සීතල යුද්ධය ඉවරයි
"පහරදීම අරමුණු කරගෙන අවි එසැවීම කරන්නේ නම් එය නිවැරැදිව කළ යුතුයි. නොඑසේනම් තත්පරයක පමා වීමෙන් අවි අත දැරූ අයම පරාජය වී බිම ඇද වැටෙනු ඇත" යන පැරැණි චීන කියමන අදාළ වූයේ ආත්මාරක්ෂක සටන් කලාවටය. දැහැන්ගතව සිදු කරනු ලබන විනය හා ශික්ෂණය මුල් කරගත් එම සටන් කලාවේ හුරුවෙන් පසු ඉවසිලිවන්තයෝම සටන් දිනන්නෝ වන බව කියැවේ. ආරාමගතව හැඩ ගැසුණු චීන සටන් කලාවේ අරුමය එයයි.
එය මෙරට දේශපාලනයේ වර්තමානයට යහමින් ගළපා ගන්නට හොඳම කූටප්රාප්ති අවස්ථාවක් දැන් දැන් එළැඹී තිබෙන්නේය.
පසුගිය සතියේ පෙළ ගැසුණු සුවිශේෂ දේශපාලනමය කරුණු කාරණා අනුව කඩිමුඩියේ දේශපාලන ගේම් ගහන, මෙහෙයුම් මවන "මොනවායින් මොනවා වේදෝ" යැයි සිතාගන්නට බැරි ජවනිකාද ඇත.
මෛත්‍රි, ශ්රීලනිපය දිනවීමේ සටනේ නායකයා වශයෙන්ද, රනිල් එජාපය දිනවීමේ සටනේ නායකයා වශයෙන්ද, මහින්ද ඒකාබද්ධ විපක්ෂය දිනවීමේ සටනේ නායකයා වශයෙන්ද අනුර කුමාර ජ.වි.පෙ. දිනවීමේ සටනේ නායකයා වශයෙන් සිවු කොන් සටනකය. ප්‍රහාර ප්‍රති ප්‍රහාර තියුණුය. උද්වේගකරය. ඇතැම්විට බිහිසුණු තරමටම උණුසුම්ය.
මෛත්‍රිට පිවිසෙන්නට සිදුව ඇත්තේ තමන්ගේ පිලත් ආණ්ඩුවත් රැකගෙන ඉවසීමෙන් ගේම දිනාගන්නට ජයගන්නා සටන් කලාවක් වෙතටය.
"එජාපයෙන් වෙන්වීම අනතුරුදායකයි. ඒත් එජාපයේ සමහරු කරපු වැරැදි හෙළි නොකර සිටියොත් ඒකත් වැරැදියි. ඒ චෝදනා එන්නෙත් මට. මම දූෂණය පිටුදකින පොරොන්දු දුන්නු ජනාධිපති කෙනෙක් නිසා ඒක කරලා පෙන්නුවේ නැත්නම් මාවත් විශ්වාස කරන එකක් නැති වෙනවා."
මෛත්‍රි එහෙම සිතනවා වන්නට පුළුවන. ඒ අතර මෛත්‍රි වටා සිටින ශ්‍රීලනිපයේ සැබෑ හිතවතුන් වගේම හිතවත් බව පෙන්වාගත් කපටින්ගෙන්ද ඔහු ප්‍රවේශම් විය යුතුය. ඒ දෙගොල්ලම ගාණට ශේප් කර නොගත්තොත් ගෙදර ගිනි ළැව් ගිනි වී ඇතුළතින්ම විනාශ වනු ඇත. එජාප නායකයා සමඟ මේ ගේම ගහන්නට හිතවත්කමෙන් වගේම වරෙක විරුද්ධ වෙමින්ද යන්නට වන අසීරු ගමන මෛත්‍රි වටහාගෙන ඇති බව හොඳින්ම දැනෙන්නේය. ඇත්ත රටට කියන ගමන් "මම එජාපයට ද්‍රෝහි වෙනවා නොවේ. මේ මම දුන්නු පොරොන්දු ඉටු කරන බව රටට කියාපානවා"ය කියා ඒත්තු ගන්වන්න මෛත්‍රි කටයුතු කරන බවක්ද පෙනෙන්නේය.
"වංචාවට - දූෂණයට එරෙහිව පියවර ගන්න යූඑන්පී - ශ්‍රී ලංකා කියා මම බලන්නෙ නෑ. පිරිසුදු පාලනයක් ඇති කිරීමේදී එහෙම බලන්න බෑ. අද ඊයේ සිට නොවේ, පසුගිය දශක තුන හතරක් ගත්විට මේ රටේ දේශපාලන ක්ෂේත්රය පිරිහිලා. දූෂණයෙන් වංචාවෙන් පිරිලා. ඒ සියල්ලත් එක්ක මේ රටේ ආර්ථිකය කඩාවැටිලා. මේ වේදිකාවේ මහ බැංකු බැඳුම්කර කොමිසම ගැන කතා කරන්න ඇති. හැබැයි බොහෝ විට අපේ වේදිකාවල කතා කරන්නේ, මහ බැංකු බැඳුම්කර කොමිසම ගැන විතරයි. ඒත් මම කොමිෂන් දෙකක් පත් කළා. 2016 බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් සභාව පත්කළා. මේ දෙකේම වාර්තා ලැබුණා. ඒ වාර්තා දෙකේම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම අයිති අය ඉන්නවා."
මෛත්‍රිපාල සිරිසේන
(2018.01.14 දා අගලවත්තේදී)
මෛත්‍රි මෙහෙම කියන්නේ ජනාධිපති හැටියට ඔහුට එසේ කරන්නට සිදුව තිබෙන බව නොකියා පාමිනි. එතැනදී එජාපයට පමණක් මෙම බැඳුම්කරය හරහා ප්‍රහාර එල්ල කරනවා නොවේ යන්නත් පෙන්වන්නට උත්සාහ ගත්තේය. ඒ නිසා මෛත්‍රිට කතා කරන්නට සිදුව තිබෙන්නේ ප්‍රවේශම් වෙමින්ය. එයින් තමන් වටා සිටින ශ්‍රීලනිපයේම වංචනිකයන්ට මෙන්ම, රනිල් වටා සිටින එජාපයේ වංචනිකයන්ටද ඔහු සංඥාවක් දෙන්නේය. මෙය නිර්පාක්ෂිකව සිතන පාවෙන ඡන්ද ගොඩට වැටෙන ඡන්ද දායකයා කුල්මත් කරන්නකි.
රනිල් ද එය තේරුම් ගත් බවක් පෙන්නුම් කළද ඔහු වටාද සිටින පාලනයක් කරගත නොහැකි ඇතැම් සාමාජිකයන්ට මෛත්‍රි පත්ව ඇති කනගාටුදායක තත්ත්වයත්, රනිල් පත්ව සිටින උභතෝකෝටික තත්ත්වයත් වටහා ගන්නට බැරි වූ සෙයකි.
එය වටහා ගැනීමට පසුගියදා දෙපාර්ශ්වයේම මේ පළවූ අදහස් කීහිපයක් පෙළ ගැස්වීම වැදගත්ය.
"හොරු කවුදැයි රටම දැක්කා. මම කතා කරන්නේ රිදෙන තැන්වලටයි. ආණ්ඩුව අවුල් කළේ එජාපයයි. අපේ අරමුණ මැටි ආණ්ඩුවක් නොවේ. අපේම ශ්‍රීලනිප ආණ්ඩුවක්"
ඩිලාන් පෙරේරා
(2018.01.15 - පුවත්පතකට)
"වත්මන් ජනාධිපති ඔය තනතුරට ආවේ අපේ කරපිටින්. දැන් එතුමා අපෙන් අහන්නේ නැතිව අවුරුදු 06ක් ඉන්න පුළුවන්ද අහනවා. එතුමා දේශපාලනය කරනවා. අගමැතිතුමා රට හදනවා. ඒකයි වෙනස."
සුජීව සේනසිංහ
(2018.01.14 - හලාවතදී)
"බැඳුම්කර වාර්තාවෙන් වරදකරුවන් වුවත් ඒකෙන් ගැලවීම සඳහා විවිධ උපක්රමවල නිරත වනවා. ඒ කාටවත් ඒකෙන් ගැලවෙන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ජනාධිපතිගෙන් ගැලවීමක් නෑ. තරාතිරම මොනවා වුණත් ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරනවා."
එස්. බී. දිසානායක
(2018.01.02 - පුවත්පතකට)
"දැන් අපිට හිතෙනවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ කඩුවෙ එක පැත්තක් කැපෙන්නෙ නැද්ද කියලා. එක පැත්තක් මොට්ට වෙලා වගෙයි. දැන් එතුමා කඩුව අතට ගත්තලු. කඩුව වනනකොට දූෂණ වංචා කළ අය කැපෙයිලු. ඒකට තරහ වෙන්න එපාලු. අර මොට්ට වෙච්ච පැත්තත් මුවහත් කරගෙන කොටන්න. අපි කොටනකම් තමයි බලන් ඉන්නෙ."
තුෂාර ඉඳුනිල් - එජාප මන්ත්‍රි
(2018.01.01 - බණ්ඩාර කොස්වත්තේදී)
"ශ්‍රීලනිප සහාය නොලැබුණා නම් අද එජාප අගමැතිවරයෙක් නෑ. මෛත්‍රි ජනාධිපති කළේ එජාපය කියා කීවත් ශ්‍රීලනිපයේ ඡන්ද ලක්ෂ 10කුත් මෛත්‍රිට ලැබුණා"
එස්. බී. දිසානායක
(2018.01.15 - පේරාදෙණියේදී)
"අපේ පිහිටෙන් ජනාධිපති වෙලා දැන් අපිට කෙළින්න හදනවා. දැන් මේගොල්ලො හිතන් ඉන්නේ මහින්දගෙන් ආප්ප කාලා ඇවිල්ලා එයාට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වෙලා ඊළඟ ඡන්දෙදි අපිට කෙළින්නම් කියලයි."
එස්. එම්. මරික්කාර්
(2018.01.14 - ගොතටුවේදී)
මෛත්‍රි හා රනිල් ගැටුමකට තල්ලුකර දැමීමේ අවදානම එළිපිටම පෙනෙන්නට තිබුණත් මේ මොහොතේදී මෛත්රිද ආණ්ඩුව පවත්වා ගෙන යමින් ඉදිරියේ රටට දායාද කළ යුතු යහපත් කරුණු කාරණා වෙනුවෙන් මීටත් වඩා සැලකිලිමත්ව අදහස් ප්‍රකාශ කළ යුතු බව කිව යුතුය.
"රනිල්ට ගහන එක වැඩි කරන්න ඕන. ඒකෙ අවසානය තමයි රනිල්ට අගමැතිකම දරන්න බැරි වෙන තරමට පීඩනය වැඩි කිරීම. එහෙම වුණොත් ජනාධිපතිතුමාට වෙනත් අගමැති කෙනෙක් පත් කරගන්න වටපිටාව ලැබෙනවා."
මෙහෙම උල්පන්දම් දෙන අයද මෛත්‍රි වටා සිටින්නට පුළුවන. එහෙත් මෛත්‍රි කෙරෙහි එවැනි අන්තයක් තවමත් පළ නොවීම යහපාලනය පැතූ ජනතාවගේ වාසනාවක් යැයි ප්‍රකාශ කරන්නවුන්ද බොහෝය.
එසේ නොවී යහපාලන ආණ්ඩුවේ අඩුපාඩු හදාගෙන යා හැකි උපරිම දුර ගොස් නියමිත කාලයේ මැතිවරණයකට යෑමට අවශ්‍ය වටපිටාව හදා ගැනීම මෛත්‍රිගේද ප්රමුඛ වගකීම බව කල්පනා කරන්නේ නම්.... ඔහුට උපදෙස් දෙන ඊනියා බුද්ධිමතුන්ගේ තරම හොඳින් දැනගත යුතු වගට අදහස්ද පළ වන්නේය.
යහපත් රටක් ගොඩනැඟීම සම්මුතිවාදී ආණ්ඩුවේ පරමාර්ථය නම් දෙපාර්ශ්වයේම නායකයන් දෙදෙනා අවංකව එකට හමුවී කතිකා කරගත යුතුය. කතා නොකිරීමෙන් දුරස්ථභාවය වැඩි වන අතර, අනතුරුද වැඩි වන්නේය. දේශපාලන වශයෙන් එජාපයත් ශ්‍රීලනිපයත් ශක්තිමත්ව අටවාගත් මේ ආණ්ඩුව කඩා වැටීමෙන් දෙපාර්ශ්වයටම හානියක් වන්නේ යැයි කියන්නෝද සිටිති.
කෙසේ වෙතත් අගමැති රනිල් ආරක්ෂක පියවරක් වෙනුවෙන් මඳක් පසුබාමින් තමන්ගේ සුළු සහචරයන්ට මෙන්ම, මහදැනමුත්තලාටද ඇහෙන්නට කීවේ,
"මොනම හේතුවක් නිසාවත් ජනාධිපති විවේචනය කිරීම එජාප මැති ඇමැතිවරුන්ට තහනම්"ය කියලාය.
අගමැතිවරයා එළැඹෙමින් තිබෙන බරපතළ තත්ත්වය වටහාගත් ආකාරයටම සහචරයන්ද එය වටහා නොගතහොත් ජනාධිපති මෛත්‍රිව ඔහු වටා සිටින සියලුම හිතමිතුරු, පසමිතුරු බලවේග නරක තැනකට තල්ලු කිරීමේ ප්‍රවණතාව වැඩි විය හැකිය.
මෙය රටේ ජනතාවට දරාගන්නට බැරි පසුබිමක් මේ වන විටත් මවා අවසන්ය. ප්‍රබලම දෙපාර්ශ්වය තම තමන්ගේ පිරිස් සතුටු කරන කතා මැතිවරණය තෙක් කරනු ඇත. එය දේශපාලනික වශයෙන් ඔවුන්ගේ ශක්ති ප්‍රමාණය අනුව අඩු වැඩි වශයෙන් ප්‍රතිඵලදායක විය හැකි වුවත් "යහපාලනය" ගෙන එන්නට දරදිය ඇද්ද ජනතාවට නම් මේ සියල්ලටම වඩා අවැසි වන්නේ ඡන්දයෙන් පසුවත් "යහපාලනයක්" මිස තමන් පෙළන, තමන්ගේ ගැටලුවලට විසඳුම් නොලැබෙන පාලනයක් නම් නොවෙයි. ගහ මරාගන්නවා පමණක් දකින දේශපාලනයකින් ඔවුන්ට ලැබෙන බක්කක් නැත. යහපතක් නැත.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21
- ජලභීතිකා රෝග මර්දන වැඩසටහනට අදාළව පශු වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය ගැන ඇමැති තීරණය වෙන් නොකළහෝත් 26දා සිට වෘත්තීය ක්‍රියාමාර්ග වලට 🕔2019-02-21
- තනතුරු දෙකකට වසර හතරක සිට බඳවා ගැනීම් ඇනහිටලා 🕔2019-02-21
- රන්ජන් කිව්වේ ඇත්තක්ද ? බොරුවක්ද? කොකේන් කතාව මැතිසබේ රැව්දේ 🕔2019-02-21
- බාලිකා ශූරතාව - පොළොන්නරුවට : බාලක ශූරතාව - කළුතරට 🕔2019-02-21
- ක්‍රිකට් ක්‍රීඩකයන්ට සල්ලි හම්බ කරන්න මින් පසු රට යන්න ඉඩ තියන්නේ නැහැ - ක්‍රීඩා ඇමැති 🕔2019-02-21
- මොහාන්ට සභාපති තනතුරට වැට බැඳේ: ලේකම් තනතුරට ඉල්ලන්න ඉඩ ලැබේ 🕔2019-02-21
- මෙන්ඩිස්ගේ ආබාධය සුව අතට 🕔2019-02-21
- සටන්කාමී පක්ෂයට සහාය දෙන්න ඩයස්පෝරාවේ 4ක් උතුරට 🕔2019-02-21
- දකුණු පළාත් විශේෂ විමර්ශන OIC ඇතුළු තිදෙනාගෙන් CID ප්‍රශ්න කෙරේ 🕔2019-02-21
- ඡන්දෙ ගැන තීරණයක් ගන්න පක්ෂ නායකයෝ ජනපති හමුවට 🕔2019-02-21
- ශ්‍රී ලංකාවේ සිට යළිත් දකුණු ඉන්දියාවට කෝච්චියක් 🕔2019-02-21
- පළමු වසරට අයැදුම්පත් එකක්වත් නැති පාසල් 350ක් 🕔2019-02-21
- කරුංකා ජාවාරම පිටුපස කැබිනට් ඇමැති දෙපළකගේ සහෝදරයෝ 2ක්: හිටපු ඇමැති පුතෙක් 🕔2019-02-21
- කොකේන් ගන්න මන්ත්‍රිවරුන් ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් 🕔2019-02-21
- නීතිඥ සංගමයේ නව සභාපති කාලිංග ඉන්දතිස්ස 🕔2019-02-21
- දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් ජාතික අරමුදලක් 🕔2019-02-21
- කොකේන් ගන්න 24 දෙනාගේ නාමලේඛනය කථානායකට දුන්නා 🕔2019-02-21
- එහෙම නාමලේඛනයක් මට ලැබුණේ නෑ 🕔2019-02-21
- කතුන් 45,000කගේ මිලියන 1400ක ක්ෂුද්‍ර ණය කපා හරිනවා 🕔2019-02-21
- ගම්මන්පිලගේ යෝජනාව පලදරයි: ව්‍යවස්ථා සභාව ගැන විවාදය අද 🕔2019-02-21
- ප්‍රතිඅපනයන ජාවාරමෙන් සුළු අපනයන බෝග කර්මාන්තය බිඳවැටේවි 🕔2019-02-21
- 'රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා' 🕔2019-02-21
- ඡන්දය ගැන තීරණයක් ගන්න අපි නඩු මඟට යනවා 🕔2019-02-21
- නීත්‍යනුකූල සැමියාගේ මන්නා පිහි පහරින් අනියම් සැමියා මරුට 🕔2019-02-21
- කොකේන් ගන්නා මැති ඇමැතිවරුන් හිටියොත් පක්ෂයෙන් නෙරපනවා - කබීර් හෂීම් 🕔2019-02-21
- මිහින්තලේ පුදබිමේ දා ගැබක් මත නැඟී ඡායාරූප ගත් සිසුන්ට ඇප නෑ 🕔2019-02-21
- රණවිරු දඩයම වළක්වන්න 🕔2019-02-21
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20