මෙන්න බිල්ලෙක්

  👤  6852 readers have read this article !
2016-12-08

'මේ රටේ සුළු ජාතීන් කියා පිරිසක් නැහැ. ඉන්නෙ එක ජාතියයි. ඒ ලාංකික ජාතිය පමණයි.'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ උතුරේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු පාර්ලිමේන්තුව අමතමින් තමයි මේ කතාව කිව්වේ. ඒ කතාව අහල යුද්ධයට විරුද්ධ වූ අයටත් දැනුණෙ සතුටක්. යුද්ධය තියෙද්දිම බැසිල් මල්ලිව ඉන්දියාවට යවල යුද්ධය දිනලා උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදෙනව කියල අගමැති මන්මෝහන් සිං ට පොරොන්දුවක් ලබාදීල තිබුණු බව කවුරුත් දැනගෙන හිටිය දෙයක්. ඒ මදිවට '13 ප්ලස්' දෙනව කියල මහින්ද ඒ දවස්වල ප්‍රසිද්ධියේම කිව්වනෙ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බෙදුව බලයට වැඩි බලයක් පළාත් සභාවලට දෙනවා කියන එක තමයි 13 ප්ලස් කතාවේ තේරුම. මේ ඔක්කොම කතා එකතු කළාම සාධාරණව හිතන ජාතිවාදී අන්තවාදීන් නොවන අය වගේම සබුද්ධික කොටස්වලට මැවුණේ අනාගතය ගැන ලස්සන චිත්‍රයක්.

මහින්ද මහත්තයා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (ඹ්ඹ්අඛ්) පත්කිරීම ගැන අන්තවාදීන් කෙසේ වෙතත් බහුතරයක් සතුටට පත්වුණා. හාන්සි පුටුවක දිගඇදිලා කූල් එකේ ඹ්ඹ්අඛ් වාර්තාව කියවන ජනාධිපතිතුමාගේ ඡායාරූපයක් මාධ්‍යවල පළවුණත් ඇත්තටම මහින්ද මහත්තයා මේ වාර්තාව කියෙව්වද කියන එක ගැන සැකයි. ඒ වෙන මොනවත් නිසා නෙවී මේ වාර්තාවේ ඇතුළත් වූ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වුණේ නැති නිසා. ඹ්ඹ්අඛ් වාර්තාවේ කියල තිබුණු දෙයක් තමයි 1948 නිදහසින් පසු රට තුළ සිදුවූ ලේ වැගිරීම්වලට එදා මෙදා තුර බලයේ සිටි බලයට හවුල් වූ සියලු දේශපාලන පක්‍ෂ මේ රටේ ජීවත්වන සියලු ජාතීන්ගෙන් සමාව අයැදිය යුතුයි කියන එක. යළි 'ගැටුම්' ඇති නොවීමට පාලකයන් වගබලා ගත යුතු බව එහි සඳහන් වුණා.

ඹ්ඹ්අඛ් වාර්තාව හමස් පෙට්ටියට ගියා වගේම ඉන්දියාවට දුන් පොරොන්දුවත් සුළඟේ පාවෙලා යන්න හැරියා. ඒ මදිවට බටහිර රටවලට චණ්ඩි පාට් දැම්මා. දේශප්‍රේමයෙන් මත්වෙලා හිටපු ආණ්ඩුවට 'රණවිරු' උන්මාදය වැලඳුණා. අන්තිමට වුණේ රා බී වෙරි වූ මීයාට වුණු සංගදිය. සම්බාධක පනවල පාඩමක් උගන්වන්න කලින් විදුලි පුටුවක් ගැන අඳෝනා නඟලා ධුර කාලය අවසන් වෙන්න දෙවසරක් තිබියදී ජනාධිපතිවරණයට යන්න මහින්ද මහත්තයා තීරණය කළේ ඒ නිසා. එහෙම නැතුව කේන්දරකාරයො කියපු නිසා නෙවී. ඉඳුරුවේ ආචාරියාට වුණු දේ තමයි අන්තිමේ මහින්ද මහත්තයට වුණේ. ජනාධිපති පුටුවයි ආණ්ඩුවයි දෙකම නැති වුණා. යන්තම් එකක් ලැබුණා. ඒ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රිකම.

පරාජයන් දෙකක් භුක්ති වින්ද මහින්ද මහත්තයා දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි සටනට එකතු වෙලා. මේ කෙටුම්පත ආණ්ඩුව සම්මත කර ගත්තොත් මහින්ද මහත්තයා තුන්වැනි වතාවටත් පරදිනවා. මහින්ද මහත්තයා ඇතුළු ඊනියා ඒකාබද්ධ විපක්‍ෂයත්, ඒ සමඟ කල්ලි ගැහී සිටින අන්තවාදීන් පිරිසත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මත පළ කරන්නෙ මුල ඉඳලමයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා 'නව ව්‍යවස්ථාව' ගැන කියල මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරල තිබුණා.

'රටේ සියලු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළ නිසා බරපතළ ජාතික උවදුරක පෙරනිමිති පහළ වී තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඇතැම් අනුකමිටු විසින් රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරලා.'

මේ නිවේදනයේ මහින්ද කියන්නෙ ඒකීය රාජ්‍ය නව ව්‍යවස්ථාවෙන් අහෝසි කරන්න හදන බව. මේ අලුත් කතාවක් නෙවි. 13 වැනි සංශෝධන ගෙනැත් පළාත් සභා ඇති කළ වෙලාවෙ ඉඳන් කියපු කතාවක්. ඒ විතරක් නෙවි 50 ගණන්වල ගහපු බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමෙන් රට කැඩෙනවා කියපු කට්ටිය රට සභා දෙනවට විරුද්ධ වුණා. ඊළඟට ඩඩ්ලි-චෙල්වා ගිවිසුමකින් අකුල් හෙළුවා. අන්තිමට 'රට සභා' වෙනුවට ඊළමක් දෙන තත්ත්වයට ප්‍රශ්නය උග්‍ර වුණා. රට ලේ සාගරයක ගිලී ගියා. යුද්ධය අවසන් කළ ගෞරවය මහින්ද රාජපක්ෂට හිමිවුණත් ඇමැති රාජිත කියනව වගේ බල තණ්හාව නිසා ඇත්ත බොරුව පටලවගෙන මහින්ද මහත්තයට සිද්ධවුණේ අඳුරේ අතපත ගාන්න. කර ගහගෙන යන පව් කඳ වහගන්න යුද ජයග්‍රහණයට මුවාවෙන්න හැදුවට බැරිවුණා. දැන් හදන්නෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බිල්ලෙක් කරල මිනිස්සු බය කරන්න. රටේ ඒකීය භාවයත්, බුදු දහමට ඇති විශේෂ තත්ත්වයත් අහෝසි කරන උතුරු-නැඟෙනහිර යළිත් ඒකාබද්ධ කරන යෝජනා ව්‍යවස්ථාවට ඇතුළත් වන බව කියල මේ කට්ටිය රට ගිනි තියන්න ගත්තෙ ව්‍යවස්ථා අනුකමිටු රැස් වෙන්නත් කලින්. මේ යෝජනාවල මොනව තිබුණත් 'බලය බෙදල රට කඩනවා' කියන එක තමයි හැමදාම මතුරන්නෙ.
'අපේ හාමුදුරුවනේ අපි අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙ නැති ප්‍රශ්න ඇති කරන්න නෙවී. තියෙන ප්‍රශ්න විසඳන්න. බුද්ධාගමට ලබාදී ඇති තැන වෙනස් කරන්න අපි කටයුතු කරන්නෙ නැහැ.'

මහානායක හාමුදුරුවරුන්ට වගේම රටේ ජනතාවට එහෙම ප්‍රසිද්ධියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කියන්න සිද්ධ වුණා. අගමැතිත් මේ ගැන ප්‍රසිද්ධියේ කතා කළා. ජනාධිපති-අගමැති දෙන්නම කියද්දිත් මහින්ද මහත්තයා කියන්නෙ මේ යෝජනා ඇතුළත් නැති බව කියමින් මහානායක හාමුදුරුවන්ගේ සහාය ලබා ගන්න ආණ්ඩුව කටයුතු කරන බවයි. ඒ කියන්නෙ ආණ්ඩුව මහානායක හාමුදුරුවන්වත් රවටනවා වගේ කතාවක්.

2000 අවුරුද්දේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් වෙලා තිබුණේ පළාත් සංගමය (උදඪධද ධට අඥඨඪධද) පිළිබඳ යෝජනාවට ජේ‍යෂ්ඨ කැබිනට් ඇමැතිවරයකු විදියට මහින්ද මහත්තයා අත ඉස්සුවා. ඒ යෝජනාවට විරුද්ධව කිසිවක් ඔහු ප්‍රසිද්ධියේ කියූ බවක් නම් අපිට මතක නැහැ. හැබැයි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දවසෙ පාර්ලිමේන්තුව අසලට රැස්වූ විරෝධතාකරුවන් අතරට ගොස් 'එක' දමා ගැනීමට නම් කටයුතු කළා. දැනුත් ඔහු මේ කරන්නෙ ඒ වැඩේ. ආණ්ඩුව මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යොමු කළොත් එය පරාජය කිරීමට පසුබිම සකස් කිරීම. අපේ හාමුදුරුවනේ කිය කියා පන්සල් ගාණේ යනකොට වටේ ඉන්න හනුමන්තලා ටික කරන්නෙ 'ව්‍යවස්ථා බිල්ලා' අරන් රට වටේ යන එක. අන්තිමට බිල්ලාගෙන් ජනතාව බේරගන්න කොටියාගෙන් රට බේරාගත්ත මහින්ද මහත්තයා ඇවිල්ලා 'එක' දාගන්නවා. එහෙත් මේ පාර නම් වැඩේ වරදින්න ඉඩ තියෙනවා.

සුරවී

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon