වැඩ කරන ජනතාව හා අයි.ටී.යූ.සී. වාර්තාව

  👤  6452 readers have read this article !
2017-03-08

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට දෙදින වැඩ වර්ජනයක් අරඹද්දී, දුම්රිය ස්ථානාධිපතිවරුද පැය 48ක වැඩ වර්ජනයක් අරඹන බවට අනතුරු ඇඟවූහ. වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට හා ලබාදුන් පොරොන්දු කඩකිරීමට එරෙහිව මේ වර්ජන ක්‍රියාමාර්ග ගෙන තිබේ.

සේවකයන් වැඩ වර්ජනවලට යොමුවන්නේ සේව්‍යයන් වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමත් නිසි ලෙස සේවකයන්ට නොසැලකීමත් නිසාය. ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය (ධ්ඊඋඛ්) කළ සමීක්‍ෂණයකට අනුව ලෝකයේ ඉතාම නරක ලෙස සේවකයන්ට සලකන රටවල් අතරින් ලංකාව තෙවැනි තැනට පත්වී තිබේ. ඒ අනුව බලන විට නිතර නිතර වැඩ වර්ජන පැවැතීම පුදුමයට කාරණයක් නොවේ.

වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය පවසන ආකාරයට ලංකාව ශේ්‍රණිගත කර ඇත්තේ නිරන්තරව කම්කරු නීති උල්ලංඝනය කරන කාණ්ඩයටය. ගෙවී ගිය දශක දෙක තුන තුළ රාජ්‍ය අංශයේ වේවා පෞද්ගලික අංශයේ වේවා සේවක සටන් මර්දනයට පැවැති ආණ්ඩු වැඩි නැඹුරුවක් දැක්වූ බව නොරහසකි. කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක හා හලාවත ධීවර උද්ඝෝෂණවලට වෙඩි තැබීමෙන් දෙදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීය. සේවක උද්ඝෝෂණවලට වැඩ වර්ජනවලට නිල හා නිල නොවන පිරිස්වලින් ප්‍රහාර එල්ලවීම ලක්වීම මෙරට සේවක ජනතාවට අරුමයක් නොවේ.

මෛත්‍රි - රනිල් ආණ්ඩුව යටතේද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා වෘත්තීය සමිති අයිතීන් උල්ලංඝනය කිරීම, වෘත්තීය සමිති ක්‍රියාවලට එරෙහිව වාරණ නියෝග ගැනීම, ටෙලිකොම් මෑන් පවර් සේවකයන්ගේ වැඩ වර්ජනය සමථයකට පත්කිරීමට අපොහොසත්වීම ආදී සේවකයන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අයහපත් තත්ත්වය ධ්ඊඋඛ් අවධානයට යොමු වන්නට ඇත. රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ අහිමිවූ ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට ආණ්ඩුව තවමත් අසමත්ව සිටී. රාජ්‍ය අංශයේ ආයතන රැසක ප්‍රශ්න ගණනාවක් උද්ගතවී තිබුණද, නිශ්චිත විසඳුම් ලබාදීමට ආණ්ඩුව සැලකිය යුතු අවධානයක් යොමු නොකිරීමත්, පෞද්ගලික අංශයේ සේවක ආරවුල්වලට ප්‍රමාණාත්මක ලෙස මැදිහත්වීමක් නොලැබීමත් නිසා පොදුවේ ලංකාව ශ්‍රමිකයන්ට හෙවත් වැඩ කරන ජනතාවට ඉතාමත් අයහපත් ලෙස සලකන රටක් ලෙස නම් කිරීමට ධ්ඊඋඛ් කටයුතු කිරීම පුදුමයට කාරණයක් නොවේ.

වැඩ කරන ජනතාව එනම් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ද විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගේ රාජකාරියට ඇති 'කැපවීම' පිළිබඳ විවේචනයක් තිබේ. එහෙත් පොදුවේ සේවකයන්ගේ සැලකීම ඊට හිලව් කළ නොහැකිය. කළ යුත්තේ ධ්ඊඋඛ් වාර්තාව හොඳින් අධ්‍යයනය කර ලබන වසරේ දීමත් මේ අපකීර්තියෙන් ලංකාව මුදාගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බලධාරීන් ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කිරීමය. බල්ලෝ හඳට බුරති. එහෙත් හඳට ඉන්වන හානියක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon