මරණාසන්න මොහොතේ දැනෙන වේදනා ගැන නොදත් කතාවක්

  👤  4954 readers have read this article !
2018-01-07

බුදුදහමේ කියැවෙන ගැඹුරුම තැන් වඩාත් නිවැරැදිව විවරණය කරන්නට වෙහෙස වූ පණ්ඩිත, කන්නිමහර සුමංගල හිමියන්ගේ දෙසුම් අදටත් ප්‍රයෝජනවත්ය.
උන්වහන්සේ බටහිර ජන සමාජය තුළ කතාබහට ලක් කෙරුණු බෞද්ධ දර්ශනයේ සංකල්ප සිංහලෙන් ගෙන හැර පා ප්‍රකට වූ හිමිනමකි. මේ ලිපිපෙළ ඒ අනුව සැකසිණි.
මරණින් මතු අන්තරාභවයක් ඇතිද නැතිද යන්න විවාදාත්මකය. මෙහි එන්නේ මෝරි බෙර්න්ස්ටයින් විසින් නින්දට පත්කර, සිත අවදිකර රූත් සිමන්ස් නම් අයකුගෙන් ලබාගත් අන්තරාභවය පිළිබඳ තොරතුරුය.

මෙහි "මෝ" යන්නෙන් සංවාදයට එක්වන්නේ මෝරි බෙර්න්ස්ටයින්ය. "බ්‍ර" යන්නෙන් ආතුරයා දැක්වෙයි. එය සිහිනුවණින් කියැවිය යුතුය.

මෝ : දැන් ඔබ ඒ අතීතයෙන් ජීවත්වන ලෙසින් දකින්න. මරණය තෙක්ම එසේ දකින්න. ඔබට කැලඹීමක් නොවන විදියට පිටස්තර කෙනකු ලෙස ඔබ මළ හැටි විස්තර කරන්න.
බ්‍ර : මා තරප්පුවකින් වැටුණා. මගේ උකුලේ ඇට කැඩුණු බව පේනවා. මා ලොකුම බරක් වුණා.
මෝ : එතකොට ඔබ වයස් ගතව හිටියද?
බ්‍ර : වයස හැට හයයි.
මෝ : අන්තිමට ඔබ මළේ කොහොමද?
බ්‍ර : ආ...... ඒක නිකම් වියළී යෑමක්.
මෝ : ඔබට ජීවත් වන්නට ඕනෑ කළේ නැද්ද?
බ්‍ර : නෑ. මා ඒ තරම් බරක්ව හිටියා. මා ඔසවා ගෙන යා යුතුව තිබුණා.
මෝ : එතකොටත් බි්‍රයන් ජීවත්ව සිටියාද?
බ්‍ර : ඔව්. ඔහු ජීවත්ව සිටියා.
මෝ : ඔහු හොඳින් ඔබ රැක බලාගත්තාද?
බ්‍ර : ඔව්. නමුත් ඔහු බොහොම වෙහෙසට පත්වෙලා හිටියා.
මෝ : මැරෙනකොට ඔබ හිටියේ කොයි නුවරද?
බ්‍ර : බෙල්ෆාස්ට් නුවර
මෝ : ඔබට ඔබ මළ දවස මතකද?
බ්‍ර : ඔව්. ඒක ඉරිදා දවසක්.
මෝ : ඔබට ඒ බව හරියටම මතකද?
බ්‍ර : ඔව්. එදා බි්‍රයන් පල්ලියට ගිහින් හිටියා. එයාට මරණ මඤ්චකය ළඟ ඉන්ට බැරි වුණා කියලා එයා හුඟාක් දුක් උණා. එයා මා ගෙදර ඉන්ට ඇරල පල්ලියට ගොස් සිටියා. මා එතරම් ඉක්මනින් මැරෙයි කියල එයා හිතල තිබුණේ නෑ. මට තනිවට ගෑනු කෙනෙක් ඇවිත් සිටිය නිසයි එයාට යන්න පුළුවන් වුණේ... ඉතින් මම මළා.
මෝ : මැරෙන කොට ඔබට තද දුක් වේදනාවක් දැනුණද?
බ්‍ර : නෑ. නිකම් වෙහෙසක් විතරයි.
මෝ : ආ! නිකම් වෙහෙසක් විතරයි? ඔබට මැරෙන්න ඕනෑ කළාද?
බ්‍ර : ඔව්.
මෝ : ඔබ මරණින් පසුවත් ජීවත් වෙනවා යැයි විශ්වාස කළාද?
බ්‍ර : ඔව්.
මෝ : ඔබ මළායින් පස්සෙ සිදුවුණු දේ අපට කියන්ට පුළුවන්ද?
බ්‍ර : ජෝන් පියතුමා කියා තිබුණු දේ සිදුවුණේ නෑ. ඒ කීවේ මම ශුද්ධාග්නිස්ථානයට ගියේ නෑ.
මෝ : ඔබ ගියේ කොහෙද?
බ්‍ර : ජෝන් පියතුමා මැරෙන කල් මම ඒ ගෙදරම නැවතී සිටියා.
මෝ : මේ මුළු කාලෙම ඔබට ජෝන් පියතුමා දැක ගන්න පුළුවන් වුණාද?
බ්‍ර : ඔ.....ව්
මෝ : ජෝන් පියතුමාත් මැරිලද?
බ්‍ර : ඔහු මළා... මා දුටුවා. මා ඔහු මළ පසු දුටුවා.
මෝ : එතකොට ඔබ ඔහුට කතා කළාද?
බ්‍ර : ඔව්.
මෝ : මට තේරුණා. බි්‍රයන් මැරිල ඔබට එක් වුණාද?
බ්‍ර : නෑ.
මෝ : ඔහු එක්වුණේ නැද්ද?
බ්‍ර : නෑ. මා දුටුවේ නෑ. ජෝන් පියතුමා මැරෙන තුරු මා බි්‍රයන් දෙස බලා සිටියා. ඊට පස්සේ මම ඒ ගෙදර අතහැර ගියා.
මෝ : මට තේරුණා. ජෝන් පියතුමා මළ පසු ඔබ ඒ ගෙදර අතහැර ගියා. ජෝන් පියතුමා මැරෙන තුරු ඒ ගෙදර නතරවී සිටියා.
බ්‍ර : ඔව්. ජෝන් පියතුමා බි්‍රයන් බලන්ට ආවා. මාත් නතර වී සිටියා.
මෝ : හා හො¼දා. ඒ ගෙදර අතහැර ඔබ ගියේ කොහාටද?
බ්‍ර : ඕ.... මම ගෙදර ගියා. කෝක් නගරයට මම මගේ සහෝදරයා දුටුවා.
මෝ : කොයි සහෝදරයාද?
බ්‍ර : ඩන්කන්. ඔහු එතකොටත් ජීවත්ව සිටියා. නමුත් බොහොම නාකියි.
මෝ : ඔබ ඒ ගෙදර නතර වී සිටියාද?
බ්‍ර : ඔව්. මම ඩන්කන්ගේ ගෙදර නතර වී සිටියා.
මෝ : ඔබ කවදා හෝ ඩන්කන්ට ඔබ ඒ ගෙදර ඉන්න බව දැනගන්න ඇරියාද?
බ්‍ර : නෑ. ඔහු දැනගන්න කැමැති නෑ. (ඹධභතඤද'බ) ඔහු මට උත්තර දෙන්ට කැමැති නෑ.
මෝ : ඔබ ඔහුට කතා කරන්ට උත්සාහ කළේ කොහොමද?
බ්‍ර : මම ඔහුගේ ඇඳ ළඟ ඉඳන් කතා කරනවා. ඔහුට කවදාවත් මා පේන්නෙ නෑ.
මෝ : හො¼දා පසුව ඔහු මළාද?
බ්‍ර : ඔව් මළා.
මෝ : ඊට පස්සෙ ඔහු ඔබට එක් වුණාද?
බ්‍ර : නෑ. මා නොදන්නා මිනිසුන් එහි හුඟක් හිටියා. නමුත් මා දන්නා හැම කෙනෙක්ම මා දුටුවේ නෑ. ජෝන් පියතුමා දුටුවා. කුඩා කල මළ මගේ සහෝදරයාත් මා දුටුවා.
මෝ : ආ! ඔබ ඔහු දුටුවා. ඔබ ඔහුට කතා කළාද?
බ්‍ර : ඔව් මම ඔහුට කතා කළා. නමුත් මට සිද්ධ වුණා මා ඔහු අඳුනන බව ඔහුට කියා දෙන්න. ඔහු මුලදී මා හඳුනා ගත්තේ නෑ.
මෝ : පසුව ඔහු ඔබ හැඳින ගත්තාද?
බ්‍ර : ඔහුට යන්තම් මා මතක බව කිව්වා. නමුත් ඔහුට දෙර ගැනවත් අම්ම ගැනවත් මතක තිබුණෙ නෑ. ඔහුට ඩන්කන් ගැන මතක තිබුණා. ඩන්කන් ඔහු තොටිල්ලෙන් තල්ලු කරල තොටිල්ල පෙරළනව ලු. ඔහු වැටෙනව ලු. ඔහුට එවැනි දේ මතක තිබුණා.
මෝ : ඔබ හිටි තැන කෙබඳුද? ඔබ හිටි තැනට ඔබ කැමැතිද?
බ්‍ර : ඔව්.
මෝ : ඔය ඔබේ මිහිපිට ජීවිතයට වඩා හොඳද?
බ්‍ර : නෑ.
මෝ : එය හොඳ නැද්ද?
බ්‍ර : නෑ. එය අඩුපාඩු සහිත එකක්. එය පිරිපුන් එකක් නොවෙයි. එහි බොහෝ දේවල් කරන්ට බෑ. මොකක් වත් ඉටු කර ගන්ට බෑ. වැඩි වේලාවක් කෙනකුට කතා කරන්ටත් බෑ. ඒ අය නිකම් ඔහේ යනවා. වැඩි වේලාවක් නතර වෙන්නේ නෑ.
මෝ : ඔබට කවදා හෝ දුක් වේදනාවක් දැනුණද?
බ්‍ර : නෑ.
මෝ : දුක් වේදනාවක් නෑ. හොඳයි ඔබට කවදා හෝ යමක් කන්ට සිද්ධ වුණාද?
බ්‍ර : නෑ. කවදාවක් කෑවෙ නෑ. කවදාවත් නිදාගත්තෙ නෑ. එහි විඩාවට පත්වීමකුත් නෑ.

මතු සම්බන්ධයි
එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon