අන්තර්ජාලයේ සැරිසරන සිසුන්ට අත්වැලක්

  👤  6303 readers have read this article !
2017-01-12

වත්මන් තරුණ පරපුරට නවීන තාක්ෂණය සමඟ ඇත්තේ සමීප සම්බන්ධයකි. ජංගම දුරකතනයේ සිට ලැප්ටොප් පරිගණකය දක්වා විවිධ නවීන තාක්ෂණික උපකරණ නිසා ලෝකය අද ඔවුන්ට අතැඹුලක් වී ඇත. අන්තර්ජාලය හෙවත් ඉන්ටර්නෙට් භාවිත කිරීමේදී තරුණ තරුණියන් සිටින්නේ අන් සියල්ලන්ටම වඩා ඉදිරියෙනි. විශේෂයෙන් හිරිමල් යෞවනයේ සිටින පාසල් සිසුන් අන්තර්ජාලය භාවිත කිරීමේදී අත්දැකීම් මඳකම හා අසීමාන්තික කුතුහලය හේතුවෙන් යම් යම් අකරතැබ්බයන්ට, ගැටලුවලට මුහුණ දෙනවා.

මේ අහිතකර තත්ත්වයන්ගෙන් ඔවුන් මුදා ගැනීමත් අන්තර්ජාලයේදී මුහුණ පෑ හැකි කිසියම් ගැටලුවකදී එම ගැටලු වඩාත් ක්‍රමානුකූලව විස¼දා ගැනීමට මඟ පෙන්වීම සඳහාත් පාසල් පරිගණක ආරක්ෂක සිදුවීම් ප්‍රතිචාර සංසදය (ඡ්ච්උඛ්ඉධ්අඊ) පිහිටුවා ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය එක්වී මේ සංසදය පිහිටුවා ගෙන තිබේ. ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහභාගිත්වය ලැබී ඇත.

මේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මෙරට තොරතුරු තාක්ෂණය ආරක්ෂිත බව තහවුරු කිරීමට හා එය පවත්වාගෙන යෑම සඳහා උපදෙස් ලබාදීමට සකස් කළ ආයතනයක් ලෙස හැඳින්වීම නිවැරැදිය. විශේෂයෙන් මෙරට සිදුවන අන්තර්ජාල සහ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පුද්ගලයන්ටසිදුවන අගතීන් සොයා බලා ඊට පිළියම් සොයාදීමට පිහිට වනුලැබූ ආයතනයකි. එසේම ආරක්ෂිතව තාක්ෂණය මෙහෙය වීම සඳහා උපදෙස් ලබා දීමද මින් සිදුකෙරේ.

පාසල් ශිෂ්‍යයන්ට අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි භාවිතයේදී එහි ඇති සුබවාදී පැත්ත හඳුන්වාදීමටත්, දරුවන්ට මෙහිදී සිදුවන අගතීන් පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීමත් මේ සංසදයේ ප්‍රමුඛ කාර්යයන් වේ.

දීප ව්‍යාප්තව සංසදයේ කටයුතු සිදු කිරීම සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් ගුරුවරුන් දහසක් පුහුණු කිරීම මේ වන විටත් අරඹා ඇත. ගුරුවරුන් සියයක් පමණ දැනටමත් පුහුණුව අවසන් කර තිබේ. ඉදිරියේදී මේ සංසදය පාසල් මට්ටමින් ස්ථාපිත කර තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ සමඟ එක්වී කටයුතු කිරීමට නියමිත බව පැවැසේ. වඩා වැදගත් කාරණය වන්නේ යම් ගැටලුකාරී තත්ත්වයකට දරුවකු මුහුණ දුන් බව වාර්තා වුවහොත් මේ පාසල් සංසදය වහා මැදිහත් වීමයි. තත්ත්වය වඩාත් අන්තරායකාරී නම් එය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට යොමු කිරීමට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ආයතන කිහිපයක් සමඟ එක්වී පාසල් කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි පාසල් පරිගණක ආරක්ෂක සිදුවීම් ප්‍රතිචාර සංසදයක් පිහිටුවා ගැනීම අතිශය කාලෝචිත කටයුත්තකි. ඒ සම්බන්ධයෙන් ඊට සම්බන්ධව සිටින හා මැදිහත්ව සිටින සියලු ආයතනවලට සබුද්ධික සමාජය දෙස බලන මවුපියන් ඇතුළු සියලු දෙනාගේ ස්තුතිය හිමි විය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්