නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

පවුල් ගස්  

2018-01-03

එක්සත් ජාතික පක්ෂය කෙටියෙන් හැඳින්වෙන්නේ උව්ර්ථී කියාය. ඇතැම් එජාප විරෝධීන් උව්ර්ථී යන්න අර්ථ ගැන්වූයේ 'උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය' ලෙසය. ඊට හේතුව වූයේ ආරම්භයේ සිට එජාපයේ පැවැති පවුල් වාදයයි. එහි සමාරම්භකයා එජාපයේ පළමුවැනි නායකයා වූ අගමැති ඩී.එස්. සේනානායකය. ඔහුගේ හදිසි අභාවයෙන් පසු අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි විසින් අගමැති ධුරයට පත් කරන ලද්දේ ඩී.එස්. සේනානායකගේ පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායකවය. එහෙත් වැඩබලන අගමැති ධුරය ලබාදිය යුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයේ සිටි ජේ‍යෂ්ඨයා වූ සර් ජෝන් කොතලාවලටය. ඩී.එස්. ගේ ආණ්ඩුවේ සභානායකව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පක්‍ෂයෙන් ඉවත්ව ගොස් ශ්‍රී ලනිපය ආරම්භ කිරීමට මේ පවුල්වාදය ප්‍රධාන හේතුවක් වී තිබුණු බව නොරහසකි. අගමැති ඩඩ්ලි සේනානායකගෙන් පසුව ඥාති පුත්‍රයකු වන රුක්මන් සේනානායක ක්‍රියාකාරී දේශපාලනයට රැගෙන ආවේද එජාපයේ රජකළ පවුල්වාදයයි.

ජනාධිපති කොමිසමේ නිගමන රටට හෙළි කරනු  

2018-01-02

මහ බැංකු බැඳුම්කර විමර්ශනය සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව ඉකුත් 30 වැනිදා ජනාධිපතිවරයාට භාර දෙන ලදී. අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ජනපති නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සංවිධායක ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක යථෝක්ත වාර්තාව ජනතාවට හෙළි කරන මෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හරහා මේ වනවිට වාර්තා 17ක් ඉදිරිපත් කොට ඇති නමුත් ඒවා සම්බන්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැතුවාක් මෙන්ම එකී වාර්තා මහජනතාවට ඉදිරිපත් කිරීමටද කටයුතු කර නැති බවය.

උදා වූ නව වසර තවත් දින 365ක් නොවීමට නම්...  

2018-01-01

අදින් උදාවන්නේ අලුත් වසරකි. 2018 දින දර්ශනය බිත්තියේ එල්ලෙද්දී 2017 දින දර්ශනය කුණු කූඩයට වැටෙයි. එහෙත් ගෙවී ගිය වසරේ මතකය එලෙස අමතක කර දැමිය නොහැකිය. අලුත් වසර සුබදායක වීමට නම් ඉකුත් වසරේ සුබ-අසුබ කිරා මැන බැලීම අත්‍යවශ්‍යය.

රජු සහ කඩුව  

2017-12-31

රාජ්‍යත්වයෙහි බලයේ සංකේතය වන්නේ කඩුව හෙවත් අසිපතය. රජුගේ ප්‍රභාව හෙවත් නෛකශ්‍රීයෙන් විරාජමානභාවය ඔටුන්න හෙවත් කිරුළ මඟින් සංකේතවත් වන්නේය. රජු විසින් සකලවිධ රාජ ධර්මයන් භූමිය මත ස්ථාපිත කරනුයේ අසිපත සුරතට ගැනීමෙනි. කඩුව බිම හෙළුෑ කල මහා අධිරාජ්‍යයකු වුවද එසැණෙහි අඟුටුු මිට්ටකු වන්නේය. 'ධීර බලැති ධනුර්ධර මම වෙමි කෘෘර තොපගෙ එඩි සිඳලමි' කියා සටනට වන් මනමේ කුමරුගේද අසිපත අතින් ගිලිහුණු සැණෙහි පණ නල සිඳිණි.

මාතෘ මරණ සහ අපේ සෞඛ්‍යය  

2017-12-29

ශ්‍රී ලංකාව ගැන අසන්නට ලැබෙන්නේ බොහෝ විට අසුබවාදී දේවල් මිස සුබවාදී දේවල් නොවේ. එහෙත් දකුණු ආසියාවේ අවම මාතෘ මරණ අනුපාතිකය ඇති රට ලෙස ලංකාව සිය වාර්තාව අඛණ්ඩව රැක ගැනීමට සමත්ව සිටී. එය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලද ජයග්‍රහණයකි.

පුංචි ඡන්ද සටනේ පෝස්ටර් ජරමර  

2017-12-28

පුංචි ඡන්ද සටන ඇරැඹී තිබේ. තාප්ප පුරා ඇලවෙන පෝස්ටර්, පක්ෂ මාරු කිරීම් හා මැතිවරණ නීති කැඩීම් පිළිබඳ පැමිණිලි 'සටන' ඇරැඹී ඇති බවට සංඥාය. ලංකාවේ මැතිවරණ ඉතිහාසය විශේෂයෙන් මෑතකාලීන ඉතිහාසය බලය අවභාවිත කරන නිර්ලජ්ජිත සිදුවීම්වලින් ගහනය. නිදහස් හා සාධාරණ' වචන හුදෙක් නාමමාත්‍රික වචන පමණකි.

ශ්‍රී ලන්කන් - මිහින් ලංකා : කමිටුවෙන් කොමිසමට  

2017-12-27

1979 වසරේ 'එයාර් ලංකා' ජාතික ගුවන් සේවය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඇරැඹුවේ එතෙක් පැවැති එයාර් සිලෝන් ගුවන් සේවය වෙනුවටය. ආරම්භයේ සිටම පාඩු ලැබූ ගුවන් සේවය 1998දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පෞද්ගලීකරණය කළා. ඒ අනුව එයාර් ලංකා නාමයද 'ශ්‍රී ලන්කන්' ලෙස වෙනස් විය. ශ්‍රී ලංකා රජය හා ඩුබායි එමිරේට්ස් ගුවන් සමාගම සමඟ 50%ට පනහේ හවුල් ව්‍යාපාරයක් ලෙස වසර 10ක් සඳහා ගිවිසුම් අස්සන් කළද 2008 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සියලු කොටස් යළි රජය සතු කර ගැනීමට පියවර ගනු ලැබීය. තෙක්් ලාබ ලබමින් සිටි ගුවන් සමාගම යළි පාඩු ලැබීම ඇරැඹිණි.

පෞරාණික උරුමයන් වැනසීම...  

2017-12-26

ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ කරන ලද ගවේෂණයකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයාගන්නා ලද පුරාණ දාගැබක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් කොට අකාමකා දමනු ලැබීම

ප්‍රිය ජේසුතුමනි...  

2017-12-25

ඉකුත් මධ්‍යම රාත්‍රියේ හැඬවුණු සීනු නාදයෙන් 'කියැවුණේ' අසිරිමත් 'නත්තල' උදා වූ වගය. 'නත්තල' යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් වෙත දැක්වූ ප්‍රේමයේ ගැඹුර මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම් වන බැව් දක්වන ප්‍රකාශයක් බඳු යැයි කිතුනුවන්ගේ විශ්වාසයයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සැලැකෙන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්ති මංගල්‍යය 'නත්තල' වන්නේ ඒ නිසාය.

බෝලය ජනතාව අතට...  

2017-12-24

පළාත් මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ අලකලංචිය අවසන් විය. එය අලකලංචිය යනුවෙන් හැඳින් වූයේ වට දෙකක් වූ නාම යෝජනා භාරදීම ඒ ලැයිස්තුවෙන් මේ ලැයිස්තුවට පනිමින්, සමහර තැනක නම් ලැයිස්තු කොල්ලකමින්, තවත් ලැයිස්තුවක ගැහැනිය පිරිමියා වී, නාම යෝජනා ලැයිස්තු 38ක්ම මැතිවරණ කොමිසමේ කුණු බක්කියට වැටුණු නිසාය. නැකැතට භාර දුන්නද හරියට නාම යෝජනා පත්‍රය හදා ගන්නට බැරි වූ මහාචාර්යවරුන් පැවැත්වූ මාධ්‍ය සන්දර්ශනද ජනතාවට කන්කරච්චලයක් වූයේය. කෙසේ වුවද දේශපාලන පක්‍ෂ විසින් පළාත් පාලනය භාරගනු පිණිස තමන් යෝජනා කරන නියෝජිතයන් දැන් ජනතාව හමුවේ තබා තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon