අපේ ළමයි ඔහොම වුණේ නෑ

  👤  3173 readers have read this article !
2016-10-12

 

රත්නපුර ඓතිහාසික ලොරිපාක් රැලිය ඉවරවෙලා ඒකාබද්දෙ සෙට් එකත් පටවගෙන කොළඹ ආව බස් එකේ හිටිය උක්කුන් කේන්තියෙන් විමලේගෙන් ඇසුවේ නයිට් ක්ලබ් කියන්නෙ මොනවද කියාය. අනේ පව් චූටියා කියා බස් එකේ ඔක්කොම එක හ¾ඩින් කෑගැසූ අතර, පිටිපස්ස සීට් එකේ දිගෑදී සිටි හිටපු ලොක්කා ආඩම්බරයෙන් කිව්වේ අපේ කාලේ නයිට් ක්ලබ් තිබ්බෙවත් නෑ පුතා කියාය. ක්ලබ් විතරක් නෙවෙයි ඒ කාලේ නයිට් කියලා එකක් තිබ්බෙත් නෑ.

තුන්සිය හැටපස් දවසම තිබ්බේ දවල් නේද විමලේ, කියා අසද්දී විමලේ නැතිව නැතිව කියා කීවේය. අපේ කාලේ රෙඩ් ස්ටී්‍රට් කියා සංකල්පයක් ගෙන්න හැදුවා. ඒවා ඔය නයිට් ක්ලබ් වගේ ජරා තැන් නෙවෙයි කියා කිව්වේය. උක්කුන් සිඟිති අඩි තිය තියා පස්සෙම සීට් එක ගාවට ගිහින් ඇසුවේ නයිට් ක්ලබ් යන්නෙ නාක ළමයිද කියාය. ඔව් කියන්න ඔළුව ගැස්සූ ලොක්කට උක්කුන් කිව්වේ ටාට්ටි පුතා නම් කවදාවත් ඒවාට යන්නෙ නෑ කියාය. අනේ මේ හුරතල් දකින්න අපේ මිනිසුන්ට වාසනාව නැති වුණානේ කියමින් පවිත්‍රා දේවි ඇවිත් උක්කුන්ව හග් කෙරුවාය. වාසු කිව්වෙ ඒ වුණාට ඇවිල්ලා හිටිය මිනිස්සු වුණත් මේ ළමයි ඔය වගේ අවලම් ගමන් යන්නෙ නෑ කියලා ඒකෙන්ම පිළිගත්තා කියාය. අපේ කාලේ ඔය සෙල්ලමට කළා නම් කළේ නයිට් රේස් පැදපු එක විතරයි කිව්ව ලොක්කගෙන් තවත් හුරතල් වූ උක්කුන් ඇසුවේ ටාට්ටි මොනවද නයිට් රේස් යනවා කියන්නේ කියාය. ඇයි බබා ඔයාලා අර වැලි කොට්ට දාගෙන, පාරවල් වහගෙන දළදා මාලිගාව ඉස්සරහත් පැද්දෙ කියා විමලේ ඇවිත් පොඩි එකාගේ ෂර්ට් එකේ ආය කට්ටකින් එල්ලූ පොඩි සර්වියට් එකෙන් කට දෙපැත්තම පිහිදූ අතර වල්ගම ලොක්කා කිව්වේ උක්කුන් පුතා දැන් ඔය ‍ෙදායියා මතෙන් කතා කරනවා ඇත්තේ කියාය. උක්කුන් ‍ෙදායියා මතෙන් කියමු, මීටිමට ඇවිත් හිටිය රත්නපුර ජන ගඟම මොකක් නමුත් මතකින් හිටියා වෙන්න ඕනෑ. අපි කියන කියන එකට පට්ට හුරේ එකක් දුන්නනේ කිව්වේ දිනේෂ්ය. මෑන්ස්ලාට මෙලෝ බක්කක් මතක නෑ කියා විමලේ දපනේ දාගෙන හිටිය ලොක්කට පහක් දැම්මේය. දරුවටවත් ඔව්වා පැදපු බව මතක නැති එකේ මිනිසුන්ට ඕවා මතක හිටීද කියා දිනේෂ්ට කිව්ව අංගංපිල, අපි පුංචි ඡන්දෙන් බලය ඇල්ලුවට පස්සේ ආපහු රේස් පදිමු කියමින් උක්කුන්ව බස් එක ඇතුළේම උඩ දැම්මේය.


අංකල්ලා ඇන්ටිලා අතේ හුරතල් වුණාට මොකෝ මීටිමෙන් පස්සේ පුංචි එකාගේ හින්නක් විතර පුංචි හිත හොඳටෝම රිදී තිබිණි. විමලේ කිව්ව විදියට අපි නොගියපු නයිට් ක්ලබ් මොනවද? පවිත්‍රා කිව්ව වගේ තාත්තා අපිටත් වඩා ආදරේ කරපු මයිකල් කවුද? කවදහරි දවසක ඔය කියන මයිකල් ආපහු ඇවිත් රජකම ඉල්ලයිද? තාත්තා කිව්ව වගේ දැන් මැණිකක්වත් පොළොවෙන් මතුවෙන්නේ නැද්ද? වේදිකාව දෙවනත් කළ තාත්තගේ කතාව සිඟිති උක්කුන්ගේ හිතේ රැව් පිළිරැව් දුනි. 'දැන් මේ උතුම් පොළොවෙන් මැණිකක්වත් මතු වෙන්නේ නෑ. අපේ කාලේ මැණික් මතු වුණේ එහෙම නෙවෙයි අපේ හාමුදුරුවනේ. මේ දරුවන්ගෙ ආච්චිලාට පවා මැණික් මලු මලු ලැබුණෙ හරියට නිකන් දෙයියන්ටත් ඉල්ලමක් මතුවෙලා ගෙනත් දෙනවා වගේ' කියමින් තාත්තා ස්ටේජ් එකේ කොනක ඉඳගෙන හිටිය තමාව ජනතාවට පෙන්නුව හැටි මැවි මැවී පෙනුණේය.


කොහොම හරි මේ ප්‍රශ්න එකින් එක ලිහා ගත යුතු බව සිතා හෙමින් සීරුවේ පවිත්‍රා ගාවට කිට්ටු වී ඇසුවේ නැන්දේ මයිකල් කියන්නේ කවුද කියාය. ඔය මයිකල් කියන හාදයා කවදහරි දවසක මගෙන් රජකම උදුර ගන්න ආවොත් මොකද වෙන්නෙ කියාය. බස් එක ගැස්සෙන්න හිනා වුණු පවිත්‍රා කිව්වේ නෑ නෑ පුතා මං කිව්වේ හුණුවටේ කතාවේ මයිකල් ගැන කියාය. ඒක තමයි මාත් අහන්නේ ඒකායි අපේ තාත්තාගෙයි අතරේ තියෙන සම්බන්ධෙ මොකක්ද කියා උක්කුන් සීට් එකේ යකඩ ඇන්ද ඇදවෙන්න අතින් එකක් ගැසූ අතර මීටිමේ ආතල් පිට බස් එක දෙවනත් වෙන්න කෑගසමින් උන්නු සෙස්සන්ට එය ගාණක් වුණේ නැත. ගැස්සුණු පවිත්‍රා කිව්වේ සැබෑ මව වන ගෘෘෂායි බොරු මව නටාලියායි මයිකල්ගේ අත්දෙකෙන් දෙපැත්තට අදිනකොට සැබෑ මව වන ගෘෘෂා මයිකල්ට රිදෙයි කියලා අත ඇරියා. ඒ වගේ ඔයාගේ තාත්තත් ඒ අඳුරු මූසල රාත්‍රියේදී පක්ෂ නායකත්වය අත ඇරියා කියාය. ඒ කතාවට නම් උක්කුන්ට හිනා නොවී ඉන්න බැරි වුණේය. තාත්තා අත ඇරියා නෙවෙයි වඩාගෙන ගිහින්නේ මයිකලයාව භාර දීලා ආවේ. අනේ නිකන් නොදන්න කතා නොකියා ඉන්න කියා පවිත්‍රාව එකෙන්ම කිච කෙරුවේය.


තාත්තලා, විමලෙලා ලොරිපාක් මීටිමෙන් ෆන් එක ගත්තාට සිඟිති උක්කුන්ට ඒ ෆන් දිරෙව්වේ නැත්තේ කෝටියකුත් එකක් තවත් ඒ වගේ ප්‍රශ්න හිතට වද දෙන්න පටන් ගෙන තිබුණු නිසාය. පවිත්‍රා කිව්ව මයිකල්ගේ කතාවේ ගත යුත්තක් නැතත් විමලෙයා මීටිමේදී රුවන්පුර වැසියන්ට කිව්ව මායි මල්ලිලා දෙන්නයි ජීවිතේට ගිහින් නැති නයිට් ක්ලබ් කියන්නෙ මොනවද හිතමින් ළත වෙවී උන්නේය. සීට් එකක මුල්ලකට ගොස් තාත්තගේ ටච් ස්කිරින් ෆෝන් එකෙන් රමිත ඇමැතුවේ ඉවසලා බැරිම තැනය.

 

මචං මොකද කරන්නේ කියා ඇසූ විට රමිත කිව්වේ හෙට උදේම දහම් පාසල් යන්න නැෂනල් කිට් එක අයන් කරනවා කියාය. දහම් පාසල් යන්න ඇඳුම් මදිමින් උන්නු රමියාගෙන් උක්කුන් ඇසුවේ මචං නයිට් ක්ලබ් කියන්නෙ මොනවද කියාය. රමිත අන්දුන් කුන්දුන් වුණු අතර, ගිනියම් රෑ කළාට පස්සෙ ඉරාජ් ඊළඟට හදන අලුත් වීඩියෝ එක නේද කියා ප්‍රශ්නයකින්ම උත්තර දුන්නේය. නෑ, ඒක අපි වගේ ලොකු පවුල්වල එවුන් යන එන තැනක්. විමලෙයා අද රත්නපුර මිනිසුන්ට කිව්වනේ, මායි මල්ලිලා දෙන්නයි ජීවිතේට නයිට් ක්ලබ්වලට ගිහින් නෑ කියලා. විලිලැජ්ජාවේ බෑ බං තාත්තා රටේ රජකම් කරලත් පුතාලා නයිට් ක්ලබ් එකකට ගිහින් නෑ කියා මිනිස්සු අපිට හිනා වෙන්න ඇති කියා කීවේය. අහන්නෙ බලන්නෙ නැතිව කට කයිවාරු ගහනවට තාත්තා නැති වෙලාවක් බලලා ආයේ ඔය වගේ තකතීරු කතා නොකියන්න දෙනවා ඕකාට හොඳ සම්බුවක් කියා රමිතට කිව්වේය.

 


උඹත් ගිහින් නෑනෙ. අඩේ එහෙනම් අවුලක් නෑ. මං බය වුණා මං විතරක් නොගිය තැනක් වෙන්න ඇති කියා කීවේය. රමිත ඇහුවේ පිස්සුද බං කියාය. තාමත් ප්ලේන් එකේ ‍ෙදාර ඇරලා චූටි වැඩේ කරන මං ඔය නයිට් ක්ලබ්වලට යයි කියා උඹ හිතුවේ කොහොමද කියාය. මං නම් දන්නෑ උඹ පොඩ්ඩක් මාලකගෙන් අහලා බලපන්. සමහරවිට උෟ නම් ඔය වගේ අහුමුලුවල රිංගනවා ඇති කියා ෆෝන් එක කට් කෙරුවේය. උක්කුන් හෙණ ප්‍රෙෂර් එකේම මාලකට කතා කරලා ඇහුවේ මචං උඹ මොකෝ කරන්නෙ කියාය. හෙට උදේම දහම් පාසල් යන්න මල් වට්ටිය හදනවා කියා රිප්ලයි දුන්නු මාලකගෙන් උක්කුන් ඇසුවේ මචං උඹ නයිට් ක්ලබ් ගිහින් තියෙනවද කියාය. බුදු තාත්තාපල්ලා ගිහින් නෑ. ඒ පාර මට නෙළන්න තව සෙට් එකක් ඔඩෙල් කාර් පාර්ක් එකට එවන්න නේද ඔය හදන්නෙ කියා මාලක හදමින් උන්නු මල් වට්ටිය බිම අතහැර ටාට්ටේ මෙන්න මාව මරන්න හදනෝ කියා මොර තියන්න පටන් ගත්තේය. බොක්කෙ ෆිට්වලට එහෙම කරනවද කියා මාලකව ෂේප් කර ගත්තු උක්කුන් කිව්වේ සිරාවට නයිට් ක්ලබ් කියන්නෙ මොනවටද කියලා දැනගන්න උඹට කතා කළේ. අර විමලෙයා රත්නපුරදී නයිට් ක්ලබ්වත් ගිහින් නෑ කියා අපිව බබා කරන්න හැදුවානේ. මං මේ මල පිට උඹලට කතා කරලා බැලුවේ කියාය. කූල් ඩවුන් වුණු මාලක කිව්වෙ නයිට් ක්ලබ් නම් ගිහින් නෑ බං ඒත් නයිට් ක්ලබ් එකක් ඉස්සරහ එකෙක් උෟටම ගහගත්ත අති දුර්ලභ සීන් එකක් නම් දැකලා තියෙනවා කියාය. මතක විදියට ඒකා මේජර් කෙනෙක් කියාය.

 


කොල්ල තමාගේ ෆෝන් එකෙන් මලක් කඩන බව ඒ වෙලාවේ දැක්ක ලොක්ක කිව්වේ හොඳ පුතා වගේ ඔන්න ඕක තියලා නිදාගන්න හෙට උදේම දහම් පාසල් යන්නත් තියෙනවානේ කියාය. සිඟිති උක්කුවා තාත්තගේ කටේ බලේට එහෙමම නිදාගත්තු අතර පහුවදා දහම් පාසලේදී දහම් කියා එළකිරි ෆිට් එකක් හම්බ වී ඇසුවේ මචං නයිට් ක්ලබ් කියන්නේ මොනවටද කියාය. උඹ ගිහින් තියෙනවද අපේ තාත්තගේ කාලේ තිබ්බ නැති එහෙම තැනක් දැන් තියෙනවලු කියාය. පිස්සුද උඹට? අපේ තාත්තා මට ඕවගේ තැන්වල යන්න දෙයිද කියා කේන්තියෙන් ඇසූ යාළුවා කිව්වේ හැබැයි මං එහෙම තැනක අපේ තාත්තගේ සිකියුරිටි එක ගැවසෙනවා දැකලා තියෙනවා කියාය. ඒකත් එළියේ බං උන් ඇතුළට ගියේ මාව එළියට අරන් එන්න විතරයි කියාය. උක්කුන්ට එයැයිගේ තාත්තව මතක් වුණේ දහමලා ඊයේ පෙරේදා ඇවිල්ලත් නයිට් ක්ලබ් ගිහින් අපිට අවුරුදු දහයක් ඉඳලත් යන්න එක නයිට් ක්ලබ් එකක් තිබ්බේ නෑ කියා හිතද්දීය.

සුභාෂිණී ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon