ජීවය හුවමාරු කරගන්නා ග්‍රහලෝක හතක් ගැන අපූරු තොරතුරක්

  👤  3640 readers have read this article !
2018-01-14

පිටසක්වළ ජීවය පිළිබඳව අෑත අතීතයේ සිටම මිනිසා තුළ පැවතියේ පුදුමාකාර උනන්දුවකි. දැනුදු ඒ උනන්දුව වැඩිවී ඇති මිස අඩුවක් දකින්නට නොහැකි විය. පිටසක්වළ ජීවය තිබිය හැකි ග්‍රහලොවක් තිබේය යන්න හිස කෙස්ද කෙළින් හිටුවන ප්‍රකාශයක් වන්නට බැරි නැත. එහෙත් එකක් දෙකක් නොව සූර්යයකු වටා ගමන් කරන එබඳු ග්‍රහලෝක හතක් ඇතැයි කීම උමතුවකට හේතුවක් වනු නොඅනුමානය.

ඊඅඒර්ථීර්ථීධ්ඉඊ - 1 යනුවෙන් නම් කැරෙන මේ ග්‍රහලෝක ගොන්න ඇත්තේ අපෙන් ආලෝක වර්ෂ 39ක් එපිටිනි. අලුත්ම අධ්‍යයනයකට අනුව පැවසෙන්නේ මේ ග්‍රහලෝක කිටි කිටියේ පිහිටා ඇති බැවින් ජීවය ඒ එකින් එකට හුවමාරු වීමේ ඉඩක් පවතින්නේ යැයි සැක කරන බවය. ඩ්චපමචපඤ - ඉථඪබඩඵධදඪචද ඛ්ඥදබඥප ටධප ඒඵබපධනඩරඵඪජඵ හි මානස්වි ලිංගම් හා ඒබ්‍රහම් ලෝබ් පවසන්නේ එය අභ්‍යවකාශය හරහා ග්‍රහලෝක අතර ජීවය මාරුවීමේ න්‍යාය (ර්ථීචදඵනඥපථඪච) පිළිබඳ කදිම උදාහරණයක් බවය. එයින් තවදුරටත් ඔවුන් පවසන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළද එබඳු ජීව ද්‍රව්‍ය හුවමාරුවක් සිදුවන්නට ඉඩකඩ ඇති බවකි. මන්දයත් සමහර ග්‍රහලෝකවලින් ඇදෙන උල්කාෂ්ම ග්‍රහක පෘථිවිය මතට වැටෙන අවස්ථාද තිබෙන බැවිනි. බාගවිට මෙම ද්‍රව්‍ය තුළ යම්කිසි ආකාරයක ජීවයක් රැඳෙන්නට ඉඩකඩ තිබිය හැකි බව ඔවුනගේ අදහසයි. දැඩි රශ්මියකට තාපයකට හා අහිතකර කිරණවලට හසුවී ඒ හරහා ඇදෙන්නක කවර ජීවයක් ඉතිරි වේදැයි යමකුට සිතෙන්නට පුළුවන. එහෙත් යම් යම් පර්යේෂණවලින් දැනටමත් ඔප්පු වී ඇත්තේ එවන් තත්ත්ව තුළදීද නොනැසී පැවතිය හැකි ජීවී විශේෂ තිබිය හැකි බවය.
ඊඅඒර්ථීර්ථීධ්ඉඊ - 1 හි ග්‍රහලෝක පිහිටා ඇත්තේ එකිනෙකට කිට්ටුවය. උදාහරණ වශයෙන් පවසතොත් පෘථිවියත් අඟහරුත් අතර ඇති දුරින් විස්සෙන් එකක් පමණ වූ පරතරයකිනි. එබඳු තත්ත්වයකදී එක් ග්‍රහලොවකින් අනෙකට ජීවය මාරුවීම නොසිදුවිය හැකි යැයි තර්ක කිරීම අපහසුය.

බකිංහැම් විශ්වවිද්‍යාලයේ චන්ද්‍රා වික්‍රමසිංහයන් මේ ගැන දක්වන අදහස මෙබඳුය.
ඊඅඒර්ථීර්ථීධ්ඉඊ - 1 වැනි මෙබඳු ග්‍රහ මණ්ඩලයක බැක්ටීරියානු ජීවය හුවමාරු වීම වළක්වාලිය නොහැකි කාරණයක්. ඒත් ඒකෙන් කියැවෙන්නේ නැහැ එක් ග්‍රහලොවකින් අනෙකක් මත වැටෙන සෑම දෙයකින්ම ජීවය හුවමාරු වනවාය කියා. ඒක හරියට සුළඟින් බීජ අන් තැනකට ගමන් කරනවා වගෙයි. බොහෝ ප්‍රමාණයක් විනාශ වනවා. ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉරණම් කතාන්දරය සම්පූර්ණ කරන්නේ. මෙයත් එබඳු දෙයක්.
එහෙත් මේ වන විට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර එබඳු හුවමාරු වීම් සිදුවනවා යැයි සොයා ගත් අවස්ථාවක් නොමැති බව කිව යුතුය. ඒ ගැන බර්න් විශ්වවිද්‍යාලයේ බ්‍රයිස් ඔලිවර් මෙසේ පවසයි.

"එබඳු ගමනක් කොහි එන්නද? අධිකතර තාපය, පීඩනය ඒ වගේම අතිශය බියකරු හා ව්‍යසනකාරී විකිරණ හරහා ගින්නෙන් දැවී අඟුරු වී මෙහි වැටෙද්දී මොන ජීවයක් ඉතිරි වේද?
නමුදු ඊඅඒර්ථීර්ථීධ්ඉඊ - 1 ගැන අධ්‍යයනයෙහි යෙදෙන්නට ඒ ගැන හෝඩුවාවක් සපයා ගන්නට මුල් වූවකු වන කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ගගනගාමී ඇමෝරි ටි්‍රයෝඩ් නම් පසුවන්නේ වැට උඩය.

"මං මේක විහිළුවකට ගන්නේ නැනැ. ගමන අමාරු තමයි. ඒත් අමතක කරන්න නරකයි මේ අසීරු ව්‍යසනකාරී තත්ත්වවලට ඔරොත්තු දෙන ජීවී විශේෂද සිටිය හැකි බව. ඒ සඳහා මං හොඳ උදාහරණ දෙකක් කියන්නම්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිටත වළල්ලේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල බැක්ටීරියා නිරුපද්‍රිතව තැන්පත්ව තිබෙන බව දන්නවා. ඒ වගේම විද්‍යාගාරවලදී හෙළිදරව් වෙලා තියෙනවා ශතවර්ෂ ගණනාවක් හිම තුළ සැඟවී සිටින ඇන්ටාර්ටිකා බැක්ටීරියා විශේෂ තිබෙන බව".
කෙසේ වෙතත් ඊඅඒර්ථීර්ථීධ්ඉඊ - 1 යනු ග්‍රහලෝක අතර ජීවය මාරු විය හැක්කේ කෙසේ දැයි හඳුනාගනු පිණිස ඇති කදිම උදාහරණයකි. දැනටමත් එක්තරා ගවේෂක කණ්ඩායමක් සැලසුම් කර ඇත්තේ මේ ග්‍රහ පවුලේ සත්දෙනා වෙත හබ්ල් අභ්‍යවකාශ දුරදක්නයේ ඇති යොමු කිරීමේ වැඩපිළිවෙළකටයි. ඒ සමඟම ඊළඟ තාක්ෂණික පරම්පරාවේ බ්චථඥඵ එඥඡඡ ඉනචජඥ ඊඥතඥඵජධනඥ ද මේ ගැන ඔත්තු බලනු පිණිස 2018 දී දියත් කිරීමට නියමිතය. යම් හෙයකින් මේ ග්‍රහලොව මත ජීවය රැඳී පැවැතිය හොත් එය හඳුනා ගන්නට මේ නවීන විද්‍යුත් අක්‍ෂි නොසමත් වන්නේ නැති බවට පර්යේෂකයන් පාරම්බානුද අසන්නට ලැබෙයි.
ඒබ්‍රහම් ලොඩ් මේ ගැන කල්පනා කරන්නේ සර්ව සුබවාදීවය.

"භාගවිට අපට දැක ගන්නට ලැබෙයි ඉන් එක් ග්‍රහලොවක් මත ජීවය පිළිබඳ යම් ඉඟියක් දෙකක්. එවිට අපේ අරමුණ වන්නේ ඒ ඉඟි, ලක්ෂණ මේ සහෝදර ග්‍රහලෝක මතත් තිබේද යන්න විමසීමයි. අන්න එතැනදි අපට පිළිගන්න, ඔප්පු කරන්න පුළුවන් වෙයි මේ ග්‍රහලෝක අතර ජීවය හුවමාරුවීම කියන්නේ ඇත්තක් ද සුරඟන කතාවක්ද කියා.
විශ්වයේ ඔප්පු කරගත හැකි සියල්ල නැතැයි ඉවත දා සිටින්නට පිළිවන් යුගයක් නොවේ මෙය බාගවිට නුදුරේදීම මේ බොහෝ රහස් එළිවනු ඇතැයි අපේ අපේක්ෂාවයි.

පාලිත ජයකොඩි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්