පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇති කිරීම අනවශ්‍යයි

  👤  4339 readers have read this article !
2018-01-11

"පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇති කිරීම අනවශ්‍ය බව මගේ හැඟීමයි. බැඳුම්කර කොමිසමේ වාර්තා හා බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තා ලබන සතියේ ලබා දෙන බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දුන්නා" යැයි කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැතිතුමා මා වෙත ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අද පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු තීරණය කර ගැනීම සඳහා 2018 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය කරගත් පරිදි මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තා 34ක පිටපත් ඉල්ලා සභානායක ලේකම් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යවා තිබෙනවා.

එම වාර්තා පිළිබඳ අධ්‍යයන කිරීමෙන් පසුව ඒවා නීතිපති, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන බවටත් එම වාර්තාවල පිටපත් තවත් එක් සතියකින් පමණ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ලබාදෙන බවටත් ජනාධිපතිතුමා දන්වා ඇති බව දැනුම් දෙන්නට කැමැතියි.

වාර්තාව සභාවේ නැතිව අගමැතිතුමාට හිතුමතේ
ප්‍රකාශ කරන්න
ඉඩ දිය නොහැකියි

වාර්තාව සභාව තුළ නොමැතිව අගමැතිතුමාට හිතුමනාපේ ප්‍රකාශ කරන්න ඉඩ දිය නොහැකියි. රත්තපුර දිස්ත්‍රික් මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.
රැස්වීම කැඳවීමේ අරමුණ කුමක්ද කියා ඔබතුමා සඳහන් කළා. ප්‍රධාන ලේඛන වාර්තාව අප ඉදිරියේ නොමැතිව ඔබතුමා සඳහන් කළ සාකච්ඡාව අපට කළ නොහැකියි.
එහෙයින් සභාව තුළ ඒ ප්‍රශ්නය ගැන අගමැතිතුමාට හිතුමනාපයට ප්‍රකාශ කරන්න ඉඩ දිය නොහැකියි.

දේශපාලකයන් ඉල්ලීමක් කරනවා නම්
එම වාර්තාව පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කිරීමට සිදුවෙනවා

"දේශපාලකයන් ඉල්ලීමක් කරනවා නම්, එම වාර්තාව ඉදිරිපත් කිරීමට වෙනවා. මෙවැනි දේවල් මින් ඉදිරියටවත් සිදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට අප දැනගත යුතු යැයි" මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.

"අපේ සභා හතරක් මඟින් නිර්දේශ කළ පරිදි ජනාධිපතිතුමා විසින් කොමිසමක් පත්කළා. බොහෝ අය ඒ පිළිබඳ වපර ඇසින් බැලුවේ"
"අපේ රටේ ප්‍රථම වතාවට පිටු 1400ක් සහිත වාර්තාවේ සම්පිණ්ඩනයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළා. ඊට පසුව අද පාර්ලිමේන්තුව කැඳවීමට අගමැතිතුමා තීරණය කළා".
"මේ පිළිබඳ කොමිෂන් වාර්තාව ලබන 17දී ඉදිරිපත් කරාවි. නමුත් 17දා වනතුරු සිටිය යුතු නැහැ.

වෙනත් තැන්වලට යැවීමට පෙර එම වාර්තාව
පාර්ලිමේන්තුවට එවිය යුතුයි

"වෙනත් තැන්වලට යැවීමට පෙර වාර්තාව පාර්ලිමේන්තුවට එවිය යුතුයි" ජාතික ලැයිස්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පැවැසුවේය.
"අද සවස 1.30ට වාර්තාව රැගෙන පාර්ලිමේන්තුවට එන්න කියා ජනාධිපති ලේකම්ට දැනුම් දෙන්න.
අගමැති රනිල් වික්‍රමසිංහ
ජනාධිපතිතුමා අද අනුරාධපුරේ ශ්‍රී ල.නි.ප. රැස්වීමට යනවා.
දිනේෂ් ගුණවර්ධන
ජනාධිපති ලේකම් අත පිටපතක් තියෙනවා. ඔහුට හෝ ඔහුගේ නිලධාරියකුට එම පිටපත අද සභාවට රැගෙන එන්න පුළුවන්. අදාළ නිලධාරීන් කැඳවා වාර්තාව සභාගත කරන්න පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon