ඉන්දීය ධීවරයන් නිසා අපේ අයට රස්සාව කරගන්න බැරිවෙලා

  👤  3445 readers have read this article !
2016-12-07

ඉන්දීය ධීවරයන් නිසා අපේ අයට
රස්සාව කරගන්න බැරිවෙලා

'ඉන්දියානු ධීවරයන් ජාත්‍යන්තර නීතිය පවා උල්ලංඝනය කරමින් අපේ රටට ඇතුළු වෙනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.
අපේ ධීවරයන්ගේ රැකියාව කර ගැනීමට නොහැකි තත්ත්වයක් මේ නිසා ඇතිවී තිබෙනවා.

මෙසේ පැමිණෙන බෝට්ටු ආගමන විගමන නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකියි. එසේම මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි.

උතුරේ ධීවරයන් නැවත පදිංචි කිරීම යටතේ වෙනත් ස්ථානවල පදිංචි කරවා තිබෙනවා. ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි කර සිටින ධීවරයන්ට යම්කිසි සහනාධාරයක් දිය යුතුයි.
පසුගිය කාලයේ මෝදර වරාය කුලියට දුන්නේ රුපියල් දෙලක්ෂ පනස් දහසකටයි. මන්ත්‍රිවරයකුට වාහනයක් කුලියට ගන්නත් ලක්ෂ හතක් ගෙවන්න වෙනවා.
ධීවර ඇමැති - ඒ මුදල හාරලක්ෂ විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා.
විජිත හේරත් - බොහොම හොඳයි.

 

නවක මන්ත්‍රිවරුන්ට
කතා කරන්න දෙන
කාලය හොඳටම මදි

මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි

'නවක මන්ත්‍රිවරුන් වන අපට කතා කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නැහැ.' පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි (එ.ජා.ප.) කතානායක කරු ජයසූරියට පැමිණිල්ලක් කෙළේය.
ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි. ඊයේ (6දා) පෙරවරුවේ පැවැති එම විවාදයේදී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රිවරයාට කතාව සඳහා වෙන්කර තිබුණේ මිනිත්තු පහක් බව කතානායකවරයා නිවේදනය කළේය. මන්ත්‍රිවරයා කතාව ආරම්භ කළේ කාලය සම්බන්ධ අදහස පළ කරමිනි.
ඒ සම්බන්ධව සභානායකතුමා සමඟ සාකච්ඡා කරන්න මන්ත්‍රිතුමා.

 

 

ඉන්දීය ධීවර ඇමැති හා විදේශ ඇමැතිනිය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්නවා

ඇමැති
මහින්ද අමරවීර

ඉන්දියානු ධීවර ප්‍රශ්නය එරට ධීවර ඇමැති සහ විදේශ ඇමැතිනිය සමඟ සාකච්ඡා මට්ටමින් විස¼දා ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර පැවැසීය.
ඉන්දියානු ධීවර ප්‍රශ්නය තවම අපට විස¼දා ගැනීමට නොහැකිවී තිබෙනවා. අප මේ අමාත්‍යාංශයට ආ දා ඉඳලා සිට එක බෝට්ටුවක්, දැල් ආම්පන්න නිදහස් කළේ නැහැ. එම ධීවරයන් වැටලීමේ කටයුතු අඛණ්ඩව සිදු කළත් සියයට පනහකට වඩා ප්‍රශ්නය විසඳී තිබෙනවා. ජනවාරි මාසයේදී ඉන්දීය ධීවර ඇමැතිවරයා ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙනවා. උතුරේ මැති ඇමැතිවරු හා දේශපාලන අධිකාරියත් එහිදී සම්බන්ධ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ටොන් පන්ලක්ෂ විසිපන්දහසක මත්ස්‍ය අස්වැන්නක් අප සාර්ථකව ලබා ගන්නවා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා. ජනාධිපතිතුමා බටහිර රටවල් සමඟ පැවැත්වූ සුහදතාව නිසා අපට ඉක්මන් කර ගත හැකි වුණා. ඉදිරි වසර දෙක තුන ඇතුළත මූල්‍යමය වශයෙන් ශ්‍රී ලංකාවට මත්ස්‍යයන් ගෙන ඒමට යොදවන මුදලට වඩා වැඩි මුදලක් අපි පිටරටට මසුන් යවා සල්ලි ගන්න තත්ත්වයට පත් කරනවා.

 

ඉන්දීය ධීවරයන්
අපේ මත්ස්‍ය සම්පත
සූරා කනවා

'අපේ මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයෝ අප මත්ස්‍ය සම්පත සූරා ගන්නවා' යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා (ඊ.පී.ඩී.පී.) පැවැසීය.
නවීන තාක්ෂණය සමන්විතව පැමිණෙන ඉන්දීය ධීවරයන් නිසා විශාල හානියක් වෙනවා. අප ධීවරයකුට දිනකට රුපියල් 50,000/-ක් පමණ අහිමි වෙනවා. ඉන්දීය ධීවරයෝ අපේ මත්ස්‍ය සම්පතින් දිනකට මෙටි්‍රක් ටොන් 90ක් පමණ සූරා ගන්නවා.
අප ප්‍රදේශවලට පිට පළාත්වලින් පැමිණෙන ධීවරයන් තහනම් පන්න ක්‍රම යොදා ගන්නවා. මෙය නතර කළ යුතුයි.

 

 

බීමත්ව මුහුදු යෑම නවත්වන්න ධීවරයන්ට නීති ගේන්න ඕනෑ

නි. ඇමැති
දිලිප් වෙදආරච්චි

ධීවරයන් බීමත්ව මුහුදු යෑම වැළැක්වීම සඳහා නීති සකස් කිරීම යෝජනා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි පැවැසීය.
කෙටි කාලයක් තුළ අමාත්‍යාංශය ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. මඩකළපුව, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක දහයක ධීවර නිවාස ඉදිකිරීම සඳහා අප කටයුතු කරනවා. විසිතුරු මසුන් අපනයනය සියයට 6 සිට සියයට 10 දක්වා වැඩි කිරීමටත් කටයුතු කරනවා.
සෑම දිස්ත්‍රික්කයකම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවනවා. කකුළුවන් වගා කිරීමේ ව්‍යාපෘතියක් අරඹනවා. මා දැල් කර්මාන්තය නඟාසිටුවීමට ක්‍රියා කරනවා. ධීවරයන්ට නව තාක්ෂණය හඳුන්වා දෙනවා. ධීවරයන් සඳහා කබා ඇතුළු අංගසම්පූර්ණ ධීවර ආම්පන්න හඳුන්වාදීමට පියවර ගන්නවා.

 

යේමනයේ රඳවාගෙන සිටින නැවියන් 9 දෙනා
බේරා ගැනීමට රජය ගන්නා පියවර කුමක්ද?

මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන

ත්‍රස්තවාදීන් විසින් යේමනයේ කුඩයිඩා වරායේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරකරගෙන සිටින ශ්‍රී ලාංකික නාවිකයන් නව දෙනා මුදා ගැනීම සඳහාත් ඔවුනට හිමි වැටුප් ලබාදීමටත් මැදිහත් වන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ඉල්ලීමක් කෙළේය.
ශ්‍රී ලාංකික නැවියන් නව දෙනකු ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රාණ ඇපකරුවන් සේ යේමනය හා සෞදි අරාබිය අතර දේශසීමාව අතර පිහිටි කුඩයිඩා වරායේ රඳවාගෙන සිටින බවත් ඔවුහු ෂේ අව්ලොන් නැවේ මාස දෙකකට අධික කාලයක් සිරවී ජීවිත අවදානමකට මුහුණදී සිටින බවත් පැවසූ මන්ත්‍රිවරයා මේ නැවියන් බේරා ගැනීම සඳහා රජය කවර පියවරක් අනුගමනය කරන්නේ දැයි ප්‍රශ්න කළේය. ස්ථාවර නියෝග 23(2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රිවරයා එසේ ප්‍රශ්න කළේය. මේ ත්‍රස්තවාදීන් නැවියන් නව දෙනා ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් ගී්‍රක සමාගමකින් කෝටි ගණනාවක මුදල් ඉල්ලා සිටින බවටත් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී ඇති බවත් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණ බවද මන්ත්‍රිවරයා පැවැසුවේය. විදේශ අමාත්‍යාංශය මේ නැවියන් මුදා ගැනීමට ගන්නා පියවර කුමක්ද? මේ සඳහා විශේෂ මැදිහත්වීමක් කරන්නැයි විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලනවා. මොවුන් මාස ගණනාවක් සිරගතව සිටින නිසා ඔවුන්ගේ මාසික වැටුප ලබාදීමටත් මැදිහත් වන්න.

 

 

හොර මත්පැන් වැටලීම්වලින්
2014/15 වසරවලදී
1,98,745 පිරිසක්
අත්අඩංගුවට ගත්තා

ඇමැති සාගල රත්නායක

නීති විරෝධී මත්පැන් වැටලීම් 2014 හා 2015 වසරවලදී 2,28,734ක් සිදු කර පුද්ගලයන් 1,98,745 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව 2014දී වැටලීම් 1,14,790ක්ද, 2015දී වැටලීම් 1,13,944ක්ද සිදු කර ඇති බවත් එහිදී 2014දී පුද්ගලයන් 98,768 දෙනකු සහ 2015දී පුද්ගලයන් 99,977 දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක පැවැසීය. ගෝඩා ලීටර් 8,530,560ක් 2014දීද, ලීටර් 2,349,102ක් 2015දීද අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී මත්පැන් ලීටර් 3,474,688ක් 2014දීද, ලීටර් 1,24,211,796ක් 2015දීද රජයේ අරක්කු ලීටර් 12,72,725ක් 2014දීත්, ලීටර් 75,505,523ක් 2015දීත්, බියර් ලීටර් 1,66,974ක් 2014දීත්, ලීටර් 1,187,369ක් 2015දීත්, මහ රා ලීටර් 7,38,823ක් 2014දීත්, ලීටර් 9,114,763ක් 2015දීත් නීති විරෝධී ස්ප්‍රීතු වර්ග ලීටර් 3,78,823ක් 2014දීත්, ලීටර් 1,038,744ක් 2015දීත් අත්අඩංගුවට පත්වූ බව ඇමැති සාගල රත්නායක ලබා දුන් පිළිතුරෙහි දැක්වේ. ඇමැතිවරයා ඉහත පිළිතුරු ලබා දුන්නේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ (එ.ජා.ප.) නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
නීති විරෝධී මත්පැන් වැටලීම් 2014 හා 2015 වසරවලදී 2,28,734ක් සිදු කර පුද්ගලයන් 1,98,745 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව 2014දී වැටලීම් 1,14,790ක්ද, 2015දී වැටලීම් 1,13,944ක්ද සිදු කර ඇති බවත් එහිදී 2014දී පුද්ගලයන් 98,768 දෙනකු සහ 2015දී පුද්ගලයන් 99,977 දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක පැවැසීය. ගෝඩා ලීටර් 8,530,560ක් 2014දීද, ලීටර් 2,349,102ක් 2015දීද අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී මත්පැන් ලීටර් 3,474,688ක් 2014දීද, ලීටර් 1,24,211,796ක් 2015දීද රජයේ අරක්කු ලීටර් 12,72,725ක් 2014දීත්, ලීටර් 75,505,523ක් 2015දීත්, බියර් ලීටර් 1,66,974ක් 2014දීත්, ලීටර් 1,187,369ක් 2015දීත්, මහ රා ලීටර් 7,38,823ක් 2014දීත්, ලීටර් 9,114,763ක් 2015දීත් නීති විරෝධී ස්ප්‍රීතු වර්ග ලීටර් 3,78,823ක් 2014දීත්, ලීටර් 1,038,744ක් 2015දීත් අත්අඩංගුවට පත්වූ බව ඇමැති සාගල රත්නායක ලබා දුන් පිළිතුරෙහි දැක්වේ. ඇමැතිවරයා ඉහත පිළිතුරු ලබා දුන්නේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ (එ.ජා.ප.) නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

 

නාවිකයන් නිදහස් කර ගැනීමට
අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා

නි. ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

යේමනයේ කුඩයිඩා වරායේ ශ්‍රී ලාංකික නාවිකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින්නේ වෙළෙඳ ගනුදෙනුවක් හේතුවෙන් නිසා ඉන්දියාවේ ද සහාය ඇතිව ඔවුන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු උපරිම වශයෙන් සිදුකරමින් සිටින බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

ශ්‍රී ලාංකික නැවියන් නව දෙනකු යේමනය හා සෞදි අරාබිය අතර පිහිටි කුඩයිඩා වරායේ ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රාණ ඇපකරුවන් ලෙස මාස දෙකකට අධික දින ගණනක් රඳවාගෙන සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ පැනයට පිළිතුරු දෙමින් පැවැසීය.

එල්. ඒ. පී. ද සිල්වා, එල් බුලේගොඩ, කේ. ඩී. යූ. සී. පේමරත්න, ඒ. සී. පී. ප්‍රේමරත්න, කේ. එස්. එස්. රත්නායක, සී. සී. ඇත්තනී, කේ. අයි. පී. බණ්ඩාර, ඒ. එම්. රොහාන් සහ කේ. ඩී. එස්. දර්ශන යන පුද්ගලයන් නවදෙනා එසේ සිරගතව රඳවාගෙන සිටින නාවිකයන් බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

මේ නැවියන් නවතා සිටින නැවේ භාණ්ඩ ගැනුම්කරු සහ භාණ්ඩ සැපයුම්කරු අතර ඇති වී තිබෙන වෙළෙඳ ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කර ඇති බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත ඕමානයේ තානාපති කාර්යාලය සහ සෞදි අරාබියේ කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් ප්‍රශ්නයට විසඳුම් ලෙස මේ නැව අයිති සමාගම සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම පැවැසීය.

ඉන්දීය නැවියන්ද මේ නැවේ සේවය කරන නිසා ඉන්දියානු රජයත් මේ කාරණයට මැදිහත් වනු ඇතැයි සිතන බවත් සියලු පාර්ශ්ව සමඟ මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා නැව් සමාගමෙන් වන්දි මුදලක් කිසිම පාර්ශ්වයකින් ඉල්ලා ඇතැයි වාර්තා වී නොමැති බවත් කීවේය.

 

 

බන්ධනාගාරවල තත්ත්වය ගැන ඇමැතිවරයා එහි ගොස් පරීක්‍ෂා කරන්න
නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

බන්ධනාගාර තුළ සිටින මිනිසුන් සමාජගත කරන බන්ධනාගාරවල පවතින තදබදය හා රැඳවියන් මුහුණපාන තත්ත්වයන් ගැන ඇමැතිවරයා එහි ගොස් පරීක්‍ෂා කළ යුතු බව සංචාරක නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවැසීය.

බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශය ගැන ඇමැතිතුමාගේත්, නිලධාරීන්ගේත් මීට වඩා අවධානය යොමු විය යුතුයි.

පසුගිය අවුරුදු දෙක තුළ බන්ධනාගාර හා පුනරුත්ථාපන කඳවුරුවල අඩු තරමින් එක දවසක් නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණද කියල කියන්න දන්නෙ නැහැ. අඩු තරමින් ප්‍රොගසිව් මීටින් එකක්වත් තියන්න ඕනෑ. අද බන්ධනාගාර ඉතාමත් පහළ තත්ත්වයකයි තියෙන්නේ. සිරකරුවන්ට මනුෂ්‍යයන් හැටියට සලකන්න ඕන. කොළඹ මැගසින් බන්ධනාගාරය නරකාදියක තත්ත්වයට වැටිල තියෙනවා. විශාල හැකියාවක් ඇති පිරිසක් බන්ධනාගාරගත වී සිටිනවා. මේ මානව සම්පත රටේ සංවර්ධනය සඳහා දායක කරගන්න. බන්ධනාගාරගත කර සිටින අයට ලබා දෙන වැටුප වැඩිකර ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කරන්න ඕන.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon