මාර්තු 19දාට පෙර පළාත් පාලන ඡන්දය නොතිබ්බොත් වරිපනම් ගෙවීම නතර කරනවා

  👤  3779 readers have read this article !
2016-12-05

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 19 වැනි දිනට ප්‍රථම පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් වරිපනම් බදු ගෙවීම වහාම නතර කරන ලෙසට ජනතාව දැනුවත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.
පළාත් පාලන ආයතන විසුරුවා හැර ලබන මාර්තු 19 වැනිදාට වසර දෙකක් සම්පූර්ණ වන බවත් එදිනට පෙර ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු නොකළහොත් පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන විසුරුවා හැර වසර දෙකක් ගතවීමට ආසන්න වී ඇති බවත් එම කාලය තුළ ජනතාවට කිසිදු සේවාවක් පළාත් පාලන ආයතන වෙතින් ලැබී නොමැති බවද අලහප්පෙරුම මන්ත්‍රිවරයා අවධාරණය කෙළේය.

මෙවන් තත්ත්වයක් තුළ එම ආයතනවලට බදු ගෙවීම අනවශ්‍ය බවද හෙතෙම සඳහන් කෙළේය.
එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට නම් කඩිනමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා පැවැසීය.

මන්ත්‍රිවරු 10 දෙනෙක්
තෙත ඇඳුමෙන්
සභා ගැබට

පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණයකට ගොස් පොලිසියේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට ලක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු දස දෙනෙක් තෙත ඇඳුමෙන් සෙනසුරාදා (3දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියහ.
කල් දමා ඇති පළාත් පාලන ඡන්ද පවත්වන්නැයි බල කරමින් පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණයක නියැළෙමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් පාලන නියෝජිතයන් හමුවීමට ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටියදී මන්ත්‍රිවරුන්ට වෙත කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකළ බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් සොයිසා (එජනිස) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

තමා ඇතුළු සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක, තාරක බස්නායක, කාංචන විජේසේකර, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණවීර, එස්. එම්. චන්ද්‍රසේන හා ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රිවරුන් එම ප්‍රහාරයට භාජන වූ බවද හෙතෙම කීවේය.

'මේ ප්‍රහාරය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ ප්‍රහාරයක්. ප්‍රජාතන්ත්‍රවාදය නාවලා. වහාම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න. අපට සභා ගැබේ රැඳී සිටින්න බැරි තත්ත්වයට අපේ ඇඳුම් බලවත් ලෙස අපවිත්‍ර කරලා. මඩ ගෑවිලා. වතුරෙන් නෑවිලා' යැයිද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා සිය ඇඳුමට අත තබමින් පැවැසීය.
මේ අවස්ථාවේ මුලසුන හොබවමින් සිටි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල,

මේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කරවන අතර වහාම වාර්තාවක් කැඳවා එයද කතානායකවරයාට යොමු කරන බව කීවේය.

අලුත් ක්‍රමයට පළාත් පාලන ඡන්දය පවත්වනවා නම්
අපි එන්නෙ නෑ

අලුත් ඡන්ද ක්‍රමයට අනුව පළාත් පාලන ඡන්ද පවත්වනවානම් අපි ඒකට ඉදිරිපත් වෙන්නෙ නැහැ යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.
බොහෝ සංකල්ප ඕනෑ තරම් කියපු අහපු පාර්ලිමේන්තුවක් මේක.

පළාත් පාලන ආයතනවල පාලන කාලය අවසන් වී වසර එකහමාරක් පමණ වෙනවා. ජනතාවගේ ජීවිත සමඟ සමීප ආයතන මේවා. ඒ ආයතන සම්පූර්ණයෙන් අක්‍රිය කර නිලධාරි කිහිප දෙනකු සමඟ හිතුවක්කාරී පාලනයක් කරගෙන යනවා. වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. පක්ෂ දෙකක් පමණක් ශක්තිමත් කර සෙසු පක්ෂ පලවා හරින ඡන්ද ක්‍රමය සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති පවා කියා තිබෙනවා. අලුත් ඡන්ද ක්‍රමය අනුව පළාත් පාලන ඡන්ද ක්‍රමය තියනවා නම් අපි ඒකට ඉදිරිපත් වෙන්නෙ නැහැ. නව ඡන්ද ක්‍රමයක් ගැන සියයට 50ක් එකඟ වී තිබෙනවා. පක්ෂයේ අභ්‍යන්තර අර්බුද විස¼දා ගැනීම සඳහා පළාත් පාලන ඡන්දය පවත්වන්නෙ නැහැ. ශ්‍රී ලනිපයේ ඇතුළේ පැහැදිලි අර්බුදයක් තිබෙනවා. මේ අභ්‍යන්තර අර්බුදය විස¼දා ගැනීම වෙනුවෙන් මේ ඡන්ද කල්දමා තිබෙනවා.

පොලිස්පතිට එරෙහිව
දැනට චෝදනාවක් නෑ:
තියෙනවා නම් කියන්න

'පොලිස්පතිතුමාට එරෙහිව චෝදනාවක් තිබෙනවා නම් කියන්න. දැනට චෝදනාවක් නැහැ' යි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පෙරේදා (3දා) පැවැසීය.
'අහන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදී තිබෙනවා. තීරණය ගන්නේ ආණ්ඩුව නෙවේ. එතැනට අත ගහලා නැහැ' අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.
අගමැතිවරයා එසේ කීවේ පොලිස්පතිවරයා දුරකතන ඇමැතුමකට ලබාදුන් පිළිතුරක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

පොලිස්පතිතුමා ගැන විමසා බැලුවා. පොලිස්පතිතුමා හා ඇමැතිතුමා හමුවෙනවා. මේ කියන පුද්ගලයාට උසාවියට එන්න කියලා තිබෙනවා. අහලා තිබෙනවා අත්අඩංගුවට ගන්නවාද කියලා. උසාවියට එන්න කියා තිබෙන්නෙ ලිපි වගයක් භාර දෙන්න විතරයි. ඒ නිසා මෙයා අත්අඩංගුවට ගන්නෙ නැහැ. මම පොලිස්පතිතුමාගෙන් විමසුවා.

විභාගයක් පවත්වා නෑ. අත්අඩංගුවට ගන්න ඕනෑ නම් ගන්න පුළුවන්. නවත්වලා නැහැ. වුවමනාවක් තිබුණේ නැහැ. අත්අඩංගුවට ගන්න. අපි නවත්වා නැහැ. තීරණය ගන්නෙ ආණ්ඩුව නෙවේ. උසාවියෙන් තීරණයක් දෙනවා. එතැනට අත ගහලා නැහැ. වුවමනාවක් නැහැ. පැමිණිලි විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අපි අත ගහලා කියන්නේ නැහැ මෙහෙම කරන්න කියලා. පොලිස්පතිතුමාට එරෙහිව චෝදනාවක් තිබෙනවා නම් කියන්න. දැනට චෝදනාවක් නැහැ. අහන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදී තිබෙනවා.

පොලිස්පතිතුමාගේ බලය අඩුකරලා හරි යන්නෙ නැහැ. චෝදනාවක් තිබෙනවා නම් විතරයි කතා කරන්නේ. එතුමා පිළිතුරක් දුන්නා පරීක්ෂණ කෙරෙනවා. ලිපි දෙස බැලුවාමයි ඊළඟ තීරණය බලන්න වෙන්නේ.

කතානායක කරු ජයසූරිය
පොලිස්පතිතුමා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කතා කළා. අගමැතිතුමා කතා කළා. අමාත්‍යතුමා හමුවෙනවා. අපි තීරණයක් ගන්නම්.

ඒකාබද්ධ විපක්ෂයත් ජවිපෙත් එකඟ නම් සමානුපාතික ක්‍රමයට පළාත් පාලන ඡන්දය තැබීම ගැන සාකච්ඡා කළ හැකියි

ඒකාබද්ධ විපක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එකඟ නම් මෙවර පළාත් පාලන ඡන්දය පමණක් සමානුපාත ඡන්ද ක්‍රමය අනුව පැවැත්වීම ගැන සාකච්ඡා කළ හැකි බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී සෙනසුරාදා (03දා) ප්‍රකාශ කළේය.
සභානායකවරයා එසේ ප්‍රකාශ කළේ මෙවර පළාත් පාලන ඡන්දයට පමණක් සීමා වන පරිදි පැරැණි ඡන්ද ක්‍රමයට (සමානුපාතික ක්‍රමය) පවත්වන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම කරන ලද යෝජනාවලට ප්‍රතිචාර දක්වමිනි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ නොහැකි නම් ඡන්ද ක්‍රමය හෝ වෙනස් කිරීම අවශ්‍ය බවටත්, දැනට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනුවට මෙවර පමණක් පැරැණි ක්‍රමයට ඡන්දය පවත්වන ලෙසටත් යෝජනා කළේය.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම (එජනිස)
තනි වගන්තියකින් මේ පළාත් පාලන ඡන්දය තියන්න පුළුවන්. 2012 අංක 22 දරන ඡන්ද ක්‍රමය බලපවත්වන්නේ නම් මේ ඡන්දය පමණක් පැරැණි ක්‍රමයට පවත්වන බවට වගන්තියක් ඇතුළත් කරන්න. ව්‍යවස්ථා සංශෝධනයට දීර්ඝ කාලයක් ගත වෙනවා නම් මේ ඡන්දයට පමණක් එය කළ හැකියි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් එකඟ නම් අපට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.
අනුර කුමාර දිසානායක
අගමැතිතුමාත් මේ ගැන කියා තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා
2012 අංක 22 දරන පනතට කිසිම දේශපාලන පක්ෂයක් විරුද්ධ වුණේ නැහැ. ඒකමතිකව සම්මත කළා. ප්‍රජාතන්ත්‍රවාදය එක් එක් පක්ෂවල අවශ්‍යතා පරිදි හකුළන්න බැහැ.

නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රාවුෆ් හකීම්
එක් වරක් පමණක් පරණ ක්‍රමයට ඡන්දය පවත්වනවා නම් අප ඒකට කැමැතියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon