නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

රෝමයට ගිය පළමු ලංකා දූත පිරිස   

2018-02-11

ක්‍රි.ව. 45දී ශ්‍රී ලංකාවෙන් රෝමයට ගිය සිවු දෙනකුගෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස පිළිබඳව මෙරට ඉතිහාසය කරුණු දක්වන්නේ නැත. එය ඉතිහාසඥයන්ට අමතක වූ සංසිද්ධියකි. අපිට මේ සම්බන්ධව තොරතුරු ලැබන්නේ රෝමයේ විසූ අග්‍රගණ්‍ය ඉතිහාසඥයකු වූ ප්ලීනිිගේ ලේඛන ඇසුරිණි.

කබල් ජීප් රියක දහස්වරක් රජරටට ගිය උඩු රැවුල්කාරයා   

2018-02-11

මෙම ඡායාරූපය 1947දී උතුරු මැද පළාතේ මින්නේරියේදී ගන්නා ලද්දකි. මෙහි දැක්වෙන්නේ ඛ්ඡ් 6607 දරන ජීප් රථයයි. එය වමෙන් පදවන්නකි. රථයේ රියැදුරා එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධනය. සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසී සිටින ඔහු ස්ටීරියන් වීලය අල්ලාගෙන සිටින බව පැහැදිලිව පෙනේ. දකුණු පස අසුනේ සිටින්නේ ඩී.ඇස්. සේනානායක මහතාය. ඩී.ඇස්. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයාය. පසුපස අසුනේ කාන්තාවන් දෙදෙනකු හා තවත් අයකු සිටිති.

ජනතාව මුළා කළ ඡන්ද පොරොන්දු   

2018-02-11

මෙරට සෑම මැතිවරණයකදීම පාහේ ජනතාවට, ඡන්දයෙන් පසු ඉටු කරනවා යැයි කියැවෙන පොරොන්දු දීම දේශපාලනඥයන්ගේ සම්ප්‍රදායයක් බවට පත්ව තිබේ. ඡන්දයෙන් පසු ඇතැම් පොරොන්දු ඉටු වුවද බොහෝ ඒවා දේශපාලනඥයන් විසින් අමතක කර දමනු දක්නට ලැබේ.

මලල්ගොඩ රහස් පොලිසියේ 4 වැනි තට්ටුවේ   

2018-02-11

මේ කලබලවලින් දින කිහිපයකට පසු පොත සම්බන්ධ කරුණු වග විභාග කිරීම සඳහා රහස් පොලිසිය මා පොලිස් සුපිරින්ටැන්ඩන්ට් ආර්.ඊ. ක්‍රිටෝ හමුවට ගෙන ගියේය. රහස් පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණයේ තොරතුරු අන්තර්ගතව ප්‍රවෘත්තිවලට පිටුපසින් ඕඡ්ඩ්ධ්ව්ච් ඊඩ්ඡ් ව්ඡ්එඉ යන සිරස්තලයෙන් 1958 මැයි 18 දා ඉරිදා ටයිම්ස් පත්‍රය මෙසේ අනාවරණය කළේය.

දළදාව යළි මහනුවරට  

2018-02-11

උදයේම පිටත්ව කුණ්ඩසාලේ ගියෙමි. සවස් වරුවේ උෟවේ දිසාව කැප්පෙටිපොළ, උඩුනුවර මාම්පිටිය රටේ මහත්මා සහ මාතලේ රත්වත්ත දිසාව පැමිණියහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් හිස ගසා මරා දැමූ රත්වත්තේ දිසාවේට අයත් වස්තුවට ඔවුහු එකිනෙකා විරුද්ධව අයිතිවාසිකම් කියති. සවස 5ට පමණ අධික වර්ෂාව ඇති විය.
අප්‍රේල් 1 වැනිදා

දරුවනේ යුද්දේ නවත්තපල්ලා අපිට තවත් දුක් විඳින්න බෑ   

2018-02-11

නීර්වේලි සොඳුරු ගම්මානයෙහි අපිට බොහෝ කාලයක් රැඳී සිටිය නොහැකි විය. සතුරා අප ආක්‍රමණය කරමින් සිටියේය. තවත් රාත්‍රියක සතුරු හමුදාව සමඟ සටන් වැදුණද කිසිවකුටත් බරපතළ හානි සිදු වූයේ නැත. එක් වෙඩි උණ්ඩයක් මුරලිගේ කමිස කොලරයෙහි සිදුරක් පමණක් ඉතිරි කරමින් ඇදී ගොස් තිබිණි. තවත් උණ්ඩයක් පියාඹා ගියේ මගේ දකුණු බාහුවේ ගෑවෙමින් නොගෑවෙමින් මෙනි.

විප්ලවීය ඡායාරූප ශිල්පියා  

2018-02-11

"අප විවිධ ජාති, ආගම්, කුල ගෝත්‍ර, දේශපාලන පක්ෂ ආදී පටු සීමාවලින් බෙදී, වෛරී අදහස් පතුරවමින්, කා කොටා ගැනීම දැන්වත් නවත්වමු. අප දුගී බවේ පතුලට ඇද දමා තිබෙන, කිසි කලෙකත් සිතා ගත නොහැකි ම්ලේච්ඡත්වයෙන් අප මර්දනය කරන, අපේ රටේ සම්පත් විදේශිකයන්ට සූරා කන්නට අවස්ථාව ලබාදී ඒ මුදලින් සුර සැප විඳින, අපේ 'පොදු සතුරා' වන මේ ධනවාදී පාලකයන්ගේ නින්දිත වැඩපිළිවෙළ හඳුනා ගනිමු. ඊට එරෙහිව පෙළ ගැසෙමු. මා ඒ සඳහා ආරාධනා කරන්නේ තරුණ ඔබටයි. ඔබේ ලෝකය දිනාගත යුත්තේ ඔබයි."

ප්‍රංශයෙන් පැමිණි ලැනරෝල්ලාගේ කඩිකුලප්පුව ලංකාව ප්‍රංශ යටත් විජිතයක් වීම වළක්වයි  

2018-02-04

ලංකා ඉතිහාසයට තීරණාත්මක බලපෑමක් සිදු කළ අප්‍රකට පුද්ගලයෙක් සිටී. ඔහුගේ නම ෆ්‍රැන්කොයිස් කැරන්ය. මේ තැනැත්තා ඕලන්දයේ උපත ලද ප්‍රංශ ජාතිකයෙකි. ඔහු නැඟෙනහිර ඉන්දියා ඕලන්ද සමාගමේ සේවය කළේය. ක්‍රි.ව. 1644දී ලන්දේසීන්ට මීගමුව නගරය අත්පත් කර දුන්නේ කැරන් විසිනි. පසුව ඔහු ඕලන්ද වෙළෙඳ සමාගමෙන් ඉවත්විය.

ඇත් අතුරු සෙවණේ අතුරු කතාව   

2018-02-04

සපුමල් ජයසේන ගහට කොළට, සතා සිවුපාවාට මහත් සේ ඇලුම් කළ පරිසරවේදියෙකි. ඔහු ස්වකීය වෘත්තිය ලෙස තෝරා ගත්තේද පාරිසරික මාධ්‍යවේදයයි. ඔහු වසර ගණනාවක සිටම පරිසරයට සිදු කෙරෙන හානි, වන විනාශයන් වළක්වා ගන්නට ස්වකීය පෑන හසුරු වන්නේය. ලංකාවේ ජාතික වනෝද්‍යාන, රක්ෂිත වනාන්තර මතු නොව ඇතුන් දිවියන් ආදී දුලබ සතුන් හා උන්ගේ ජීවන රටා පිළිබඳ දැනුමෙන්ද ඔහු පොහොසත්ය.

හෙන්රි කුමරු ලංකාවට ගෙන්වා රු: 14,000ක් වැය කර පැවැත්වූ පළමු නිදහස් උළෙල  

2018-02-04

ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 70 සපිරෙයි. එදා සිට අද දක්වාම නිදහස් උළෙලේ ප්‍රධාන අමුත්තන් ලෙස විදෙස් රාජ්‍ය නියෝජිතයන් හෝ රාජ්‍ය නායකයන් සහභාගි වීම සම්ප්‍රදායයකි. මීට පෙර නිදහස් ස්වර්ණ ජයන්තියට සහභාගි වීමට බි්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු පැමිණියේය. මෙදා නිදහස් උළෙලට පැමිණෙන්නේ එලිසබෙත් මහරැජනගේ බාල පුත් එඩ්වඩ් කුමරුය. එසේම මෙරට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිදහස ලැබූ පණිවුඩය රැගෙන 1948 පැවැති මුල්ම නිදහස් උළෙලට සහභාගි වූයේ එංගලන්තයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු එවකට බි්‍රතාන්‍යයේ රජකම ඉසිලූ 6 වැනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරාය. මේ එදා ග්ලොස්ටර්හි ආදිපාදවරයා ශ්‍රී ලංකාවට නිදහස ගෙන එමින් කළ භූමිකාවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon