සැමියා බිරියට පහරදීම හා කෙටි පණිවුඩ

  👤  2902 readers have read this article !
2018-01-17

බිරියට සැමියා පහරදීම හෙවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අද ඊයෙක ඇරැඹුණක් නොව අෑත අතීතයේ සිටම පැවැත එන්නකි. විවාහක වේවා අවිවාහක වේවා බිරියට පහරදීමේ අයිතියක් තමන්ට ඇතැයි පිරිමින්ගේ විශ්වාසයයි. එහිදී උගත් නූගත් භේදයක් නැත. එහෙත් එසේ විශ්වාස නොකරන ශිෂ්ටසම්පන්න පිරිමිද සිටින බව ඔවුන්ට ගෞරවයක් ලෙස මෙහි සඳහන් කළ යුතුය.

වැදගත් කාරණයක් වන්නේ හිංසනයට ලක්වුවද කාන්තාවන් බොහෝ දෙනා ඒ පිළිබඳව පොලිසියට හෝ වගකිවයුතු ආයතනයකට පැමිණිලි නොකිරීමය. දරුවන් ඇතුළු පවුලේ ගෞරවය වෙනුවෙන් ඔවුහු සියලු දුක් වේදනා විඳදරා ගනිති. පොදුවේ මානව හිමිකම් ඉහළින් සුරකින ලෝකයේ කාන්තාවගේ සම අයිතියට ගරු කටයුතු ස්ථානයක්දී තිබේ. එහෙත් ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක සම අයිතිය කුටුම්භය තුළදී පිරිමින් සැලකීමක් නොකරන තරම්ය.
මේ පූර්විකාව ලිවීමට නිමිත්ත වූයේ අලුත්ම සමීක්ෂණ වාර්තාවකි.

කරාපිටිය රෝහලේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මේ සමීක්ෂණය කර ඇත්තේ ගෘහස්ථ කාන්තා හිංසනය පිළිබඳවය. ඒ 2013 ජනවාරියේ සිට 2017 ජුනි දන්වා බරපතළ ලෙස හිංසනයට ලක්වූ කාන්තාවන් 183 දෙනකු මූලික කරගෙනය. අදාළ වාර්තාවට අනුව පහරකෑමට ලක්වූ කාන්තාවන්ගෙන් සියයට 58 ක් වයස අවුරුදු 16 හා 63 අතර පසුවන්නෝ වෙති. 106 දෙනකු සිටින්නේ වයස අවුරුදු 21 සහ 23 අතරය. හිංසනයට ලක්වූ කාන්තාවන් අතරින් 63%ක් දෙනා සිය වතාවකට වඩා සිය සැමියාගේ වධ බන්ධනයට ලක්ව ඇත.

පිරිමින්ගේ බේබදුකම නොඑසේ නම් බීමත්කම කාන්තාවන් හිංසනයට ලක්කිරීමේදී ප්‍රධාන සාධකයක් වී තිබෙන බව පෙනේ. බීමතින් නොසිටින පිරිමිද කාන්තාවන්ට හිංසන නොකරන බව ඉන් නොකියැවේ.
එහෙත් බීමත්ව නිවෙසට පැමිණෙන පිරිමින් කාන්තාවන්ට පහරදීමෙන් නොනැවතී දරුණු ලෙස ලිංගික බලහත්කාරකම් කරන බව මේ සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
ජංගම දුරකතනය මේ ලිංගික හිංසන වර්ධනය වීමට උත්තේජනයක් බවට පත්වී තිබෙන බව පෙනේ. සැමියා විසින් පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ කෙටි පණ්වුඩ (ඉර්ඉ) මුහුණු පොත (ජ්චජඥඡධධඬ) හා මඟහැරුණු දුරකතන ඇමැතුම් (ර්ඪඵඵ ඛ්චතත) හේතුවෙනි.
වෛද්‍යවරයා මේ සමීක්ෂණය කර ඇත්තේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ කාන්තාවන්ගේ තොරතුරු මත පදනම්වය. මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පහරදීම් බහුලව සිදුවී ඇත්තේ මුහුණට හා කම්මුල්වලට බවය. ඉන් සියයට දහඅටකට පහරදී ඇත්තේ ඇඳ පොලූවලින් හා කොසු මිටවලිනි. මේ පහරදීම්වලින් බහුතරය නිවෙස තුළදීම සිදුකර ඇත. කායික පීඩා 183 වතාවක් හා මානසික පීඩා 130 වතාවක් ලෙස වාර්තා වී තිබේ.
පහරදීම්වලින් සියයට 29ක් බීමත්කම මත සිදුවෙද්දී සියයට 23කට මුදල් සම්බන්ධ ගැටලු හේතු වී ඇත. සියයට 31ක් ආරවුල්වලට හේතුව අනියම් සම්බන්ධතා නිසා ඇති වූ සැකය බවද හෙළි වී ඇත.

මේ සමීක්ෂණයට බඳුන් වී නැති ස්ත්‍රි දූෂණ, කාන්තා හා ළමා අපයෝජනද රටේ බහුලය. පෙම්වතකු යැයි හැඳින්වෙන අශිෂ්ටයකු සිය පාප මිත්‍රයන් දෙදෙනකු සමඟ එක්වී පාසල් ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වූයේ ඉකුත් සතියේය. සිත්තැවුල නිසා දිවි නසාගත් ශිෂ්‍යාවගේ ඡායාරූප පවා ඇතැම් මාධ්‍ය විසින් පළ කර තිබුණේ ආචාර ධර්ම කුණු කූඩයට දමාය. සේයා දැරියගේ සිද්ධියෙන්වත් 'මාධ්‍ය' පාඩමක් ඉගෙන ගෙන නැති බව පෙනේ.
කේන්ද්‍රීය කාරණය ගැන විමසීමේදී පෙනී යන්නෙ පිරිමින්ගේ නොඑසේ නම් සැමියාගේ බීමත්කම හා ආර්ථික ප්‍රශ්න ණය ගැනීම් හා ලිංගික ඊර්ෂ්‍යාව මත මතු වන සැකය කාන්තාවන් හිංසනයට ලක්වීම හෙවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ප්‍රධාන ලෙස හේතු වී ඇති බවය.

පළාත් පාලන ආයතනවල නොව පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කළද මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත නොහැකිය. ඊට විසඳුම ඇත්තේ මේ 'මජර ක්‍රමය' වෙනස් කිරීම තුළ පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්