නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

නොකළ වරදකට විදුලි පුටුවට ගිය කළු ඇමෙරිකානු දරුවාගේ කඳුළු කතාව  

2018-05-06

ඇමෙරිකාවේ මේ වන විටත් මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ විදුලි පුටුවෙහි සිදුවීමෙනි. එහෙත් ඒ විදුලි පුටුවේ හිඳවූ සියල්ලෝම නිවැරැදි වැරදිකාරයන්ම නොවෙති. එරටේද යුක්තිය පසිඳලීමේ දුර්වලතා නිසා මෙසේ ජීවිතයෙන් වන්දි ගෙවූ සමහරු ඇත්තෙන්ම අහිංසකයෝය.

මං හිටියේ ඉහළ ලෝකයක... ආයෙත් මං එතැනට යන්න ඕනෑ  

2018-04-29

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉහළ ඕතොට කෝරලයේ කෑරලංකඩවල ගම්පති සීමාවේ පිහිටි 'ඉමිහාමින්නේ' ගම නිවාස තිහකින් සමන්විත පුංචි ගම්මානයකි. එහෙත් අතිශයින් වාසනාවන්ත පින්වත් ගම්මානයකි. මෙගම කිසිදු නිවෙසක අඳ, ගොළු, බිහිරි, අංගවිකල කිසිවකු නොමැතිකම ඒ බවට හොඳම සාධකයකි. දිසානායක පෙළපත, විජේකෝන් පෙළපත, ඊරියගොල්ල පෙළපත යන පෙළපත් තුනට අයත් ඉමිහාමින්නේගම තවත් පින්වත් දරු උපතක් මෙසේ සිදු වූයේ කුරුණෑගල රාජධානි සමයේ දිසානායක අධිකාරම්තුමාගේ පෙළපතට අයත් දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩා උපාසක මහතාට දාව එම පෙළපතටම අයත් මානිංගමුවේ ගෙදර පුංචි මැණිකා උපාසිකා මාතාවගේ කුසෙනි.

ලොවම කලඹපු පිස්සු වට්ටපු කාල තරණයේ අබිරහස් කතා  

2018-04-29

කාලය හරහා ගමන් කිරීම බොහෝ වසර ගණනාවක සිට ලෝකය පුරා කතාබහට ලක්වූ මාතෘකාවකි. මිනිසාට කාලය හරහා ගමන් කළ හැකිද යන්න බොහෝ විවාදයන්ට බඳුන්ව ඇත. කාලය හරහා ගමන් කිරීම සිදුවිය හැකි සංසිද්ධියක් බවට බොහෝ මත ඉදිරිපත් වී ඇත. මේ මතය ඉදිරිපත් කරන අය ඔවුන්ගේ මතය සනාථ කිරීමට විවිධ කරුණු ගෙන හැරපාති. ඒ අතර ඡායාරූප ප්‍රධාන වේ. අතීතයේ සිට මේ දක්වා විවිධ අද්භූත ඡායාරූප ප්‍රසිද්ධියට ලක්වී ඇත. ඒ අතර සමහර ඡායාරූපයන්ට පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට පවා අපහසු වී ඇත්තේ ඒවායේ ඇති අත්භූතජනක බව නිසාමය. මේ සමහර ඡායාරූප කාල තරණයට සාක්ෂි ලෙස යොදා ගැනේ.

හිම මිදෙන ඉමක-දුක්ගිනිද ගෙනෙන ලොව උසම තැනක තිබෙන අමුතුම මිනිස් වාසය  

2018-04-29

'ලරින්කොනාඩා' කියන්නේ ලොව වඩාත්ම උසින් පිහිටා ඇති මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශයයි. ඒ වගේම ජීවත් වෙන්න ලොව දරුණුම සටනක නිරතව සිටින මිනිසුන් සිටින නගරය ලෙස සැලකෙන්නේත් මේ ල රින්කොනාඩා නගරයයි. දකුණු ඇමෙරිකාවේ පීරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳු වැටියේ 'ඇනනියා' කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ රන් ආකර පිහිටි ප්‍රදේශයක මුහුදු මට්ටමේ සිට අඩි 16,700ක් පමණ ඉහළින් පිහිටි 'ල රින්කොනාඩා' වසරේ බොහෝ කාලයක් පවතින්නේ ඉතාම අඩු උෂ්ණත්වයක් යටතේයි. ඒ හින්දම මෙම ප්‍රදේශය බොහෝවිට හිමෙන් වැසී පවතිනවා. ඒ වගේම මෙය ලොව වඩාත්ම හුදකලාව පිහිටි නගරයක්.

උඩරට අල්ලාගත් ඉංග්‍රීසීන්ගේ හද ගැහුණු හැටි  

2018-04-29

ජෝන්ඩේවි 1816 අගෝස්තු සිට 1820 පෙබරවාරි තෙක් ලංකාවේ සිටි බි්‍රතාන්‍ය යුද වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවය කළ අයෙකි. හෙතෙම මෙහිදී ලත් අත්දැකීම් හා කළ පර්යේෂණයන් පදනම් කරගෙන ලියූ ප්‍රථම ග්‍රන්ථය වූයේ ධ්දබඥපඪධප ධට ඛ්ඥරතධදය. එය 1821දී ප්‍රකාශයට පත්විය. එය මෙම ඉංග්‍රීසි ආධිපත්‍යයට නතුව තිබුණු යුගයේ තොරතුරු දැනගැනීමට වටිනා කෘතියකි.

ස්ත්‍රියගේ පරාජයේ ශේෂ පත්‍රය  

2018-04-29

ඉතිහාසයේ ප්‍රථම 'වහලා' වන්නේ 'ස්ත්‍රිය' බව ලෝකයට පහදා දුන්නේ පෙඩ්රික් එංගල්ස්ය. එය ස්ත්‍රිය ලැබූ දැවැන්තම පරාජය බැව් එංගල්ස් වැඩි දුරටත් ප්‍රකාශ කළ බව දන්නෝ දනිති.

කාලෝ හද බැඳි මධුර ජවනිකාවක රස  

2018-04-29

උදයකාන්ත වර්ණසූරියගේ 1 වැනි චිත්‍රපටය වන මධුර චාරිකා නරඹා මා මෙතරම් උද්දාමයට පත්වූ කාරණාව කිම? ඒ කාරණාව කුමක් දැයි කියා අවබෝධ කරගනු රිසියෙන් මධුර චාරිකා චිත්‍රපටය පිළිබඳ දීර්ඝ දාර්ශනික චාරිකාවක නිරත වීම අවශ්‍ය යැයි හැඟේ. මගේ ප්‍රියතම දාර්ශනිකයා වූ බර්ට්‍රන්ඩ් රසල් නම් නොබෙල් ත්‍යාගලාභී ප්‍රාඥයා වයස අවුරුදු 90 ගණන්වල සිටියදී ඔහුගේ ස්වයං චාරිතාපදානය පළවිය. ඔහුගේ අතිශය සංකීර්ණ විචිත්‍ර ජීවිතය මෙහෙයවනු ලැබූ දැඩි චිත්තාවේග හෙවත් භාවාවේශ 3ක් ගැන එහි සඳහන් වෙයි. ඉන් එකක් වූයේ මෙලොවදී මිනිස් සංහතියට අත්විඳින්නට සිදු වන දුක් කන්දරාව පිළිබද දැනුණු දරාගත නොහැකි තරම් දයානුකම්පාව බව ඔහු පවසා ඇත. ඒ දුක් කන්දරාවට එක් උදාහරණයක් ලෙස ඔහු සඳහන් කර ඇත්තේ ඔහු ජීවත්වූ සමයේදී විසූ වැඩිහිටි පුත්‍රයන්ට නොරුස්නා ජුගුප්සාජනක පීඩාකාරී බරක්ව ජීවිතය සැ¼දෑ සමය ඛේදජනක අයුරින් ගෙවා දමන වයෝවෘද්ධ අසරණ මවුපියන්ය. තමන් මෙලොවට බිහි කර කවා පොවා ලොකු මහත් කළ මහලු මවුපියන් අතමිට සරු පුතුන්ට පවා ජුගුප්සාජනක පීඩිත බරක් වූයේ කෙසේද, යන්න සිංහල සංස්කෘතිය තුළ හැදුණු වැඩුණු අපට ඇදහීමට පවා අපහසු යථාර්ථයකි. නවීන ආර්ථික සංවර්ධනයේ අතුරුඵලයක් වන්නේ තම මහලු අසරණ මවුපියන් ජුගුප්සාජනක පීඩාවක් බවට පත්වීම නම්, ඒ සංවර්ධනයට යොමුවීමේ අරුත කිම යන ප්‍රශ්නය මෙහිදී අපට මතුවේ.

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර 15,000ක් පැරැරෝම උදුනක් හමුවෙයිණි   

2018-04-22

ආක්‍රමණික රෝමානු සෙබළුන් විසින් පාන් පිලිස්සීම සඳහා පාවිච්චි කරන ලදැයි සැලකෙන උදුන් කීපයක්ද සමඟ තවත් ඉපැරැණි කලාත්මක භාණ්ඩ රැසක් ස්කොට්ලන්තයේ කැණීම් කීපයකදී හමු වී තිබේ. එපමණක් නොව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් කවාකාර නිවාස හා ආදාහනාගාර සංකීර්ණයක්ද මෙම කැණීම්වලදී හමුවී ඇති අතර හමුවුණු සමහර භාණ්ඩ අවුරුදු 15,000ක් පමණ පැරැණි බවද කියැවෙයි. කලින් අදහස් කෙරුණට වඩා අවුරුදු 2000කටද පෙර වූ මානව ක්‍රියාකාරකම් පිළිබඳ සාධක, ඇබර්ඩීන් දිස්ත්‍රික්කයේ තැන් කීපයක සිදු කරන ලද ගවේෂණවලදී මෙන්ම දැනට ඉදිවේගෙන යන අතුරුමාර්ගයක් අද්දර කරන ලද කැණීම්වලදීද හමුවිණැයි පුරාවිද්‍යාඥයෝ කියති.

බුදුන් වදාළ අපණ්ණක ප්‍රතිපදාවේ මහිමය දැනගන්න ඉඩක්  

2018-04-22

අපණ්ණක සූත්‍රය දෙසා ඇත්තේ සාලා නම් වූ ගමෙහි බමුණන්ටය. මෙහිදී බුදුරජාණන් සාලෙය්‍යක බමුණනට හේතු යුක්ති පදනම් කොට ගෙන ඇති වූ හෙයින් ආකාරවතී යැයි කිව හැකි වූ තම ශ්‍රද්ධාවට ලක්වූ ප්‍රියමනාප වූ කිසියම් ශාස්තෘවරයකු ඇද්දැයි අසති. බමුණන්ගේ පිළිතුර 'නැත' යනුය. එබඳු ශාස්තෘවරයකු නැති කල අපණ්ණක ප්‍රතිපදාව අනුගමනය කළ යුතු යැයි බුදුරජාණන් ඔවුනට අනුශාසනා කරති. අපණ්ණක ප්‍රතිපදාව කෙටියෙන් ගතහොත් එයින් කියැවෙන්නේ,

රහස් ගොන්නක් සඟවා ගත් ඓතිහාසික වෙහෙරගල  

2018-04-22

වෙහෙරගල නමින් හැඳින්වෙන පූජනීය ස්ථාන විස්සකට වැඩි ගණනක් ලංකාව පුරාම දක්නට ලැබේ. මේ ලිපියෙන් විස්තර කෙරෙන ස්ථානය පොළොන්නරු දිසාවට අයත් තීරයේ පිහිටියේය. තමන්කඩුව පළාත හා අම්පාර දිසාව වෙන් කරන සීමාව මේ ආසන්නයේ ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon