නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

ශබ්ද පූජා  

2018-04-09

යාපනයේ නායන්මාර්කණ්ඩු ප්‍රදේශයේ ජනතාවට පක්ෂව නායන්මාර්කණ්ඩු කෝවිලේ පූසාරිවරයාට විපක්ෂව යාපනය මහාධිකරණ විනිසුරු
එම්. ඉලන්චේලියන් ලබාදී ඇති නඩු තීන්දුව කාරණා දෙකක් නිසා කැපී පෙනේ.

දඹුල්ලේ නාඩි කල්ලිය  

2018-04-08

අලුත් අවුරුද්ද උදාවීමට තව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. අටු කොටු පිරී ඉතිරී බත බුලතින් සරු වන බක් හෙවත් භාග්‍යවන්ත මාසයේ මෙරට එළවළු ගොවීන්ට නම් උදාවී ඇත්තේ අභාග්‍යසම්පන්න කලදවසකි.

ජනතා විශ්වාසය භංග වී හමාරය  

2018-04-06

අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පරාජයට පත්විය. ජාතික වශයෙන් රට හමුවේ බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද රැසක් තිබියදී සියල්ලටම ඒකායන විසඳුම විශ්වාසභංගයක් මඟින් අගමැති ඉවත් කිරීම යැයි කියන තැනට ඉකුත් සති දෙක තුන තුළ දේශපාලන කාරණා පෙළ ගැසී තිබිණි. පක්ෂව ලැබූ ඡන්ද ප්‍රමාණය 76ක් බවට පත්වෙමින් එම ගාලගෝට්ටිය නිමා වී තිබේ.

භික්ෂුන් හා චීවරධාරීයෝ  

2018-04-05

ත්‍රිවිධ රත්නයෙන් එක් රත්නයක් වන සංඝරත්නය ධර්මධරව හා විනයධරව ක්‍රියා කළ යුතුය. එහෙත් මෙරට බුද්ධ ශාසනයේ සැලකිය යුතු පිරිසක් සිය චර්යාවන් භික්ෂු විනයට අනුව හසුරුවා ගැනීමට අසමත්ව සිටිති. එවැන්නන් නිසා ශාසනයේ පිරිහීමක් ඇතිවීම අරුමයක් නොවේ.

‘බදු’ තියරිය  

2018-04-04

ජනතාවගෙන් බදු අයකර ගැනීමේදී 'බඹරුන්ගේ තියරිය' අනුගමනය කළ යුතු යැයි පෙන්වා දුන්නේ ගෞතම බුදුන් වහන්සේය. උන්වහන්සේට අනුව බඹරුන් මල නොතළා රොන් ගන්නා සේ බදු අය කිරීමේදී ජනතාව පීඩාවට ලක් කළ යුතු නැත.

තොරණ තහනම  

2018-04-03

වෙසක් සහ පොසොන් පොහෝ දිනවල තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි මාධ්‍යවල වාර්තා පළවීම නිසා ඇතැම් පිරිස් බොහෝ සේ කලබල වී තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව මේ අනුවණ තීරණය ගෙන ඇත්තේ උමතුවෙන් බවය. ජාතක කතා හා බැඳුණු තොරණ ප්‍රදර්ශනය දහම් අධ්‍යාපනය දරුවන්ට බෙදා දුන් ක්‍රමයක් බවත් මේ තහනමෙන් ආණ්ඩුව කරන්නේ බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමක් බවත් හෙතෙම අවධාරණය කර තිබිණි.

සා. පෙළ දරුවනි!  

2018-04-02

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර ප්‍රතිඵල නිකුත් වුණේ සුවිශේෂී වාර්තාවක්ද සමඟිනි. ඉතිහාසයේ ප්‍රථම වරට දිවයිනේ ප්‍රථම ස්ථාන හයෙන් පහක්ම සිසුවියන් විසින් හිමිකර ගෙන ඇත. ඉහළම සාමාර්ථ ලබාගත් පහළොස් දෙනාගෙන් ‍ෙදාළොස්දෙනෙක්ම සිසුවියෝ වෙති.

පුංචි ආණ්ඩුවල පලහිලව්ව  

2018-04-01

ඉකුත් පෙබරවාරි 10 වැනිදා පැවැතියේ මෙරට ඉතිහාසයේ ලොකුම පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය ය. මෑතකදී පැවැති සාමකාමී හා නිදහස්ම මැතිවරණය ලෙසද එය සැලකිණි. ස්වාධීන මැතිවරණ කොමිසම යටතේ පැවැති පළමුවැනි මැතිවරණය වූ මේ පළාත් පාලන මැතිවරණයේදී දශක ගණනකට පසු අලුත් ඡන්ද ක්‍රමයක්ද හඳුන්වා දුන්නේය.

නාඳුනන තුවක්කුකරුවා  

2018-03-30

නාඳුනන තුවක්කුකාරයා ආයෙත් කරළියට පැමිණ සිටී. මෙවර ඔහු පැමිණ සිටින්නේ ගල්කටස් තුවක්කුවක් රැගෙන නොවේ. ඊ 56 වර්ගයේ ගිනි අවියක් සහ "බුව්‍රනිං" වර්ගයේ පිස්තෝලයක්ද රැගෙනය. මේ තුවක්කුකරුවා කුරුමානම් අල්ලන්නේ දූෂිත ජනපීඩක දේශපාලකයකුට ගිනි බිඳින්නට නොවේ. ඔහු වැනිම පාතාල නහරකාරයකු හෝ අහිංසක පුරවැසියකු අවසානයේ තුවක්කුකාරයාට බිලි වෙයි.

දරුවන්ගේ දෘෂ්ටි ආබාධය හා වැඩිහිටියන්ගේ දෘෂ්ටියේ බාධකය  

2018-03-29

ඕනෑම රටක් සමාජයක් පෙරට යෑමට නම් නිරවුල් දැක්මක් තිබිය යුතුය. එහෙත් එක තැන ලගින බොහෝ රටවල් දෘෂ්ටි උෟනතාවෙන් පෙළේ. මේ රෝගය ලංකාවට වැලඳී අවුරුදු 70ක් පමණ කාලයක් ගත වී ඇත. ගෙවුණු අතීතය දෙස ආපසු හැරී බැලීමේදී මේ රෝගය නිසා රටට සිදුව ඇති විනාශය සුළුපටු නැති බව පෙනේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon