නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

පුංචි ඡන්දයේ ‘නුසුදුස්සෝ’  

2018-01-15

පුංචි ආණ්ඩුවල බලය ඉල්ලා තරග වදින දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් අතර නුසුදුසු අපේක්ෂකයන් අසූවක් පමණ සිටින බව මේ වන විට අනාවරණය වී ඇත.

මහජන මුදලට පස්ස හැරවීම  

2018-01-14

පාර්ලිමේන්තුව නමැති රඟමඬලේ නොබෝදා රඟ දැක්වූ නර නාටකය නැරැඹූ මෙරට පුරවැසියෝ දෙඅත් දෙකම්මුලේ හොවා ගත්හ. පාර්ලිමේන්තුව වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල යැයිද කියති. පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව වසර 87ක අත්දැකීම් ලංකාවට තිබේ. එහෙත් ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරන වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව ජනතා වෛරයට හා පිළිකුලට භාජන වූ ආයතනයක් බවට පත් කරමින් සිටිති.

දණ ගැස්විය යුත්තේ කාවද?  

2018-01-12

ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් අලවමින් සිටියදී පොලිසිය විසින් අල්ලා ගනු ලැබූ තරුණ ක්‍රියාකාරීන් කිහිප දෙනකු මුදා හැරීම සඳහා ප්‍රදේශයේ මන්ත්‍රිවරයාට දණගසා වැඳීමට අණ කළ සිද්ධියක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ 80 දශකයේ මුල් භාගයේදීය.

බැඳුම්කර කොමිසම සහ වංචා - දූෂණ කොමිසම  

2018-01-11

2015 වසරේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ සිදුවී ඇති බව පැවැසුණු වංචාව පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ වාර්තාව නිකුත් වීමත් සමඟ බැඳුම්කරයට එරෙහිව පැවැති විරෝධය තවත් වටයකින් අලුත් විය.

පොල්ගොල්ලේ සිට වික්ටෝරියා හරහා මොරගහකන්දට...  

2018-01-10

1976 ජනවාරි 8 වැනිදා පොල්ගොල්ල උමඟ විවෘත කර රජරටට මංගල දියවර නිකුත් කරන ලද්දේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක විසිනි. තිස් අවුරුදු මහවැලි යෝජනා ක්‍රමය හරහා මහවැලිය රජරට හරහා උතුරට හැරවීම අරමුණ විය. වසර 42ක මහවැලි මහා සැලැස්මේ අවසන් සහ විශාලතම ජලාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ජනතා අයිතියට පැවැරුණේ ඉකුත් ජනවාරි අට වැනිදා වීම සුවිශේෂී කාරණයකි.

යාල සහ සෆාරි  

2018-01-09

යාල ජාතික වනෝද්‍යානයට දිනකට ඇතුළු වන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බව නොබෝදා ප්‍රකාශයට පත්විය. යාල වනෝද්‍යානය වූ කලී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වන සතුන් සඳහාම වෙන්කළ සීමිත භූමි ප්‍රමාණයෙන් එක් කොටසකි. ජීප් රථ 600ක් යනු කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක් පවතින විට සිරවන වාහන සංඛ්‍යාවට සමානය. වනයක්, අභය භූමියක් මිනිසා විසින් මෙලෙස ආක්‍රමණය කිරීම ශිෂ්ට සම්පන්න ලෝකය කිසිසේත් අනුමත නොකරන අමනෝඥ ක්‍රියාවකි.

ජනවාරි 8 ජනවරම  

2018-01-08

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට තෙවසරක් සපිරේ. 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණය සුවිශේෂී වූයේ නිර් - පාක්ෂික අපේක්ෂයකු ලෙස හංසයා ලකුණින් තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීම නිසාය. 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයට 'හංසයා' ලකුණින් ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාද නිර්-පාක්ෂික අපේක්ෂකයකු ලෙස සැලකුණද ඔහුට ජයගත හැකි වූයේ නැත.

අපරාධය සහ දඬුවම  

2018-01-07

රජයේ මැදිහත්වීමෙන් කොමිෂන් සභා පැවැත්වීමේ දිගු ඉතිහාසයක් ලංකාවට තිබේ. බි්‍රතාන්‍ය පාලන සමයේ පත් කරන ලද කෝල්බෘෘක් කොමිසම සහ සෝල්බරි කොමිසම නිකුත් කළ වාර්තා මඟින් රටට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය හා සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙනු ලැබීය. එකී කොමිෂන් සභාවල වාර්තා ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර පාසල් දරුවෝද දනිති. ඒවා අනුසාරයෙන් ඔවුහු විභාගවලට පිළිතුරුද සපයති.

මැතිවරණ පෝස්ටර් යුද්ධයට විසඳුම කුමක්ද?  

2018-01-05

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව ප්‍රචාරක කටයුතු සඳහා පෝස්ටර්, කටවුට්, බැනර් ප්‍රදර්ශන කළ නොහැකිය. එහෙත් දශක කිහිපයක් තිස්සේ ලද අත්දැකීම්වලට අනුව නම් මේ තහනම කිසිවකු මායිම් කරන්නේ නැත. පෝස්ටර්, බැනර්, කටවුට් ප්‍රදර්ශනය ඇරැඹෙන්නේ නාම යෝජනා දුන් දවසේ සිටය. ඇතැම් විට ඊට පෙරද ඇතැමුන් වැඩේ පටන් ගනී. අතට අහුවෙන ඇහැට පෙනෙන සෑම තැනකම පෝස්ටර් ඇලවීමට ඔවුහු පසුබට නොවෙති. ඒ මදිවට මහ පාර මැද්ද ලියති. අඳිති.

හොරුන් කොටු කරමු  

2018-01-04

මහ බැංකු බැඳුම්කර කොමිෂන් වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා ඊයේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළේය. 2015-2016 වසරවලට අදාළ බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවේ පිටු 1257කින් යුත් සම්පූර්ණ වාර්තාව ඉකුත් දෙසැම්බර් 30 වැනිදා ජනාධිපතිවරයාට බාරදෙනු ලැබීය. බාරදුන් දිනයේ සිට විපක්ෂයේ බොහෝදෙනා කියා සිටියේ කොමිෂන් වාර්තාව රටට හෙළිකරන ලෙසය. ඇත්ත වශයෙන්ම කොමිෂන් වාර්තාවේ නිර්දේශ මොනවාදැයි දැනගැනීමට බොහෝදෙනා සිටියේ නොඉවසිල්ලෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon