නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

කිර්ගිස්තානයේ අප්‍රකට ප්‍රදේශයකින් දුර්ලභ බුදුපිළිමයක් මතුවෙයි  

2017-10-22

කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරින් කී.මී. 35ක් දුරින් පිහිටි ක්‍රස්නයා රෙච්කාහි කඳුකරයේ කරන ලද කැණීමකදී මීටර් 1.5ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට කිර්ගීස් විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වූහ. එම භූමි ප්‍රදේශයෙහි බෞද්ධ ආශ්‍රම සංකීර්ණයක් මිහිදන්ව ඇතැයි විශ්වාස කළ මෙම පුරාවිද්‍යාඥයෝ සාන්ත පීටර්ස්බර්ග්හි රුසියානු පූජකාශ්‍රම කෞතුකාගාරයේ සගයන් පිරිසක්ද සමඟ එක්ව බිම්කඩ කීපයකම කැණීම් කළහ.

අනේ! ඒ හින්දා ණයට නං බෑ මේං වැන්දා  

2017-10-22

මහමඟ අයිනේ පොල් අතු මඩුවක් තනා ගත් හේ එහි සිට පාපැදි අලුත්වැඩියාව පටන් ගත්තේය. උදෑසනින්ම දිවා ආහාරය සඳහා බත් මුලක්ද සකස් කර ගත් ඔහු වින්කලයට පාපැදියෙන් පැමිණ රෑ බෝවන තුරු පාපැදි අලුත්වැඩියා කර සොච්චම් මුදලක් රැගෙන ආපසු තම නිවහන වෙත යයි. ඔහු සිවු දරු පවුල රස්සා කළේ ඉන් ලැබෙන සොච්චමිනි. මේ හිත හොඳ මිනිසා කාගෙත් අවධානය දිනා ගත්තේය.

හිටිගමන් නොපෙනී යන වැඩ හිටපු තැනුත් පෙන්වන ලොව පුරා සැරිසරන රහතන් වහන්සේලා ගැන කියන කතා  

2017-10-22

ජනප්‍රවාද අනුව ලංකාවේ වැඩ විසූ අන්තිම රහත් හිමි දුටුගැමුණු රජු කල (ක්‍රි.පූ. 161-137) වැඩවිසූ මලියදේව හිමිය. කාවන්තිස්ස-දුටුගැමුණු රජුන් කල එතැන ජීවත් විය. මලියදේව හිමි වැඩි කලක් වාසය කළේ පොල්ගහවෙල නුදුරු වට්ටාරම විහාරයේය. කොත්මලේ අසුල්පිටිය හිමි වැඩසිටිය තවත් ස්ථානයකි. මහවැලි ගඟ අසල පිහිටි තිස්පනේ පාලම අද්දර පිහිටා තිබූ ඉපැරැණි යෝධ ඇටඹ ගහ හා බුදුන් සිටි ලෙන නමින් ප්‍රකට ගල්ලෙන මලියදේව හිමි කල් ගෙවූ ස්ථානයකි. කොත්මලේ පුසුල්පිටිය විහාරයද මලියදේව හිමියන්ගේ පා පහස ලද බිමකි. පස්වැනි සියවස මුල ලංකාවට ආ චීන ජාතික පාහියන් හිමිගේ ලංකා විස්තරය අනුව අනුරාධපුරයේදී අපවත් වූ රහත් හිමි නමකගේ ආදාහන උත්සවයක් ගැන පාහියන් හිමියෝ විස්තර කරති. හයවැනි සියවස මැද අත්තනගලු විහාරයේ වැඩවිසූ හිමිනමක් පොළොව ගුරුලුවාගෙන රහත් වූ බව අසා අනුරාධපුර රජු පැමිණ හිමියන් වන්දනා කළ බව පාලි අත්තනගලු වංශය කියයි. ලංකාවේ වැඩවිසූ අන්තිම රහත් හිමිනම මේ අත්තනගලු වෙහෙර වැඩ විසූ හිමිනමය.

මහනුවර යුගයේ සැඟවී තිබුණු උමං කිහිපයක අබිරහස්   

2017-10-22

අතීත ලංකාවේ පොළොව යටින් _ ගංගා යටින් - සතුරු බලකොටු ආක්‍රමණය සඳහාත් රහසිගත ගමනාගමන කටයුතු සඳහාත් සතුරු ආපදාවකදී රහසිගතව පලා යෑම සඳහාත් උමං හෑරීමේ කලාවක් පැතිරී තිබිණි. දේශීය ශිල්පීන් මීට පුරුදු වී සිටියද වඩාත් ප්‍රකට වූයේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි 'පල්ලරු' නම් ඉන්දීය ගෝත්‍රය මේ උමං කැණීමේ අති දක්ෂයන් වූ බවයි. බොහෝ සිංහල ජනකතාවල වනයේ ජීවත් වූ 'පල්ලරු' කණ්ඩායම් ගැන කියවෙයි. අපේ ජනකතාවල එන පල්ලරු යනු එදා දකුණු ඉන්දියාවෙන් පැමිණ වනාන්තර ආශ්‍රිතව කණ්ඩායම් ලෙස ජීවත් වූ උමං කැණීමෙහි අති දක්ෂ දකුණු ඉන්දියානු පල්ලරු ගෝත්‍රයයි.

අවුරුදු විසිලක්ෂයකට පෙර මානව ඉතිහාසයේ රස රහස් එළියට  

2017-10-22

අවුරුදු විසි ලක්ෂයකට ඉහතදී ආදි මිනිස්සුන්ට 'ප්‍රජනක විසර්පය' (ඨඥදඪබචත ඩඥපනඥඵ) (ජෙනිටල් හර්පීස් - විසිරෙන බිබිලි සහිත චර්ම රෝගයක්) නමැති රෝගය පතුරුවන වයිරසය පැතිරවූ 'පැරතේ‍රා්පස් බොයිසි' නමැති මානව රූපියා හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට හැකිවී තිබේ. පැරතේ‍රා්පස් බොයිසි යනු හැඩිදැඩි සිරුරක්ද නොමේරූ මොළයක් හා තැටියක් බඳු මුහුණක්ද ඇතිව වත්මන් මිනිසා මෙන්ම දෙපයින් ඇවිද්ද මානව රූපියෙකි. එම රෝග කාරක වයිරසය ශරීරගතව තිබුණු ඉපැරැණි චිම්පන්සීන් මරා මස් කෑමෙන් පසු, පැරතේ‍රා්පස් මානව රූපියාට රෝගය වැලඳෙන්නට ඇති බවත් ඔහුගෙන් පසුකාලීන මානවයන්ට එය බෝවන්නට ඇති බවත් විද්‍යාඥයෝ අදහස් කරති.

වෙනත් ලෝකයක සතුන්ට මේ ලෝකයට ඇවිත් උපදින්න පුළුවන්ද?  

2017-10-22

කර්මය හා කර්ම විපාකය අපේ වර්තමාන ජීවිතයට පමණක් සීමා වූ දෙයක් නොවේ. කර්මය ඉතා සියුම් විෂයකි. කර්මයේ කෙළවර සෙවීමද බුදුවරයකුට හැරෙන්නට සාමාන්‍ය කෙනකුට කළ හැකි දෙයක්ද නොවේ. ඒ නිසාම සිතා කෙළවරක් නොදැකිය හැකි බැවින් කර්ම විෂය අචින්ත්‍ය යැයි බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. එහෙත් කර්මය පිළිබඳ නොදැනීම හෝ නොපිළිගැනීම නිසා සත්ත්වයා මේ සංසාරයෙහි මහත් වූ දුකට පත්වෙයි. සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් කර්මය මුහුදේ පාවෙන අයිස් කන්දක් මෙනි. ඒ අයිස් කන්දේ මුදුනත ඉතා කුඩා කොටසක් පමණි අපේ පියවි ඇසට පෙනෙන්නේ. අයිස් කන්දේ විශාල ප්‍රමාණයක් මුහුදු දියෙන් යට පාවෙමින් පවතී. එය අපට නොපෙනෙන්නා සේම කර්මයේ ක්‍රියාකාරිත්වයෙන් වැඩි කොටසක් අපට නොපෙනේ.

පරාජිත හැඟීමෙන් මිදී පිබිදුණු මිනිසකු වන්නේ කොහොමද?  

2017-10-22

ලොවේ වෙසෙන කිසිවකුත් දකින්නට අසන්නට හෝ මුහුණ දෙන්නට අකැමැති සමහර දේ තිබේ. "පරාජය" ඉන් එකකි. "පරාජය ජයග්‍රහණයට මාවත" යැයි හෝ "පරාජය කදිම ගුරුවරයකු" යි ආදී වශයෙන් කියමන් තිබුණේ වුව කිසිවකුත් ඒ ගුරුවරයාට කැමැති බව සිතන්නට නුපුළුවන. පසුගිය සතියේ පහ ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් විය. එකසිය හැට ගණනක වූ කඩඉම සමහරකු පැන යද්දී එයට එක් ලකුණක් මෙහායින් දරුවාගේ පටන් පහළට වූ බොහෝ සංඛ්‍යාවක සිසුන් අත්වින්දේ පරාජිත බවය. ඔවුන්ගෙන් බහුතරයක මවුපියන් හා ආදරණීයයන් අත්වින්දේ ද පරාජිත හැඟීම්ය.

ඇමතිතුමා බාරය ඔප්පු කළත් කාලිමෑණියන් බාර ගත්තේ නෑ  

2017-10-22

දෙනෝ දාහක් බැතිමතුන් කාලි මෑණියන්ගේ පිහිට පතාගෙන කෝවිලට එන්නේ තමන්ට වූ අසාධාරණයක්, සතුරු කරදරයක්, විපත්තියක් පිළිබඳව පැමිණිලි කිරීමටය. නියමිත පූජෝපහාර දී තම දුක් ගැනවිල්ල ගැන කන්නලව් කිරීමෙන් පසු ඔවුන්ගේ අභිප්‍රාය ඉටු වූ පසු දෙවියන්ට වූ බාරහාර පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත. අමතක වීමෙන් හෝ දැන දැනම ඔවුන් අතින් ඒ පොරොන්දු ඉටු නොකෙරේ. තම අභිප්‍රාය ඉටු වූ පසු ඔවුන්ට දෙවියන්ද අමතකය. කාලි මෑණියන්ට වූ බාරහාර ඔප්පු නොකිරීමෙන් ලැබෙන්නේ අනිටු ප්‍රතිඵලය. එසේ බාරහාර ඔප්පු නොකරන අය වෙනත් කරදරවලට මුහුණ පාන බව බැතිමතුන්ගේ විශ්වාසයකි.

ගැමුණු කුමරු ආරක්ෂක අත්අඩංගුවට ගත් පසු කාවන්තිස්ස රජුගේ හදගැස්ම  

2017-10-22

දුටුගැමුණු ආරක්ෂක අත්අඩංගුවට පත් කිරීමට දුන් නියෝගය පිළිබඳව කාවන්තිස්ස රජු කරුණු පැහැදිලි කිරීම
මම අතිශය වේදනාකාරී තීරණයක් ගතිමි. ඉතා නිර්භීත ජාති මාමක පුතකු පිළිබඳ එවන් තීරණයක් ගැනීම පියකු හැටියට මට ඉතා වේදනාකාරී බව සැබැවි. ගැමුණු අත්අඩංගුවට ගෙන රන් මාංචු පැලඳවීම සඳහා භට පිරිසක් පිටත් කර යැවීමි.
ඔහුට මේ කරුණු තේරුම් යන තෙක් අත්අඩංගුවේ තබමි.

අත්තාණි කණු හිටවලා නීතිය මේ යැයි පෙන්වලා පොදු දේපළ ගසා කෑ අය එදා මෙල්ල කළ හැටි  

2017-10-22

මහජන මුදල් ගසා කන නිවටයන් අප සමාජය තුළ අද පවා නැත්තේ නොවේ. මොවුන් මතු අත්බැව්වල සුනඛයන් හා කවුඩන් වී උපත ලබන බව එදා අපේ පැරැණි සිංහල සමාජය විසින් ජනතාව වෙත සන්නිවේදනය කළේ ජනතාව තුළ ඒ පිළිබඳ බිය උපදවන්නටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon