මම මගේ මළ සිරුර වළ දානවා දැක්කා

  👤  6108 readers have read this article !
2018-01-14

පසුගිය සතිය හා බැඳේ

1923 තරම් අෑත වසරක විස්කොන්සින් නගරයේ උපන් ආකාරය දක්වමින් තවදුරටත් මෝහනයට පත්වූ තැනැත්තා දක්වන තොරතුරු විස්මිතය.

35. මෝ: හො¼දා, ඔබ අන්තිමට ඒ ලෝකෙ අත්හළ හැටි මට කියන්න.
බ්‍ර: ආ.... මම .... එහෙ අතහැරල (මෙහෙ) උපන්න. නැවත මම ඇමෙරිකාවේ ජීවත් වෙන්න වුණා. මම විස්කොන්සින් නගරයෙ උපන්නා. (විස්කොන්සින්හි උපත 1923 හිදීය.)
36. මෝ: ඔබ උපන් සිරුර කවුරුන් විසින් හෝ තෝරාදෙන ලද්දක්ද..?
බ්‍ර: ඒ ගැන මම දන්නෙ නෑ.

37. මෝ: කවර සිරුරකට යනවාද කවර රටකට යනවාද යන මේ දේවල් ඔබ දැනගත්තේ කෙසේද..? මේ වගකීම ඉසිලුවේ කවරෙක්ද..?
බ්‍ර: මම දන්නේ නෑ. ඒවා නිකම් ඔහේ සිදුවෙනවා. මගේ මතකය හිස්වී යනවා. නැවත එකපාරටම බිලිඳියක් වෙනවා මට මතකයි.
38. මෝ: ඊට පසු ඔබ කුඩා කාලයේදීම මියගියා මතකයි නේද..?
බ්‍ර: නෑ. ඒ විස්කොන්සින්වල උපන් වෙලාවෙ නෙවෙයි.
39. මෝ: එතකොට ඔබ ඊට (විස්කොන්සින් උපතට) පෙර දිගු කලක් භූත ලෝකයේ ජීවත්වෙලා තියෙන්නට ඕනෑ නේද..?
බ්‍ර: ඕ... මම දන්නෙ නෑ.

40. මෝ: මේ මුළු කාලය තුළදීම ඔබට මිහිපිට කවුරුන් සමඟ හෝ කතා කරන්නට බැරි වුණාද..?
බ්‍ර: උත්සාහ කළා. නමුත් බැරි වුණා.
41. මෝ: හා හො¼දා. ඒ භූත ලෝකයේ (ඉනපඪබ එධපතඤ) ඉන්න කාට හරි මිහිපිට ඉන්න කා සමඟ හරි කතා කළ හැකිද..?
බ්‍ර: මම දන්නෙ නෑ.

42. මෝ: එය සිදුවෙනවා ඔබ කවදාවත් දුටුවෙ නැද්ද..?
බ්‍ර: නෑ. උත්සාහ කළා. නමුත් බැරි වුණා. බොහෝ දෙනෙක්ට මිනිසුන්ට කතා කරන්නට ඕනෑ කළා. නමුත් මිනිස්සු ඇහුම්කන් දෙන්නෙ නෑ.
43. මෝ: දැන් ඔබ මට නැවත කියන්න ඕනෑ ඔබ මළායින් පස්සෙ වුණේ මොකද කියලා. ඊට පස්සෙ ඔබ ගියේ කොහෙද..?
බ්‍ර: මම ගෙදර නතර වුණා බි්‍රයනුත් එක්ක.
44. මෝ: ඔබට ඒගොල්ල ඔබේ සිරුර වළ දමනවා දකින්න පුළුවන් වුණාද..?
බ්‍ර: ඔව්. මම දැක්ක ඒ ගොල්ල මගෙ සිරුර වළ දමනවා.
45. මෝ: ඔවුන් ඔබ වෙනුවෙන් කලේබර - මුරයක් (එචඬඥ) පැවැත්වුවාද..?
බ්‍ර: නෑ, මා බි්‍රයන්ට කියා තිබුණා. කවුරුන්වත් මා වෙනුවෙන් වැලපෙන්නට, ශෝක වෙන්නට ඕනෑ නෑ කියලා. මා බරක් වී හිටියා. නින්දට යෑම මට ලොකු සතුටක්.
46. මෝ: ඔබ බලා සිටි බව කාටවත් කියන්නට ඔබ උත්සාහ ගත්තෙ නැද්ද..?
බ්‍ර: නෑ මා වෙහෙස වී හිටියා.
47. මෝ: ඔබ එතකොටත් වෙහෙස වී හිටියා ද..?

බ්‍ර: ඔව්
48. මෝ: ඔබට ඒ ජීවිතයේදී විඳීම් (ජ්ඥඥතඪදඨඵ) තිබුණු බවක් මා දැන හිටියෙ නෑ.
බ්‍ර: ඒවා වැඩිවෙලා පවතින වේදනා නෙවෙයි.
49. මෝ: එතකොට එහි දුක් වේදනා නැද්ද..?
බ්‍ර: දුක් වේදනා (නචඪද) නෑ.
50. මෝ: එතකොට ඒ මුළු කාලය තුළම ඔබ කෑවෙත් නෑ. නිදාගත්තෙත් නෑ. ඉතින් කාලය ගත කළේ කොහොමද..?
බ්‍ර: ඔහේ නිකම් බලා ඉඳන්.

51. මෝ: එය දිගු කලක් සේ පෙනුණා ද..? නැතිනම් කාලය ගණනක් නැද්ද..?
බ්‍ර: නෑ. කාලය ගණනක් නෑ.
52. මෝ: ඔබ කාලය ගැන කිසි සැලකිල්ලක් දැක්කුවෙ නැද්ද..?
බ්‍ර: නෑ. අපට බි්‍රයන්ට වාගෙ දිවා රාත්‍රියක් නෑ.
53. මෝ: ඔබ කිව්වේ මොකක්ද..?
බ්‍ර: බි්‍රයන්ට වාගෙ අපට දිවා රාත්‍රියක් තිබුණේ නෑ.
54. මෝ: බි්‍රයන් නැවත වරක් ආවාහයක් කර ගත්තද..?

බ්‍ර: ඔහු ඊට කැමැති නෑ.
55. මෝ: ඔබට ඔහු මළ අවස්ථාව මතකද..?
බ්‍ර: නෑ. මට මතක තියාගන්න තිබුණා. නමුත් මම ජෝන් පියතුමා මළහම ඉවත ගියා.
56. මෝ: හො¼දා, ඔබ ඒ වෙලාවෙදි ජෝන් පියතුමාට එකතු වුණාද..?
බ්‍ර: ආ. මම ටික වෙලාවක් ජෝන් පියතුමා දැක්ක. මම ඔහුට කතා කළා.
57. මෝ: ඔහු හිටියෙ කොහෙද..?
බ්‍ර: ඔහු ඒ ගෙදර හිටිය. ඔහු සිරිතක් වශයෙන් එහෙ ආවා.
58. මෝ: කෝක් නගරයේද..?

බ්‍ර: නෑ.නෑ. බි්‍රයන් එක්ක. මට ඔහු දකින්නට ලැබුණා. ඔහු නිතරම එහි එනවා. ඔහු අප බලන්නට එන්නට කැමැතියි. ඔහු නිතර නිතර එහෙ ආවා.
59. මෝ: හා හො¼දා! කලින් මළේ කවුද..? ජෝන් පියතුමාද..?
බ්‍ර: මම
60. මෝ: එතකොට ඔහු මළේ ටික කලකට පස්සේ..? එතකොටම ඔබ ඔහුට එකතු වුණා. එහෙමද..?
බ්‍ර: ඔව්. ඔහු ගෙදර ආවා. ඔහු ඔහුට ඕනෑ කළ තැනට ආවා.
61. මෝ: නමුත් ජෝන් පියතුමාවත් ඔබවත් එහි ඉන්න බව බි්‍රයන් දැනගත්තෙ නැද්ද..?
බ්‍ර: දැනගත්තෙ නෑ.

62. මෝ: ඔබට එය කියන්නට පුළුවන් වුණේ නෑ.
බ්‍ර: නෑ. මට පුළුවන් වුණේ නෑ. ඔහු ඇහුම්කන් දුන්නෙ නෑ.
63. මෝ: මැරෙන මිනිස්සු වෙනස් වෙනස් තැන්වලට යනවද..?
බ්‍ර: ඔව්. තැන් හුඟක් නෑ. එක තැනයි. නමුත් ඒක හුඟක් පැතිරිල තියෙනවා.
64. මෝ: ඔබ ඔවුනොවුන්ට කතාකර ගත්තෙ කොහොමද..?
බ්‍ර: අපි හැමදාම කළා වගෙ.
65. මෝ: ඔව්. මට තේරුණා. අනිත් අයට ඔබ කියන දේ ඇහුණද..?
බ්‍ර: ඔව්. ඒගොල්ලන්ට මා කියන දේ ඇහුණා.

66. මෝ: නමුත් බි්‍රයන් වැනි මිහිපිට ඉන්න අයට ඔබ කියන දේ ඇහෙන්නෙ නැතුව ඇති.
බ්‍ර: ඒ ගොල්ල ඇහුම්කන් දෙන්නේ නෑ.
67. මෝ: ඒ අය ඇහුම්කන් දෙන්න උත්සාහ කළා නම් ඔබ කියන දේ ඇහෙනවා ඇතැයි ඔබ සිතනවාද..?
බ්‍ර: ඔව් මා එසේ සිතනවා.
68. මෝ: ඔබට එය සහතික නැද්ද..?
බ්‍ර: නෑ......
69. මෝ: ඒ භූත ලෝකයේ කවුරුන් හෝ ඔබට යමක් ඉගැන්නුවාද..? ඔබ කිසි දිනෙක පාසල් ගියේ නැද්ද..? නැතිනම් එහි කවුරුන් හෝ ඔබට කිසි දිනෙක කවර විදියිකින් හෝ උපදෙසක් දුන්නෙ නැද්ද..?

බ්‍ර: ඒක නිකම් සංක්‍රාමක (ඊපචදඵඪබධපර) දෙයක්. නිකම් කාල පරිච්ඡේදයක්, නිකම් සිදුවූ දෙයක්.
70. මෝ: ඔබේ සිරුර මළායින් පස්සේ ඔබ නොමළ බව දැන සිටියද..?
බ්‍ර: මට හැම විටම බි්‍රයන්ට ඒක කියන්න ඕනෑ කළා. නමුත් ඔහු ඉතා කැලැඹී සිටියා.
71. මෝ: ඔහු ඉතා කැලැඹී සිටියා..?

බ්‍ර: ඇති තරම් යාඥා කරන්න ලැබුණේ නැතැයි කියලා හරි, පල්ලියට යන්න ලැබුණෙ නැතැයි කියල හරි යම් අඩුවක් ගැන ඔහු ඉතා කැලැඹී සිටියා.
72. මෝ: මට තේරුණා. ඔබ කලින් ඉපදී සිටි නව ඇම්ස්ටර්ඩෑම්වල දැන් නම කුමක්ද..?
බ්‍ර: නිව්යෝර්ක්.
(මෙහි සඳහන් නව ඇම්ස්ටර්ඩෑම් උපත අයර්ලන්ත උපතට පෙර සිදුවූවකි. මෙපමණකින් මුල් ටේප් පටය අවසන් වෙයි. මෙතැන් සිට ඉතිරි පටවලින් පුනරුක්ති අඩු කරමින් අවශ්‍ය තැන් පමණක් ගෙනහැර දක්වමි)
73. මෝ: ජෝන් පියතුමා මළේ කොහොමද..?
බ්‍ර: ජෝන් පියතුමා.... නිකම්ම නින්දෙදි මළා.
74. මෝ: ඔබ ඔහු මැරෙනවා බලා හිටියද..?

බ්‍ර: නෑ. මම ඔහු මැරෙනවා බලා හිටියෙ නෑ.
75. මෝ: නමුත් ඔහු මළායින් පස්සෙ ඔබ වෙතට ආවා.
බ්‍ර: ඔව්. ඔහු ආවා. අපි කථා කළා. ඔහුගේ මරණය ප්‍රසන්න මරණයක්.
76. ඔබ හිටිය ගෙය අතහැර ජෝන් පියතුමා ගියෙ කොහොද..?
බ්‍ර: ඔහු කිව්ව ඔහුගේ ගෙදර යන බව.
77. මෝ: දැන් ජෝන් පියතුමා ඉන්නේ කොහෙද කියලා ඔබ දන්නවාද..?
බ්‍ර: මම දන්නෙ නෑ. නමුත් ඔහු ජීවත් වෙනවා.
78. මෝ: කොහොමද ඔබ දන්නෙ ඔහු ජීවත් වන බව..?

බ්‍ර: මම නිකම්ම දන්නවා කෙනකු ජීවත් වන බව.
79. මෝ: නමුත් ඔබ ඔහු ජීවත් වන්නේ කොහෙද කියලා දන්නවාද..?
බ්‍ර: නෑ. මම දන්නෙ නෑ. මම කෝක් නුවරට ආපසු ගියා. මම ඔහු දැක්කෙ නෑ.
80. මෝ: හො¼දා, ඔබ ඒ භූත ලෝකෙ ඉන්න විට කවුරුන් හෝ ඊට ඇස්ට්‍රල් (ඒඵබපචත - තාරකාමය) ලෝකය යැයි කියනවා ඇහුණද..?
බ්‍ර: ඔව්. මා එය අසා තිබෙනවා.
81. මෝ: දැන් අපි ඊට ඇස්ට්‍රල් ලෝකය යැයි කියමු. ඒ ඇස්ට්‍රල් ලෝකෙදි වින්දනයන් (ටඥතතඪදඨ) හෝ චිත්තභාවයන් (ඡ්ථධබඪධදඵ) හෝ ඇතිවෙනවාද..?
බ්‍ර: අපි නිකම්ම තෘප්තව සිටියා. ජෝන් පියතුමා මළහම මට ශෝකයක් ඇති වුණා. නමුත් ඔහු මා වෙත ආවා. අපි කතා කළා. ඒක ඔබට මේ ලෝකෙදි ඇතිවන ශෝකය වාගේ නෙවෙයි. ඒක බයවෙන්න දෙයක් නෙවෙයි.

82. මෝ: ඒ. ඇස්ට්‍රල් ලෝකෙදි දුක් වේදනා දැනෙනවාද..?
බ්‍ර: නෑ. නෑ.
83. මෝ: ඔබට මොනම විදියක හෝ ඇල්මක්, පවුල් ඇල්මක් හරි නෑදෑ ඇල්මක් හරි තිබුණද..?
බ්‍ර: නෑ.
84. මෝ: විවාහ වීමක්?
බ්‍ර: නෑ.
85. මෝ: මට තේරුණා. එහි නෑදෑයෝ එක්ව ඉන්නවද..?
බ්‍ර: නෑ. මගේ මව කවදාවත් මා සමඟ සිටියේ නෑ. මගේ පියා අෑ දුටු බව කීවා. නමුත් මා දුටුවේ නෑ.
86. මෝ: ඒ ලෝකෙදි ආලයක් හෝ ද්වේෂයක් හෝ ඇතිවන්නේ නැද්ද..?
බ්‍ර: නෑ. මෙලොව හැර දමනු ලබන අයට නම් ආලය කරනවා.

87. මෝ: ඔබ කීවා ඔබට ඒ ලෝකෙදි කවුරුන් සමඟවත් වැඩි වෙලා කතා කරන්නට ඉඩ නොලැබෙන බව. ඒ අය ඉවත්ව යන බව. ඒ අය යන්නෙ කොහෙද..?
බ්‍ර: ඔහේ නිකම් යනවා. වෙලාවක් නෑ. නිකම් යනවා.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon