නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

පරක්කු වූ ඥානය  

2018-04-22

අමාත්‍යාංශවල විෂයයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. එය ඉතා හොඳ ඥානවන්ත පියවරකි. මේ ඥානය පහළ විය යුතුව තිබුණේ 2015 අගෝස්තුවේ සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය පත් කරන අවස්ථාවේදීය.

කුණු කන්ද  

2018-04-20

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී වසරක් පිරුණේ ඉකුත් සතියේය. එහෙත් බලධාරීන් ලබාදුන් පොරොන්දු තවමත් ඉටුවී නැත. කුණු කන්ද කඩා වැටුණු පසු ප්‍රශ්නයට විසඳුම් දීමට බලධාරීන් තුළ පැවැති උනන්දුව පසුව දකින්නට නොතිබීම පුදුමයක් නොවේ. ඒ, මේ රටේ පාලකයන්ගේ පිළිවෙතය. පාලකයන්ගේ පමණක් නොව රටේ ජනතාවගේ හැටිය. විවේචනයේදී හා දෝෂාරෝපණයේදී පෙරමුණේ සිටියත් සැලැසුම් කිරීමේදී හා ක්‍රියාත්මක වීමේදී ඔවුහු පසුගාමී වෙති. කුණු ප්‍රශ්නය පමණක් නොව රටේ සියලු ප්‍රශ්න 'කුණු' වී ඇත්තේ ඒ නිසාය.

රටේ මන්දපෝෂණය  

2018-04-19

ඉතියෝපියාව කලක් හරිත පැහැයෙන් දිදුලන රටක්ව තිබිණි. එහෙත් ඊනියා සංවර්ධන උපාය මාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මන්ද පෝෂණයෙන් පෙළෙන ජනතාවක් සහිත දුගී රටක් බවට පත්වීමේ ඉරණමට ඉතියෝපියාව ගොදුරුවිය. සිංගප්පූරුව කලක් නොදියුණු කොලනියක් විය. එහෙත් නිවැරැදි සංවර්ධන උපාය මාර්ග නිසා සතුටින් සිටින මිනිසුන් වෙසෙන පොහොසත් රටක් බවට සිංගප්පූරුව පසුව පත්වූයේය. 1948 පෙබරවාරියේ නිදහස හිමිවනවිට දකුණු ආසියාවේ දියුණුවෙමින් පැවැති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබීය. එහෙත් අවුරුදු 70ක කාලයක ඇවෑමෙන් ලංකාවට දකුණු ආසියාවේ හිමිව ඇති තත්ත්වය කුමක්ද..?

මාර්ග අනතුරු අවම කරනු   

2018-04-18

සිංහල අලුත් අවුරුදු සමයේ ගෙවුණු දින පහක කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 49කින් පුද්ගලයන් 51 දෙනකු මරණයට පත්වූ බව පොලිස් රථ වාහන මූලස්ථානය වාර්තා කර තිබේ. වාර්තා වන අන්දමට බරපතළ තුවාල ලැබූවන් සංඛ්‍යාව 88 දෙනෙකු වන අතර සුළු තුවාල ලැබූවෝ 1021කි. මේ සඳහන් වන්නේ මාවතේ අවුරුදු ගෙවුණු සැටිය.

කවදා පායයි ද ඒ සූර්යයා  

2018-04-17

අලුත් අවුරුද්දෙන් පසු කවුරු කවුරුත් වැඩ අල්ලන්නට දනි පනි ගා නැඟිටින මොහොතක්ය. රට කරවන මැති ඇමැතිවරුද ඒ කෙරිල්ල බලාගෙන විපක්ෂයේ සිට කටයුතු කරන විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් බොහෝ දෙනකු ද රට සවාරි ගොහින්ය. සිංහල බෞද්ධකමට, දෙමළ හින්දුකමට පණ දෙනවා යැයි කෑ මොර දෙන්නවුන්ද ඒ අතරය. ඒ උතුමන්ලාගෙන් බොහෝ දෙනා මෙරට සැමරිය යුතු අවුරුද්ද සැමරුවේද රටින් පිටය. පිටරටය.කිසිවක් කරකියා ගන්නට බැරි වූ සාමාන්‍ය ජනතාව හන්දියේ උකස් බඩු කඩේ පෝලිමේ තැප අතකර රන් සොච්චමත් උකසට තියා දරු මුනුපුරන්ගේ සතුට වෙනුවෙන් අවුරුදු කෑමට පෙලැඹුණු අයුරු අමතක කළ නොහැකිය. සැබැවින්ම නොකර බැරිකමට චාරිත්‍ර ඉටු කරන පොදු මහජනතාව දැන් ඉතින් අවුරුද්දත් කාලා ඉවරය. හෙට ඉඳන් අපි ජීවත් වෙන්නේ කොහොමදැයි සිතන මොහොතකය.

බල අවුරුදු සටන  

2018-04-15

සිංහල - හින්දු අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 වැනිදා පූර්ව භාග 8.13ට යෙදී තිබේ. සිංහල අලුත් අවුරුද්ද දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙරට ජනයාගේ විසල් සංස්කෘතික මංගල්‍යය වූයේය. සිංහලයාගේ අලුත් අවුරුද්ද මේ වන විට ශ්‍රී ලාංකිකයාගේ අලුත් අවුරුද්ද බවට පත්ව තිබේ. එබැවින් ඉදිරි දින කිහිපය සිංහලයන්ට පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයනට සුවිශේෂී සැමරුම් දින වන්නේය.

නව වසරේ කිරි උතුරන්නට නම්...  

2018-04-13

හෙටට හිරු උදාවන්නේ අලුත් අවුරුද්දකටය. අලුත් අවුරුද්දක් යනු අලුත් නැවුම් බලාපොරොත්තු පොදියකි. ලැබූ අලුත් අවුරුද්ද සුබ වන්නේ ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි වුවහොත් පමණි. ඒ අර්ථයෙන් ගත් කල ගෙවුණු අවුරුදු රටට සුබ වූයේ නැත.

අපි මේ කොහෙද යන්නේ!  

2018-04-12

2017 වසර සඳහා මූඩිස් සමීක්‍ෂණ ආයතනය (ර්ධධඤරඵ ධ්දමඥඵබධපඵ ඉඥපමඪජඥ) නිකුත් කළ නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉතියෝපියාව හා උගන්ඩාව වැනි උෟන සංවර්ධිත රටවල ණය ප්‍රතිශතයද ඉක්මවා තිබෙන බවය. ලෝකයේ ණය බර අධික රටවල් 20 අතරට ලංකාවද ඇතුළත් වී ඇත. මේ වන විට මෙරට ණය බර දළ දේශීය ප්‍රතිශතයෙන් 80%ක් ඉක්මවා තිබේ. අංක එකේ සිටින ගී්‍රසිය ණය බර එරට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව 180%ක් පමණ වෙයි.

එජාපයේ නායක පුටුව  

2018-04-11

ලංකාවේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ කිසිවක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව බැලූ බැල්මට පෙනේ. පැරැණිම පක්ෂ තුන වන ලංකා සමසමාජ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරින් ලසසප ශ්‍රී ලනිපයේ නැට්ටක් වී විනාශ වී යෑම නිසා ඒ පක්ෂය ගැන කතා කිරීමේ තේරුමක් නැත. එහෙත් ශ්‍රී ලනිපය හා එජාපය ආරම්භයේ සිට ක්‍රියාත්මක වී ඇත්තේ පවුල් දෙක තුනක බූදලයක් විදිහටය. ඇතැම් දේශපාලන විචාරකයන් 'උව්ර්ථී' යන්න අර්ථ දැක්වූයේ උන්ගේ නෑයන්ගේ පක්ෂය ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දශක පහකටත් වැඩි කාලයක් නායකත්වය දැරුවේ බණ්ඩාරනායකවරුන්ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දශක තුනකටත් වැඩි කාලයක් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අනුර - මෛත්‍රිපාල පාර්ශ්වය, විජය - චන්ද්‍රිකා පාර්ශ්වය, අනුර - තිලක් පාර්ශ්වය ලෙස වරින් වර නායකත්වයට එරෙහිව කල්ලි නිර්මාණය විය. 80 දශකයේ මැද භාගයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂය ලෙස අලුත් පක්ෂයක් නිර්මාණය වූයේ ශ්‍රී ලනිපයේ ප්‍රබල පිරිසක් කැඩී යෑමෙනි.

ජලය රකුසෙක්ද ?   

2018-04-10

ලංකාව හතර වටේ මහ මුහුදය. රට ඇතුළේ ගංගා, ඇළ ‍ෙදාළ, වැව්, පොකුණු දහස් ගණනකි. ජලය අපේ ළඟම නෑයකු වුණත් කාලයක සිට ජලය අපේ සතුරකු බවට පත්වී ඇත්දැයි කුකුසක් ඇති වෙයි. ඒ තරමට ජලයේ ගිලී මරු තුරුලට යන සංඛ්‍යාව වැඩි වෙමින් පවතින නිසාය. දියට පැන දිවි නසා ගැනීමටත් වඩා හදිසි අනතුරු නිසා දියේ ගිලී මිය යන සංඛ්‍යාව ඉහළ යෑම ඛේදවාචකයක් බවට පත්වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon