කෝ මා පැතූ සාධාරණ සමාජේ

  👤  4647 readers have read this article !
2016-10-19

 

කලාකරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ගෙදර පැවැති පාටියට පැමිණ සිටියේ වෙනදා හුරුපුරුදු මූණු නොවේය. ජැකා, වන්ෂොට්, මධූ, නිල්මිණි, පබා, ගීතා, රවී, ශි්‍රයන්ත, නීලා, අනූෂා, ඕසදී ආදී කලාකරුවන් රැසක් ඇවිත් ඇරේන්ජ් කර තිබූ ටේබල්වල අසුන්ගෙන සිටියෝය. බලාපොරොත්තු නොවූ මූණු සභාවේ දැක අන්දුන් කුන්දුන් වුවත් ඒ බව නොපෙන්වා ලොක්කා කලාකරුවන් අතරට ආවේ කෝ මේ වියන්ගොඩලා, සමනලීලා, කසුන්ලා, ඉන්ද්‍රචාපලා, සුනිල්ලා, ධර්මසිරිලා නැත්තේ මොකෝ කියා අසමිනි. ඒ අය සර්ට විරුද්ධව ගිහින් වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වනවා කියා කලාකරුවන් රිප්ලයි දුනි. ඒ පාර එයාලත් මට ගහන්න ගත්තාද? මං ගොවියෙක්ගේ පුතෙක් නිසාද, මට එහෙම ගහන්නේ කියා අඬන්න ඔන්න මෙන්න වගේ ඇසූ ලොක්කා ගාවට දුවන් ආව ජැකා කිව්වේ අපේ හිත්වල නම් ඔබතුමා ගැන තිබ්බ කහට ගතිය ගියා.

ඒකයි අපි කට්ටිය ඉන්විටේෂන් නැතිවත් එන්න තීරණය කරගත්තේ කියාය. පසුගිය දවස්වල හිතේ අමාරුවට අපෙනුත් මොනා හරි කට කැඩිච්ච කතාවක් කියවුණා නම් අනේක වාරයක් සමාවෙන්න කියමින් නීලා ලොක්කා ගාව තුනට හතරට නැවුණු අතර හා හා නැඟිටින්න නීලා නංගී ඔයාලට වඩා කැත කතා කිව්ව සමහරුන්ට මම දැන් සලකන විදිය දැකලා තියෙනවා නේද කියා ඇසුවේය.


අනේ මාරාගෙන මැරෙන්න ආව කොල්ලටත් සමාව දුන්නු මයිත්‍රී හිතෙන් අපිටත් අභය දෙනු මැනවි කියමින් අනූසා, කින්ග් භූමිබෝල් වෙනුවෙන් හඬාවැටෙන රට වැසියන් මොක්කුද කියා හිතෙන තරමට හඬා වැටුණාය. ලොක්කා අනූසා නළවමින් කිව්වේ අඬන්න එපා නංගී මොන මොන පෙරළි වුණත් ඔයාලට රජෙක් නාමෙට හරි ඉන්නවනේ කියාය.


අපිට දුක අපේ රජා විඳින දුක ගැන තමයි කියූ නිල්මිණි අපේ රජ්ජුරුවෝ විඳින දුක අන්තිමට හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක් බව ළතෝනි දෙමින් කීවාය.
ඔක්කොම කලාකරුවන් මූණ දිගේ බේරෙන මේකප් තට්ටු තට්ටු ටිෂූවලට එකතු කරන ගමන් තරගයට ඇඬුවෝය. එෆ්.සී.අයි.ඩී. එකට කලාකරුවන් අරගෙන යන එකටත් ඔය විදියටම විරුද්ධ වෙලා වචන දෙකක් කතා කරන්න උතුමාණනි කියමින් පබා සිහිසුන් වුණාය. ත්‍රිවිධ හමුදාවට විතරක් නෙවෙයි කලාකරුවන්ටත් ඔය අටමඟල දෙක තුනේම පුදුම කරදරයක් තියෙන්නේ. අපි වෙනුවෙනුත් වචන දෙකක් කතා කරන්න පුළුවන් නම් බි්‍රක්ස් බිම්ස්ටේක් සමුළුවේදී හරි කමක් නෑ ලොකු දෙයක් කියා චන්න ඇවිත් ලොක්කගේ අත් දෙකම අල්ලගෙන කී අතර, ලොක්ක කිව්වේ දයාගෙත් වැඩක් විදියට හිතලා මොනවා හරි දෙයක් කරලා දෙන්න බලන්නම් මල්ලී.

 

දයා මට සෆෝර්ට් මිනිහනේ මුකුත් නොකර බෑ කියාය. ඔක්කොමත් හරි උක්කුන් මල්ලි අරගෙන යද්දී තමයි දරාගන්න බැරි කියමින් ගීතද මුණින්තලා වැටුණාය. මේ මං ගාවම ඉන්න මිනිසුන්ටත් සූට්ටං සූට්ටං වංචාවලටත් කේස් ෆයිල් කරන්න ආවනේ. මං ඔය කල් බලලා බලලා දුන්නේ සෙම්බුව කියා ලොක්ක කට්ටියම අස්වැසුවේය.
ඒ විදියට කලාකරුවන් අතර ඉද්දී ලොක්ක එකවරම ස්වාමීන් වහන්සේ නමක් සභාවේ කෙළවරකට වී තමා දෙස බලා සිටින ආකාරය දැක ඒ දෙසට ගියේ කලාකරුවන්ට මුහුණ දීමට සිදුවී ඇති අතවර පිළිවෙළට තමාට පැහැදිලිව ලිඛිතව ලබා දෙන ලෙසත් තමා එනකල් කාලා බීලා ජොලියේ ඉන්න කියාත් දැනුම් දෙමිනි.


ඔබවහන්සේ මෙතැන තනියෙන් කුමක් කරන්නේද? කලාවට සම්බන්ධද කියා අසමින් ලොක්කා එකත්පස්ව හාමුදුරුවන්ව ඇමැතුවේය. තමා අතරින් ශාලාවේ පිටුපසට ගිය ලොක්කා දෙස බැලූ කලාකරුවන් දැක්කේ ලොක්ක හිස් පුටුවකට කතා කරන ආකාරයක් පමණි. පව් අනේ බි්‍රක්ස් බිම්ස්ටේක් සමුළුවේ කතාව ප්‍රැක්ටිස් කරනවා වෙන්න ඇති කියා කලාකරුවෝ කතා වූහ. අප පසුගිය දවස්වල පතුරු යැව්වේ මේ වගේ හිත හොඳ සහෘද රත්තරන් මනුස්සයෙක්ව නේ කියා කියූහ.


සන්සුන් හ¾ඩින් ලොක්කා ඇමැතූ ස්වාමීන් වහන්සේ ලොක්කාගෙන් ඇසුවේ මේ වෙන්නේ මොනවද මේ අපි පැතූ සාධාරණ සමාජයමද කියාය. එහෙම ඩිරෙක්ට් තමාව ප්‍රශ්න කරන්න උන්නාන්සේ කවුද කියා හිතුණත් ආයෙම හිතුවෙ ඔය මොකක් හරි වාරණය කරපු චිත්‍රපටයක් ඩිරෙක්ට් කරපු රැඩිකල් ස්වාමීන්වහන්සේ නමක් වෙන්න ඇති කියාය. අහනවා ඇත්තේ රටක් සසල කළ දේශපාලනය උඩු යටිකුරු කළ ඇතැමෙක් කොර කළ වසරේ කතාව ගැන වෙන්න ඇති කියා සිතූ ලොක්කා ඒ පිළිබඳ ගැඹුරින් පහදා දිය යුතු බව සිතා දීර්ඝ විස්තරයක් කරන්නට පටන් ගත්තේය.
දැන් බලන්න හාමුදුරුවනේ අර චිලී කියන කුරා කූඹියකුට වරදක් නැති සින්දුවක් කියාගෙන පාඩුවේ ඉන්න අම්මට ගැහුවොත් විතරක් ගහන ළමයෙක්වත් මේ ළඟදී උසාවියට දක්කගෙන ගියා. අම්මට ගැහුවම පෙරළා පාරක් ගහන එකේ වරද මොකක්ද කියලා මම අහන්න කැමැතියි. අම්මට ගැහුවොත් අපි වුණත් නිකන් ඉන්නෙ නෑ. එහෙම වුණා කියලා චිලී කියන ළමයට ෆේස්බුක් එකෙනුයි, අරකෙනුයි, මේකෙනුයි ගහන්න පුළුවන් හැම තැනින්ම ගහනවා හාමුදුරුවනේ.
මං අහන්නෙ ඒ දරුවට ඔහොම ගහන්නෙ ඒ දරුවගෙ තාත්තත් ගොවියෙක්ද? අම්මට විතරක් නෙවෙයි හාමුදුරුවනේ පුතකුට දුවකුට වුණත් ගැහුවොත් මොන අම්මද තාත්තද කියන්නකො නිකන් ඉන්නේ. මගෙන් වුණත් ආවේගයෙන් ඔය මොනව හරි දෙයක් කියවුණා නම් කියවුණේ ඒකයි.

 


යතිවරයාණන් වහන්සේගේ මුහුණෙහි කනස්සලු ස්වරූපය පහවූයේ නැත. ලොක්කා ටෙන්ෂන් එකේ කතාකරගෙන යයි. එක පැත්තකින් රණවිරු දඩයම, අනෙක් පැත්තෙන් ගොළු මුහුද, සමාවෙන්න අපේ හාමුදුරුවනේ, අනෙක් පැත්තෙන් ඒකාබද්ධ දඩයම. මේ ඔක්කොම එකදිගට එෆ්.සී.අයි.ඩී. එකටයි අල්ලස් එකටයි දක්කගෙන යනවා. හරිම කැතැයි. මගෙ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා ඒකට. ජාත්‍යන්තරය වුණත් මොනව නොහිතයිද? අපි ඔක්කොම හොරු කියල හිතයි. විලිලැජ්ජාවෙ සන්තෝෂෙ බෑ කියා කීවේය.
නැවතත් සන්සුන් ස්වරය අවදි කළ ස්වාමීන් වහන්සේ වදාළේ මේ වෙන දේවල් දිව්‍යඥානයට පෙනෙද්දී මටත් ලැජ්ජාව බය දෙකම කැමක්දැයි පසක් වුණා කියාය. සාධාරණ සමාජයක් හදලා ආවා කියලා දිව්‍යලෝකෙදි වුණත් ආඩම්බරයෙන් හිටපු අපට දැන් අනෙක් දෙවිවරු අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර නෑ කියාය. අනේ අපේ හාමුදුරුවෝ එහෙම කියන්නෙ මක්කටෙයි. කොයි පැත්තෙන් බැලුවත් සාධාරණය වෙනවනේ. ජනාධිපති මන්දිරේ ලයිට් බිල් අඩු කරලා ජාතික ධනයට ඒවා එකතු කරලා තියෙනවා. හරි හරියට රට රටවල ගියාට මොකෝ ඔක්කොම ගමන් සාමාන්‍ය මගී ගුවන්යානාවලින් සාධාරණද නැද්ද හා? අපි ගාවට එන්න කැමැති ඇත්තන්ට පවා තනතුරු තාන්න මාන්න දීලා සාධාරණයක් කරලා තියෙනවානේ. නෑම කියලා කාටවත් කියන්න බෑ. ඒ අය ඔය එෆ්.සී.අයි.ඩී. එකට බ්‍රයිබරියට ඕන විදියට දක්කගෙන යන්න මං ඉඩදීලා නෑ. සාධාරණයක් තියෙනවා. නෑ කියන්න බෑ හාමුදුරුවනේ කියා කීවේය.

 


අදිසි ස්වාමීන් වහන්සේ වදාළේ කෝ ඒ වුණත් එක්නැලිගොඩට, ලසන්තට, තාජුඩීන්ට සාධාරණයක් වෙනවා පේන්න නෑනේ. ඇවන්ගාඩ් හොරු අල්ලනවා පේන්න නෑනේ කියාය. ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨ මතක නෑ වගේ නේද තැන් තැන්වල කතා පවත්වන්නේ කියාය.
ඔබවහන්සේ එහෙනම් පත්තර බලන්නෙ නැතිව ඇති. ලසන්ත ඝාතනයේ වගකීම භාර අරගෙන විශ්‍රාමික හමුදා නිලධාරියෙක් සියදිවි හානිකර ගත්තා. ඇයි දන්නේ නැද්ද? කවුරුහරි වරද පිළිඅරන් තියෙන එකේ තව තවත් අය සැක කර කර උසාවි ගාණෙ දක්කන්නෙ කොහොමද කියා ඇසුවේය.
දැන් ඔය අපේ හිටපු ලොක්කවයි, පවුලේ උදවියවයි වුණත් නිකරුණේ එෆ්.සී.අයි.ඩී. එකටයි බරපතළ කොමිසම් ඉස්සරහටයි දූසන විමර්ශනේටයි ගෙනියන එකට මං එකහෙළා විරුද්ධයි. දෙයියම්පා කියා දිවුරුවේය. දිව්‍ය ලෝකයෙන් මෙහි වැඩම කරන ලද අදිසි ස්වාමින් වහන්සේ හිතුවේ අර එයාර්පෝට් වහලා හොරු අල්ලනවා කිව්ව කළුනික හොයනවා වගේ හොයලා හොයලා හොයාගත්තු නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයාමද මේ කියාය.

 


කතාව ඉවර කරන්න ලැබුණේ නැත. මහා ගාලගෝට්ටියක් සභාව මැදින් ඉස්මතු වී ආ අතර, ඒ පැත්ත බැලූ ලොක්කට දැකගන්න ලැබුණේ තමා දෙසට මහින්ද ලොක්කා එක්ක අංගංපිල, විමලා, ඩලසා, බණ්ඩුල, වාසු, මහින්දද නන්ද, වල්ගම ඇතුළු ඒකාබද්ධ විපක්සේ සෙට් එක කඩාගෙන එන ආකාරයයි. ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට ආසනයේ වැඩ උන් හිමිනම අතුරුදන්ව සිටි අතර, මහින්ද ලොක්කා සෙට් එක එක්ක ඇවිත් අපේ දෙයියා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඉස්සර හිටිය වගේමයි සහෘදයි කියමින් ලොක්කව වැලඳ ගත්තේය. අනේ අපි පසුගිය ටිකේ ගැහුවා වැඩීද කියලාත් හිතෙනවා කියා ආදරෙන් අත ගෑවෝය. ලොක්කා හිටපු ලොක්කව බදා වැලඳගත්තේ ගහන කොට ඉතින් ගහනවා තමයි ඒත් අපි සහෘදයිනේ කියමිනි.

සුභාෂිණී ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon