නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

ඇලපාත නිලමේ මියයයි අදිකාරම් දේපොළ පවරා ගනී  

2017-10-22

ඔක්තෝබර් 20 තලාපිටියේ ඔෟෂධහාමි පැමිණ දන්වයි

සත්‍යය හා සාමය හැම විටම රැවැටිලි සහගතයි: ප්‍රභාකරන් සුදුමලේ රැලියේදී කියයි  

2017-10-22

තව දින දෙකකින් අපේ පුහුණුව හදිසියේම නිමාවට පත් විය. සාමාන්‍ය ඇඳුමෙන් සැරසෙන්නැයි අපි අණක් ලද්දෙමු. අපේ නිල ඇඳුම් සියල්ලම මිදුල මැද ගොඩ ගසනු ලැබිණි. විනාඩි පහළොවකට පමණ පසු ගවයන් මෙන් පරණ ලොරියකට අඩුක් කරනු ලැබූ අප කඳවුරෙන් පිටත් කෙරිණි. පිළිකුල අසීරුවෙන් ඉවසා සිටි, වාතාශ්‍රයෙන් තොරවූ අප්‍රසන්න පැය භාගයකින් පසුව අපි නැවතුමකට ළඟා වීමු. අපේ සිරුරුවලින් දහදිය මිශ්‍රිත පුස් ගඳක් නික්මෙමින් තිබිණි.

ඇලපාත නිලමේ මියයයි අදිකාරම් දේපොළ පවරා ගනී  

2017-10-22

ඔක්තෝබර් 20 තලාපිටියේ ඔෟෂධහාමි පැමිණ දන්වයි

‘මෙන්න මිනිස්සු’ බැන්ඩියමුල්ලේ සිඤ්ඤප්පු ජීවිතය ගැන කියන කතාව  

2017-10-22

මගේ වයස දැනට අවුරුදු 75කට වැඩි මිස අඩු නැත. හොඳ සනීපයෙන් හා සිහියෙන් සිටිමි. තවම දුර්වලකමක් මට නොදැනේ. කොල්ලා කාලයේ කාරණා පවා මට තවම මතක තිබේ. ඒ කාලයේ පටන්ම අපි උදේට කෑවේ හීල් බත් හෝ උණු බත්ය. උදේ ගෙදර තිබෙන බත් හැළිය බල බලා තේ බීමට කඩවලට යන සිරිතක් මගේ නැත.

විත්තියේ නීතීඥ පීනියස් ක්වාස් ඔසී කොරයාගේ හරස් ප්‍රශ්න අසයි අගමැති ඝාතනයට තමා සම්බන්ධ බවට කතාවක් පැතිරෙන බව තමා දන්නවාද?  

2017-10-22

විත්තියේ නීතිඥ පීනියස් ක්වාස් මහතා ඔසී කොරයාගෙන් හරස් ප්‍රශ්න ඇසීම.

උදේනි සමන් කුමාර මාඕ සේතුංගේ දර්ශනයට කැපවූ ශ්‍රී ලාංකිකයා  

2017-10-22

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයකු වූ එන්. ෂන්මුගදාසන් ගැන නව පරම්පරාව නොදනී. ෂන් යන කෙටි නමින් මෙරට වමේ ව්‍යාපාරය හැඳින්වූ මෙම මානව ප්‍රේමී මිනිසා සිය ජීවිත කාලය මෙන්ම දැනුමද විප්ලවීය ශ්‍රී ලංකාවක් බිහිකර ගැන්ම උදෙසා කැප කළේය.

සර් ඔලිවර් අද්මිරාල් ලේටන්ව බේරේ කුණු වතුරින් නෑවූ හැටි  

2017-10-22

දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ ශ්‍රී ලංකාව තුළද යුද බියක් පැතිර ගියේය. ඒ ජපනුන් කොළඹට බෝම්බ දමන්නට සූදානමක් පවතින බවට පැතිර ගිය ආරංචිය නිසාය. එබැවින් ඒ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවද පෙර සූදානමකින් පසුවිය.

එක්සත් ජාතීන්ගේ සාමදූතිකාව ශකීරා  

2017-10-16

"මට වයස අවුරුදු අටේදී මගේ මවුපියන්ගේ ව්‍යාපාර සියල්ල බිඳ වැටී, ණය බරින් නිදහස් වීමට නිවසේ ලී බඩු පවා විකිණීමට සිදුවී, අපි ආර්ථික අතින් ඉතාම අමාරු අඩියකට වැටුණා. ඒ නිසා මගේ ළමා විය එතරම් සැප පහසු වූවක් වුණේ නැහැ. මා ඒ පිළිබඳ කනගාටු වන විට මගේ මවුපියන් මට පෙන්වා දුන්නේ අපටත් වඩා දුප්පත්කමින් අගහිඟකමින් ජීවත් වන පිරිස් සිටින බව. ඒ කුඩා වයසේදී මම මටම කියා ගත්තා සකීරා ඔබ ජයග්‍රාහිකාවක් විය යුතුයි. යම් දිනයක ලොවේ වරප්‍රසාද අඩු දරුවන්ට නිසි අවස්ථාව ලැබීමට අත දෙන්නෙකු විය යුතුයි. ඒ අනුව මා කටයුතු කළා."

‘62’ කුමන්ත්‍රණය ගැන ඩඩ්ලි සේනානායක දැන සිටියාද?  

2017-10-16

මිනිසකුට හොඳ ප්‍රතිරූපයක් හදාගන්න ඉතාමත් අමාරුයි. ඒ වගේම තමයි හොඳ ප්‍රතිරූපයක් හදාගත්ත මිනිසකුට ඕනම වැරැදි වැඩක් කරන්න පුළුවන්. මොකද එයා ඒ දහජරා වැඩේ කළා කියල කිසි කෙනෙක් පිළිගන්නෙ නැහැ. මොකද ඔහු ගොඩනඟාගත් ප්‍රතිරූපය ඉතාමත් ශක්තිමත්.

විදෙස් කාටූන් ශිල්පීන් එදා ජේ. ආර්. දුටු හැටි  

2017-10-16

ශක්ති සම්පන්න සිංහයා දඩයමට දක්ෂ වුවද ඇතැම්විට මර උගුල්වලින් බේරී යෑමට නොදනී. එසේම මර උගුල්වලින් බේරී යෑමට තරම් කපටියකු වුවද හිවලා සිංහයාගෙන් බේරී යෑමට නොදත්තෙකි. මැකියාවෙලිගේ ඊඩ්ඡ් ර්ථීඅධ්ව්ඛ්ඡ් (කුමාරයා)ට අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජුනියස් රිචඩ් ජයවර්ධනද සිංහ _ හිවල් චර්යාවන් නිසි ලෙස ප්‍රගුණ කළ දේශපාලනඥයකු වූ බව බොහෝ දෙනා විශ්වාස කරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon