙන් පසුවන බවද පෙනිණි.

හොරු ගැන කිව්වාම
කුලප්පු වෙන්නේ මොකෝ?
මම හොරු ගැන කිව්වාම කවුරුත් කුලප්පු වෙන්න අවශ්‍ය නැහැ. මම එදත් හොරකමට විරුද්ධයි. අදත් හොරකමට විරුද්ධයි. අපි බලය ගත්තේ ඇයි. අපි බලයට ආවේ පසුගිය ආණ්ඩුව කරපුවම කරන්නද කියල මම අහනවා. හොරකමට දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැනලා ඒක නතර කරන්න බැහැ. මට කොපමණ පහර ගැසුවත් මගේ ගමන නතර කරන්න බැහැ.

මම කතා කරන දේ මට වටිනවා එකයි මම කතාව රෙකෝඩ් කරන්නේ. මට බලයට එන්න යූඇන්පීය උදවු කළ බව ඇත්ත. මම පුංචි කාලෙ අපේ ගමේ හොරෙක් හිටියා. ඔහු කළේ බයිසිකල්වල කෑලි හොරෙන් ගලවලා විකුණන එක කාගේ හරි බයිසිකලයක් නවත්තලා තිබුණොත් එක්කො බෙල් එක නැත්නම් වෙන කෑල්ලක් ගලවනවා. දවසක් මම ඉස්කෝලෙ ඇරිල ගෙදර එද්දී මට මේ හොරා හමුවුණා. ඔහු මට අරගෙන යන්න කියලා බයිසිකලයක බේ්‍රක් පලු සෙට් එකක් දුන්නා. මම ඒක කරකව කරකව ගෙදර ආවා. තාත්තා මම එන හැටි බලා ඉඳලා. "ඔය මොකක්ද" කියල මගෙන් ඇසුවා.

"මම කිව්ව මේ බේ්‍රක් සෙට් එකක්"
"කොහෙන්ද ඕක"
"මට මේක අර.... දුන්නා" කියල මම කිව්වා.
"උඹ දන්නෙ නැද්ද ඒකා බයිසිකල් හොරා කියලා"
"මීට පස්සේ ජීවිතේ තියෙනකල් හොරුන් ආශ්‍රය කරන්නත් එපා හොර බඩු අල්ලන්න එපා කියලා" මට හොඳටම තරවටු කළා.
මේක මගේ හිතට තදින් කා වැදුණා. අර හොරා දකිනකොට මම අහක බලා ගත්තා. මේකෙන් හොරුන් හඳුනා ගන්න පුංචි කාලෙම මට හොඳ පරිචයක් ලැබුණා. ඒකයි අර්ජුන මහේන්ද්‍රන් දැකපු ගමන් මම බැංකුවේ රස්සාවට ගන්න එපා කිව්වෙ. අගමැති ඒක ඇහුවෙ නැහැ.

පුළුවන් නම් තනිවම
ආණ්ඩුවක් හදන්න
මේ රටේ කිසිම ජනාධිපතිවරයකු අගමැතිවරයකුට නොදුන් බලතල මම මේ අගමැතිතුමාට දුන්නා. එසේ කළේ මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු නිසයි. මම යූඇන්පීය පාවා දෙන්නේ නැහැ. යූඇන්පීයට විරුද්ධත් නැහැ. මහ බැංකුවේ හොරකමට ඉඩ දෙන්නෙත් නැහැ. මගෙන් ඒක නම් බලාපොරොත්තු වෙන්න එපා. මම දන්නවා නඩු යටගහන්න ගිය හැටි. ආණ්ඩුව දිගටම කරගෙන යනවද? කරගෙන යන විදිය මොකක්ද ඔය ගොල්ලො සාකච්ඡා කරල තීරණයක් අරන් මට දැනුම් දෙන්න. විධායක බලය මම පාවිච්චි කළේ නෑ. අවශ්‍ය නම් මට පාවිච්චි කරන්නත් පුළුවන්.

අනපේක්‍ෂිත මොහොතක එක්වරම කතාව නතර කළ ජනපති පුටුව පස්සට දමා නැඟී සිටියේය. කතාවට මිනිත්තු 35ක් ගතවී තිබිණි.
ජනපති නැඟිටයෑම ගැන වැඩියෙන්ම
බය වුණේ ශ්‍රී ලනිප ඇමැතිවරු
කැබිනට් රැස්වීමෙන් පිටවූ ජනාධිපතිවරයා කෙළින්ම ගියේ ජනපති නිල කාමරය වෙතය. ලේකම් කාර්යාලයේ බිම් මහලේ රැස්වීම් ශාලාවේ කැබිනට් රැස්වීම පැවැත්වෙන අතර ජනපති නිල කාමරය පිහිටා තිබෙන්නේ පළමු මහලේය. ජනපති සිරිසේන තත්පර කිහිපයක් තුළ ඉහළ මාලයට
ගියේය. විදුලි සෝපානය දෙසට ගමන් නොකොට සෝපාන පන්තිය අඩියට දෙකට නැංගේය.

ඇමැතිවරු සිටියේ තක්කු මුුක්කු වූ ගමන්ය. වඩාත් සුදුමැලි වී හිරි හිඳී සිටියේ ශ්‍රී ලනිප ඇමැතිවරුය.
'පුළුවන්නම් ආණ්ඩුවක් හදල පෙන්නන්න' කියා ජනපති එල්ල කළ තර්ජනාංගුලිය ශ්‍රී ලනිප ඇමැතිවරුන්ගේ හිස මත පතිත වූ බෝම්බයක් විය. 'හරි මම අපේ ඇමැතිවරුන්ට කියන්නම් අස්වෙන්න' කියලා. ජනපති එසේ කීවා නම් අපට වන්නේ මොන විපතක් දැයි ඔවුන් සිටියේ උඩට ඇල්ලූ හුස්ම පහළට දාගත නොහැකිවය. නමුත් ජනාධිපති එසේ කීවේ නැති බව සඳහන් කළයුතුය.

වජිර අබේවර්ධනත් රාජිතත් වහා නැඟිට අගමැති ළඟට දිව ආවෝය. මලික් සමරවික්‍රමත් එහි විය.
'අපි යමු සර් එක්ක කතා කරමු'
රාජිත - රනිල්ට කීවේය. රනිල් නිමල් සිරිපාල දෙස බැලීය.
'මම එන්නම්, ඔය ගොල්ලොයි ජනාධිපතිතුමා එක්ක කතා කරන්න ඕන. ඔයාලා එක්කයි ප්‍රශ්න
තියෙන්නේ.'

නිමල් සිරිපාල කීවේය. ඔවුන්
පිටත්වන විට එස්.බී., විජේමුනි, මහින්ද සමරසිංහ ඇතුළු හැම දෙනාමත් එජාප ඇමැතිවරුත් ඔවුන් පස්සේ වැටුණෝය.
ජනපති සිටියේ සැහැල්ලුවෙන් යුතුව අසුන් ගෙනය.
'මේ ප්‍රශ්න ඇති වුණේ මැතිවරණය නිසා. ඔයගොල්ලන්ගෙ කට්ටිය මට කොච්චර ගැහුවද පසුගිය ටිකේ. මේ නිසා කාගෙ කාගේත් හිත රිදුණා. අපි මේ අනවශ්‍ය විවේචන නවතමු'

අගමැති රනිල් කීවේය. කෙසේ වුවද සංවාදයට මිනිත්තු 40ක් පමණ ගතවිය. අනවශ්‍ය ලෙස ජනපතිට හා අගමැතිට පහර ගසා ගැනීම දෙපාර්ශ්වය විසින්ම නතර කරන්නට එකඟතාව ඇති විය. සාකච්ඡාව සතුටුදායක තත්ත්වයට පැමිණෙද්දී, කණ්ඩායම් වශයෙන් එළියට ආවේය. අගමැති රනිල් කැබිනට් රැස්වීමට පැමිණ මඳ වේලාවකින් ජනාධිපති සිරිසේන මහතා පැමිණ රැස්වීම ආරම්භ කෙළේය.

ජනපති නැගිට ගිය හේතුව
රාජිත පැහැදිලි කළ හැටි
බදාදා කැබිනට් මාධ්‍ය හමුව පටන්ගත් සැණින් මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළේය. එහිදී ඇමැති රාජිත සේනාරත්න අපූරු පිළිතුරක් දුන්නේය.
ස්වාභාවික අවශ්‍යතා ඇතිවුණාම අපි වුණත් කැබිනට් රැස්වීමෙන් නැඟිටලා එළියට යනවා. ජනාධිපතිතුමා ගියෙත් ශාරීරික අවශ්‍යතාවකට. ඒකට වෙනත් කතා නිර්මාණය කරන්න එපා' ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.

'මේ රජය හදල තියෙන්නෙ නයි - මුගටි දෙදෙනෙක් කූඩුවට දමල වගේ. මේක ගෙනියන එක ලේසි පාසු කෙළියක් නොවේ. මේ ආණ්ඩුවෙ පක්ෂ කොයි අතට ගහ ගත්තත් පාඩු සිදු වන්නේ ආණ්ඩුවට රාජිත කීවේය.

ජනාධිපති සිරිසේන ඊට පසු දින ඇල්පිටියේදී කීවේ ඔපරේෂන් 1 ඉවරයි. 2 ආරම්භ කළා කියාය. යුද්ධය පැවැති කාලයේ නම් ඔපරේෂන් ජය සිකුරු, තන්ඩබෝල්ඩ්, අකුණු පහර ආදිය අසා මේ ඔපරේෂන් දූෂණ වංචාවලට එරෙහි ඒවාය. ඒවා ජයග්‍රහණයෙන්ම කෙළවර වෙනවා දැයි අපට කිව නොහැකිය.
ජනාධිපතිවරයා 17 වැනිදා නීතිපති, මහ බැංකු අධිපති, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ලේකම් කාර්යාලයට ගෙන්වා බැඳුම්කර වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන්නේය. 18 වැනිදා කොස්ගම රැලිය අමතමින් ඔහු කීවේ,
'සමහරු අහනවා මම ගෙදර යන්නේ කවදද කියා. මම කියන්නම් මම යන්නේ මේ හොරු ටිකට විරුද්ධ නඩු අහලා ඔවුන් හිරගෙට දක්කලා හිර ගෙදර කාමරෙන් අපායට ඇදගෙන ගිය දවසට මම මේ තනතුර අත්හරිනවා.

එජාපය ජනාධිපතිවරයාගෙන්
සමාව ගත යුතුයි
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණේ බ්‍රහස්පතින්දාය. එහිදී අගමැති රනිල් කීවේ පක්ෂය ජනාධිපතිවරයාගෙන් සමාව ගත යුතු බවය. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහද 18දා වර්තමාන දේශපාලන තත්ත්වය අලළා විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී හෙතෙම මෙසේද පැවැසීය.
"බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂයේ සාමාජිකයන් ඉන්නවා නම් ඒ අය ගැන සොයා තීරණ ගන්න විශේෂ කමිටුවක් පත් කළා. එම කමිටු තීරණ අනුව ඉදිරියේදී පියවර ගන්නවා. අපි යහපාලන සංකල්පය අනුව යමින් ගමත් රටත් හදනවා. අපේ සම්ප්‍රදාය එයයි.
බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2ක් උපයාගෙන ඇති බව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන්. මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12ක් රඳවාගෙන තිබෙනවා. ඒ නිසා මුළු මුදලම ලබාගන්න පුළුවන්. රජයට අලාභයක් වන්නේ නැහැ"
අගමැතිගේ ප්‍රකාශය බොහෝ අංශවල දැඩි විවේචනයට ලක්විය. සියල්ල නැවත නැවතත් ඔප්පු වී තිබියදීත් අගමැතිවරයා තවමත් බැඳුම්කර හොරුන්ට සුදුහුනුු ගාන්න උත්සාහ කරනවා යැයි බොහෝ පිරිස් චෝදනා කළේය.

අපේ පක්ෂයට අගමැතිකම අරන් දුන් නිසාද කකුලෙන් අදින්නේ
ආණ්ඩුවේ දෙපාර්ශ්වය දෙපැත්තට පහර පිට පහර එල්ල කර ගනිද්දී නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහජන රැලියක් අමතමින් අපූරු කතාවක් කීවේය.
"දැන් කාටත් අමතකයි, අපි අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ අපිව ගලවගන්න ආවේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එතුමා ජනාධිපති කළේ අපි. එතුමා ආවේ දූෂණ, වංචා නැති කරන්න. ජනාධිපතිතුමා ඒක කරනකොට ඇයි මේ කකුලෙන් අදින්නේ. අපේ පක්ෂයට අගමැතිකම අරන් දුන්නේ එතුමා. ඇයි මේ එතුමාට ගහන්නේ. ඒ කළගුණ නොදත් වැඩේ අපේ පක්ෂය කළත් මම ඒකට විරුද්ධ වෙනවා. ඒවා බාල වැඩ. රන්ජන් කියා තිබිණි.

සිරිපාල ගම්ලත්ගේ
දියණියගේ අවමංගල්‍යයේදී
මහින්ද-චතුරිකා හමුවෙති
නිපුණ හාල් අධිපති හිටපු නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණ වැලඳී මියගියා. 35 හැවිරිදි ඇගේ අභාවය බොහෝ සංවේගජනක සිදුවීමක් වුණා. දියණියගේ දේහය අවසන් කටයුතු සඳහා ගිරිතලේ නිවෙසට ගෙන යෑමට ප්‍රථම අවසන් කටයුතු සඳහා කොළඹ මල් ශාලාවක තැන්පත් කර තිබිණි. කොළඹ අවට නෑසියන්, හිතවතුන් බොහෝ දෙනෙක් ඇයට අවසන් ගෞරව දක්වන්නට එහි පැමිණියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ හා මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චිද සමඟය. මහින්ද එහි සිටියදීම අගමැති රනිල්ද මල් ශාලාවට පැමිණියේය. හිටපු ජනපති දුටු අගමැති නැවැතී කතා කළේය.
අද කැබිනට් එකේදී හරි වැඩක් වුණානේ.

රනිල් පහත් ස්වරයෙන් පැවැසීය.
"ඔයාගේ කතාවෙන් මට තේරෙන්නේ මොනවා හරි විශේෂ දෙයක් සිදුවෙලා තිබෙන හැඩයි." මහින්ද කීවේ මුහුණට තරමක බැරෑරුම් ස්වරූපයක් එක් කරගනිමිනි.
එහෙත් ඔවුන් දෙදෙනා අතර දෙබස එතැනින් ඔබ්බට ගියේ නැත. අගමැති කියන්නට ගිය කතාව ගිලගත් බව පෙනුණි. ගම්ලත් දියණිය රංජිලාට අවසන් ගෞරව දැක්වූ අගමැති නික්ම ගියේය. රනිල් නික්ම යනවිටම වාගේ එහි පැමිණියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දියණිය චතුරිකා සිරිසේනය. ඇය දේහයට ගෞරව දක්වා ආපසු හැරෙන විට අෑතින් අසුන් ගෙන සිටින මහින්දව දුටුවාය. චතුරිකා සිනාමුසු මුහුණින් ඔහු වෙත ගියාය.
"කොහොමද සර්" ඇය පිළිවිසියාය.
"හොඳින් ඉන්නවා දුව"
හිටපු ජනපති පිළිතුරු දුන්නේය. ඔහු පිළිතුරු දුන්නේ තමා හැඳින ගෙන නොවන බව වැටහුණෙන් චතුරිකා විපිළිසර වූවාය.
"සර් මාව අඳුන ගත්තේ නෑ. ඕ නැවතත් වී කීවාය. එවිටම නොදුරේ සිටි රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයා වහා ඉදිරිපත්ව
"සර් මේ ජනාධිපතිතුමාගේ දුව" යැයි කීවාය.
"මට ඔයාව අඳුනගන්න බැරි වුණානේ. එන්න දුව වාඩි වෙන්න" මහින්ද ඇය සමීපයෙන් වාඩි කරවාගත්තාය.
"සර්ට අඳුන ගන්න බැරි වුණාට ගෝඨාභය මහත්තයා නම් චතුරිකාව දන්නවා." පවිත්‍රා මන්ත්‍රිනිය පැවැසුවාය.
"මේ දවස්වල ඔයාලට හරියට වැඩි ඇති නේද? මහින්ද ඇසුවේය.

''ඔව් සර් කරගෙන යනවා" ඇය කීවාය.
මඳ වේලාවක් ඇය හා කතාකරමින් සිටි මහින්ද රොෂාන් රණසිංහ හා පවිත්‍රාද සමඟ නික්ම ගියේය.
ඉනික්බිතිව චතුරිකා එතැනින් ඉවත් වූයේ ඇය දන්නා හඳුනන පොළොන්නරුවේ හිතවතුන් එහි සිටි බැවින් ඔවුන් හා සාමීචියේ යෙදෙන්නටය.

බැසිල් - පේෂල - ඩඩ්ලි හමුවෙති
පොළොන්නරුවේ පැවැති මළගෙදරට පක්ෂ - විපක්ෂ විශාල පිරිසක් පැමිණ සිටියහ. මළ ගෙදරට පැමිණ සිටි පිරිස් අතර බොහෝ දේශපාලන සංවාද අසන්නට ලැබුණා. කොළඹ සිට පැමිණි බැසිල් රාජපක්ෂත් උතුරුමැද මහ ඇමැති පේෂල ජයරත්නත් අතර කසුකුසුව බොහෝ වෙලා පැවැතියා. ඒ අතර එතැනට ජනාධිපතිගෙ මල්ලි ඩඩ්ලි සිරිසේනත් එකතු වුණා. තුන් දෙනාගෙම පොදු මතය වුණේ පොළොන්නරුවෙ යූ.ඇන්.පි.ය හතරවැනි තැනට යන්නත් පුළුවන් කියන එක.
'ෆයිට් එක තියෙන්නෙ අපි දෙගොල්ලො අතර පේෂල බැසිල්ට කිව්වා.'
'නෙල්සන්ලට, වසන්ත සේනානායකලට මෛත්‍රිට විරුද්ධව යන්න බැහැනෙ. නෙස්ලන් යූ.ඇන්.පී. එකේ පළාත් සභා මන්ත්‍රි. මහ මැතිවරණෙ අපේ
අපේක්ෂකයා. පැරදුණාම ආයෙ යූඇන්පී බැසිල් කිව්වා. 'නෙල්සන්ගෙ තාත්තා යූ.ඇන්.පී එකෙන් අරන් තිබුණෙත් 32,000යි' කෙනෙක් කිව්වා. ඒ අතරෙ
ලැයිස්තුවෙන් කපපු කීප දෙනෙක් එතැනට හොට දාල පේෂලට ‍ෙදාස් කිව්වා.

'මම නෙවෙයි හිටපු මහ ඇමැති රංජිත්නෙ ඔයාලට විරුද්ධව කොමිෂන් දැම්මෙ කියලා පේෂල කිව්වා.'
'ඔයා බැසිල් සර්ට බොරු තොරතුරු දෙන්න එපා. අපි මෛත්‍රි පැත්තට ආවනම් ඔයාලා අපිට කපන්නෙ නැහැනෙ. ඒකනෙ ඇත්ත කතාව. තවත් කෙනෙක් කිව්වා.'
'ඒක ඇත්ත කියල පේෂල හිනාවුණා.'
'අපිව අස්කරල අපිට ඡන්දෙ ඉල්ලන්න බැරි කරපු එක එකක්. ඒත් ජනාධිපතිතුමා හිටපු සභාපතිවරු හොරු කියලා රට පුරා කියන එක වැරැදියි.' හිටපු ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කිව්වා.
'මහින්ද මහත්තය දඹුල්ලට එනව නේද කියලා' එතැනට ආපු ලක්ෂ්මන් වසන්ත පෙරේරා බැසිල්ගෙන් ඇහුවා.'
'ඔව් ඉතින් ඔයාල කියන්නෙ දැන් දෙගොල්ලොම එකයි කියලනෙ. ඔයා දඹුල්ලට ඇවිත් අපේ වේදිකාවට නඟින්න' බැසිල් ලක්ෂ්මන් වසන්තට කිව්වා.
'දෙකම එකතු වෙනව නම් අපි කැමැතියි. ලක්ෂ්මන් කිව්වා.'
'බද්දෙන් නිදහස් කරල වී මෝල් ගෙන්නන්න ඉඩ හදල දුන්නෙ 2006දී මහින්ද මහත්තය කියල අරලිය සහල් ඩඩ්ලි සිරිසේන කිව්වා.
ජනතා විමුක්ති පෙරමුණට පෙර නොවූ ආකර්ෂණයක්
මහ බැංකු බැඳුම්කර වංචාව ප්‍රථම වරට හෙළිදරව් කිරීමත් එය නීතිය හමුවට ගෙන ඒමටත් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය අඛණ්ඩ අරගලය පිළිබඳවත් ඔවුන්ට රට පුරා ජනතා කෘතවේදීත්වයක් හිමි වෙමින් තිබීම පසුගිය සතිය පුරා දුටු විශේෂත්වයකි. පළාත් පාලන මැතිවරණයට ජවිපෙ සෑම පළාතකින්ම තරග වදින අතර ඔවුන් පවත්වන මහජන රැලිවලටද විශාල මහජන ආකර්ෂණයක් හිමිවී තිබිණි.
බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි 27 සිදුවූ බවත් මාර්තු 16දා තමා එය හෙළිදරව් කරමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ බවත් මාර්තු 17දා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශයක් කළ අගමැති රනිල් අනික් අය කරන හොරකම් අල්ලන්න බැහැ අපි හොරකමක් කළොත් ඒක අහුවෙනවා යැයි ප්‍රකාශ කළ බවත් ජවිපෙ නායක අනුර දිසානායක ඇඹිලිපිටියේදී ප්‍රකාශ කළේය.

ජවිපෙ දේශපාලන මණ්ඩලය ඉකුත් සතියේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවැත්විණි. ඔවුන්ගේ වැඩි කතාබහ යොමු වූයේ ඉදිරි පළාත් මැතිවරණ සංවිධාන
කටයුතු පිළිබඳවයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ අධිකරණයේ තීරණය සම්බන්ධව අදහස් දක්වන විජිත හේරත් මන්ත්‍රිවරයා පැවැසුවේ වැඩිපුර බලයේ ඉන්න හදලා මහින්ද දෙකක් නැති කර ගත්තා. මෛත්‍රි 6ක් ඉන්න හදලා එකක් නැතිකර ගත්තා කියාය. මෛත්‍රි 6ක් හිටියොත් එය එජාපයට මරු පහරක් වනු ඇතැයි ඔවුන් සිතන බවද විජිත කීවේය.

මෛත්‍රි හැදුවේ අවුරුදු 6ක්ම ඉඳලා හොරු ටික රැකගන්න යැයි පක්ෂ ලේකම් ටිල්වින් පැවැසීය.
මේ දාන්නේ ඔක්කොම මාධ්‍ය සන්දර්ශන. අපි මේවට අහුවෙන්න හොඳ නැහැ. මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශන කොමිසමේ වාර්තා 34ට මොකද වුණේ.
අපි ඒවත් එළියට අදින්න ඕන. ජනතාව අපි දිහා බලන් ඉන්නේ අපි දෙපැත්තෙම හොරු එළියට අදීවිය කියන විශ්වාසයෙන්. අපි ඒ විශ්වාසය රකින්න ඕනෑ. කේ.ඩී. ලාල්කාන්ත කීවේය. ඔක්කොම හොරු මෙහෙම ප්‍රසිද්ධියේ හෙළිදරව් වූ අවස්ථා ඉතිහාසයේ හරිම දුර්ලභයි. දැන් ජනතාව අපි කියන දේට අහුන්කම් දෙනවා. රටේ ලොකු වෙනසක් මේ මොහොතේ සිදු වෙමින් තිබෙන බව දැනෙනවා යැයිද ටිල්වින් සිල්වා පැවැසීය.

පොහොට්ටුවෙයි බල්බ් එකෙයි හුටපටේ
ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මැතිවරණ ලාංඡනය 'පොහොට්ටුව' වන අතර ජාතික ජනතා පක්ෂයේ මැතිවරණ ලාංඡනය විදුලි බල්බයයි. ඡන්ද පත්‍රිකාවට ඇතුළු කළ විට මේ දෙකම එක සමානය. හඳුනා ගැනීම අසීරුය.
පොහොට්ටුවට ලොකු අවුලක් වී තිබෙන්නේ ඡන්දදායකයන් බල්බයට පොහොට්ටුව කියා රැවටුණොත් ලොකු පාඩුවක් සිදුවන්නට ඉඩ තිබෙන නිසාය. සමහර ඡන්ද ප්‍රදේශවල පොහොට්ටුවයි බල්බයයි දෙකම එක ළඟට වැටෙන නිසා අවුල තවත් වැඩි වේ. ඒත් දැන් ලකුණු ලියාපදිංචි කර අවසන් නිසා කරන්නට දෙයක් නැත. පෙනීම දුර්වල අයට ඡන්ද ලකුණු දෙකම සමානව දර්ශනය වේ.

මෙවැනි සිදුවීම් මෙයට පෙරත් ඇති විය. බුලත් කොළයත් තැඹිලි ගෙඩියත් බොහෝ දුරට එක සමානය තැඹිලි ගෙඩියේ 'තැරිය' නොපෙනුණොත් හිතන්නේ බුලත් කොළේ කියාය. එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරියගේ ඡන්ද ලකුණ වූයේ ත්‍රීවීලරයයි. පෙනීම දුර්වල අයට අලියාත් ත්‍රීවීලරයත් පෙනෙන්නේ එක සමානවය. එක මැතිවරණයක එයද අවුලක් විය. ගාල්ලේ විජයානන්ද දහනායකගේ ඡන්ද ලකුණ කුඩය විය. එකල ඔහු නිතර පක්ෂ මාරු කළ නිසා දහනායක මහතාට වවුලා යැයි නමක්ද පට බැඳිණි. ඡන්ද පත්‍රිකාවේ කුඩය සටහන් වන්නේ කිසි අඩුවක් නැතිව වවුලකු පරිද්දෙනි. ඒ නිසාම කිසි ප්‍රශ්නයක් නැතිව දහාට ඡන්දය දෙන මිනිස්සු වවුලාට කතිරය ගැසූහ. දහනායක එජාපයට ගොස් අලියා ලකුණින් 1980 ගාලු අතුරු මැතිරවරණයට ඉදිරිපත් විය. දහනායකගේ ඡන්ද කඩන උපායක් කල්පනා කළ ශ්‍රී ලනිපය කුඩය ලකුණින් ස්වාධීන අපේක්ෂකයකු දැම්මේය. අපි මළත් ඡන්දෙ දෙන්නේ දහනායකටයි කියූ ගාල්ලේ සමහරු එදත් ඡන්දය දුන්නේ කුඩය ලකුණටය.

පොහොට්ටුවේ ලයින් එක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ඉලක්කය ගැන කියන්නේ මෙහෙම කතාවකි.
'අපේ අදහස අපට 2015 අගෝස්තු ඡන්දෙ ලැබුණු ඡන්ද ලක්ෂ 47 ආරක්ෂා කර ගැනීම. එතකොට ජනාධිපතිවරණයේදී ලැබුණු ලක්ෂ 58න් ඡන්දය පාවිච්චි නොකළ ලක්ෂ 11ක් තියෙනවා. ඒ ටික නැවත ඡන්ද පොළට ගෙනියන්න ඕන. නොයෙක් හේතු නිසා ජනවාරි 8 අපෙන් ගිය පිරිසක් හිටියනෙ. අන්න ඒ පිරිස නැවත අපට එකතුකර ගැනීම තමයි අපේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ. ජනවාරි 8 අපේ ඡන්ද ලක්ෂ 58 ඒ විදියටම තිබෙනවා. ඒත් සමහර පැතිවල ඒ කියන්නෙ
උදාහරණයක් වශයෙන් දුමින්දල, එස්. බී.ලා, ලක්ෂ්මන් යාපල, මනුෂල වගේ කට්ටිය අපෙන් අෑත් වෙලානෙ. ඔය කාණ්ඩෙ අතරින් පැරදිලා

ලැයිස්තුවෙන් ආපු අයගෙ පැතිවල එච්චර බලපෑමක් නැහැ. නමුත් දිනපු කට්ටිය ඉන්නවනෙ. ඒ තැන් ගැන තමයි අපි ටිකක් වැඩි අවධානයක් දමන්නෙ. දැන් ඔය
සියඹලාපිටියල වගේ අය ටිකක් තවම ප්‍රදේශ අල්ලගෙන ඉන්නවා, මහජන හමු තියලා රස්සා දීලා. එයා හිටපු ප්‍රාදේශීය සභාපතිල හතර දෙනකුට වාහන හතරක් දීල විදුලි බල මණ්ඩලයෙන්.

මාතරත් නරක නෑ. මැයි දිනේට බස් අරගෙන කොළඹ ආපු අපේ. මිනිහ දැන් ශ්‍රී ලංකා. නිහඬව හිටපු කෙනා අපේ ලක්ෂ්මන් යාපා පරාදනෙ. පිටබැද්දර ප්‍රශ්නයක් නෑ. කොළඹ නගර සභාව ගත්තත් අපි හොඳ ෆයිට් එකක් දෙනවා. යූ.ඇන්.පී. එකට පළමුවැනි වතාවට කොළඹ පැහැදිලි ජයග්‍රහණයක් නැති වෙනවා. මනෝ ගනේෂන්ල, පක්ෂ තුනක් වෙනම ඉල්ලනවා. යූ.ඇන්.පී. එකේම හිටපු අසාද් සාලි ශ්‍රී ලංකා. ඔය විදියට යූ.ඇන්.පී.යට තිබුණු දෙමළ, මුස්ලිම් ඡන්ද අයින් වුණොත්, අනෙක් පැත්තෙන් රවි කරුණානායකගෙත් පොඩි කකුලෙන් ඇදිල්ලක් තියෙනවා. ඕව එකට ගත්තම අපට මන්ත්‍රිවරු 40ක් අනිවාර්යයෙන්ම එනවා. ඔක්කොම 110ක්නෙ. හැබැයි කවුරුවත් පැහැදිලිව දිනන්නෙ නෑ. නගර සභාපති තෝරන්න වෙන්නෙ රහස් ඡන්දෙන්. බොරලැස්ගමුව, හෝමාගම අනෙක් තැන්වල අපි ඉදිරියෙන් ඉන්නවා. සීතාවක හොඳයි. සීතාවක නගර සභාවත් අපට මේ පාර චාන්ස් එකක් තියෙනවා. පසුගිය සතිය මැද ජනපති සහභාගි වූ ප්‍රධාන රැස්වීම් දෙකක් පැවැත්විණි. එදින සවස් වරුවේ ප්‍රථමයෙන් පැවැතියේ අගලවත්ත රැස්වීමය. දෙවැනි රැලිය හෝමාගමය. ජනාධිපති අගලවත්තේ යෑමට සූදානම් වෙද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු වූ හර්ෂ කුමාර නවරත්න ඔහු හමුවීමට පැමිණ සිටියේය.

"ඔයත් යමු මා එක්ක අගලවත්තෙ" කියමින් ඔහුද රියට නංවා ගත්තේය. මහින්ද සමරසිංහ සංවිධානය කරන අගලවත්ත රැලිය කොහොමත් සාර්ථක තත්ත්වයක තිබිය යුතු බව ජනපති අනුමාන කළ බව පෙනිණි.
සමාජයෙ වෙනත් ස්තරවල ගැවසෙන පුද්ගලයන් වර්තමාන
දේශපාලනය දකින ආකාරය දැනගැනීමද ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වන්නට ඇත. දෙදෙනාගේ කතා බහද අදාළ මාතෘකා තුළම විය. අගලවත්ත රැලියේ සෑහෙන සෙනඟක් සිටියේය. සත්තකින්ම එය සාර්ථක මහජන රැලියකි. ආගන්තුකයාට එය පෙන්වන්නට ලැබීම ගැනද ජනපති ආඩම්බර වූ බව පෙනිණි. ඔවුන් ඊළඟට පැමිණියේ හෝමාගමටය. ජනාධිපතිවරයා එහිදී වේගවත් කතාවක් කළේය. කලකට පසුව නැවතත් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හා රගර් ක්‍රීඩක තාජුඩීන්ද මතක් කළේය.
හර්ෂ කුමාර පොහොට්ටුවේ නායකයකු සමඟ පසුදින පවසා තිබුණේ 'අගලවත්තේ ශ්‍රී ලනිප තත්ත්වය හෝමගමටත් වඩා හොඳයි සෙනඟ දැකලා ජනාධිපති හරි ත්‍රිල් එකේ හිටියා.
ඕවා ඔක්කොම බොරු රංගන
පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මේ පිළිබඳව අදහස් දක්වමින්
ලියුම්කරු සමඟ මෙසේ පැවැසීය.

මේ රටේ නීතියෙ තියෙනවා ඔය විමර්ශන කරන එකයි නඩු දාන තීරණ ගන්න එකයි දෙකම එක්කෙනකුට කරන්න බැහැ. ඔය ලලිත්ගෙ නඩුවෙ වුණත් පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරියා අර දින 100 ආණ්ඩුවෙ දූෂණ විමර්ශන කමිටුවෙ ඉඳලා තියෙනවා. නීතිපති එකේ කට්ටිය එයාල ෆයිල් එවනව ජ්ඛ්ධ්ච් එකට. ඊට පස්සෙ විමර්ශන කරල ආපසු නීතිපති එකට යවනවා. ඊටත් පස්සෙයි නඩු පවරන්නෙ. ජිනීවාවල අපට තිබුණු චෝදනාවක් තමයි ආරක්ෂක
අමාත්‍යාංශයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අය සේවය කිරීම. ඔය නීතිපති ගෙන්නලා කරන්නෙ බොරු රඟපෑමක්. ඡන්දෙ බලාගෙනනෙ ඕව කරන්නෙ. ඡන්දෙට නම් ඕව හරි.
ප්‍රසන්නගේ හඬ නැතිවෙයි

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ අකරතැබ්බයකට මුහුණ දුන්නේය. අකරතැබ්බයට මුල වූයේ ප්‍රසන්නගේ හඬ එකවරම නැතිව යෑමය. කතා කරගන්නට නොහැකි වූ ප්‍රසන්න හදිසියේ කොළඹ පොද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය ඉරිදාය.
ප්‍රතිකාර ලබන්නට ආ ප්‍රසන්න පරීක්ෂා කරන්නට පැමිණි වෛද්‍යවරුන් කීවේ ප්‍රසන්නට හඬ නැතිව ගියේ අත්‍යවශ්‍යම වේලාවක බවය. "මන්ත්‍රිතුමාට කතා කරන්න බැරිව ගියේ කතා කරන්න ඕනේම වෙලාවෙනේ'' කී වෛද්‍යවරු නියමිත ප්‍රතිකාර ලබාදී වැඩිදුරටත් උපදෙස් දුන්නේ දින කිහිපයක් විවේකීව සිටින ලෙසටය.
ප්‍රසන්න රෝගීි වී ඇති බව දැනගන්නට ලැබුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු වැල නොකැඩී රෝහලට එන්න පටන් ගත්හ. එහෙත් එසේ ආ බොහෝ මන්ත්‍රිවරුන්ට ප්‍රසන්න
මුණගැසෙන්නට ඉඩක් නොලැබුණේ කතා කරන්නට බැරිව ගොස් සිටි ප්‍රසන්න බැලීමට ඉඩදීම වෛද්‍ය
නියමයෙන් සීමා කර තිබුණු නිසාවෙනි.

මේ අතර ප්‍රසන්නගේ රෝගය ගැන දැනගන්නට ලැබුණු වහාම මහින්ද දුරකතන ඇමැතුමක් ගත්තද ප්‍රසන්නට කතා කරන්නට පුළුවන්කමක් තිබුණේ නැත. අන්තිමට ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට අතරමැදියකු ලෙස සහභාගි වන්නට සිදුවුණේ ප්‍රසන්නගේ දියණියටය.
"සර් මට මෙහෙම ඉන්න බැහැ. මම මිනුවන්ගොඩ ආසනයේ භාර ගත්ත රැස්වීම් තියෙනවා. ඒවාට කොහොම හරි සහභාගි වෙන්න ඕනේ" ප්‍රසන්නගේ දියණියගේ මාර්ගයෙන් කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon