අගමැති ඝාතන අබිරහස හා තොලට තොල

  👤  4957 readers have read this article !
2018-01-14

මෙතෙක් දවස් දහ හතරක් සාක්කි දී ඇති පී. මලල්ගොඩ මහතාගෙන් මෙදිනද මුළු දවසම හරස් ප්‍රශ්න අසනු ලැබීය.
සී.ඇස්. බාර්කුමාර කුලසිංහ මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් මලල්ගොඩ මහතා තමා 1955 ඔක්තෝබර මාසයේ කිසියම් දිනයක විජයවර්ධන පවුලට අයිති දෙනියායේ "බෙවර්ලි" වත්තේ පිළිවෙතක් සඳහා සිය පියාත් මාමාත් කැටුව ගිය බව කීවේය.

බුද්ධරක්ඛිත හාමුදුරුවන් හා විජයවර්ධන මහත්මිය කී පසු මේ ගමන පිළියෙල කළේ මලල්ගොඩය. විජයවර්ධන මහත්මිය මලල්ගොඩගේ පියා හා මාමා හඳුනා ගත්තේ ඔහුගේ මාර්ගයෙනි.

විජයවර්ධන මහත්මියට කළ පිළිවෙත්වලට කීයක් ගෙව්වාදැයි මලල්ගොඩ නොදනී. මිත්‍රයකු වශයෙන් විජයවර්ධන පවුලට උදවු කළ ඔහු මුදල් ගෙවීම ගැන දෙපක්ෂයෙන්ම ඇසුවේ නැත. ඔහු නැවත වරක් ඒ සඳහා හපුතලේ බංගලාවට ද ගියේය. මලල්ගොඩ විමලා විජයවර්ධනගේ ගෙදර හැම දෙනාගේම කේන්දර බලා ඇත. රුක්මණීගේ දරුවාගේ කේන්දරය බැලුවා දැයි ඔහුට හරියට මතක නැත.
නීතිඥ - ඒ පවුලේ නැකැත්කාරයා ඔබයි?

මලල්ගොඩ - නෑ වෙන කෙනෙක්. ඒ උදවිය හමුවන කිසිම නැකැත්කාරයෙක් ඇරියෙ නෑ!
1956 මලල්ගොඩට අත මිට හිඟ කාලයක් වූයේ නැත. ඔහුට කවදත් සාමාන්‍ය ආදායමක් තිබුණේය. ඔහු සිවුරු හැරියේ 1953 දෙසැම්බර් මස 2 වැනිදාය. 1954 මැයි මාසයේ 26 වැනි දින විවාහ විය. සිවුරු හැරීමෙන් පසු ඔහු පොත් ලිවීමෙන් හා ගුරු වෘත්තියෙන් මුදල් ලැබුවේය. පොත් ලිවීම කවදත් ඔහුගේ ප්‍රධාන වෘත්තිය විය. ඒ කාලයෙත් ඔහුට ජීවත්වීමට මුදල් තිබිණි.ඔහු නිතරම විජයවර්ධන නිවෙසට යන්නේ හැන්දෑවටය. උදයක ගියොත් ඒ ඉතා කලාතුරකිනි. ඕනෑ වූ විටෙක පියාත් මාමාත් කැඳවාගෙන ඒමට කාර් එකක් යවනු ලැබේ.

පියාත් මාමාත් වෙන වැඩවලට කොළඹ පැමිණි විට නවතින්නේ කොහේ දැයි මලල්ගොඩ නොදනී. ඔහු පියාත් මාමාත් සමඟ කිහිප විටක්ම විජයවර්ධන නිවෙසට ගියේය. සාමාන්‍යයෙන් පිළිවෙත් කෙරෙන්නේ රාත්‍රි කාලයේය. වැඩි වශයෙන්ම ඔවුහු රෑම පිටව යති. විජයවර්ධන පවුලේ අය කී විට මලල්ගොඩ ඒ ඉල්ලීම ඉටු කළේය.
දිනක් විමලා විජයවර්ධනගෙන් මල්ලගොඩට ලිපියක් ලැබුණේය. තිඹිරිගස්යායේ ගෙදරට උදේ පහට එන්නැයි එහි සඳහන් විය. ඔහු පැමිණි පසු මුලින්ම විජයවර්ධන මහත්මිය කතා කළේ කැලෑ පත්තර ගැනය.

ඔවුන් ගැන සලකන කල උදේ පහ අමුත්තක් නොවේ. ඔවුහු නොයෙක් වෙලාවට එන්නට කියා යවති. ඇතැම් විට විමලා විජයවර්ධනට ඔහු පාන්දර දෙකටත් වුවමනා වන්නේය. විජයවර්ධන මහත්මියට බුලර්ස් පාරේ ගෙයක් තිබුණේය. තිඹිරිගස්යායේ දුවගේ ගෙදරට එන්නටය කීමේ විශේෂයක් ඔහු සලකන්නේ නැත.
ඒ කාලයෙත් විමලා විජයවර්ධන මහත්මිය සිටියේ බුලර්ස් පාරේය. බෙලිගම්මන යුවළ වැඩිපුර ගත කළේ තිඹිරිගස්යායේ නිවෙසේය. මලල්ගොඩට බුලර්ස් පාරේදී නිතර බෙලිගම්මන හමුවිය. ලියුම ලැබී ඔහු තිඹිරිගස්යායට පැමිණි විට කලින්ම දුටුවේ විජයවර්ධන මහත්මියයි. බෙලිගම්මන යුවළ ද එහි උන්හ. පහට එන්නට කීවාට ඔහු එහි ගියේ හතට පමණය. විජයවර්ධන මහත්මිය ඔහු යත්ම එහි ආවාය. මලල්ගොඩට කවදාවත්ම ඇස්වහ දිය මැතුරුවේ නැත. ඇතැම් කාලවල විජයවර්ධන පවුලේ හැමදෙනාම බුලර්ස් පාරේ නිවෙසේ හෝ තිඹිරිගස්යායේ එකට පදිංචිව සිටියහ.
විජයවර්ධන මහතා මිය යන තෙක්ම පදිංචිව සිටියේ තිඹිරිගස්යායේ නිවෙසේය. විජයවර්ධන මහත්මිය සිටියේ බුලර්ස් පාරේ නිවසේය. පදිංචිව සිටියේ බුලර්ස් පාරේ නිවෙසේ වුවත් තිඹිරිගස්යායේ නිවෙසටද යෑම ඇගේ සිරිතක් විය.

මලල්ගොඩ තිඹිරිගස්යායේ නිවෙසට යන විට විජයවර්ධන පවුලේ හැමෝම එහි සිටියහ. බුලර්ස් පාරේ නිවෙසට යන විට ඔවුහු එහි සිටිනු දක්නට ලැබේ.
හරස් ප්‍රශ්නවලට තවදුරටත් පිළිතුරු දුන් මලල්ගොඩ "විමලා විජයවර්ධන අගමැතිට කැලෑ පත්තර ගැසූ සැටි" නමැති පොත තමා විසින් ලියා පළ කරන ලද්දේ 1958 වර්ෂයේදී යැයි කීවේය.

මලල්ගොඩ විසින් 1958 වර්ෂයේ ලියන ලද පොත් පත්වලින් විශාල ප්‍රසිද්ධියකට පත්වූයේ ඒ පොතය. ඒ පොත සම්බන්ධයෙන් පොලිසිය මලල්ගොඩගේ ගෙය වටලන ලද නමුත් ලියවිලි අල්ලා ගැනීමට තරම් පොලිසිය වාසනාවන්ත නොවීය. පොත තහනම් කළේ ද නැත. එම පොත සම්බන්ධයෙන් පොලිසිය ප්‍රබුද්ධ මුද්‍රණාලය වැටලූ බවක් හෝ පොත් සාප්පු ගාණේ යමින් පොතේ පිටපත් එකතු කළ බවක් හෝ මල්ලගොඩ නොදනී.

පොලිසිය කොතරම් හරස්ව සිටියත් ඒ පොතේ පිටපත් සියල්ල විකිණීමට මලල්ගොඩ සමත් විය. ඔහු 1959දී "තොලට තොල" නිකුත් කළේය. 1959 අවුරුද්දේ මලල්ගොඩ "ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණ කළ හැටි" නමැති පොත ලියා පළ කළේය. ඒ පොත සම්බන්ධයෙන් මලල්ගොඩගේ නිවෙසත්, මුද්‍රණාලයත් පොලිසිය විසින් වටලන ලදී.
ඒ පොත තහනම් කරන ලද බව පුවත් පත්වල පළ විය. පොත් සාප්පුවලින් ඒ පොතේ පිටපත් පොලිසිය විසින් තහනමකට ගනු ලැබූ නමුත් මලල්ගොඩගේ ගෙදර තිබී පිටපත් කිසිවක් පොලිසියට අසුවූයේ නැත. ඔහු හිර භාරයට ගන්නා ලදී. ඔහුගේ භාර්යාවගෙන් ප්‍රශ්න කරන ලදී. පොලිසිය ඒ පොතේ කිසි පිටපතක් ගෙන ගියේ නැත.
මලල්ගොඩ විසින් ලියන ලද බණ්ඩාරනායක අගමැති මැරීමේ අබිරහස මුද්‍රණය සඳහා භාර දෙන විට සෝමාරාම හැර විත්තිකරුවන් කිසිවකුත් සිරභාරයට ගනු ලැබ සිටියේ නැත. ඒ පොතේ ඇතුළත් සියල්ලම සම්පූර්ණ සත්‍යය යි මල්ලගොඩ කියා සිටියේය. එහි සඳහන් සියලු කරුණු ගැන වගකීම ඔහු භාරගත්තේය.
"ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණ කළ හැටි" පොතේ කුමන්ත්‍රණ රාශියක් ගැන මලල්ගොඩ සඳහන් කර ඇත.

නීතිඥ - එකක් අමීර් කුමන්ත්‍රණය?
මල්ලගොඩ - ඔව්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon