You Bionic නම් කෘත්‍රිම අතක් ළඟදීම

  👤  3368 readers have read this article !
2018-01-07

ඔබගේ දෑතින් නොකළ හැකි දේ කළ හැකි බහුකාර්ය අත් ඇත්තකු වීමට ඔබ කැමැත්තෙන් නම් ඒ සඳහා නියමිත වශයෙන්ම ඔබට ගැළපෙන සුපිරි මෙවලමක් එළිදැක්වීමට අලුත් ආයතනයකට හැකි වී තිබේ.

"යූ බයෝනික්" (කධභ ඡඪධදඪජ) නමැති මෙම ආයතනය විසින් නිෂ්පාදිත "බයෝනික" - කෘත්‍රිම අවයවයක් මඟින් ලබාගත හැකි අධිමානුෂිකත්වයක් සහිත - හස්තයෙන් අසාමාන්‍ය ක්‍රියාකාරි ශක්තියක් ඇත්තකු බවට පත්වීමට ඔබටද පිළිවන.
ඔබගේ ඇඟිලිවල චලනයෙන් පාලනය වන මෙම බයෝනික හස්තයේ ඇඟිලිද නැවෙන දිග හැරෙන බවත්, යමක් තරයේ අල්ලා ගැනීමටද ඊට හැකි බවත් නිෂ්පාදන ආයතනය කියයි. එපමණක් නොවේ, කෙනකුගේ සාමාන්‍ය හැකියා අසාමාන්‍ය හෙවත් සුවිශේෂී හැකියා බවට පත් කර ගත හැකි විද්‍යුත් තාක්ෂණ මෙවලම් නිපදවීමේ ප්‍රථම පියවරද මේ බයෝනික හස්තයෙන් තමන් තැබූ බව "යූ බයෝනික්" ආයතනය කියයි.

ඉතාලි ජාතික තාක්ෂණ විද්‍යා සැලසුම් සම්පාදක ෆෙඩෙරිකෝ සිකාරේස් විසින් කෙනකුගේ සිරුරෙහි පැලඳිය හැකි ආකාරයෙන් රොබෝ තාක්ෂණ විද්‍යානුකූලව ප්‍රථම වරට නිෂ්පාදිත මෙම බයෝනික හස්තය නිසා "සාමාන්‍ය මිනිසා" "බලගැන්වුණු මිනිසා" බවට පරිවර්තනය වීමේ පරිණාමයක් සිදු වනු ඇතැයිද මෙම ආයතනය කියයි. අතක් ඉවත් කරනු ලැබූවකුට ඒ වෙනුවට ආදේශ කරගත හැකි කෘත්‍රිම අතක්ද සිකාරේස් විසින් නිපදවා තිබේ. ස්නායුවලින් නිකුත් කැරෙන සංඥා අනුව මාංස පේශි ක්‍රියාත්මක වන ආකාරයෙන්ම මොළයෙන් නිකුත් කෙරෙන විද්‍යුත් සංඥා අනුව එම කෘත්‍රිම හස්තයේ ඇඟිලි ක්‍රියාත්මක වෙයි.

ත්‍රිමාණ මුද්‍රිතව සැලසුම් කරන ලද මෙම කෘත්‍රිම හස්තයේ තාක්ෂණ ක්‍රියාවලිය පරිගණකයෙහි බාගත කෙරුණු විට ත්‍රිමාණ මුද්‍රණ පහසුකම් ඇති හැම කෙනකුටම එය නිර්මාණය කර ගත හැකියැයි යූ බයෝනික් සමාගම එහි වෙබ් අඩවියෙහි සටහන් කර ඇත. ඉවත් කරන අතේ ඉතිරිව ඇති මස් පිඬුවලට නව සැලැස්ම අනුව ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කෙරුණු විට මොළයෙන් නිකුත් වන සංඥා තේරුම් ගෙන එම සංඥා කෘත්‍රිම හස්තයේ චලන බවට පරිවර්තනය කිරීමට එම ඉලෙක්ට්‍රෝඩවලට හැකි බවත් එම කාර්ය සඳහා ඉලෙක්ට්‍රෝඩ "ආර්ඩුයිනෝ" (ඒපඤභඪදධ) නමැති ක්‍ෂුද්‍ර පාලක ද්‍රව්‍යයක් උපයෝගි කර ගන්නා බවත් මෙම ආයතනය කියයි. මිනිස් සිරුරේ සෑම මස් පිඬුවකම විද්‍යුත තිබේ යැයි සිකාරේස් ප්‍රකාශ කරයි.

මිනිස් සිරුරේ සියලු මස් පිඬුවල විද්‍යුතය තිබේ යැයි සිකාරේස් "ඩිජිටල් ට්‍රෙන්ඩ්ස්" මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශ කෙළේය. මොළය මාංස පේශියක් වෙත ක්ෂණික සංඥාවක් නිකුත් කළ විට, සංවේදකය විසින් එය සංකෝචනයට සමානුපාතික ඉලක්කයක් බවට පරිවර්තනය කොට ක්‍ෂුද්‍ර පාලකය වෙත යැවෙන බවද සිකාරේස් පෙන්වා දුන්නේය. දෑත් ඉවත් කරනු ලැබූවන්ට වුවද බයෝනික හස්තය මඟින් ඔවුන්ගේ මාංස පේශිවල දෘඪ අංග හා මෘදු අංග යථා තත්ත්වයට පත් කර ගත හැකියැයිද සිකාරේස් සඳහන් කෙළේය.
ඔහු තවදුරටත් අවධාරණය කළ පරිදි සාමාන්‍ය කෙනකුට වුවද මෙම බයෝනික හස්තය තුන්වැනි ඉන්ද්‍රියයක් හෙවත් තුන්වැනි අතක් වශයෙන් පාවිච්චි කළ හැකිය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළක් අලුත්වැඩියා කරන අජටාකාශගාමියකුට එය බෙහෙවින්ම ඵලදායක වෙයි. තමා මෙම බයෝනික හස්තය නිපදවූයේ අතක් ඉවත් කරනු ලැබූවකුට ඒ වෙනුවට ආදේශ කර ගත හැකි අමතර අවයවයක් වශයෙන් වුවද මෙය වෙනත් නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි බව මේ වන විට අනාවරණය වී ඇති බවත් 2008දී විකාශනය වුණු "අයන් මෑන්" චිත්‍රපටයේ දර්ශනය වුණු ආකාරයේ "යකඩ මිනිසකු" මිනිස් වර්ගයා වෙනුවෙන් නිෂ්පාදනය කරනු පිණිස මෙම තාක්ෂණය උපයෝගි කර ගැනීම කෙරෙහි තමාගේ දැඩි අවධානය යොමු වී තිබෙන බවත් සිකාරේස් ප්‍රකාශ කෙළේය.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon