නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - විකෘති

කබාලි 2  
👤3687

2016-08-03

 

ගැටඹේ සිට කොළඹ දක්වා පෞද්ගලික අංශයේ ආයතන වසා දැමුණේ සේවකයන් හදිසි ලෙඩවීම්, ෆෝන් ඕෆ් කරගැනීමේ සිට ආච්චිලා සෙට්ට පෝච්චි වීම් දක්වා අනේකවිධ හේතු පවසමින් කොහොමත් නිවාඩු දමා විශ්‍රාමික ජනාධිපති මහින්ද ලොක්කගේ පාද යාත්‍රාවට යෑම ඉර හඳ පායනවා වගේ ඒකාන්ත වූවක් බැවිනි. 

 

කවුද අෑව භාරගන්නේ අන්තිමේ  
👤4858

2016-07-27

 

වාර්ෂික ප්‍රගති වාර්තා අතට ලැබී නරක් වුණු ලූනු බික් වගේ මූණු හදාගත්තු ඒකාබද්දෙ සැට් එක තැන් තැන්වල විරුවපට්ටම් ගහගෙන ඉද්දි මහින්ද ලොක්කා පන්තියේ එක වුණා වගේ මාරම සැටිස් එකකින් හිටියේය. 162 වගේ රෑන්ක් එකකට ඇවිත් ඔය විදියට හිනා වෙවී ඉන්න එක සැට් එකේ අනෙක් අයට මාරම අවුල් විය.

අවුලක් නෑ ඇතුළට ගියේ ෂැඩෝ එකනේ  
👤651

2016-07-13

ෂැඩෝ මුදල් ඇමැති බණ්ඩුල ලොක්කගේ පිට උඩ වාඩි වී අශ්වයා ගෝන් ටික් ටික් සෙල්ලම් කරමින් උන්නු උක්කුන් පුතා අතේ තිබුණු එපොයින්මන්ට් ලෙටර් එක කීතු කීතුවලට ඉරා දමා එක පාරටම කෑගැහුවේ ඊයා මට එපා විදෙස් ඇමැතිකම කියාය. පුදනකොටම කාපි යකා කියලා කාලෙකට පස්සේ ලැබුණු තමන්ගේ ඇමැතිකමත් ඉල්ලලා මේ නසරාණියා මෙතැන දෙවනත් කරයි කියා බියෙන් ෂැඩෝ ඇමැති මණ්ඩලය සලිත වී ගියේය. ඇයි පුතා එහෙම කියන්නේ, කොයි තරම් හොඳ එකක්ද ඔය ඔයාට ලැබිලා තියෙන්නේ, දැන් ඉතින් ඔයාට ආස ආස රටවල යාළුවොත් එක්කම ගිහින් ඕන සෙල්ලමක් දාගන්න පුළුවන් නේ කියා උක්කුන්ගේ ළඟට ආව වල්ගම යාප්පුවට තමන්ගේ ඇමැතිකමත් බේරගෙන කොල්ලවත් ෂේප් කරන්න බැලුවේය.

වන්ෂොට් ඉන්වෙස්ටිගේෂන්  
👤417

2016-06-29

මම දැන් මේ ඉන්නේ මාදිවල මන්ත්‍රි නිවාස සංකීර්ණයේ මහින්දද නන්ද මන්ත්‍රිවරයාගේ නිල නිවෙස අසල. මම ඉන්න තැනට තරමක් පිටුපසින් රෙදි වැලක් තියෙනවා ඔයාලටත් පෙන්වා ඇති. මේ වැලේ තියෙන රෙදි දැන් සුමාන දෙකක් තිස්සේ එක දිගට අව්වට වැස්සට වේළි වේළී තියෙනවා කියලා මට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබිලා තියෙනවා. කොට කලිසම් වගයක්, ටීෂර්ට් කිහිපයක්, ග්ලවුස් දෙක තුනක්, බේබි ක්ලිප්ස්වල ආධාරයෙන් වැලේ එල්ලා ඇති බව පේනවා. ඇඳුම් බේබි ක්ලිප්ස්වල එල්ලුවට මෙයාලා මහා පරිමාණ අපරාධ තමයි මේවා ඇඳගෙන ගිහින් කරලා තියෙන්නේ. පේනවනේ. ඔව් ඔයාලටත් පේනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්