නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

‍ෙදාඩම්පේ මුදලාලි 4 තට්ටුවෙන් බිමට දැමූ පොලිස් ලොක්කාට පිස්සු හැදෙයි  

2018-07-01

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළේ යැයි චෝදනා නඟමින් 1965 බලයට පත් ආණ්ඩුව හමුදා නිලධාරීන් ඇතුළුව සාමාන්‍ය පුරවැසියන් 26 දෙනකු අත්අඩංගුවට ගත්තේය. මූලික සාක්කි විභාගයකින් පසු 6 දෙනෙක් නිදහස් කෙරුණු අතර තවත් 20 දෙනකුට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු පැවැරිණි.

සෝමාරාම හිමි පෝරකයට ගිය දා සිට කෙනෙහිලිකම්වලට ලක් වන තල්දුවේ සෝමාරාමය  

2018-07-01

අවිස්සාවේල්ල තල්දුවේ සෝමාරාම විහාරස්ථානයේ නිර්මාතෘ වූයේ අගමැති බණ්ඩාරනායක ඝාතනයට වරදකරු වී පෝරකයට ගිය තල්දුවේ සෝමාරාම හිමියන්ය. 1962 උන්වහන්සේගේ අභාවයෙන් පසු වර්තමානය දක්වාම මෙම විහාරස්ථානයට සිදුවන අතවර ගැහැටවල නිමක් නැත. තල්දුව සෝමාරාම විහාරස්ථානයේ අතීතය හා වර්තමානය පිළිබඳ ශෝකජනක කතාව මෙසේය.

වේසා ගෑනුන්ගේ රෙදි ගලවන තාලයට සිවුරු ගලවන්න බෑ   

2018-07-01

පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන් බෞද්ධ ශාසන ඉතිහාසයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද අපූරු චරිතයකි. අප දුටු එම චරිතය එම ක්ෂේත්‍රයේ පළමු හා අවසන් චරිතයද විය හැකි තරමේ විරල චරිතයකි.

කොටි තරුණියකගේ පාපෝච්චාරණය අංක-62 මෙතෙක් කතාව  

2018-07-01

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජන දිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියෝ ලෙස කොටි සංවිධානයට එක්වෙති. ඉන්දු-ලංකා සාම ගිවිසුම ක්‍රියාත්මක වෙයි. ඉන්දීය හමුදා පැමිණෙති. ඉන්දීය හමුදාවට රටින් බැහැර වන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නියැළුණු දිලීපන් මිය යයි. සාම ගිවිසුම බිඳ වැටේ. කොටි නැවතත් ආයුධ අතට ගනිති. කොටි ඉන්දීය හමුදාව සමඟ යුද වදිති. නිරෝමිගේ කණ්ඩායමේ මුරලි, අජන්ති, නිහින්තා සටනකදී මරණයට පත්වෙති.

“මේ වෙලාවෙ පෙම් කරන එක හරි නෑ ඒත් මරල දාන්න තරම් වැරැද්දක්ද?”   

2018-07-01

"හෙට එයාගෙ මළ කඳ ලාම්පු කණුවක ගැටගහල තියනවලු, නරකට හැසිරුණාම දඬුවම මේකයි කියලා දැන්වීමකුත් එක්ක. එතකොට මිනිස්සු සංවිධානෙ විනය ඉහළින් අගේ කරනවලු."

සෝමාලියානු කප්පම්කරුවන්ගෙන් මානුෂික මෙහෙයුම් නිලධාරිනිය ගලවාගත් ‘නේවි සීල්ස්’ මෙහෙයුම  

2018-07-01

'මානුෂික මෙහෙයුම් ක්‍රියාකාරිනියක වශයෙන් මගේ වගකීම වුණේ සෝමාලියාවේ බිම් බෝම්බ ගැන ප්‍රජාව දැනුවත් කිරීමයි. එක දරුවෙක් හරි අනාරක්ෂිත බිම් බෝම්බ අතපත ගා අනතුරට පත්වීම මට වළක්වා ගත හැකි නම් මම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලොකු මෙහෙවරක් ලෙස මම සිතුවා. ඉතින් මම පුහුණුවෙන් පසු ඩෙන්මාර්ක් සරණාගත කවුන්සිලය සමඟ එක් වී ඒ සඳහා යුද ගිනි ඇවිළෙමින් තිබූ සෝමාලියාවට පිටත් වුණා.'

උපැවිදි වූ ශ්‍රී නිශ්ශංකට බි්‍රතාන්‍ය ආණ්ඩුව රාජනීතිඥ පදවිය පිරිනමයි  

2018-06-24

බුරුමයේ පැවිදි ජීවිතයක් ගත කළ කවිධජ හිමි (එච්.ශ්‍රී නිශ්ශංක) උපසම්පදාවද ලබා ගත්හ. ඉරවඩි ගංගාව අසබඩ වන සෙනසුනක භාවනානුයෝගීව වැඩ සිටි උන්වහන්සේ සිය පියාණන් රෝගාතුර වූ විට නැවත ලංකාවට පැමිණ උපැවිදි වූයේ පවුලේ වගකීම හිස මත පැවරුණු බැවිනි. පියාගේ අභාවයෙන් ගිලිහුණු ස්වකීය පවුලේ මූලිකත්වය ගන්නට ශ්‍රී නිශ්ශංකයන්ට නිතැතින්ම සිදු විය. ඔහු පැවිදි වූයේ කොළඹ නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගද සමත් වීමෙන් පසුවය. නිශ්ශංක තීරණය කළේ වැඩිදුරටත් නීතිය ඉගෙන ගන්නටය.

රාජ්‍ය නායකයාගේ උර මත නැඟ යා හැක්කේ කාටද?  

2018-06-24

මේ ඡායාරූපයේ සිටින්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ය. උතුරු කොරියාව ලෝකයේ යුද ශක්තියෙන් සිවුවැනි තන්හි ලා සැලකෙන රාජ්‍යය වන්නේය. කිම් ජොන් අන් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එරට හමුදාවේ ප්‍රධාන සෙන්පතියෝය. උතුරු කොරියාව ලෝක බලවතුන් අතරට ඔසවා තබන ප්‍රබලයෝ මොවුහු වෙති.

66 කුමන්ත්‍රණය හේන්පිටගෙදර හාමුදුරුවෝ 4 වැනි තට්ටුවට  

2018-06-24

1966 පෙබරවාරි මාසයේදී අගමැති ඩඩ්ලි සේනානායක මහතා සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටියේය. අගමැති තනතුරේ වැඩ බලමින් සිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. පෙබරවාරි 16 වැනිදා වන විට මෙරට දේශපාලනඥයන් හා රටවැසියන් අතර විදුලි වේගයෙන් කතාබහක් පැතිර ගියේය. ඒ පවතින ආණ්ඩුව පෙරළා දමා හමුදා ආණ්ඩුවක් පිහිටුවන කුමන්ත්‍රණයක් පිළිබඳ කතාබහකි.

දුර්වල වම සහ ශක්තිමත් දකුණ අතර සිරවූ බණ්ඩාරනායක  

2018-06-24

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුරුණෑගල සම්මේලනය පැවැත්වුණේ 1959 මැයි 16 වැනිදාය. එනම් සමුපකාර බැංකු පනත පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂය රැස්වීමට සතියකට කලිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon