නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

කුණු ප්‍රශ්නය කුණු වී තිබේ  

2017-06-21

'කුණු' කිව්වොත් එකවර සිහියට නැඟෙන්නේ කොළඹය. ඒ, කුණු කඳු ඇත්තේ කොළඹ නිසාය. එහෙත් 'කුණු', සීතල නුවරඑළියට ද ප්‍රශ්නයක් වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 'කුණු' ඉවත් කිරීම සම්බන්ධව ස්ථිර විසඳුමක් ලබාදීමට රජයේ නිලධාරීන් අපොහොසත් වීම නිසා දිස්ත්‍රික් සම්බන්ධිකාරක කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොණ්ඩමාන් ජනාධිපතිවරයාට දන්වා යැව්වේ ඉකුත් 19 වැනිදාය. කොළඹට, නුවරඑළියට පමණක් නොව 'කුණු' රටටම බලපා ඇති දැවෙන ප්‍රශ්නයකි. කුණු  ප්‍රශ්නයට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මැදිහත්වීමට සිදුවූයේ කුණු ප්‍රශ්නය එපමණටම 'කුණු' වී ඇති නිසාය.

නයිටිංගේල්ලාට අලුත් ඇඳුම්  

2017-06-20

හෙද සේවය දෙවැනි වන්නේ වෛද්‍ය සේවයට පමණය. ගහට පොත්ත මෙන් වෛද්‍යවරුන්ට හෙද සේවය නැතුවම බැරිය. එහෙත් ලංකාවේ නම් වෛද්‍ය සංගම් හා හෙද සංගම් අතර එතරම් ඇයි හොඳයියක් නැත. කුමන ප්‍රශ්න තිබුණත් මෙරට හෙද සේවය ඉතා ඉහළ මට්ටමක ඇත. විදේශ රටවලින් ලංකාවේ හෙද හෙදියන්ට ඉල්ලුමක් ඇත්තේ ඔවුන්ගේ ප්‍රශස්ත සේවාව නිසාය. ඊට බලපා ඇත්තේ ලබාදෙන සුවිශේෂී හෙද පුහුණුවය.

‘ඩෙංගු’ සමඟ එක්සත්ව එක්සිත්ව සටන් වදිමු !  

2017-06-19

ඉකුත් 16 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමුණේ සිසු සිසුවියන් දහසකට අධික පිරිසකට උණ හා පාචනය වැලඳීම නිසාය. නේවාසිකාගාරවල සිටින සිසු සිසුවියන් අතර පැතිර යන මේ උණ රෝගය ඩෙංගු උණ රෝගයදැයි සැක පළ වී ඇත. රෝහල් ආරංචි මාර්ග ස¼දහන් කරන්නේ ඩෙංගු උණ වැලඳුණු රෝගීන් අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ද සිටින බවය.

මැයි විපත හා ජනතා වගකීම   

2017-06-18

ඉකුත් මැයි මාසයේ මැද භාගයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇදවැටුණු අධික වැසි හේතුවෙන් සිදුවූ නාය යෑම් හා ජල ගැලීම්වලට ගොදුරුව දහස් සංඛ්‍යාත ජනතාවක් විපතට පත් වූහ. සිදු වූ දේපළ හානියට වඩා සිදු වූ ජීවිත හානිය මෙවර ඉහළ ගොස් තිබුණේය.

ජාති-ආගම් භේද අවුළුවන්න එපා !  

2017-06-16

ජාතිවාදය නිසා තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් මේ රටේ ජීවත්වන දෙකෝටිය ඉක්ම වූ සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රමුඛ සියලු ජාතීන් හා ජනවර්ග යළිත් එවැනි තිරශ්චීන යුද්ධයක් තුන්හිතකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැත.
එහෙත් ජනතාව අතරම සිටින සුළු පිරිසකට යළි ජනඝාතක යුද්ධයක් අවශ්‍ය වී ඇති බව පෙනේ. අළු යට සැඟවුණු ගිනි පුපුරුවලට ඔවුන් ජාතිවාදී, ආගම්වාදී සුළං පිඹිමින් සිටින්නේ ඒ නිසාය.

උතුරට හැරෙන් !  

2017-06-15

උතුරු පළාත් සභාව ගන්නා තීන්දු වරෙක මතභේදයට තුඩු දෙයි. ඇතැම් තීන්දු ආන්දෝලනාත්මකය. මෙවර මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ගෙන ඇති තීන්දුව අගය කළ යුත්තකි. උතුරු පළාත් සභාවේ ඇමැතිවරුන් සිවු දෙනාටම "දූෂණ" චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් මහ ඇමැතිවරයා අදාළ කමිටු වාර්තාව නිකුත් වීමෙන් පසුව පළාත් සභාවේ ඒ පිළිබඳ දිනක විවාදයක් පවත්වනු ලැබීය.

සෙල්ෆිද? ජීවිතයද?  

2017-06-14

අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය යුවළක් දුම්රියේ හැපී සැමියා මියගොස් බිරිය බරපතළ තුවාල ලැබූ පුවතක් වාර්තා වූයේ, කොල්ලුපිටියේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු දුම්රියක ගැටී මරුමුවට පත්වී දෙදිනකට පසුවය. මෑතකදි තරුණ වෛද්‍යවරයකු බුලත්සිංහල ප්‍රදේශයේ දිය ඇල්ලකින් පහළට ඇඳ වැටී මරණයට පත්වීමේ සිද්ධියටද 'සෙල්ෆි' සම්බන්ධ බව කියවිණි. දුම්රියේ පාපුවරුවේ සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය විදේශීය කාන්තාවක්ද දුම්රියෙන් ඇද වැටී අවාසනාවන්ත ලෙස මරණයට පත්වූයේ මීට මාස කිහිපයකට පෙරය.

දරුවන්ගේ ආරක්ෂාව සහතික කරනු  

2017-06-13

රටක් සමාජයක් යහපත් ශිෂ්ටසම්පන්න සමාජයක්ද යන්න මැන බලන්නට තිබෙන හොඳම මිනුම් දණ්ඩ වන්නේ එම සමාජය දරුවන් ආරක්ෂා කරනවාද, දරුවන්ට හොඳින් සලකනවාද නැද්ද යන්න සොයා මැන බැලීම වන්නේය. මෑතක සිට අපට ඇහෙන්නට දකින්නට තිබෙන සිදුවීම් වලින් ගම්‍ය වන්නේ ලාංකේය සමාජය දරුවන්ට නොසලකන, දරුවන් අනතුරේ හෙළන අවිචාරවත් යුගයක් පසුකරමින් සිටින බවය. ජාතියේ ජීවනාලිය ලෙස සැලකෙන දරුවන් වර්තමානයේ කොපමණ අවදානමකට ලක්වී තිබේද යන්නට උදාහරණ දිනපතා අසන්නට ලැබේ.

ඇමැති මාරුව  

2017-06-12

1948දී රාජ්‍ය පාලන බලය ඉංගී්‍රසීන්ගෙන් ස්වදේශිකයන් අතට පත්වීමෙන් පසු මහජන ඡන්දයෙන් පිහිටුවා ගත් ආණ්ඩුවල කැබිනට් මණ්ඩලය අතේ ඇඟිලි ගණනට මඳක් වැඩි වුවද ඒ කිසිවක් 'මෙගා' කැබිනට් වූයේ නැත. කැබිනට් මණ්ඩලය තරවීම ඇරැඹුණේ 1977න් පසු ආර්ථිකය විවෘත කිරීමත්, විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමත් සමඟය.

භාණ්ඩාගාරයේත් මීයෝද?  

2017-06-11

මුදල් ඇමැති ධුරයේ වෙනසක් සිදු වෙද්දී බරපතළ චෝදනාවක් මුදල් අමාත්‍යාංශයට එල්ල වී තිබේ. නොබෝදා රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව මුදල් අමාත්‍යාංශයට අදාළ මූල්‍ය වාර්තා පිළිගත නොහැකිය. මුදල් අමාත්‍යාංශය යනු රටේ මහා භාණ්ඩාගාරයයි. රාජ්‍ය භාණ්ඩාගාරයේ ආදායම් - වියදම් අතර ප්‍රශ්නයක් මතුවීම බරපතළ කාරණයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon