නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

හෙන්රි කුමරු ලංකාවට ගෙන්වා රු: 14,000ක් වැය කර පැවැත්වූ පළමු නිදහස් උළෙල  

2018-02-04

ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 70 සපිරෙයි. එදා සිට අද දක්වාම නිදහස් උළෙලේ ප්‍රධාන අමුත්තන් ලෙස විදෙස් රාජ්‍ය නියෝජිතයන් හෝ රාජ්‍ය නායකයන් සහභාගි වීම සම්ප්‍රදායයකි. මීට පෙර නිදහස් ස්වර්ණ ජයන්තියට සහභාගි වීමට බි්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු පැමිණියේය. මෙදා නිදහස් උළෙලට පැමිණෙන්නේ එලිසබෙත් මහරැජනගේ බාල පුත් එඩ්වඩ් කුමරුය. එසේම මෙරට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිදහස ලැබූ පණිවුඩය රැගෙන 1948 පැවැති මුල්ම නිදහස් උළෙලට සහභාගි වූයේ එංගලන්තයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු එවකට බි්‍රතාන්‍යයේ රජකම ඉසිලූ 6 වැනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරාය. මේ එදා ග්ලොස්ටර්හි ආදිපාදවරයා ශ්‍රී ලංකාවට නිදහස ගෙන එමින් කළ භූමිකාවයි.

මෙන්න කැබිනට්ටුවේ නළියන කුරුඳුවත්තේ මොනර කිකිළිය   

2018-02-04

"බල්ලා, බල්ලා ඒ බල්ලා" යැයි බණ්ඩාරනායක මහතා මගේ විස්මයට, සැක සහිත බැල්මටත් පිළිතුරු සපයමින් පහත් හ¾ඩින් තෙපළේය.
මම එයින් සෑහීමට පත්වීමි. ඉන් පසුවද සාකච්ඡාව දිගටම කෙරීගෙන ගියේය. තවත් පැයකට පමණ පසු ඒ නුපුරුදු හඬ නැවතත් කතා කළේය.
"ක.......ර්.....රා.....ස්" යන අනුකරණයෙන් වඩාත් ගොරෝසු සහ වඩාත් පැහැදිලි අන්දමින් එතැනින්ම නැඟුණේය.

ඩොයිලිට බ්‍රවුන්රිග්ගෙන් වයින් බෝතල් දුසිම් හතක්   

2018-02-04

1815 මාර්තු 20
ආණ්ඩුකාර උතුමාණන් අද උදේ 5.30ට ආචාර මධ්‍යයේ කොළඹ යෑම පිණිස මාලිගාවෙන් පිටත් වූයේය. ඇහැළේපොළ අදිකාරම ආණ්ඩුකාරතුමාගේ ආරාධනය පරිදි කොළඹට පැමිණ එතුමා හමුවීමට පොරොන්දු විය. වෙසක් මාසයට යෙදී ඇති ඔහුගේ විවාහයෙන් පසුව රාජකීය උපන් දිනයේදී කොළඹ යනු ඇත.

නව හැවිරිදි දරුවෙක් කොටි බුද්ධි අංශයේ  

2018-02-04

මුරලිගේ අණට කීකරු නොවී සිටීමේ ගුණය නවීන්ද දිගටම පවත්වාගෙන ගියේය. පිටතට යෑමට අවශ්‍ය වූ විට විටෙක අනෙක් අය මුරලිගේ අවසරය ගත් මුත් නවීන් එසේ නොකළේය. හිතු මනාපයට යාම් ඊම් කිරීම තුළින් නවීන් ඔහුගේ පමණක් නොව අපගේ මුළු ඒකකයේම ආරක්ෂාවට තර්ජනයක් වන බව මුරලි පැවසුවද ඔහු එය ගණනකට ගත්තේ නැත. නවීන්ගේ එම ක්‍රියාකලාපය වෙනුවෙන් බොහෝ සේ දැඩි නොවීම නිසා මුරලි පිළිබඳව මගේ සිත තුළ කනස්සල්ලක් හට නොගත්තාද නොවේ.
මමද ඒ රාත්‍රියේ මුරලිගේ අණ නොතකා සටනට සහභාගි වූයෙමි. ඒ වෙනුවෙන් ඔහු දෙන ඕනෑම දඬුවමක් විදින්නට මම කැමැත්තෙන් සිටියෙමි.

ස්මාර්ට් දුරකතනයට වඩා නිරවුල් ආධ්‍යාත්මය වටිනා බව හිතන්න අරියානා හපින්ටන්   

2018-02-04

"ජීවිතයේ හැමවිටම නිවැරැදි තීරණ ගත හැකි වන්නේ නෑ. ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ අසාර්ථකභාවය තුළින්මයි. අවශ්‍ය වන්නේ එය අවබෝධ කරගෙන නිර්භීතව ඉදිරියට යෑමයි"

කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉදිරියේ සුද්දන් දණ ගැසීම  

2018-01-28

කීර්ති ශ්‍රී රාජසිංහ රජු පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරන්නට සහාය ලබාදෙන ලෙස ඉංගී්‍රසීන්ගෙන් ඉල්ලා තිබිණි. මදුරාසියේ බි්‍රතාන්‍ය ඉන්දියා වෙළෙඳ සමාගමට රජු විසින් දූත පිරිසක් යවනු ලැබුවේ 1762 වර්ෂයේදීය. වෙළෙඳ සමාගමේ උසස් නිලධාරියකු වූ ජෝන් පයිබස් 1762 මැයි මස 2 දින බි්‍රතාන්‍ය නෞකාවකින් ලංකාවට පැමිණියේය.
ත්‍රිකුණාමලය වරායට නෞකාව පැමිණීමෙන් පසු ජෝන් පයිබස් මුත්තූර් වෙරළෙ සිට මහනුවර බලා ගමන් අරඹා ඇත. එකල අශ්වයන් පිට ගමන් කිරීමට හෝ නවන ලද උණ බටවලින් සකස් කළ දෝලාවක නැඟී ගමන් කරන්නට අවසර තිබුණේ රජුට පමණක් බව පයිබස් සඳහන් කර ඇත. එබැවින් ඔහු සමඟ පැමිණි පිරිසට දෝලාවක් සැපයුවේ නැති බව ඔහු ලියා තිබේ. ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා මෙම දූත පිරිස පයින් ගමන්කර ඇත.

වප්මඟුලේ කනස්සල්ල  

2018-01-28

මෙම ඡායාරූපය 1978 වර්ෂයේ මහියංගණයේ පැවැති රාජ්‍ය වප්මඟුල් උත්සවයකදී ගන්නා ලද්දකි. ඡායාරූපයේ වමේ සිට හත් වැන්නා දෙස බලන්න. ඔහු උඩුකය නිරුවත්ව සුදු සරොමක් උඩ අමුණා හැඳ සිටී. ඔහුගේ හිසෙහි තලප්පාවක් බැඳ තිබේ. දෙඅත් නිදහස්ය. මහපට ඇඟිල්ල පසුපසට යන ලෙසත් අනෙක් ඇඟිලි හතර ඉදිරිපසට යන ලෙසත් හෙතෙම වම් අත ඉණට තබාගෙන සිටී. හොඳින් ඔහු දෙස බලන්න. මේ සිටින්නේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජූනියස් රිචට් ජයවර්ධනයි.

නෙල්ලි ගසේ සුද්දන් එල්ලූ බකිණිගහවෙල අදිකාරම   

2018-01-28

බිබිල - මොනරාගල පාරේ කිලෝමීටර් 19-20 අතර බකිණිගහවෙල රටේ අදිකාරම්තුමාගේ වලව්ව සහ එය ඉදිරිපිට සුද්දන් කපා එල්ලන ලද ඓතිහාසික බෝධි රාජයාණන් දැකගැනීමට හැකිවේ.

රොස්මිඩ් වලව්වේ කුමන්ත්‍රණ  

2018-01-28

හේමපාල මුනිදාස මහතා මා කැ¼දවාගෙන ඒමට මගේ නිවෙසට පැමිණියේ අගමැතිගේ "මොරිස් වැගන්" රියෙනි. එය පදවාගෙන ආවේ ඩී.පී. අමරසිංහය. අමරසිංහ බණ්ඩාර පවුලේ මිත්‍රයෙකි. බහුල ඝනාන්ධකාරය ඩැහැගත් පාළු බව අගමැති මැඳුර වැලඳගෙන සිටියේය. වේලාව රාත්‍රි 9.00ට පමණ ඇත. අගමැති මැඳුරේ මැද සාලයේ පමණක් විදුලි පහනක් නිල් ආවරණයකට එපිට මඳ අඳුරේ දැල්වෙමින් තිබුණේය. මම ආලින්දය පසුකර විනීත සාලයට ඇතුළු වීමි. සුදු වේට්ටියෙන්, බැනියමෙන්, අංගරකාමෙන් හා උපැස් යුවළින් සැරසුණු අගමැති පයිප්පයට වැඩදිදී දුම් ගුළි නංවමින් මැද සාලයේ පොත් ගුළ පැත්තට වදනා ‍ෙදාරටුව අබියස ආලින්දයට මුහුණලා සිටිගෙන සිටියේය.

මල්වතු අස්ගිරි නායක හිමිවරු බ්‍රවුන්රිග්ගෙන් ඉල්ලති  

2018-01-28

රොබට් බ්‍රවුන්රිග් උතුමාණන් කන්දේ නුවරට පැමිණ එංගලන්ත කිරීටයේ ආධිපත්‍ය තහවුරු කිරීමේ කටයුතු අවසන් වෙමින් තිබේ. අද පස්වරුවේ ආණ්ඩුකාරතුමා බැහැදැකීමට උඩරට ප්‍රධානීන් පැමිණියේය. ඔවුන් අමතමින් ආණ්ඩුකාරතුමා මෙසේ ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon