නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - රටහදන තැන

ඇමැති සංඛ්‍යාව පනහේ සිට තිහට අඩු විය යුතුයි  

2018-02-20

ආණ්ඩුව සමඟ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු ඉවත්වූ බවට සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා කළ නිවේදනයක් ඉංගී්‍රසි පුවත්පතක පළවී ඇති බවත්, ඒ අනුව දැන් ජාතික ආණ්ඩුවක් නැති බැවින් ඇමැති සංඛ්‍යාව පනහේ සිට තිහට අඩුවිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අලුත් ගිවිසුමක් තිබෙනවාද?  

2018-01-25

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අලුත් ගිවිසුමක් ඉදිරිපත් කර තිබෙනවා දැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කතානායක කරු ජයසූරිය වෙත ප්‍රශ්නයක් යොමු කළේය.

රට හදන තැන  

2018-01-24

සේවක අර්ථසාධක
අරමුදලින් කෝටි 850ක් වංචාකරුවන් විසින්
රැස් කිරීම වයිට්
කොලර් රොබරියක්

පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇති කිරීම අනවශ්‍යයි  

2018-01-11

"පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇති කිරීම අනවශ්‍ය බව මගේ හැඟීමයි. බැඳුම්කර කොමිසමේ වාර්තා හා බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තා ලබන සතියේ ලබා දෙන බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දුන්නා" යැයි කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේය.

ගල උඩ සටනක ඇරඹුම...  

2017-12-24

මහ නගර සභා 24ක, නගර සභා 41ක, ප්‍රාදේශීය සභා 276ක පුංචි ඡන්දය පෙබරවාරි 10 වැනිදා සෙනසුරාදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කරලා අවසන්ය. පුංචි ඡන්දයක්ය කීවාට මෙය පුංචි වන්නේ නැත්තේ එය ඒ තරමටම දේශපාලන විපර්යාස ඇති කිරීමට සමත් සිදුවීම් රැසකින් යුක්ත වීම නිසාය. ඇතැම් සිදුවීම් හිටිගමන් මතු වන්නටත් අළු යට ගිනි මෙන් තිබෙන ඇතැම් සිදුවීම් කොයි ලෙසකින් පුපුරාවිදැයි කියන්නටත් බැරි තරමට අවිනිශ්චිතතාවන්ද ඇත.

විභාගයට පෙනී සිටින දරුවන් ගැන සිතා දුම්රිය සමිති කටයුතු කළ යුතුයි  

2017-12-12

ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා අය-වැය පනත සංශෝධනය කිරීමට සිදුවෙනවා යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පැවැසීය.
පසුගිය කාල සීමාවේ කාලගුණය අයහපත් වුණා. නියඟය හා ගංවතුරෙන් කෘෂිකර්මයට බලපෑම් ඇතිවුණා. අපට වැඩි වියදම් දරන්න සිදුවුණා. ණය සේවා මට්ටම ඉහළ මට්ටමක තිබුණා. ආර්ථිකයට වගේම අනෙක් ක්ෂේත්‍රවලටත් මෙය දැඩි සේ බලපෑවා. ආනයනික භාණ්ඩ ප්‍රමාණය හා වියදම වැඩිවුණා. පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩු වුණා. මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථාවර වීම එයට හේතු වුණා. නමුත් පළමු මාස තුනේද හොඳ මූල්‍ය ස්ථාවරයක් ඇතිවුණා. මූල්‍ය අරමුදල අපට ණය දුන්නා.
අපේ බදු සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් දක්වා ක්‍රියාත්මක නොකළ නිසා මුදල් ලැබෙන එකක් නැහැ.

සියලුම රජයේ සේවකයන්ට අවුරුදු 70 දක්වා අග්‍රහාර රක්ෂණය දෙනවා  

2017-12-08

'රජයේ නිලධාරියකුට කිසියම් අසාධාරණයක් වුවහොත් අපි ඒ ගැන සොයා බලනවා. කවුරු වුණත් වැරැද්දක් කරල තියෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයට පෙනී හිටින්න ඕන. රජයේ සේවකයන් අස්ථාන බියට පත්කරන්න එපා' යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පැවැසීය. අපි ආණ්ඩුව භාරගන්න කොට ගණකාධිකාරිවරුන් 500කට වැඩි පුරප්පාඩු තිබුණා. අපි ඒ පුරප්පාඩු පුරවාගෙන යනවා. 'භාෂා පරිවර්තකයන්ගේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. මේකට හේතුවක් වුණේ වැටුප් අඩුවීමයි. මේ අයට ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් දැමුවා. මේ අයට උසස්වීම් ලබාදීමට කටයුතු කරනවා.'

බස් හා ලොරි සඳහා භූමිතෙල් ලබාදෙන පිරවුම්හල් තහනම් කරනවා   

2017-12-06

බස් හා ලොරි සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් ලබාදෙන ඉන්ධන පිරවුම්හල් තහනම් කිරීමට නීති පනවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග පැවැසීය.
"බස් හා ලොරිවලට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගන්නවා. ඒ නිසා බස් හා ලොරිවලට භූමිතෙල් නොදෙන ලෙස ඉන්ධන හල්වලට දැනුම්දී තිබෙනවා. මෙවැනි දේ කරන ඉන්ධන හල් තහනම් කිරීමට හා වසා දැමීම සඳහා දැඩි නීති පනවනවා."

කොලොන්නාව, කඩුවෙල ගංවතුරෙන් විපතට පත් පවුල් 40,000කට තවමත් වන්දි ගෙවා නෑ   

2017-12-01

"කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව සහ කඩුවෙල ප්‍රදේශවල ගංවතුරෙන් විපතට පත් පවුල් හතළිස් දහසකට අධික පිරිසකට වන්දි ගෙවලා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

මේ ආණ්ඩුවට මොනව කිව්වත් වැඩක් නෑ: දූෂිතයන් රකිනවා   

2017-11-30

"රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට මේ ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. තමුන්නාන්සේලා අසාර්ථකයි. දේශපාලන පක්ෂ වශයෙන් නෙවි, ආණ්ඩුව අපොහොසත් වෙලා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි බිමල් රත්නායක පැවසීය. "යම්කිසි රාජ්‍ය ආයතනයක් 1994ට පෙර හැදුවනම්, ඒවා හැදුවෙ යම්කිසි විද්‍යාත්මක පදනමකින්. එන්.එල්.ඩී.බී. ආයතනය හැදුවෙ විද්‍යාත්මක පදනමකින්. අද ඒක විකුණන්නෙ බිත්තරයි, කිරියි, කුකුළනුයි. දැන් ආයතන හදන්නේ හොරකම් කරන්නයි"

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon