COLOMBO JOURNAL පළමු ඉංග්‍රීසි පුවත්පත තහනමට ලක්වූ හැටි

  👤  3339 readers have read this article !
2018-01-07

මෙරට පිහිටි ලන්දේසි අවි ගබඩාවේ සේවය කළ ගේබ්රියල් ස්කාඩර් විසින් ඔහුගේ පරිශ්‍රමය මත මුල් වරට සිංහල අච්චු අකුරු යොදා මුලින්ම මුද්‍රණය කළේ ක්‍රිස්තියානි යාඥා පොතකි. එතැන් සිට ඔහුගේ මුද්‍රණාලයෙන් සිංහලෙන් කිසිවක් මුද්‍රණය වූ බවට මෙතෙක් සාධක හමුවී නැත.
1796 දී ලංකාවේ වෙරළබඩ පළාත් ඉංග්‍රීසින් විසින් අල්ලා ගත් පසු එතෙක් ලන්දේසීන් සතුව තිබූ එවැනි වත්කම් හා දේපළවල අයිතිය ඉංග්‍රීසිහු සතු කර ගත්හ. ඒ අනුව ස්කාඩර්ගේ මුද්‍රණාලයද ඉංග්‍රීසින්ට අයිති විය.

මෙරට ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වශයෙන් පත්ව ආවේ ප්‍රෙඩ්රික් නෝර්ත්ය. ආණ්ඩුක්‍රම අවශ්‍යතාවන් සඳහා මෙරටට දියුණු සන්නිවේදන මාධ්‍යයක් වුවමනා බව හඳුනාගත් ඔහු 1802 මාර්තු 15 වැනිදා මෙරට මුල්ම මුද්‍රිත සන්නිවේදන වාරිකය ආරම්භ කළේ 'ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය' නමිනි. ලංකාවේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශනය ලෙස පිළිගැනෙන්නේ මෙකී ගැසට් පත්‍රයයි.

එහෙත් පොදු ජනතාවගේ අදහස් උදහස් රැගත් ඉංග්‍රීසි පුවත්පතක් මෙරට ඉංග්‍රීසිය දත් ජනතාවට දක්නට ලැබෙන්නේ ඉන් වසර 30කට පසුවය. ඒ 1832 ජනවාරි 7 වැනිදා නිකුත් වූ ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පුවත්පතයි.

1830 දී එංගලන්ත මන්ත්‍රි මණ්ඩලය විසුරුවා හරිනතුරු වසර ගණනාවක් මන්ත්‍රි ධුරයක් දැරූ රොබට් විල්මට් හෝටන් මෙරට ආණ්ඩුකාර ධුරයට පත්ව ආවේ 1831දීය. ඔහු මෙරටට පැමිණ මාස තුනක් ගතවීමට පෙර ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පුවත්පත ඇරැඹීමට පුරෝගාමී විය.
ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම ඔහුට කිරීමට නියමිතව තිබුණේ මෙරට පැවැති මහජන උද්ඝෝෂණ සමථයකට පත් කිරීම සඳහා 1829දී කෝල්බෘෘක් කොමිසම මඟින් යෝජනා කළ නිර්දේශ මෙරට ක්‍රියාත්මක කරවීමය.

ලිබරල්වාදියකු වූ ඔහු වික්ටෝරියානු සමාජයේ සිටි සෞන්දර්යවාදියකු ලෙසද ප්‍රකටව සිටියේය. ව්‍යවස්ථාදායක හා විධායක මන්ත්‍රණ සභා පිහිටුවීමටත් නව අධිකරණ බලපත්‍ර හඳුන්වා දීමටත්, රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට කටයුතු යෙදුවේත් ඔහුය. ආසියාවේ මුල් වරට කොළඹ සිට මහනුවර දක්වා තැපැල් අශ්ව කෝච්චි සේවයක් ඇරැඹුවේද ආණ්ඩුකාර හෝටන්ය.

ඔහු මෙරටට එන විට ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය පළ වෙමින් තිබුණද එකල පැනනැඟුණු ආර්ථික, දේශපාලන, සමාජමය ප්‍රගතියට ඉන් සෙතක් සැලසුණේ නැත. කෝල්බෘෘක් කොමිසමද මේ වන විට ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාව තේරුම් ගෙන තිබිණි. ඒ හේතුවෙන් ආණ්ඩුකාර හෝටන් 1832 ජනවාරි 07 වැනිදා ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පත්‍රය නිකුත් කළේ ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය හුදෙක් නිල වාරිකයක් බවට පත් කරමිනි.
එහි ඇතුළත පිටු හතරකින් සමන්විත අතිරේකයද එදා සිට අත්හිටුවිණි.

ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පත්‍රයේ මුල්ම කලාපය පිටු හතරකින් යුතු 10×16.5 ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ ප්‍රකාශනයකි. කතුවරයා වූයේ එවකට තැපැල්පති ධුරය දැරූ ජෝර්ජ් ලීය. ඔහුගේ සහායකයා ලෙස කටයුතු කර ඇත්තේ සිවිල් සේවක හෙන්රි ටස්කල්ය. ඔහු ආණ්ඩුකාර හෝටන්ගේ පෞද්ගලික ලේකම්වරයාය.
ආණ්ඩුකාර හෝටන්ගේ පුරෝගාමීකත්වයෙන් පළ කළ ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පත්‍රයට ඔහු ලිපි රචනා කළේ ප්‍රොබානෝ පබ්ලිකෝ, ටීමොන් ආදී ආරූඪ නම්වලිනි. ලොව ප්‍රකට ලේඛකයෝද එදා ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පත්‍රයට ලිපි හා විශේෂාංග ලියා ඇත.
මහාවංස ටීකාව මුල්ගිරිගල විහාරයෙන් සොයාගෙන එය ඉංග්‍රීසියට පරිවර්තනය කර එංගලන්තයේදී පළ කළ ජෝර්ජ් ටර්නර්, මොනරවිල කැප්පෙටිපොළ නිලමේ වීරයකු ලෙස මහනුවරදී ගහලයාට ගෙල දුන් අයුරු සියැසින් දැක ඔහුගේ හිස එංගලන්තයට ගෙන ගිය වෛද්‍ය හෙන්රි මාෂල්, මෙරට ගැන අනර්ඝ ග්‍රන්ථ ගණනාවක් ලියූ ජෝන් ෆෝබ්ස්, එච්.ඩබ්ලිව්. නයිටන් සහ කපිතාන් ඇන්ඩර්සන් ආදීන් ඉන් කිහිප දෙනෙකි. පත්‍රයට වසරක් ගත වන විට ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පත්‍රයේ ලිබර්ල් මතවාදීන්ගේ අදහස් උදහස්ද, නිදහස් සාහිත්‍යකාමීන්ගේ ලිපිද, ඇතැම් ඉංග්‍රීසි නිලධාරීන් පිළිබඳ විවේචනාත්මක ලිපිද, නිලධාරීන් උපහාසයට ලක් කෙරෙන ලිපිද පළ වන්නට විය.
ඒ ඉවසා ගත නොහැකි වූ එංගලන්ත බලධාරීහු උදහස් වූහ. 1833 දෙසැම්බරය වන විට ඔවුහු ආණ්ඩුව යටතේ, ඒ අනුග්‍රහයෙන් පළ කෙරෙන ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පුවත්පත නවතා දමන ලෙස ප්‍රබල ලෙස බලපෑම් කරන්නට වූහ.

ඒ හේතුවෙන් මෙරට ඉංග්‍රීසි පාඨකයා අතර ජනප්‍රිය වෙමින් පැවැති ප්‍රථම ඉංග්‍රීසි පොදුජන පුවත්පතින් අවසන් කලාපය 1933 දෙසැම්බර් 31 වැනිදා නිකුත් කිරීමෙන් පසු වසා දැමිණි.

ලංකා ඉතිහාසය ද්විතීය භාගය ලියූ හාන්දුපැල්පොල පුඤ්ඤරතන හිමියන් පවසන්නේ ඛ්ර්ණීඹ්ර්ණීර්ඕර්ණී බ්ර්ණීඋඅව්ඒඹ් පුවත්පත එංගලන්ත ආණ්ඩුවේ ‍ෙදාස් දැක්වීමේ ලිපි පළ කිරීම හේතුවෙන් තහනමට ලක් වූ බවය. එසේ නම් බලධාරීන්ගේ උදහසට ලක්ව මෙරට ප්‍රථම වරට තහනමට ලක්ව ඇත්තේ ආණ්ඩුව මඟින්ම ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුද්‍රණය කරවා පළ කළ ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පොදුජන පුවත්පතය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon