නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

සෙල් ෆෝන් එකක් වගේ අති නවීන ලොව සුපිරිම ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් වැසිකිළි පද්ධතිය මෙන්න  

2018-02-11

"ස්මාර්ට්" දුරකතන ඇතුළු බොහෝ නවීන උපකරණ අද මිනිසාගේ එදිනෙදා ජීවිතය සෑහෙන පරිවර්තනයකට ලක් කිරීමට සමත්ව තිබෙනවා. මේ ස්මාට් උපකරණ අතරට අලුතින්ම එකතු වන උපකරණය වන්නේ ස්මාර්ට් වැසිකිළි පද්ධතියක්.

හුළු අතු පත්තු කරන් කොයිබද ගියේ ගමන් මනමාලියේ සවන් යොමුකර බලන් නුවන්  

2018-02-11

පුංචි බණ්ඩාරාල යනු එක්තරා ගම්බද ප්‍රදේශයක වෙල් විදානේ කෙනෙකි. ඔහු ඉතාමත් ගුණගරුක, නිහතමානී නීතියට අනුව කටයුතු කළ තැනැත්තෙකි. 1930 ගණන්වල උපත ලද අයෙකි. මෙකල විවාහය සිදුවූයේ ගමේම අය සමඟයි. නමුත් පුංචි බණ්ඩාරාළ උඩරට පළාතේ කාන්තාවක් සරණපාවාගෙන ගමට පැමිණියේය. එම ක්‍රියාව පැවැති සම්ප්‍රදාය කඩ කළ වූවක් වුවද ඔහුගේ යහපත්කම නිසාවෙන් හා ඇය කුලවත් කාන්තාවක් වූ බැවින් එයට කිසිවෙක් හෝ විරුද්ධ නොවූහ.

සියල්ල නැති භංග වූ ව්‍යාපාරිකයාට කාලි මෑණියන් පිහිට වූ හැටි  

2018-02-11

කාලි මෑණියන් කෙරෙහි අසීමිතව විශ්වාසය තබන අයට ඇයගේ ආශීර්වාදය, කරුණාව, පිහිට ලැබෙන බව මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසයි. එලෙස පිහිට පතා භාරහාර වන බැතිමතුන් තම අපේක්ෂා හරිගිය විට තමන් බාර වූ දෙයටත් වඩා වැඩියෙන් මෑණියන්ට පුද පඬුරු ලබාදෙන අවස්ථා එමට බව මහේන්ද්‍රසාමි කියයි.

දැන හෝ නොදැන භාවිත කරන අපේ වාසගම්වල පැටිකිරිය මෙන්න  

2018-02-11

වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසි හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ උෟරුවට, හැඩයට යළි සකසා ඇති බවද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්, පාරිස්, ගෝමස්, වාස්, ෆොන්සේකා, අල්විස් අල්මේදා, කබ්රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්රිගු, රුබේරු සහ පැස්කුවල් මෙබඳු ලාංකික - පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

සමස්ත ලංකා ගීත රචනා තරගය 2018  

2018-02-11

1 වැනි ත්‍යාගය - රු. 25,000
2 වැනි ත්‍යාගය - රු. 15,000
3 වැනි ත්‍යාගය - රු. 10,000
කුසලතා සහතික 10

සූක්ෂ්ම ශරීරය පිළිබඳ රහස් මෙන්න  

2018-02-04

මා මෙහිදී පාරමානසික විද්‍යාව යන නම භාවිත කරන්නේ ඉංගී්‍රසියෙන් "ර්ථීචපචනඵරජඩධතධඨර" හා "ර්ථීඵරජඩඪජචත අඥඵඥචපජඩ" යන නම්වලින් හැඳින්වෙන ගවේෂණයන් සඳහාය. මේ නම්වලින් හැඳින්වෙන ගවේෂණයන්ට පාත්‍ර වී ඇති ප්‍රශ්න සමහරක් මෙසේය. මිනිසකුට තවත් පුද්ගලයකුගේ වචන නොඅසා, හැසිරීම දෙස නොබලා කෙළින්ම සිත දැන ගැනීමේ ශක්තියක් තිබේද..? මරණින් පසු මිනිසාට කුමක් සිදුවේද..? පුනර්ජන්ම වාදය සත්‍යද..? එය සත්‍ය නම් පූර්වේනිවාසානුස්මෘතියක් තිබේද..?

සුපිරි කුලුනු  

2018-02-04

ගන මීදුම පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් චීනය ලෝකයේ විශාලතම වායු පවිත්‍රකාරක ස්තම්භය ඉදිකර ඇතැයි වාර්තා වෙයි. වර්ග කිලෝමීටර් දහයක (ව.සැ. 3.86) පරාසයේ වායුගෝලීය තත්ත්වය වැඩිදියුණු කිරීමට, උසින් මීටර් 100ක (අඩි 328) වන මෙම වටකුරු ටැඹට පුළුවන්කම තිබේ දැයි "සවුත් චයිනා මෝනිං පෝස්ට්" පුවත්පත වාර්තා කළේය. ගන මීදුම සමඟ විසිර යන මානව සෞඛ්‍යයට අහිතකර සියුම් විස අංශු සියයට 15කින් අඩු කිරීමට මෙම ස්තම්භයේ පවිත්‍රකාරක පද්ධතියට ශක්තිය තිබේ යැයි "චීන විද්‍යා අධ්‍යයන පර්ෂදයේ" පෘථිවි පරිසර ආයතනය ප්‍රකාශ කරයි.

හත්ථිකුච්ඡි විහාරයේ යටගිය කතාව මෙන්න   

2018-02-04

රාජාංගණේ හත්ථිකුච්ඡි විහාරය හෙවත් ඇත්කුස් වෙහෙර ලංකාවට බුද්ධාගම ගෙන ආ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දේවානම්පියතිස්ස රාජ යුගයේ සිටම පැවැත එන පුදබිමකි.

කෝදෙය්‍ය සිටු හිටිගමන් ගැහැනියක වුණු හැටි   

2018-02-04

අතීතයේ දඹදිව බරණැස් නුවර සිටි කෝදෙය්‍ය සිටු එදා දඹදිව විසූ ඉමහත් ධනයක් තිබූ විශාල සිටු මැඳුරක පදිංචිව සිටි කුලීන ධනවත් ප්‍රභූවරයකු විය. පරම්පරාවෙන්, දේපළවලින්, වෙළෙ¼දාමෙන්, තනතුරු ලැබීමෙන් එදා සිටුවරු තම ධනය තව තවත් වැඩි කර ගත්හ. කෝදෙය්‍ය සිටු ඔහු මෙන්ම ධනවත් ප්‍රභූ සිටු පවුලක රූමත් සිටු දියණියක් විවාහ කර ගෙන පී්‍රතිමත් දිවියක් ගත කළේය. මෙම සිටුවරයාට දාව සිටු කුමරිය ඉතා පින්වත් රූමත් දරු දෙදෙනකු ලැබුවාය. සිටු පවුල ඉතා සතුටින් තම ජීවිත ගත කළේ පෙර පින නිසාය.

ගිරිහඬු සෑය   

2018-02-04

ගිරිහඬු වෙහෙර ද නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටි පැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි. කඳු ගැටයක් මත පිහිටා ඇති මෙම දාගැබ ගිරිහඬු සෑය නමින් ප්‍රකටය. මෙම ස්ථානයෙහි නටබුන් රැසක්ම හමුවී ඇති අතර එයින් ප්‍රකාශ වන්නේ බෞද්ධ උරුමයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon