නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - රටහදන තැන

චැනල් කරන වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන්, නීතිඥවරුන් කෝටි ගණනින් උපයන මුදලටත් බදු අය විය යුතුයි   

2017-09-08

"වයස අවුරුදු දහ අටේ සිට ඉහළට සෑම අයකු සඳහාම මේ පනත යටතේ බදු ලිපිගොනුවක් ඇති කෙරෙන බවත් බදු ගෙවීම් සඳහා ආදායම නැති අයට (ආදායමක් නැත) යනුවෙන් සඳහන් කළ හැකි බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර දේශීය ආදායම් පනත ඉදිරිපත් කරමින් පැවැසීය.
"රටේ ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍යව ඇති මොහොතක මේ බදු සංශෝධන ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්.

‘ආණ්ඩුවේ සංශෝධනවලින් පනතේ අරමුණ සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා’   

2017-08-25

"ඡන්දය තියන්න සූදානම් බව මැතිවරණ කොමිසම කියනවා. මැතිවරණ කොමිසම හදාපු පනතට සංශෝධන පනහක් ඉදිරිපත් කර තියෙනවා. ජ.වි.පෙ. නායකයා ඒකට එකඟ වුණා. මොකද ඒ ගොල්ලො ඒවා දන්න නිසා. ජ.වි.පෙ. මේවා නොදන්නවා නොවේ. සංශෝධන පනහම ඒ ගොල්ලො දන්නවා. නමුත් මන්ත්‍රිවරුන්ට සංශෝධන ලැබුණෙ අද. මේ සංශෝධනවලට නීතිපති අනුමැතිය ලැබුණාද..?

නියං ආධාර කියා දෙන්නේ බලු, කපුටු දානයක් ද කහ 100යි, තුනපහ 100යි, ගම්මිරිස් 100යි, බේත් පෙති 2යි  

2017-08-24

නියඟයෙන් පීඩා විඳින ගොවියාට වියළි සහනාධාර මල්ලක් කියා මේ දෙන්නේ බලු කපුටු දානයක් දැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළේය.
නියඟය හේතුකොටගෙන සමහර පළාත්වල කන්න දෙකක් තුනක් වගා කර නැහැ. විවිධ ප්‍රදේශවල මෙය විවිධ ආකාරයෙන් පැතිරිලා තියෙන්නේ. වගා කළත් වගා විනාශ වූ ගොවීන්ද සිටිනවා. සමහර ප්‍රදේශවල විධිමත් වාරිමාර්ග රටාවකට වතුර නොලැබෙන හේන් ගොවීන් පිරිසක් ද සිටිනවා.

ගොඩගම _ හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 35%ක වැඩ අවසන්  

2017-08-23

"දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට හම්බන්තොට දක්වා කි.මී. 96කින් දීර්ඝ කෙරෙන අධිවේගී මාර්ගයේ සියයට 35ක වැඩ කටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි" උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සමෘද්ධි සහනාධාර කැපීම නවත්වන ලෙස දිනේෂ් සහ අජිත් ආණ්ඩුවට බල කරති  

2017-08-11

සමෘද්ධි සහනාධාර ලබාදීම කප්පාදු කිරීම වහාම අත්හිටුවන ලෙස ඉල්ලා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කළුපටි පැලඳගෙන පාර්ලිමේන්තුව තුළ විවිධ පාඨ සඳහන් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම නිසා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැද කතානායක කරු ජයසූරිය සභාවේ කටයුතු අත්හිටුවනු ලැබීය.

හම්බන්තොට වරාය ගිවිසුම ගැන විවාදයට අපි සූදානම්  

2017-08-10

"හම්බන්තොට වරාය සඳහා අස්සන් කළ සහන ගිවිසුම සම්බන්ධව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට සූදානම්" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (9දා) පැවැසීය.

අමාත්‍යාංශවල සැලැසුම් සංවර්ධන ඉලක්කවලට අනුකූල නෑ  

2017-08-09

අමාත්‍යාංශවල කිසිදු සැලැස්මක් හෝ ඒවායේ ප්‍රතිපත්ති හෝ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ අනුකූල නොවනු දක්නට ඇතැයි තිරසර සංවර්ධන සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ 40 වසරක අඛණ්ඩ නියෝජනයට අගමැති රනිල්ට සුබ පැතුම්  

2017-08-07

අගමැති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන දිවියේ හතළිස් වසරක අඛණ්ඩ පාර්ලිමේන්තු සේවය අගෝස්තු 4 වැනිදා සපිරීම නිමිත්තෙන් සුබ පැතීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආගමික පුණේ‍යා්ත්සවයකින් ඇරැඹිණි.

වරායේ තෙල් ටැංකි 99 අවුරුදු බද්දට විකුණන්න හදනවා 99ක් යද්දි තෙල්වලින් නැව් දුවයිද?  

2017-07-28

මේ අන්දමට මැර ප්‍රහාර එල්ල කරන්න ගියොත් ජනතාවත් ඒ සඳහා සූදානම් කරවන බව සහතික යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, අනුර කුමාර දිසානායක පැවැසීය.
තමුන්නාන්සේලා කටයුතු කරන්නේ රටේ තියෙන වැදගත් වරායක් අනූනව අවුරුද්දේ බද්දට විකුණන්නයි. අනූනව අවුරද්ද යන කොට තෙල්වලින් නැව් දුවයිද දන්නේ නෑ.
හම්බන්තොට වරාය අපේ රටට වඩාත් වැදගත් වන්නේ නැව්වලට තෙල් සැපයීමෙන් ආර්ථික වශයෙන් වැදගත්ම අංශය තමයි නැව් තෙල් අංශය. වරාය අධිකාරිය 2014 නැව් තෙල් අලෙවිය ආරම්භ කර මාස 8ක් ඇතුළත මිලියන 4000ක් ලාබ ලැබුවා.

ඛනිජ තෙල් බෙදාහැරීම යථා තත්ත්වයට පත් කරනවා   

2017-07-27

අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ඉහළට ඔසවා තබා අධිකරණයට හා නීතියට ගරු කරනවා. ඒවා විනාශ කරමින් රට අස්ථාවර කරන බලවේගවලට යටවෙන්නෙත් ඒ බලවේගවලට හිස නමන්නේත් නැහැ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිවේදනයක් වශයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා එසේ පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon