නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

රු. 25ක් අල්ලස් ගත් මන්ත්‍රිවරුන්ට ධුරය අහිමි කරයි  

2017-10-29

ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වූයේ 1936දීය. එවකට මෙරට තිබූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 50කි. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර එවීම සඳහා මෙරට ඡන්දදායකයන් හත් ලක්‍ෂ අට දහසක් සුදුසුකම් ලැබ සිටියත් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයෝ ලක්‍ෂ 21ක් ලියාපදිංචිව සිටියහ. මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රිවරු 1936 මාර්තු මස 16 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මුල්වරට රැස්වූයේ ශ්‍රීමත් වෛතිලිංගම් ‍ෙදාරේසාමි මහතාගේ සභාපතිත්වයෙනි.

1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝ   

2017-10-29

ඉතිහාසය වූ කලී එතෙක් මෙතෙක් පැවැති මානව සමාජයන් මුහුණදුන් පන්ති සටන්වල කතාන්තරය යැයි කාල් මාක්ස් පැහැදිලි කළේය. එකී පන්ති සටන් හා අරගලයන් ලේඛනගත වී තිබෙන්නේ ඒවා ලේඛනගත කෙරුණු අවධියේ සමාජ දේශපාලනික වුවමනාවන් මත බවද අපට පිළිගැනීමට සිදුවේ. ඒ නිසාම කිසියම් ඓතිහාසික කරුණක් සම්බන්ධව ලේඛනගතව තිබෙන කතාන්තරය සැබෑ යථාර්ථයම දැයි නැවතත් සලකා බැලීම ප්‍රඥාගෝචරය. ඊට වඩාත් විද්‍යාත්මක විග්‍රහය වන්නේ උක්ත කරුණ අරබයා අප සතුව ඇති සියලු මූලාශ්‍ර පෙළගස්වා සත්‍ය ලෙසම සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව නිර්වචනය කිරීමය.

පිස්තෝල පාවිච්චි කරන භික්ෂුන් ගැන තමා දන්නවාද?  

2017-10-29

බණ්ඩාරනායක නඩුවේ 7 වැනි විත්තිකරු වූයේ කොළොන්නාව පළාත් ආණ්ඩු සභාවේ සභාපති ලෙස එවකට සිටි කරෝලිස් අමරසිංහය. අමරසිංහ අගමැති බණ්ඩාරනායක මහතාගේ සමීප දේශපාලන හිතවතෙකි. මූලික නඩු විභාගයෙන් පසු ඔහු පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් විය. ඔහු නිදහස අපේක්ෂාවෙන් එසේ කළේය. ඔහු නිදහස අපේක්ෂාවෙන් තවත් බොහෝ දේ සාක්ෂියේදී ප්‍රකාශ කළේය. බුද්ධරක්ඛිතත්, සෝමාරාමත් පස්වැනි විත්තිකාර පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරාත් තම නිවෙසේදී හමුවී වෙඩි තැබීම පුහුණුවීම පිණිස මුතුරාජවෙල බලා පිටත්ව ගිය බව කරෝලිස් අමරසිංහ සිය සාක්ෂියේදී කීවේය.

ඇලපාත නිලමේ මියයයි අදිකාරම් දේපොළ පවරා ගනී  

2017-10-22

ඔක්තෝබර් 20 තලාපිටියේ ඔෟෂධහාමි පැමිණ දන්වයි

සත්‍යය හා සාමය හැම විටම රැවැටිලි සහගතයි: ප්‍රභාකරන් සුදුමලේ රැලියේදී කියයි  

2017-10-22

තව දින දෙකකින් අපේ පුහුණුව හදිසියේම නිමාවට පත් විය. සාමාන්‍ය ඇඳුමෙන් සැරසෙන්නැයි අපි අණක් ලද්දෙමු. අපේ නිල ඇඳුම් සියල්ලම මිදුල මැද ගොඩ ගසනු ලැබිණි. විනාඩි පහළොවකට පමණ පසු ගවයන් මෙන් පරණ ලොරියකට අඩුක් කරනු ලැබූ අප කඳවුරෙන් පිටත් කෙරිණි. පිළිකුල අසීරුවෙන් ඉවසා සිටි, වාතාශ්‍රයෙන් තොරවූ අප්‍රසන්න පැය භාගයකින් පසුව අපි නැවතුමකට ළඟා වීමු. අපේ සිරුරුවලින් දහදිය මිශ්‍රිත පුස් ගඳක් නික්මෙමින් තිබිණි.

ඇලපාත නිලමේ මියයයි අදිකාරම් දේපොළ පවරා ගනී  

2017-10-22

ඔක්තෝබර් 20 තලාපිටියේ ඔෟෂධහාමි පැමිණ දන්වයි

‘මෙන්න මිනිස්සු’ බැන්ඩියමුල්ලේ සිඤ්ඤප්පු ජීවිතය ගැන කියන කතාව  

2017-10-22

මගේ වයස දැනට අවුරුදු 75කට වැඩි මිස අඩු නැත. හොඳ සනීපයෙන් හා සිහියෙන් සිටිමි. තවම දුර්වලකමක් මට නොදැනේ. කොල්ලා කාලයේ කාරණා පවා මට තවම මතක තිබේ. ඒ කාලයේ පටන්ම අපි උදේට කෑවේ හීල් බත් හෝ උණු බත්ය. උදේ ගෙදර තිබෙන බත් හැළිය බල බලා තේ බීමට කඩවලට යන සිරිතක් මගේ නැත.

විත්තියේ නීතීඥ පීනියස් ක්වාස් ඔසී කොරයාගේ හරස් ප්‍රශ්න අසයි අගමැති ඝාතනයට තමා සම්බන්ධ බවට කතාවක් පැතිරෙන බව තමා දන්නවාද?  

2017-10-22

විත්තියේ නීතිඥ පීනියස් ක්වාස් මහතා ඔසී කොරයාගෙන් හරස් ප්‍රශ්න ඇසීම.

උදේනි සමන් කුමාර මාඕ සේතුංගේ දර්ශනයට කැපවූ ශ්‍රී ලාංකිකයා  

2017-10-22

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයකු වූ එන්. ෂන්මුගදාසන් ගැන නව පරම්පරාව නොදනී. ෂන් යන කෙටි නමින් මෙරට වමේ ව්‍යාපාරය හැඳින්වූ මෙම මානව ප්‍රේමී මිනිසා සිය ජීවිත කාලය මෙන්ම දැනුමද විප්ලවීය ශ්‍රී ලංකාවක් බිහිකර ගැන්ම උදෙසා කැප කළේය.

සර් ඔලිවර් අද්මිරාල් ලේටන්ව බේරේ කුණු වතුරින් නෑවූ හැටි  

2017-10-22

දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ ශ්‍රී ලංකාව තුළද යුද බියක් පැතිර ගියේය. ඒ ජපනුන් කොළඹට බෝම්බ දමන්නට සූදානමක් පවතින බවට පැතිර ගිය ආරංචිය නිසාය. එබැවින් ඒ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවද පෙර සූදානමකින් පසුවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon